Thursday, January 16, 2014

නපුරු කුමාරිහාමිගෙ වලව්ව - පුංචි කතාවක්

 පුංචි කුමාරිහාමි මහත්මිය/මෙනෙවිය  අපි වෙනුවෙන් අපි නමින් ලිපියක් පළ කර තිබෙනු අන්තර්ජාලය සැරිසැරීමේදී අහම්බෙන් හමු විය.එය අපට ප්‍රයෝජනවත් වුනේ ඇතැම් සිදුවීම් ස්ත්‍රීවාදීන් විසින් පුරුෂාධිපත්‍ය නිසා සිදුවන බවට වැරදි ලෙස අරථකථනය කරන හැටි පෙන්වා දීමයි.

http://punchikumarihamigewalawwa.blogspot.com/2013/01/blog-post_19.html


එසේම ඇය ගේ මුළු ලිපියම මෙහිලා දක්වන්නේ පාඨකයාගේ පහසුව පිනිසය

ලියන්න ලියන්න කියලා හැමවෙලේම හිත කිව්වත් කොහොමද ලියන්නේ පහුගිය කාලේම අපි හැමෝම බොහෝම කාර්‍යබහුල උනානේ. එක පැත්තකින් ශිරානි බන්ඩාරනායක නෝනා, අනිත් පැත්තෙන් රිසානා. හැමපැත්තෙන්ම ගෑනු ප්‍රශ්න වලින් මුළු රටම ගිනි අරන් නේද. අනේ මංදා මේ හැමතැනම තියෙන්නේ කාන්තා ප්‍රශ්න නේ.

ඔන්න ඉතින් අපේ පිරිමි යාළුවෝ ටික මට බනින්න නම් එපා. මම පුරුෂ විරෝදී රැඩිකල් කාන්තාවාදිනියක් නම් නෙමෙයි. සාමාන්‍ය ගැහැනු චරිතයක්. ඒත් මට මේ සිද්දවෙන සමහර දේවල් එක්ක හිතෙනවා මේ ලොකේම පුදුම විදියට පුරුශාධිපත්වයෙන් පිරිලද කියලා.
හැමදාම ගොඩක් වෙලාවට හැමදේටම වගේ දඩුවම් වින්දේ කාන්තාව. නීතිගරුක වීම වගේම අසරන කම නිසාත් පහුගිය කාලේ අසන්නට ලැබුන කාන්තා චරිතවලටත් ඊට කලින් සිදුවුන දේවල් එක්කත් සමහර වෙලාවට කාන්තාව මොනතරම් අසරනද කියලා හිතෙන්නේ නැද්ද.

ප්‍රේමවතී මනම්පේරියගෙන් පටන් අරන් හිතලා බැලුවොත් අද වෙනකන් මොනතරම් අපේ රටෙත් අනෙක් රටවලත් කාන්තා චරිතවලට සිදුවුන අසාදාරන කම් ගැන කියන්න වචන නෑ.

වැරදි කරන්නේ ගෑනු විතරද? ඇයි පිරිමි කරන්නේ නැද්ද? එහෙනම් ඇයි හැම වෙලේම ගෑනුන්ටම දොස්.

ඔව් ගැහැනියක් කියන්නේ මවක්. ඇය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ. දරුවන්ට සමාජයට ආදර්ශමත් වෙන්න ඕනේ. ඒත් ගැහැණියක් වරදට පෙළබෙන්නේ තනිකරම ඇගේම ඕනේ කමටද?..

කාන්තාවන් වෙනුවෙන් කතා කරොත් ඇයට කියන්නේ පුරුෂ විරෝදී මානසික තත්වයක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. අද අපේ රටේ ලේඛිකාවන් කී දෙනෙක්ට ඔය චෝදනාව තියෙනවද..

මට ඇහිලා තියෙනවා පිරිමි අය කියනවා අන්තර්ජාලය භාවිතා කරන, ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන කාන්තාවන් කරන්නේ එයින් පිරිමි සහකාරයන් හොයන එක කියලා. ඇත්තටම සිදුවෙන්නේ ඒකේ අනිත් පැත්තද කියලත් හිතෙනවා.

ගෑනියෙක් වේවා පිරිමියෙක් වේවා වරදට පෙළබෙන්න අන්තර්ජාලයටම එන්න ඕනේද? අපේ රටේ හැටියට නම් තාමත් අන්තර්ජාලය භාවිතා කරන්නේ උගත් යයි පිලිගත්ත පිරිස විතරයි.මොකද සාමාන්‍ය හෝ ඉංග්‍රීසි භාශාවේ දැනුමක් අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්න ඕනේ. අනිත් කරුන මුදල් තියෙන්නත් ඕනේ.ඒ දෙකම නැතිව අන්තර්ජාලයට නොඑන හැම ගෑනියෙක්ම චරිත්වත්ද?

ඇත්තටම කවුරු හරි හිතනවද ගැහැණු අය මේ විදියට බ්ලොග් ලියන්නේ අන්තර්ජාලයට එන්නේ පිරිමි අයගේ අවධානය ගන්න කියලා. සමහරු කියනවා මට ඇහිලා තියෙනවා "ඒ ගෑනිට ගෙදර වැඩ නැද්ද මංදා අරව මේවා ලිය ලිය ඉන්නේ" කියලා. එතකොට එහෙම කරන පිරිමි?..

අපේ සංස්කෘතිය අනුව ගෑනු පිරිමි කවදාවත් සමතැන ගන්නේ නැති බව මම පිලිගන්නවා. මම කියන්නේ අන්තර්ජාලය භාවිතා කරන ගෑනු අය එහෙම කරන්නේ සහකාරයෙක් හරි අනියම් ඇසුරක් ලබන්නම නෙමෙයි කියලා.

ගැහැනු හිත කවදත් කැමතියි පිරිමියෙක්ගේ ආදර කතා වලට, චාටු කතාවකින් සුරතල් ආදර වදනකින් ඇගේ හිතට ඇතුල්වෙන්න පිරිමින්ට ලේසියි. ඒක නිසා අර වගේ සමාජ් ජාලවලින් අනවශ්‍ය සම්බන්දතා ඇතිවෙන්න බැරිකමක් නෑ තමයි... ඒත් බස් එකේ යද්දි, කාර්‍යයාලයේදී එහෙම නැත්නම් උත්සවයක්දිත් ඔහොම දේවල් වෙන්න බැරිද භාහිර ලෝකේදී. එතකොට මේ අන්තර්ජාලයේ ඉන්න කාන්තාවෝ විතරද අර විදියේ කතා අහගන්නේ.

මම නම් කියන්නේ ගෑනු පිරිමි භේදයක් නෑ කෙනෙක් ගේ හැදියාවයි අවංක කමයි තමයි මේ හැමදේටම බලපාන්නේ.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැම්මා, පකිස්ථානයේ බ්ලොග් එකක් ලිව්වා කියලා වෙඩි තිබ්බා,  ඇමරිකාවේ අමන්දා ෆේස් බුක් හරහා ඇතිවුන සම්බන්දයක ප්‍ර්ථිපලයකින් දිවිනසා ගත්තා.හැමරටකම හිංසනයට ලක්වෙන්නේ කාන්තාව,

ඒත් අපිට අපි වෙනුවෙන් කතා කරනන් ඉඩක් තියෙනවද? කාන්තාව රවටන ඇගෙන් ප්‍රයෝජන ගන්න ඉන්පසුව ඇයව රොඩ්ඩක් වගේ අහක දාන පිරිමි ඊට පස්සේ ඒ වෙනුවෙන් කතා කරන අයගෙනුත් පලිගන්නේ ඇයවත් සමාජය ඉදිරියේ වැරදිකාරි කරමින්.

කවදාවත් ඇහිලා තියෙනවද කෙල්ලෙක් කොල්ලෙකුට අමුතු නමකින් කතා කරනවා. ඒත් පිරිමි අය ගෑනු කෙනෙක් මොනතරම් නම් ගොඩකින් හදුන්වනවද?

ලෝකය බිහිවන්නේ අම්මගේ කිරිවලිනුයි හිරු එලියෙනුයි කියලා මැක්සිම් ගෝර්කි කිව්වට ලෝකේට ආපු දවසේ ඉදල බොහොමයක් පිරිමි කරන්නේ ගෑනු අයට වෛර කරන එක නෙමෙයිද?

ඉතින් දැන් මේක කියවලා අපේ පිරිමි යාළුවෝ ටික මට බැනලා යයි.. ඒත් අහන්න දකින්න වෙන ඒවත් එක්ක නොදැක්ක වගේ ඉන්න එකත් අමාරු නැද්ද..

හිතලා බලන්න..

ශිරානි බන්ඩාරනායක හා රිසානා වැනි සිද්ධීන් පුරුෂාධිපත්‍ය නිසා සිදුවුන බව පුංචි කුමාරිහාමි කියයි.රිසානා සිද්ධිය සිදුවුනේ සවුදි නීතිය ට අනුවය.ශිරානිට එරෙහිව පැහැදිලි චෝදනා තිබිණි.කුමාරිහාමිගේ තර්ක අනුව බැලුවොත් කිසිම කාන්තාවකට එරෙහිව චෝදනා කළ නොහැකි වනු ඇත.ලිංගවාදී මානසිකත්වයක සිටින්නේ කුමාරිහාමි මිස අන් කිසිවෙකු නොවේ.

අනේ මංදා මේ හැමතැනම තියෙන්නේ කාන්තා ප්‍රශ්න නේ.//  

සංඛ්‍යාලේඛන බැලුවොත් වැඩිම පීඩනයකට හා ප්‍රශ්න වලට මුහුණ දී ඇත්තේ පිරිමින් බව පෙනේවි.නමුත් එක් කාන්තාවක් මුහුණ දෙන ගැටළුවක් වුව මාධ්‍ය අවධානයට ලක් වේ.කුමාරිහාමිට අනුව තුංගසිරි සවුදියේදී කස පහර කෑවේ කාන්තාධිපත්‍ය නිසාද?

මේ ලොකේම පුදුම විදියට පුරුශාධිපත්වයෙන් පිරිලද කියලා.//

හිතල බලන්න ඔබේ දැක්ම කොයි තරම් සාවද්‍යද කියලා

කාන්තාවන් වෙනුවෙන් කතා කරොත් ඇයට කියන්නේ පුරුෂ විරෝදී මානසික තත්වයක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. අද අපේ රටේ ලේඛිකාවන් කී දෙනෙක්ට ඔය චෝදනාව තියෙනවද..//

අනුල ද සිල්වා සහ ඊවා රණවීර සංස්කරණය කළ වනිතා විත්ති සඟරා ටික හොයා ගෙන කියවන්න.කිසිම පිරිමි මාධ්‍ය වේදියෙක් මේ විදියට කාන්තාවන්ට අපහාස තර්ජන කරමින් මාධ්‍ය පවත්වාගෙන ගිහින් තිබෙනවාද?
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැම්මා, පකිස්ථානයේ බ්ලොග් එකක් ලිව්වා කියලා වෙඩි තිබ්බා,  ඇමරිකාවේ අමන්දා ෆේස් බුක් හරහා ඇතිවුන සම්බන්දයක ප්‍ර්ථිපලයකින් දිවිනසා ගත්තා.හැමරටකම හිංසනයට ලක්වෙන්නේ කාන්තාව,//

මේවා නිසා හිංසාවට ලක්වන පිරිමි ගැන ඔබ අසා නෑ.මොකද ඒවා මාධ්‍ය අවධානයට ලක් වන්නේ නෑ.හේතුව පිරිමි නිසා.ගෑනියෙක් මින්හෙකුට ගැහුවොත් ඒක වීරකමක්.මිනිහෙක් ගෑනියෙකුට ගැහුවොත් කාන්තා හිංසනේ.
ඔබ මැක්සිම් ගෝර්කිල ගැන කතා කරනව.ගෝර්කිල විතරක් නොවේ හුඟක් අහිංසක චින්තකයො හිතුවෙ නෑ පාතාල කන්ඩායම් මෙහෙයවන ගෑනු පහළ වෙයි කියල.ඒ අය හිතුවෙ නිරතුරු පවුල රකින අහිංසක ගැහැණිය ගැන.


අන්තර්ජාලය ගැන ඔබ කී දේවල් මම මේ සාකච්ඡාවට ගන්නේ නෑ.

ආපු දවසේ ඉදල බොහොමයක් පිරිමි කරන්නේ ගෑනු අයට වෛර කරන එක නෙමෙයිද?//

ඔබට පිරිමින් ගැන වෛරයක් තිබෙන බව පේනවා.හැබැයි ඒකට හේතුව ඔබ සමාජයේ සිදුවන සිදුවීම් වැරදි ලෙස විග්‍රහ කරන්න යාමයි.කන්තාවන්ට වැරදි කරන්න බලපත්‍රයක් දීම නීතිය ගැණ ඔබ කියන සිදුවීම් වලකා ගන්නට එකම ක්‍රමයයි

විශේෂ ලියුම්කරු

2 comments:

  1. මම මගේ බ්ලොග් එකේ මොනවා පල කලත් තමුන්ට මොකද? මගේ කාර් එකට මම කැමති විදිහට ඉන්ධන පුරවන්නේ. මේක තමුන්ගේ වාහනය නෙවෙයි. අනුන්ගේ වාහනවල නඟින්න ඇවිල්ලා ගුටි කාලා පොලිසිවල රස්තියාදු ගහන්නේ නැතුව වාහන අයිතිකාරයෙන්ගෙන් ගුටි කන්නේ නැතුව තමනුගේ පාඩුවේ හිටියොත් ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. නපුරු කුමාරිහාමි ගෙ පූස මල්ලෙන් එළියට පැනලා

      කවුද මැතිණිය අනුන්ගෙ වාහන වල නැග්ගෙ.අනික ඇයි මේ කලබල වෙලා බය වෙලා.ඔබ යම්යම් දේවල් ගැන මතුපිටින් බලල සාවද්‍ය විග්‍රහයන් කරන එක අහන්නත් දෙයක්ද?මෙහෙම සුළු දේකට තරහ යනව නම්.

      මෙතන කළේ බ්ලොග් විචාරයක්නෙ.අනික ඔබේ පෝස්ට් එකේ ලින්ක් එකත් දාලනෙ.ඕනම කෙනෙකුට ඔබේ බ්ලොග් එකට ගිහින් ඇත්ත නැත්තත් බලන්න පුළුවන් විදියට වැදගත් විදියටනෙ.

      මේ වගෙ අශිෂ්ට තර්ජන කරන එක ඔබට ගැලපෙනවද?
      ඔබේ ප්‍රොෆයිල් පික්චර් එකට ගැලපෙනවද?
      මාලු අම්මන්ඩි කෙනෙක් වගෙනෙ කතාව
      මරදානෙද මීගමුවෙද පදිංචිය
      නිකම් මරියකඩේ සක්කිලි මාලු කුමාරිහාමි කෙනෙක් වෙන්න එපා

      පුංචි කුමාරිහාමි බ්ලොග් එක කරන්නෙ පිරිමියෙක් කියල සමහරු කියන කතාව ඇත්තද මන්ද?

      Delete