Friday, February 28, 2014

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා ලිංගිකත්වය සම්බන්ධ මාක්ස්වාදී දැක්ම


 පසුගිය දාක ජනතා විමුක්ති පෙරෙමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලිදුටු බව දැනගන්නට ලැබුණි. ඒ ගැන ලංකා සී නිවුස් හි කුඩා ලිපියක්ද පළවී තිබේ. කෙසේ වෙතත් එම ලිපියෙන් ජ.වි.පෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කැපී පෙනෙන කාරනා දෙකක් පමණක් උලුප්පා තිබුණි. ඉන් එකක් නම් ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන බවයි. අනෙක දරුවන් හැදීමේ හා ඒ පිළිබඳ තීරන ගැනීමේ සම්පූර්ණ අයිතිය කාන්තාවන්ට ලබා දෙන බවයි.
       ජනතා විමුක්ති පෙරමුණට කිසි දිනක රජයක් පිහිටවන්නට තබා හිතන්නවත් බැරි බව අප දනිමු. නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන ඉහත සඳහන් කළ කරුණු ගැන යමක් නොකියා බැරිය. එයින්ද අපට වැඩිපුර කරුණු කීමට ඇත්තේ දෙවැන්න ගැනයි. මුලින් පළමුවැන්න ගැන යමක් කියා සිටිමි. එනම් අන්තර්ජාල සේවා නොමිලේ ලබා දීම ගැනයි. මෙය බැලූ බැල්මට  ඒ තරම් වරදක් නැත. අපද අන්තර්ජාලය භාවිතා කරන බැවින් අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේත් ලොව වටා තොරතුරු දැනගැනීමේත් අන්තර්ජාලය තුල ඇති නිදහසේත් වටිනාකම අප දන්නෙමු. එසේම ඒගැන තව දෙයක් කිවයුතුය. එනම් අන්තර්ජාලය සැමට නොමිලේ ලබාදීමට මත්තෙන් අන්තර්ජාලය මොළයක් ඇතුව පරිහරනය කිරීමේ වැදගත්කමද සියලු දෙනාට ඒත්තුගැන්විය යුතුය. නැතිනම් වඳුරාට දැලිපිහිය අහුවුන කතාවේ අනෙක සිදුවීමටද බැරි නැත.  මෙහි දී මොළයක් ඇතිව යන්නෙන් මා අදහස් කළේ ලෝකයේ සියලු කුණු කන්දල් අන්තර්ජාලය හරහා රටට පටවා ගැනීම වෙනුවට අපට ආවේනික අදහස් මතවාද අන්තර්ජාලය හරහා ලොවට ගෙනයෑමේ වැදගත්කමයි. අන්තර්ජාල ප්‍රතිපත්තිය ගැන මේ ලිපියෙන් ඒ ටික කීම හොඳහැටි ප්‍රමාණවත් යැයි මම සිතමි.
                           දැන් අප දෙවන කාරනාව වෙත අවධානය යොමු කරමු. ඒ දරුවන් හැදීමේ සම්පූර්ණ අයිතිය කාන්තාවන්ට ලබා දීමේ ප්‍රතිපත්තියයි. මේ ගැන කරුණු කීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් වල මතවාදී පසුබිම ගැන යමක් නොකියා බැරිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී පසුබිම මාක්ස්වාදය අනුව ගොඩනැගී තිබීම යන කාරනයයි. මෙය බටහිර යුදෙවු චින්තනයෙන්ම ව්‍යුත්පන්න වූවකි. කාල් මාක්ස් යනු යුදෙවු චින්තකයෙකු විය. මාක්ස්වාදය යුදෙවු චින්තනයෙන් පැනනගිද්දී ලිබරල් ධනවාදයද  එයින්ම ව්‍යුත්පන්න වීම වැනි පරස්පරයන් තිබුනද අවසානයේ යුදෙවු චින්තය මේ සියල්ලට පදනම් වීම අප විසින් තේරුම් ගතයුත්තකි. දැන් අප අපගේ කාරනාවට පිවිසෙමු. එනම් දරුවන් හැදීමේ අයිතිය සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියයි.
                              


     මාක්ස්වාදය සමාන්තරගත වන්නේ බටහිර වාමාංශික දේශපාලනය සමගයි. එනම් ජාතිකත්වයන් මත පදනම් වන ජාතික දේශපාලනයට විරුද්ධව යන සම්පත් පරිහරනයේදී කොන්දේසි විරහිතව සියලු ජාතික වගකීම් හා බැඳීම් වලින් තොරවී සියල්ලන් එකහා සමාන වීමේ න්‍යාය වේ. මේ ගැන තව පුළුල් විග්‍රහයන් කළහැකි වුවත් මේ ලිපියෙන් එය කිරීමට බලාපොරොත්තු නොවෙමි. මෙහිදී මාක්ස්වාදී සමාජවාදය සමග සමාන්තරගත වන තව මතවාදයක් තිබේ එනම් බටහිර කාන්තා විමුක්තිවාදයයි. එයද යුදෙවු චින්තනයෙන් පැනනගින්නකි ඒ ගැන අප අවස්ථා කීපයකදීම පෙන්වාදී ඇත්තෙමු.
                              
    බටහිර කාන්තා විමුක්තිවාදය මාක්ස්වාදය සමග මැනවින් සංගත වන්නේ මේ දෙකම සිරිතක් ලෙස ලොව බොහෝ තැන්වලදී ජාතිකත්වයන්ට එරෙහි වීම හා සමාජ වගකීම් මෙන්ම ජාතික වගකීම් වලින් ගැලවීමට අනුබල දීම යන කාරනා මතයි . මාක්ස්වාදීන් මෙන්ම කාන්තා විමුක්තිවාදීන්ද කොන්දේසි විරහිතව එකතු වන්නේ ජාතිකත්වයන් බිඳවට්ටා ජාතීන් මළකඳන් කරගනිමින් සාරය උරාබොන ඉහඳපනු වැඩපිළිවෙල දියත් කිරීමටය. මාක්ස්වාදීන්ට මෙන්ම කාන්තා විමුක්තිවාදීන්ටද ජාතිකත්වයන් වටා බැඳුනු සාමූහිකත්වය හා ජාතික වගකීම් ඇතුලු ආචාරධර්ම පද්ධතීන් වටිනා දේ නොවේ ඔවුන් එකට සිටින්නේ සම්පත් බෙදාහදා ගැනීමේ කාරනය මත පමණි. විශේෂයෙන් කාන්තා විමුක්තිකාමීන්ද ජාතිකත්වයන් තුල දක්නට ලැබෙන විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ මනෝ විද්‍යාත්මක අනුවර්තනයන් ලිංගික ගැලපීම් වැනි  ගුණාංගයන්ට ඇතුලු දියුණු මිනිස් අනුවර්තන වලට එරෙහි වේ. එහිදී බටහිර කාන්තා විමුක්තිවාදයට අනුව දරුවන් හැදීම යනු පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරන කාම වස්තු වීම හා නිවස තුල පුරුෂයාගේ වහලියන් වීම සංකේතවත් කරන්නකි. කාන්තා විමුක්තිකාමීන්ට අනුව මාතෘත්වයද කාන්තාවන්ට මානසිකව බලෙන් පටවන්නේ අධිපතිවාදී පුරුෂයාය. මේ අධිපතිවාදයන් මාක්ස්වාදීන් හා කාන්තා විමුක්තිවාදීන් යන දෙපිරිසටම අනුව ජාතිකත්වයන් හා දක්ෂිණාංශික ධනවාදී දේශපාලනය නියෝජනය කරයි. එබැවින් වාමාංශික මාක්ස්වාදී සමාජවාදයත් බටහිර කාන්තා විමුක්තියත් සිය අරමුණු වලට යෑම සඳහා ජාතික දේශපාලනයන් හා සංස්කෘතික හර පද්ධතීන් විනාශ කළයුතුය. බටහිර කාන්තා විමුක්තිය කිසි ලෙසකින්වත් ස්ත්‍රීත්වය හා මාතෲත්වය මත පදනම් නොවන බව අප කවදත් කෙලින් කීවෙමු. එබැවින් කාන්තා විමුක්තිය අනුගමනය කරන කාන්තාවන්ට දරුවන් හැදීම කරදරයක් වන ආකාරය හිතා ගැනීම අපහසු නොවේ.
                            ස්ත්‍රීත්වයත් මාතෘත්වයත් මත පදනම් වන දියුණු සමාජමය අනුවර්තනයන් ජාතිකත්වයක ප්‍රධාන අංග වෙද්දී ඒ මත පදනම් නොවන සොබාදහමටත් එරෙහි බටහිර කාන්තා විමුක්තිය ඒ දියුණු සමාජ හැඩගැසීම් වලට හා ඒවා ප්‍රමුඛත්වයේ ලා සැලකෙන ජාතිකත්වයන්ට එරෙහි වීම පුදුමයක් නොවේ. අනෙක් අතට සම්පත් පරිහරනය හා බුක්තිවිඳීම ප්‍රමුඛත්වයේ ලා සලකන ජාතික වගකීම් හා සමාජ සංවිධානය ඇතුලු ආචාරධර්ම පද්ධතීන්ටත් ඒවා වැදගත් අංග වන ජාතිකත්වයන්ටත් මාක්ස්වාදය එරෙහි වන්නේ කාන්තා විමුක්තිය සමගද නිරායාසයෙන් අත්වැල් බැඳගනිමිනි. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදය අනුව යමින් ඊටම සමගාමී වන බටහිර කාන්තා විමුක්තියේ මනදොල සපිරවීමට යෑම පුදුමයට කරුණක් නොවන්නේ එලෙසයි. දරුවන් හැදීමේ අයිතිය කාන්තාවන්ට පමණක් ලබා දීම තුලින් ඔවුන් ගබ්සා කිරීම නීතිගත කර වෛද්‍ය මතයටද පිටින් යමින් කාන්තා විමුක්තිකාමී ව්‍යාධිජනක මානසිකත්වය අනුව ඉවක් බවක් නැතිව සියලු කළල ගබ්සා කිරීම ඉන් පසුවට බලාගතහැක. මේ අන් කිසිවක් නොව බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා අප සමාජය ආක්‍රමණය කරන්නට යොදවන තවත් එක් ඉත්තෙකි. එකක්නම් පැහැදිලිය. එනම් ජනතා විමුක්ති පෙරමුණට කිසි දින ආණ්ඩු පිහිටවීමට නොහැකි වනවා මෙන්ම බටහිර කාන්තා විමුක්තිවාදයට හා තුච්ඡ මාක්ස්වාදයට කිසිදින මේ රට ලෙඩ කර මළකඳක් කිරීමටද නොහැකි වන කරුණයි.

12 comments:

  1. යාළුවා ඔබේ සමහර දේවල් වලට මට එකඟ වෙන්න බෑ.අන්තවාදී කාන්තා සංවිධාන වලට මමත් විරුද්ධයි.ඒත් කාන්තාව පීඩාවට පත් කරවන පුරුෂාධිපත්‍යයක් තිබෙනවා.කාන්තාව කුස්සියට සීමා කිරීම මෙන්ම ඇය රැකියාවක් කරන අතර තුර සැමියා පත්තරේ හෝ ටීවී එක බලන අතරේ ඔහුට තේඑකක් දෙන්න බෑ.එහෙම දේවල් බලාපොරොත්තුවෙන එක වැරදියි.අනික කාන්තාවන්ට විවිධ සීමා පැනවීමටත් මම විරුද්ධයි.ඇයගේ ස්වාභාවික හැඩගැසීම් ඇයට දඩුවමක් විය යුතු නෑ.

    එසේම යුදෙවු චින්තන කතා නලින් ද සිල්වාගේ විකාර නේද?

    වරදවා ගන්න එපා මිත්‍රයා.මම ජේවීපී කාරයන්ගේ කාන්තා විමුක්තියට විරුද්ධයි.පවුල් ඒකකය විනාශ කිරීමේ ඔවුන්ගේ මාක්ස්වාදී දැක්ම නිසයි ඒ.එංගල්ස් කියා තිබෙනවා පවුල අහෝසි කළ යුතු බව.මම කොහොමටත් න්‍යායාත්මක පදනමකින් මාක්ස්වාදය විවේචනය කරන්නෙක්.ඔබට මගේ ලිපි කියවන්න පුළුවන්.

    අවශ්ය නම් අපි සංවාදයක යෙදෙමු.මම දැන් බුකියෙත් ඉන්නවා.ඔබේ බ්ලොග් එක සින්ඩි වලට දමන්න.වැඩි දෙනෙක් කොමෙන්ට් කරල නැත්තෙ ඔබව කවුරුවත් දන්නෙ නැතිව ඇති.



    ඔබට සුබ පතනවා.ජය වේවා

    ReplyDelete
    Replies
    1. යකා කියන කාරණාව එක්ක මාත් එකඟයි ... බටහිර කාන්තා විමුක්තිවාදයට විෂබීජයක් කියන ඔබේ බ්ලොග් ලිපි තුල අන්තවාදී බවක් නැහැ කියලා හිතලයි කියවන්න පෙළඹුණේ.. නමුත් ඔබත් යම් අන්තයක් තුලමයි ඉන්නේ

      Delete
    2. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ මෙතන අන්තවාදයක් තියෙනව කියල තීන්දු කළේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද අපූර්වි.

      Delete
    3. මෙතන සොබාදහමෙන් ලිංගිකත්වය කියන දේ තීන්දු වී ඇති ආකාරය කුහකත්වයකින් තොරව පිළිගනිමින් එහි නියම ස්වභාවය සමග එකට ජීවත් වියයුතුයි කියන අන්තයේනම් මම ඉන්නවා. මොකද ලිංගිකත්වයේ ස්වභාවය හරියට පිළිගන්නේ නැති කුහක පිරිස් කාන්තාවන්ට විමුක්තිය ලබාදීම සඳහා මුලු ලිංගිකත්වයේම නියම ස්වභාවය විකුර්ති කිරීම හෝ ඒ වෙනුවෙන් කළයුතුයි කියන අන්තයේ තමයි ඉන්නේ. ඒ අය බටහිර කාන්තා විමුක්තිවාදයේ අනුගාමිකයින්.

      Delete
  2. ඔබේ අදහස් දැක්වීම ගැන මගේ ස්තුතිය ඔබවෙත පුදකර සිටිනවා. නමුත් එක දෙයක් කියන්නත් කැමතියි. ඔබ කිවුවා අන්තවාදී කාන්තා කාන්තාවාදයට විරුද්ධයි කියලා. ඔබ එයට ඇත්තටම විරුද්ධනම් ඔබ එහි සියලු සංර්ච්ක වලට එරෙහි වියයුතුයි. එහි කොටසකට විරුද්ධවී කාන්තාව කුස්සියට සීමා කිරීම වගේ දේවල් අල්ලගෙන ඔවුන්ගේම තර්ක එක්ක එකට යන එක හරියට දෙපැත්තට යන බෝට්ටු දෙකකට එකවර කකුල් දෙක ඔබාගන්නවා වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙයි මම කියන්නෙ ටිකක් සාධාරනව හිතන්න.මම දන්නෙ නෑ ඔබ විවාහ වෙලාද කියල.විවාහ වෙලානම් ඔබ ත් බිරිදත් වැඩ ඇරිලා ගෙදර එනව. ඔබ හාන්සි පුටුවෙ වාඩිවෙලා ඉන්නව .බිරිද කුස්සියෙ වැඩ.අනික මෙහෙම හිතන්න පාන්දර නැගිටල වහලියක් වගෙ කාන්තාවන් වැඩ කරන එක හරිද? ඔයාල ඔහොම කතා කරන නිසා තමයි අන්තවාදීන් අර විදියට කතා කරන්නෙ.

      මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. ඔබ කියන්නෙ කාන්තාවන්ට අධ්‍යාපනය දෙන්න එපා කියාද ? ඔබ මුස්ලිම් ජාතිකයෙක් බවයි මට නම් පේන්නෙ .උන් තව හොඳයි හෙහෙ හෙහෙ

      ම්ලේච්ඡයෙක් වගෙ කතා කරන්න එපා සහෝදරයා.

      සියලු සංරචක වලට එරෙහි වෙන්නලු.ඔබ කියන්නෙ මට තලේබාන් කාරයෙක් වෙන්න කියලද?

      Delete
    2. ඔබ මේ බ්ලොග් එක මුල ඉඳන් බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔබ යමක් පටලවගෙනයි ඉන්නේ. මම කියන්නේ නෑ කාන්තාවන්ට අධ්‍යාපනය දෙන්න එපා කියලා. මම කියන්නේ සේරටම කලින් තමන්ගේ ස්ත්‍රීත්වය සමග ගලපන්න පුලුවන් දේ තමන්ගේ ජීවිතයට ආදේශ කරගෙන ජීවිතේ ස්ත්‍රීත්වය අනුව හැඩගසාගැනීමට හැකියාවක් කාන්තාවන්ට තියෙන්න ඕනේ කියලයි මම කියන්නේ. අනෙක කාන්තාවන්ට කුස්සියේ වැඩ අමාරුනම් පිරිමින්ට ගස් ගල් එක්ක යකඩ ගොඩවල් එක්ක හැප්පෙන එක ඊට වඩා අමාරුයි. මම කියන්නේ බිරිඳ හා සැමියා දෙදෙනාඅම ගෙදර ඇවිත් බිරිඳ කුස්සියේ වැඩත් කරන්න ඕනේ කියන තර්කෙට වඩා පිරිමින් කාන්තාවන්ට වඩා පරිසරයත් සමග ගැටෙමින් සම්පත් පරිහරන රටාව ඉදිරියට ගෙනයන්න මහන්සි වෙන්න ඕනේ කියන එකයි. ඔය ඔබ කියන තර්කය මතුවෙන්නේ අලස ගතිපැවතුම් ඇති මහන්සි වෙන්න අකමැති පිරිමින් වැඩි වනවිටයි. ඒකට උත්තරේ අලසකම වැඩිකරන එක නෙවෙයි. අත පය හොල්ලලා වැඩ කරන එක මදිපුන්චිකමක් හැටියට හිතන්නේ නැතිව පිරිමින්ට තරමක් මහන්සි වෙලා වැඩක් කරන්න උගන්වන එකයි.

      Delete
  3. facebook හි Group එකක් Group එකක් ගානේ යකානටන JVP ස්ත්රීවදිනියක්

    ඔන්න ගහපු screen shot ටික

    1. http://5.175.164.207/femi/1.JPG

    2. http://5.175.164.207/femi/2.JPG

    3. http://5.175.164.207/femi/3.JPG

    ReplyDelete
  4. මේවා කරන්න කිසි දවසක ජනතා විමුක්ති පෙරමුනට මේ රටේ බල ය ලැබෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණට තියා වෙන මොන පෙරමුණකටවත් මාක්ස්වාදය මේ රටට ගලපන්නත් බෑ.

    ReplyDelete
  5. ඔන්න මමත් බ්ලොග් එකට එකතු උනා. අපේ දැනුම බෙදාහදාගන්න ඒක ලොකු රුකුලක් වෙයි.

    ReplyDelete
  6. http://sondhuruliyakamahima.blogspot.co.il/2014/01/blog-post_16.html මේකත් කියවල බලන්න සහෝ විකාර තනිකර

    ReplyDelete