Wednesday, January 8, 2014

සමාජය පිස්සන් කොටුවක් කරන්න හදන ස්ත්‍රීවාදීන්

ස්ත්‍රීවාදය,කාන්තාවාදය,ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කියන විට අප බටහිර ලෝකයේ තිබෙන දේවල් උලුප්පා පෙන්වන බවත් ඒවා කියන තරම් දරුණු නැති බවත් සමහරු කියති.එසේත් නැතිනම් මේවා ගනන් ගත යුතු දේවල් නොවන බව කියති.

මේ බලන්න බූන්දි නම් වූ අන්තවාදී අදහස් ප්‍රචාරය කරන්නා වූ වෙබ් අඩවියක තුෂාරි ප්‍රියන්ගිකා නමැත්තියක් ලියා ඇති මේ ලිපියට වැටී ඇති කොමෙන්ට් දෙස බලන්න.

http://boondi.lk/article.php?ArtID=1703



මෙහි කොමෙන්ට් දමා ඇති කෝසලා නැමැත්තිය මාතෲත්වය ප්‍රතික්ෂේප කරනවා.මෙහිදී දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීමද එසේ න්තිනම් දරුවන්ට නොසළකා සිටීමද යන්න පැහැදිලි නැහැ.ඇතැම් බටහිර ස්ත්‍රීවාදීන් පිරිමි දරුවන් පමනක් හෙළා දකිමින් ඔවුන් පුංචි සතුරෝ ලෙස සලකන බව ජෙනී මුරේ යනාදීන් ගේ කතාවලින් පේනවා.පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට පැහැදිලි මතයක් නැති බව මින් පෙනෙනවා

නිසි තෑන, එහෙමත් නෑත්නම් 'උතුම් මාතෘත්වයට වඩ එහා යමක් නෑ' කියන අදහස පුරුශ මූලික කතිකාවේ නිර්මානයක්. ඒක අතික්‍රමනය කරන්නට යෑම ආසියාතික ගෑනුන්ට තරම් නොවේය යන්නත් එබන්දක්. ගෑනු සටන් කල යුත්තේ මේ කතිකාවට එරෙහිව මිසක් තම ශරීර ශක්තිය පෙන්වීමට නොවේ. 

කෝසල ගෙ අදහස අගෙයිග. තුශාරි ටිකක් බටහිර කාන්තාව හැදෑරුව නම් හොදයි


Kosala මෙහෙම කියනවා : 
තුශාරිගේ ආර්ටිකල් එකේ තිබෙන මූලික තර්කනය, එනම් 'නිසි තෑන' කියන සන්කල්පය බොහොම ගතානුගතික (stereotypical), ඒ වගේම ඉන් මිදෙන්නට දිරියක් නොමෑති කම්මෑලි ස්ත්‍රීන්ගේ බොලද අදහසක් බවයි මා සිතන්නේ. ඈ කියන නිසි ස්තානය, සියවස් ගනනාවක් තිස්සේ පිරිමින් විසින් නිර්මානය කල මාතෲත්වය ද? තුශාරි අද චන්දය දාන්න යන්නේත් ඉස්සර ස්ත්‍රීන් කල සටන්වල ප්‍රතිපලයක් ලෙසයි. තවදුරටත් සටන් කරන්න එපා, නිසි තෑන අරගෙන පාඩුවේ ඉන්න කියන්න තුශාරිට තිබෙන අයිතිය කුමක්ද?


Amaley Munsinghe මෙහෙම කියනවා : 
මට අවශ්යයි සම තැන..!!! පුරුෂයාට යට වීමයි නිසි තැන. ඔව්.. මට අවශ්යයි සම තැන

මෙහි කෝසලා හෝ අමාලි නැමැත්තියන්ට කසාද බැද පවුල් ජීවිත නම් ගත කළ නොහැකි බව පැහැදිලියි.ඉන් පසු සංඛ නැමැත්තෙක් අමු පිස්සු කතා කියා තිබෙනවා


සමහර විට මේ නම් වලින් එන්නේ මේ වෙබ් අඩවිය කරන අයම විය හැකියි.මාක්ස්වාදයේ පීඩකයා හා පීඩිතයා අතර ගැටුම ස්ත්‍රී පුරුෂ සමබන්ධතා වලට ගෙඩිය පිටින් ආදේශ කිරීමෙන් මෙය සිදුවී තිබෙනවා

මොවුන් බටහිර කාන්තාව හැඳෑරිය යුතු බව කියනවා

මෙය අපූරු ප්‍රකාශයක්.බටහිර ලෝකයේ පවුල් සංස්ථාව බිඳ වැටී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ජනගහනය අඩු වෙමින් පවතිනවා.තනි මව්වරුන් ,දෙමවුපියන් නොමැති දරුවන්,අයාලේ යන දරුවන් එහි ප්‍රතිපලයි

සමතැන නමින් මොවුන් ඉල්ලන්නේ ලිංගික නිදහස බව පැහැදිලියි.

බටහිර ලෝකය ගණිකාවන්ගේත් සමලිංගිකයන්ගේත් විකෘති ලිංගිකයන්ගේත් පාරාදීසයක්.නූපන් දරුවන් මරා දැමීම සාමාන්‍ය දෙයක්

අපේ රටවල මේවා තිබුනත් ඒ සුළු ප්‍රතිශත වලින්.

මාක්ස්වාදීන් කරන්නේ  මාක්ස් නම් පිස්සු මරගාතෙ කිව්ව කියා සියලු හර පද්ධති විනාශ කිරීම.ස්ටාලින් නම් මිනීමරුවා 1926 දී පවුල් අහෝසි කර මාක්ස් හා එන්ගල්ස් යන පිස්සන්ගේ පොත් බිම් මට්ටමේදී ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා.එහි ප්‍රතිපලය වුනේ රුසියාව සත්තු වත්තක් වීමයි.බල්ලො බලලුන්ගෙ මට්ටමට රුසියානුවන් පත් වුනා.ස්ටාලින්ටම යළි විවාහ නීතිගත කරන්නට සිදු වුනා.

ගණිකාවන්ටත් සමලිංගිකයන්ටත් යකා නටන්න ඉඩ නොදිය යුතුයි.
සෑම හර පද්ධතියක්ම පුරුෂාධිපත්‍යයෙන් ආවා කියන මුන් තර්ක කරන ලෙසම කාන්තාධිපත්‍යක් ගැන කතා කළ හැකියි.මුන්ම කියනවා කාන්තාව පීඩනයට පත් වන්නේ පිරිමින් ගෙන් පමණක් නොවේ ධනපති ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙන්ම කියා.එසේනම් මේ තර්කයම යෙදිය හැකි නේද පිරිමින්ද ධනපති ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙන්ම පීඩාවට පත් වෙනවා කියා.

මුන් න්‍යායාත්මක දරිද්‍රතාවයකට පත් වෙලා.හැම විටම පිරිමි භංගවේවා මාතෲත්වය හා කාන්තාභාවය හෙළා දකිමු කියා කෑගහන්න විතරයි දන්නේ

මෙහි කොමෙන්ට් කර ඇති අමාලි,කෝසලා නැමැත්තියන් විවාහය පිරිමින් හා ලිංගික සම්බන්දතා පැවැත්වීම,දරුවන් ලැබීම ( පිරිමි දරුවන් ලැබීම ) ප්‍රතික්ෂේප කිරීමෙන් මොවුන් නරුමවාදීන් බව හැමෝටම අවබෝධ වෙනවා
එසේම මව හා දරුවා තර සම්බන්ධය බිඳ දැමීමෙන් හා පවුල් ප්‍රතික්ෂේප කිරීමෙන් ලිංගික වශයෙන් බෙදුන සමාජයක් ඇති වේවි.

එය මානව සංහතියේ අවසානය වේවි.ස්ත්‍රීවාදය මානව සමාජයටම දැමූ පරමාණු බෝම්බයක් ලෙස පෙන්වා දිය හැකියි.

8 comments:

  1. නිසිතැන කියන්නේ පිරිමියට පාඩු තැන්වලදී පැරනි ක්‍රමයත්
    පිරිමියාට වාසි වෙලාවට සමතැනත් දීමයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද අවාසි වෙලා තිබෙන්නෙ පිරිමින්ටයි.නමුත් මාධ්‍ය මගින් ඊට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කෙරෙනවා.මේක මාධ්‍ය මාෆියාවක්.හරියට චන්ද්‍රිකාගෙ නීති ක්‍රියාත්මක වුනොත් ගෑනියෙක් බැන්නත් ගැහුවත් ඉවසන්නයි වෙන්නෙ.ගෑනියෙක් එක්ක කතා කරන්න වෙන්නෙත් දෙපාරක් හිතල.අතවර චෝදනා එල්ල විය හැකියි.ගෑනියෙක් දිහා බැලීමත් වරදක්ලු

      ඔබ දන්නවද සමහර ගෑනු බැන්දට පස්සෙ මිනිහට තමන්ගෙ ශරීරය අල්ලන්නවත් දෙන්නෙ නැහැල්ලු.මේ කරුන නිසා මිනිස්සු අනාචාරයෙ යනව.නීති මාර්ගෙට ගියත් මිනිහ වැරදිකාරය වෙනවා.

      Delete
    2. අනික මෙතන මොකක් හරි දෙකින් එකක් තිබෙන්න ඕන.නීති හරියට ක්‍රියාත්මක නොවීම නිසා පිරිමි ආරක්ෂිතව ඉන්නව කියන්නෙ වතුර රත් වෙනකම් කකුලුව දිය කෙළිනව වගෙ දෙයක්.දැන් ඉන්දියාවෙ මේව අකුරට ක්‍රියාත්මක කෙරෙනව.ස්වාමි පුරුෂයන්ට ගෙවල් දොරවල් අහිමි වෙලා පාරට බහින්න වෙලා.ඒ අයගෙ දෙමවුපියො වහ බීල මැරිල.ලංකාවෙ පිරිමි විරෝධී නීති වල පදනම ඉන්දියාව තමයි.

      මෙහෙමයි.ගණිකා නිවාස ගමක් ගමක් ගානෙ දමන්න වෙනව.මේ නීති නිසා සෑම පිරිමි ලමයෙක්ම ,පිරිමියෙක්ම ඕනෑම මොහොතක අත් අඩංගුවට පත් වීමේ අවදානාම්ක් තිබෙනවා.මේ යථාර්ථය තේරුම් ගන්න ඕන.නීති අවභාවිතය නිසා භයානක තත්වයක් ඉන්දියාවෙ ඇති වෙලා.හෙට ඒ තත්වය ලංකාවේ විය හැකියි.

      ඇත්තටම පාරට බැහැල කෑ ගහන්න ඕන ගැහැනු නොවෙයි පිරිමි.හැම තැනම බලවත් වෙලා ඉන්නෙ ගෑනු.මේ නීති නිසා පිරිමින්ට කැළෑ වදින්න වෙලා තිබෙන්නෙ

      Delete
  2. නිසිතැන කියන්නේ පිරිමියට පාඩු තැන්වලදී පැරනි ක්‍රමයත්
    පිරිමියාට වාසි වෙලාවට සමතැනත් දීමයි

    ReplyDelete
    Replies
    1. මුන්ගෙ අන්තවාදයට අකමැති ඉතාම විශාල පිරිසක් ඉන්නවා.නමුත් කුමන හෝ හේතුවක් නිසා ඔවුන් සංවිධානය වී නැහැ.ස්ත්‍රීවාදීන් කියන්නේ පිරිමින්ට හා පිරිමි ලමුන්ට විරුද්ධ පිරිසක් බව අප කියන විට අපටත් එහා යමින් කතා කරන අය ඉන්නවා.නමුත් ඔවුන් ක්‍රියාකාරී නැහැ.මේ සඳහා යම් සැලැස්මක් අවශ්‍යයි.සියළු ගෘහ වගකීම් වලින් කාන්තාවන් ඉවත් කළ විට සමාජය කඩා වැටෙන්නේ යළි ගොඩ නගන්න බැරි විදියටයි.බටහිර ලෝකයට අද සිදු වී ඇත්තේ එයයි.ඔවුන්ට අද ගිලපු දේ වමාරන්න බැරි තතවයක් උදා වෙලා.

      කාන්තා හිංසන පමිනිලි වලින් 75% ක්ම බොරු.අනික ඔය කියන විදියෙ හිංසනයන් නම් පිරිමින්ටත් කාන්තාවන්ගෙන් සිදු වෙනවා.මෙතන ප්‍රශ්නයක් ඇති බව මවා පෙන්වීමයි සිදු වන්නේ.ඒ උන්ගේ පැවත්ම සඳහායි

      ස්ත්‍රීවාදීන්ට එරෙහි ව්‍යාපාරයක් පිරිමින් විසින් කිරීම සුදුසු නැහැ.එයට ස්ත්‍රීන් මූලිකත්වය ගත යුතුයි.මේ බටහිර මතවාදය ට එරෙහි වීමේදී අප හනමිටිකාරයන් හෝ සම්ප්‍රදායධාරීන් ලෙස චෝදනාවන් ලක් වන නිසා අපට හුදු ආගමික අර්ථකථනයන්ට එහා ගිය න්‍යායාත්මක පදනමක් අවශ්‍යයි.ආගමික අර්ථකතන අවශ්යයි .එහි වැදගත්කම බැහැර කරන්න බෑ.නමුත් අප නූතනවාදීන් බවත් පෙන්වන්න ඕන.

      ඔබේ මතයත් කියන්න.

      Delete
  3. http://www.saveindianfamily.org/

    ස්ත්‍රීවාදයට එරෙහි ජාත්‍යාන්තර සංවිධාන සමඟ අපි සම්බන්ධ විය යුතුයි.ඉහතින් දැක්වූවේ ඉන්දියාවේ සංවිධානයක්.ඔවුන් ලඟ හුඟක් තොරතුරු ඇති.

    ReplyDelete
  4. meka balanna comment ekak naara kiyawanna
    http://www.33000.in/2014/01/Nirbheek-indias-first-revolver-designed-for-women.html#more

    ReplyDelete