Saturday, January 11, 2014

අවදියෙන් සිටින්න මෙහෙම දේවල් සිදු වෙන්න බැරිත් නෑ.

සයිබර් අවකාශයේ සැරිසරන විට වෙනත් සමහර රටවල ස්ත්‍රීවාදීන්ගේ බලපෑමට පනවා ඇති  පිරිමි විරෝධී නීතියක් ගැන අවධානයට ලක් විය.එය නම් වෛවාහික ස්ත්‍රී දූෂන නීතියයි,මෙහිදී බිරිදකට තම  සැමියා සමඟ ලිංගිකව එක්වූ වහාම පොලීසියට ගොස් තමන් දූෂනය කළ බවට පැමිනිලි කළ හැක.ඉන්පසු සැමියා සැකපිට අත් අඩංගුවට පත්වේ.වෛද්‍ය වාර්තාවේ ස්ත්‍රී සිරුරේ ශුක්‍රාණු තැවරී ඇති නිසා සැමියාට කට උත්තර නැත.ඔහු පොලිස් වධ හිංසාවන්ට සුපුරුදු ලෙස ලක්වේ.ඉන්පසු සිර දඩුවමක් ලැබූ පසු රකියා අහිමි වීම හා සමාජ අවමානයට අමටහ්‍රව සිරකරුවන්ගෙනුත් වධ ලැබිය හැක.


චන්ද්‍රිකා යුගයේ පිරිමි විරෝධී නීති පැනවූ විට ඒවා අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලීසියට අන ලැබුනි.මෙහි ප්‍රතිපලයක් ලෙස බොරු නඩු තොග පිටින් වැටුනි.කිසිම ගෑනියෙක් තමන් දූෂනය කලා යැයි කිය කිය ඇවිදින්නේ නැතැයි ස්ත්‍රීවාදීහු කියති.එබැවින් පිරිමි විරෝධී නීති වලට කිසිවෙකු බිය විය යුතු නැති බවද කියති.එහෙත් චන්ද්‍රිකා මේ නීති පැනවූ අලුත අපේ ගමේ සිදුවූ සිදුවීම් වලින් දෙකක් කියන්නම්.මෙවැනි සිදුවීම් 50 කට වඩා අපේ ගමේම සිදු විය.මේ සියල්ලම බොරුය.

නමුත් මේ සියල්ල මෙහි ලිවීම තේරුමක් නැත .තෝරාගත් දෙකක් ලියන්නම්.එක් පිරිමියෙක් ගෙවල් අතර ඇතිවන ප්‍රශ්නෙකට හොදටම බීල එක් ගෙදරකට ගොස් ඒ ගෙදර මිනිහට බැන වැදුනි.වහාම ත්‍රීවීල් එකක් ගෙන්වා ගත් ඒ ගෙදට ගෑනි පොලීසියට ගොස් තමන් 18 ට අඩු බවත් තමන් ට අතවර කළ බවත් පැවසීය.පොලිස් නිළධාරීහුද සිනාසී ඇය පිටත් කළහ.ඇය දුටු විටම ඇය 18 නොව 35 ත් පැන ඇති බව පෙනේ.ඇය මෝලක වැඩකරන කම්කරු ගැහැණියකි.දරුවන් දෙදෙනෙකි.මේ නූගත් ගැහැනිය පිරිමි විරෝධී නීති ගැන දැනුවත් වී සිටියාය.

දෙවැනි සිදුවීමේදී දානෙ ගෙදරක ගුටි කෙලියක් සිදු විය.එක් තරුනයෙක් දානෙ ගෙදර සිටි අයට පැන පහර දුන්නේය.නඩුව හැඳුවේ මේ තරුනයා දානෙ ගෙදර සිටි තරුණියන් දූෂණය කරන්නට හැදූ බවයි.නඩුව විභාගෙට ගත් විට නඩුකාර උන්නාන්සේටද හිනා ගියේය.දානෙ ගෙදර දා ඒවත් කරන්න හැදුවාදැයි ඇසීය .මේ දෙවැනි සිද්ධියේ තරුණියන් දෙදෙනාම උපාධිධාරීන් වන අතර 2005 උපාධිධාරී යෝජනාක්‍රමය අයට්තේ රැකියා ලැබූ වැදගත් කාන්තාවන් දෙහ්ඩෙනෙකි.දන් එක් කෙනෙක් ගුරුවරියකි.

මොවුන් දුරදිග නොබලා මේ චෝදනාව කලේ නඩුව බර කර අර ටහෘනයාගෙන් පලි ගැනීමටය.ඒ අනුව මෙවැනි බොරු චෝදනා කරන්නේ තුන්වැනි පන්තියේ පාදඩ ගෑනු නොවේ.

මේ බිහිසුණු නීති අකුරටම ක්‍රියාත්මක නොවන නිසා පිරිමින්ට සතුටින් සිටිය නොහැක.වතුර රත් වෙන කන් සිටි කකුලුවන් මෙන් සිටිය නොහැක්කේ විපක්ෂනායකයාගේ බිරිද මෙරට ස්ත්‍රීවාදය මෙහෙයවන ප්‍රධාන තැනැත්තිය බැවිනි.කිසියම් දිනක එජාපය බලයට නො ඒවියැයි කියන්නට බැරිය.එදාට මේ නීති බලාත්මක වී තවත් නීති දැම්මොත්

සියලුම පිරිමින් ඕනෑම මොහොතක අත් අඩංගුවට පත් වීමේ අවදානමක සිටිති.මේ නිසා ඔවුන්ට තම බිරියන්ගේ වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත.ඔවුන්ට පමනක් නොව ඔවුන්ගේ දෙමවුපියන්ටද තම ලේලිලාගේ වහලුන් සේ සිටීමට සිදුවනු ඇත.විරුද්ධ වුනොත් බොරු චෝදනාවට හිරේය.

බොරු චෝදනා කරන ගැහැනුන් ගෙන් වන්දි ඉල්ලා සිටිය හැකි නීති හැදීම සහ ව්‍යාජ නඩු වල චුදිතයන් වෙනම රැදවීම හෝ අවශ්‍යය.

විශේෂ ලියුම්කරු

1 comment:

  1. http://prathibhaani.blogspot.com/

    මේ බ්ලොග් එකක පලවූ කතාවක්.කියවන්න වටින නිසයි දැම්මේ

    ReplyDelete