Tuesday, December 17, 2013

සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයට උනේ කුමක්ද?


සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය යනු සිංහල ජාතිය හා ජාතියේ ජාතික අරමුණු වෙනුවෙන් කිසිදු ආත්මාර්ථකාමී යටි අරමුණක් හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අවංකව ක්‍රියාකළ දේශපාලන කණ්ඩායමකි. එහි නායකත්වය හෙබවූ හරිස්චන්ද්‍ර විජේතුන්ග මහතාද විවිධ විෂයන් සම්බන්ධයෙන් බොහෝ දෑ දන්නා එමෙන්ම රටට උචිත අදහස් ආකල්ප ඇති ජාතියටම ආවේනික ලෙස සිතීමේ මනා හැකියාවක් තිබූ සැබෑ විද්වතෙකි. සිංහල සමාජය පුරාවට පැතිරුනු බටහිර අනුකරණවාදී මානසිකත්වය,ආත්මාර්ථකාමීත්වය හා ජාතික මතවාද වල අක්‍රිය ස්වභාවය මත භූමිපුත්‍ර වැනි පක්ෂ වලට චන්දය දීමට සිංහලයින්ගෙන් වැඩිදෙනා ඉදිරිපත් නොවුවද සිංහලයාට ජාතියක් ලෙස සුරක්ෂිතව සිටීමටනම් භූමිපුත්‍ර පක්ෂය වැනි දෑහිතකාමී දේශපාලන කණ්ඩායම් තිබියයුතු බව සිංහල කවුරු කවුරුත් සවිඥ්ඥාණිකව දනිති. කෙසේනමුත් ප්‍රශ්නය වන්නේ සිංහලේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයට සිදුවූයේ කුමක්ද යන්නයි.
                   මේවනවිට දැනගන්නට තිබෙන කරුණු අනුව එම පක්ෂය හේමකුමාර නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතුව මවුබිම ජනතා පක්ෂය ලෙස වෙනස්කර ඇති අතර හරිස්චන්ද්‍ර විජේතුන්ග මහතා එහි පක්ෂ උපදේශකයෙකු පමණක් බවට පත්ව ඇත. සැබවින්ම සිංහල ජාතියට මතවාදී නායකත්වයක් ලබාදෙමින් නිසි මග පෙන්වීමක් කළයුතුව තිබූ දේශපාලන කණ්ඩායමක ඉරණම මෙසේ තීන්දු වීම ජාතිය පැත්තෙන් අවාසනාවකි. ඒ වෙනත් දේයක් නිසා නොව වර්තමාණයේ නැවතත් ජාතියට එරෙහි විජාතික බලවේග විවිධ ස්වරූප වලින් හිස ඔසවන තත්වයක් ඇතිවීම නිසයි. භූමිපුත්‍ර පක්ෂය වැනි පක්ෂ මෙවැනි අවස්ථා වල ක්‍රියාකාරීව ඉදිරියට පැමිණ කළයුතුව ඇති දෑ බොහෝය. එහෙත් අවාසනාවට සිදුවී තිබෙන්නේ එයට හාත්පසින් වෙනස් මෙන්ම කිසිවිට නොවියයුතුයැයි සිංහල දෑහිතකාමීන් බලාපොරොත්තු වන දෙයකි. එයට හේතු කීපයක් ඇත. එකක්නම් භූමිපුත්‍ර පක්ෂයට මැතිවරණ වලදී ලැබෙන චන්ද ප්‍රමාණය කුමක් වුවත් එම පක්ෂය සිංහල ජාතිය තුල දෑහිතකාමී දේශපාලන කණ්ඩායමක් ලෙස යම් ප්‍රතිරූපයක් ගොඩනගාගත් පක්ෂයක් වීමත් ඒ හේතුවෙන් මෙවැනි බලාපොරොත්තු නොවන සිදුවීම් තුලින් පක්ෂය ගැන තිබෙන විශ්වාසය බිඳවැටීමයි. අනෙක නම් හේමකුමාර නානායක්කාර යනු සිංහල ජාතියේ ජාතික අරමුණු වලට පිටින් සැමදා පුරුද්දක් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක් වීමයි. වඩා සංවාදයට තුඩුදෙන කාරණාව වන්නේ හේමකුමාර නානායක්කාර මහතා සිංහල ජාතියේ ජාතික මතවාදවලට ගරහමින් ප්‍රසිද්ධියේ කොටින් වෙනුවෙන් පෙනීහිටි අදටත් බෙදුම්වාදයට කඩේයන වාසුදේව නානායක්කාර මහතාගේ බාල සහෝදරයෙකු වීම වේ. 


  සැබවින්ම භූමිපුත්‍ර පක්ෂයට අත්වියයුතු ඉරනම මෙයද? අප සිංහල බෞද්ධයන් හැටියට මේ කාරනය ගැන මීට වඩා සිතා බැලියයුතුය. භුමිපුත්‍ර පක්ෂයට මැතිවරණ වලදී ලැබුණු චන්ද ප්‍රමාණය අපට වැඩක් නැත. එම පක්ෂය සිංහල බෞද්ධයාගේ ජාතිකත්වය මතවාදීවම නියෝජනය කළ පක්ෂයකි. ඒ මතය රට තුල කිසිවිටක පරාජයට පත් වී නැත. එසේ වූයේනම් සිංහල ජාතියය ජාතියක් ලෙස ලෝකයෙන් අතුගෑවීගොස් බොහෝ කල්ය. මෙරට එ.ජා.ප හා එ.ජ්.නි.ස බොහෝදුරට කරන්නේ ජාතිකත්වය අවස්ථාවාදීබ අයතා ලෙස පරිහරනය කරමින් කලින් කලට ආණ්ඩු බලය අල්ලාගැනීමය. මෙය වඩා හොඳින් කරන්නේ එ.ජා.ප යයි. වර්තමාන එ.ජ.නි.ස රජය යම් මට්ටමකට සිංහල බෞද්ධයාගේ ජාතික අරමුණු වෙනුවෙන් පෙනීහිටියද ඒ සියල්ල දියාරු කරන්නේ රජය තුල තවම සිටින මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, බොරු කාන්තාවිමුක්තිකාමීන් ඇතුලු චන්ද්‍රිකාගේ ගෝලබාලයන් හා එ.ජා.ප යෙන් අවස්ථාවාදීව පිල් මාරුකර රජයට එකතු වූ බඩගෝස්තරවාදීන්ය. මේ කාරනා මෙසේ සිදුවෙද්දී සිංහලයාට එරෙහි විජාතික කුමන්ත්‍රණ වලනම් අඩුවක් වී නැත. ඇත්තෙන්ම ඒ සියලු කුමන්ත්‍රණ වෙනත් මුහුණුවරවල් වලින් විවිධ මට්ටමෙන් පෙරට වඩා බලවත්වත්ව නැගී එමින් පවතියි. කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම හරහා අප බටහිර විජාතික බලවේග වල ආයුදසන්නද්ධ ත්‍රස්තවාදියා පරාජය කරමින් ජාතික අරමුණු වල එක් දැවැන්ත කඩඉමක් ජාතියක් ලෙස පසු කළෙමු. එහෙත් ඉන් ඔබ්බට පසුකළයුතු තවත් මූලික කඩඉම් දෙකක් පසුකිරීමට තවම අප ජාතියක් ලෙස අපොහොසත්ව ඇත. එනම් දෙමළ ඊලාම්වාදී බෙදුම්වාදය මතවාදීව හා න්‍යායාත්මකව පරාජය කිරීමත් ඉන් මතුවට රටට ආවේනික ජාතික මත්වාද පෙරමුණට ගෙන රටට ගැලපෙන අදහස් ඇත්තවුන් රටේ අනාගතය තීන්දු කරන තීරක බලවේගය බවට පත්කරගෙන අපටම ආවේනික ඉදිරිගමනක නිරත වීම යන වැදගත් කඩඉම්ය. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදුවීමටනම් අපට ජාතියක් ලෙස මතවාදී හයියක් අවශ්‍යය. එමෙන්ම ඒ මතවාදී හයිය දේශපාලනය තුලටම ගෙනයායුතුය.
                                   ඇත්තවශයෙන් භූමිපුත්‍ර පක්ෂය වැනි ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දෙන දේශපාලන පක්ෂ රටට අවශ්‍ය වන්නේ ඉහතින් විස්තර කළ කාරනා ඒ ආකාරයෙන් සිදුවීමටය. පසුගිය කාලයේ පැවැත්වුනු මහ මැතිවරන වලදී රජය පාර්ශවයෙන් හරිස්චන්ද්‍ර විජේතුංග මහතාට ජාතික තික ලැයිස්තු  මන්ත්‍රී තනතුරක් හෝ ලැබේයැයි සිංහලයා බලාපොරොත්තු වුවද සිඩුවූයේ එහි අනෙක් පැත්තයි. එනම් මාලිනි ෆොන්සේකා වැනි වැඩකට නැති චරිත වලට හා සුපුරුදු ලෙස බංකොලොත් මාක්ස්වාදී කොමියුනිස්ට් වාදීන් වූ චන්ද්‍රිකාගේ ගෝලබාලයන්ට එම තනතුරු හිමි වීමයි. සිංහල ජාතියට වැදී ඇති එක් හෙනයක් නම් සමාජයම වෙලාගෙන තිබෙන අලසකම හා ආත්මාර්ථකාමීත්වයයි. එහි පතුලට ගිය සිංහලයනෙගෙන් වැඩිදෙනා තම අලස, ආත්මාර්ථකාමී ජීවනරටාව ඒ ආකාරයට ගෙනයෑම සඳහා නොකරන පාවාදීමක් නැත. ඒ සඳහා තම ජාතිය වුවත් පාවාදී ජාතික අරමුණු වලට පිටුපෑමට ඔවුන් සූදානම්ය. එලෙස සිතන්නන් සිරිතක් ලෙස එ.ජා.ප යට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව චන්දය දමන ආකාරය අප සාමාන්‍ය වශයෙන් දැක ඇත. එ.ජ්.නි.ස ය තුල එවැන්නන් නැතුවා නොවේ. අනෙක් අතට මාක්ස්වාදයෙන් මොළ හෝදාගත් සමසමාජ කොමියුනිස්ට් වැනි පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ වැනි බොරු දේශප්‍රේමයක් මවාගත්ත් පක්ෂ වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඒකාබද්ධතාවය හා කාර්යශූරබවද ජාතියට තවත් හෙනයකි.

 
සැබෑ ලෙස සිංහල බෞද්ධ ජාතික අරමුණු පෙරදැරි කරගත් සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය වැනි දේශපාලන කණ්ඩායමක් සක්‍රීයව දේශපාලනයේ නිරතවියයුත්තේ මනා සාමූහිකත්වයක් හා හොඳ ක්‍රියාශීලී බවක් සමගිනි. භූමිපුත්‍ර පක්ෂයට මැතිවරන වලින් ලැබුනු අඩු චන්ද ප්‍රමාණය මත එම පක්ෂය අවතක්සේරු කිරීමට තරම් අප ඉක්මන් නොවෙමු. සැබවින්ම අද සක්‍රීය වී ඉදිරියට පැමිණ ඇත්තේ භූමිපුත්‍ර පක්ෂය මීට කළකට ඉහත අපහසුවෙන් නමුත් අප්‍රතිහත ධෛර්යකින් සජීවී බවට පත්කළ දෑහිතකාමී මතවාදයි. එදා සිංහල සමාජයේම අවිචාරය මුග්ධ බව හා අදූරදර්ශී බව නිසා බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංගගේ ජාතියට විනකරන දේශපාලනය හමුවේ පැහැදිලිව ඇඟට පතට දැනෙන යමක් කිරීමට හරිස්චන්ද්‍ර විජෙතුංග මහතාටත් භූමිපුත්‍ර පක්ෂයටත් හැකිවිය. චන්ද්‍රිකාගේ දේශපාලනය ආරම්භයටත් වඩා වැඩි වේගයකින් අවසන් වූයේ වියයුතු ආකාරයටමය. එහෙත් මතවාදීව ශක්තිමත් වූ භූමිපුත්‍ර පක්ෂයේ හා හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේශපාලන අනාගතය එසේ වියයුතුයැයි අප නොසිතමු. ඇත්ත වශයෙන් බලනකළ සිදුවියයුතුව තිබුණේ ජාතික අරමුණු මත වඩා හොඳින් සංවිධානය වී වඩා ක්‍රියාශීලීව මෙන්ම පැහැදිලි සැලැස්මක් ඇතුව භූමිපුත්‍ර පක්ෂය දේශපාලනය තුල ඉදිරියට යෑමයි. එය කළනොහැක්කක්ද නොවේ. නමුත් අවාසනාවේ තරම නම් භූමිපුත්‍ර පක්ෂය කොටි හිතවාදී වාසුදේවනම් මාක්ස්වාදී උන්මත්තකයාගේ බාල  සහෝදරයා වන ජාතියට කවදත් විනකරන එ.ජා.ප යේ සාමාජිකයකු  වූ හේමකුමාර නානායක්කාරගේ බූදලයක් බවට පත්වී මවුබිම ජනතා පක්ෂය නමින් කිසිදු ජාතිකත්වයක් නැති දියාරු පක්ෂයක් බවට පත්විමයි.

No comments:

Post a Comment