Monday, December 2, 2013

තමන්ගේ මිනිස්සුන්ට සලකන්න නොදන්න ගෑනු ඉන්න රටේ විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට යෑම.


අපට හොඳ අපූරු ප්‍රවුර්තියක් දැනගන්න ලැබුනා. ඒ  නිමල්කා ප්‍රනාන්දු කියන කුප්‍රකට එන්.ජී.ඕ කුලීකාරිය විදේශික සංචාරකයන්ට ලිංගික සේවා සැපයීම සඳහා ගණිකා සේවයට ඉඩදියයුතු බව කියාසිටීමයි. මෙහි අප සාකච්ඡාවට බඳුන් වියයුතු පැති කීපයක් තිබේ. එකක් මෙය අප සමාජ පරිසරය සමග බලන කල ඊට එතරම් නොගැලපීමයි. ලිංගික සෙවා සපයාගැනීම සඳහාම පැමිණෙන සංචාරකයන් නැතුවා නොවේ. එහෙත් එවැනි සංචාරකයන්ට රට විවුර්ත කර දීම කොහෙත් සුදුසු නොවන්නේ රටට ඒඩ්ස් වසංගතය සංචාරක කර්මාන්තය හරහා බෝවීමේ අප්‍රසන්න සිද්ධිය සමග බැලීමේදීය. එය සමලිංගිකයන් හරහා හොඳින් සිදුවූ බව පැහැදිලිය.  කෙසේ වෙතත් නිමල්කාගේ තර්කය අනුව විදේශිකයන්ට ගණිකා සේවය සැපයීමට යෑමද සුරක්ශිත යැයි අපට කිසිසේත් අනුමාන කළ නොහැක.
                    මේ හරහා ඇතිවන ලෙඩ රෝග බෝවීමේ අවදානම හා සදාචාරාත්මක කරුණු හැරුණු විට වෙනත් වැදගත් කාරණයක් අප මෙහිලා සලකා බැලියයුතුය. එනම් විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට පෙර මෙරට සමාජය මෑතක සිට ලිංගික වශයෙන් දැඩි ව්‍යාකූලත්වයකට පත්වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලියයුතු කාරණයයි. ලිංගිකත්වය යනු මුදලට විකිණියයුත්තක් නොවේ. ඕනෑම මිනිස් ජනසමාජයක ලිංගිකත්වයේ ස්වභාවය අනුව ගොඩනැගුනු පිළිගත් ලිංගික ජීවන රටාවක් තිබියයුතුය. එහිදී ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් හා ප්‍රජනන ක්‍රියාවලිය පදනමට ගැනේ. සමාජයක් ලිංගික වශයෙන් ව්‍යාකූල වන විට ඒ තුල පවතින සම්මත ලිංගික ජීවනරටාවද පිරිහේ. ගණිකා සේවය වුවත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වනේ මේ කාරනයද පසුබිම් කරගෙනය.
                             බොහෝ දුරට ලිංගික සේවා ලබාගැනීමේ අරමුණින්ම විදේශ සංචාරයන්හි නිරතවන්නන් වාසය කරන රටවල සමාජ තත්වයද බෙහෙවින් ව්‍යාකූලය. එය ඔවුන්ගේ විනෝදාංශයක් යැයිද කෙනෙකුට කිවහැකි වුනත් එසේ වන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ බටහිර රටවල කාන්තාවිමුක්තිවාදය සමග කාන්තාසමාජය මනෝවිකුර්තිතාවයන්ට ලක්වී ඇත. විශේෂයෙන් මානසිකව පුරුෂකරණය කරනලද ස්ත්‍රිත්වයක් නොමැති කාන්තාවන් හා පීරිමි ලිංගිකත්වය තම ප්‍රගතියට බාධාවක් ලෙස සලකන පුරුෂ විරෝධී කාන්තාවන් අතිවිශාල පිරිසක් බටහිර ඇත. බටහිර කාන්තාවිමුක්තිවාදී නීතිරීතිද බටහිර පිරිමින්ට එල්ල කරන්නේ සුලු මානසික පීඩනයක් නොවේ. මේ කරුණු අනුව බටහිර පිරිමින්ගෙන් වැඩි පිරිසකට මේ ලිංගික පීඩාව ඇත. විශේෂයෙන් ලිංගික සේවා සපයාගැනීමට වෙනත් රටවල විශේෂයෙන් ආසියාතික රටවල  සංචාරය කරන්නේ මේ තත්වයට පත්වූවෝ වෙති. බටහිර බොහෝ පිරිමින් විවාහ වී සිටින්නේද වෙනත් බටහිර නොවන රටවල කාන්තාවන් සමගය. කරුණු එසේ වුවත් එයට වෙනත් රටවල් පලි නැතුවා මෙන්ම ලංකාව වැනි රටවල් ඔවුන්ට සේවා සැපයීමට බැඳී සිටියයුතුද නැත. ඔවුන් කළයුත්තේ පළමුව තමන් ජීවත්වන සමාජ පරිසරය හදාගැනීමය.
                         මේ කරුණු සියල්ල් පසෙක තිබේවා, විදේශිකයන්ට ලිංගික සේවා සැපයීමට පෙර අප විසින් මගහරවාගතයුතු මෙරට ජන සමාජයතුල මෑතක සිට ඇතිවී තිබෙන ලිංගික ව්‍යාකූලතාවයන්  මොනවාදැයි දැන් සොයාබැලියයුතුය. ලිංගික සේවා අනුන්ට සැපයීමට පෙර මෙරට පස්චාත් නූතනවාදීන් යැයි කියාගන්නා ඇතමුන් තම ස්ත්‍රී පුරුෂ භාවය ගැනවත් හරියට දන්නේදැයි සොයාබැලීමද කළයුතුවේ. ලිංග භේදයක් එපා යැයි කියමින් මෙරට ජන සමාජයේ ස්ත්‍රී පුරුෂ භාවය වටා ගොඩනැගුනු එකිනෙකාට ලාක්ෂණික මානසික හැඩගැසීම් නැතිකරදැමීම මේවෙනකොට රාජ්‍ය අනුග්‍රහයද ඇතිව සිදුවෙමින් පවතී. පාසල හරහා සියලු නපුංසකකම් අනාගත පරපුරට බෝ කෙරේ. කාන්තා විමුක්තිය නම් බටහිර සමාජය වැනසූ විකුර්ති මතවාදයට නිල පිළිගැනීමක් ලබාදී කාන්තාවන් අතර පිරිමින් කෙරෙහිත් පිරිමි ලිංගිකත්වය කෙරෙහිත් වෛරය ජනනය කිරීමද දැන් කලක සිට සරුවට වෙන දෙයකි. පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහිම වෛරයෙන් පසුවන විකුර්ති ගෑනුන් විදේශික පිරිමින්ට ලිංගික සේවා සපයන්නට යන්නනම් එක්කෝ ඔවුන් මන්දබුද්ධික වියයුතුය, නැතිනම් ඔවුන්ගෙන් ලිංගික සේවා බලාපොරොත්තුවන්නන් පිස්සන් වියයුතුය. ලංකාවේ ගෑනුන් අතර බටහිර කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන විකුර්ති චරිත වැඩිවුවහොත් විදේශිකයන්ට ලිංගික සේවා සැපයීමට පෙර මෙරට පිරිමින්ට ලිංගික සේවා සැපයිමට ඒ සඳහා උචිත ගෑනු කාණ්ඩයක් අවශ්‍යවනු ඇත. රට පුරා බටහිර උමතු කාන්තාවිමුක්තිවාදය වපුරමින් එය ක්‍රියාවට නගන්නට වලිකන නිමල්කා වැනි බටහිර ඒජන්තවරියන් විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට කතාකිරීම කවර විහිලුවක්දැයි අපටනම් හිතාගතහැක.
                            නිමල්කා ප්‍රනාන්දු වැනි මාක්ස්වාදී බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන මෝඩ ගෑනියෙකුගේ ක්‍රියාකලාපය දැන දැනත ඔවුන්ට උත්තර දීමට යෑම මෝඩකමක් වුවද, එසේ නොකරද බැරිය. ඒ ඔවුන්ට අභියෝග කළහැකි මතවාදයක් කොහේවත් නැතැයි ඔවුන් සිතාන බැවිනි.   මේ මෝඩ උද්දච්ච ගෑනුන්ට එකක් මතක්කර දියයුතුයි. එනම් ඔවුන් විදේශිකයන්ගේ මුදලට ලිංගිකසේවා සපයමින් ලිංගිකත්වය විකුණාගෙන කන හැටි ඉගැන්වීමට පෙර මේ රටේ කාන්තාවන්ට ඉගැන්වියයුත්තේ තමන්ගේ මිනිස්සුන්ට හරිහැටි සලකමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකිරීමට යන වගයි.

No comments:

Post a Comment