Tuesday, December 17, 2013

ලංකාවේ දියඇලි


පින්තූරය උපුටාගත්තේ "Explore Nature "  අඩවියෙනි

http://spiritofnature99.blogspot.com/2013/04/sri-lanka-natural-waterfalls.html

සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයට උනේ කුමක්ද?


සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය යනු සිංහල ජාතිය හා ජාතියේ ජාතික අරමුණු වෙනුවෙන් කිසිදු ආත්මාර්ථකාමී යටි අරමුණක් හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අවංකව ක්‍රියාකළ දේශපාලන කණ්ඩායමකි. එහි නායකත්වය හෙබවූ හරිස්චන්ද්‍ර විජේතුන්ග මහතාද විවිධ විෂයන් සම්බන්ධයෙන් බොහෝ දෑ දන්නා එමෙන්ම රටට උචිත අදහස් ආකල්ප ඇති ජාතියටම ආවේනික ලෙස සිතීමේ මනා හැකියාවක් තිබූ සැබෑ විද්වතෙකි. සිංහල සමාජය පුරාවට පැතිරුනු බටහිර අනුකරණවාදී මානසිකත්වය,ආත්මාර්ථකාමීත්වය හා ජාතික මතවාද වල අක්‍රිය ස්වභාවය මත භූමිපුත්‍ර වැනි පක්ෂ වලට චන්දය දීමට සිංහලයින්ගෙන් වැඩිදෙනා ඉදිරිපත් නොවුවද සිංහලයාට ජාතියක් ලෙස සුරක්ෂිතව සිටීමටනම් භූමිපුත්‍ර පක්ෂය වැනි දෑහිතකාමී දේශපාලන කණ්ඩායම් තිබියයුතු බව සිංහල කවුරු කවුරුත් සවිඥ්ඥාණිකව දනිති. කෙසේනමුත් ප්‍රශ්නය වන්නේ සිංහලේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයට සිදුවූයේ කුමක්ද යන්නයි.
                   මේවනවිට දැනගන්නට තිබෙන කරුණු අනුව එම පක්ෂය හේමකුමාර නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතුව මවුබිම ජනතා පක්ෂය ලෙස වෙනස්කර ඇති අතර හරිස්චන්ද්‍ර විජේතුන්ග මහතා එහි පක්ෂ උපදේශකයෙකු පමණක් බවට පත්ව ඇත. සැබවින්ම සිංහල ජාතියට මතවාදී නායකත්වයක් ලබාදෙමින් නිසි මග පෙන්වීමක් කළයුතුව තිබූ දේශපාලන කණ්ඩායමක ඉරණම මෙසේ තීන්දු වීම ජාතිය පැත්තෙන් අවාසනාවකි. ඒ වෙනත් දේයක් නිසා නොව වර්තමාණයේ නැවතත් ජාතියට එරෙහි විජාතික බලවේග විවිධ ස්වරූප වලින් හිස ඔසවන තත්වයක් ඇතිවීම නිසයි. භූමිපුත්‍ර පක්ෂය වැනි පක්ෂ මෙවැනි අවස්ථා වල ක්‍රියාකාරීව ඉදිරියට පැමිණ කළයුතුව ඇති දෑ බොහෝය. එහෙත් අවාසනාවට සිදුවී තිබෙන්නේ එයට හාත්පසින් වෙනස් මෙන්ම කිසිවිට නොවියයුතුයැයි සිංහල දෑහිතකාමීන් බලාපොරොත්තු වන දෙයකි. එයට හේතු කීපයක් ඇත. එකක්නම් භූමිපුත්‍ර පක්ෂයට මැතිවරණ වලදී ලැබෙන චන්ද ප්‍රමාණය කුමක් වුවත් එම පක්ෂය සිංහල ජාතිය තුල දෑහිතකාමී දේශපාලන කණ්ඩායමක් ලෙස යම් ප්‍රතිරූපයක් ගොඩනගාගත් පක්ෂයක් වීමත් ඒ හේතුවෙන් මෙවැනි බලාපොරොත්තු නොවන සිදුවීම් තුලින් පක්ෂය ගැන තිබෙන විශ්වාසය බිඳවැටීමයි. අනෙක නම් හේමකුමාර නානායක්කාර යනු සිංහල ජාතියේ ජාතික අරමුණු වලට පිටින් සැමදා පුරුද්දක් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක් වීමයි. වඩා සංවාදයට තුඩුදෙන කාරණාව වන්නේ හේමකුමාර නානායක්කාර මහතා සිංහල ජාතියේ ජාතික මතවාදවලට ගරහමින් ප්‍රසිද්ධියේ කොටින් වෙනුවෙන් පෙනීහිටි අදටත් බෙදුම්වාදයට කඩේයන වාසුදේව නානායක්කාර මහතාගේ බාල සහෝදරයෙකු වීම වේ. 


  සැබවින්ම භූමිපුත්‍ර පක්ෂයට අත්වියයුතු ඉරනම මෙයද? අප සිංහල බෞද්ධයන් හැටියට මේ කාරනය ගැන මීට වඩා සිතා බැලියයුතුය. භුමිපුත්‍ර පක්ෂයට මැතිවරණ වලදී ලැබුණු චන්ද ප්‍රමාණය අපට වැඩක් නැත. එම පක්ෂය සිංහල බෞද්ධයාගේ ජාතිකත්වය මතවාදීවම නියෝජනය කළ පක්ෂයකි. ඒ මතය රට තුල කිසිවිටක පරාජයට පත් වී නැත. එසේ වූයේනම් සිංහල ජාතියය ජාතියක් ලෙස ලෝකයෙන් අතුගෑවීගොස් බොහෝ කල්ය. මෙරට එ.ජා.ප හා එ.ජ්.නි.ස බොහෝදුරට කරන්නේ ජාතිකත්වය අවස්ථාවාදීබ අයතා ලෙස පරිහරනය කරමින් කලින් කලට ආණ්ඩු බලය අල්ලාගැනීමය. මෙය වඩා හොඳින් කරන්නේ එ.ජා.ප යයි. වර්තමාන එ.ජ.නි.ස රජය යම් මට්ටමකට සිංහල බෞද්ධයාගේ ජාතික අරමුණු වෙනුවෙන් පෙනීහිටියද ඒ සියල්ල දියාරු කරන්නේ රජය තුල තවම සිටින මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, බොරු කාන්තාවිමුක්තිකාමීන් ඇතුලු චන්ද්‍රිකාගේ ගෝලබාලයන් හා එ.ජා.ප යෙන් අවස්ථාවාදීව පිල් මාරුකර රජයට එකතු වූ බඩගෝස්තරවාදීන්ය. මේ කාරනා මෙසේ සිදුවෙද්දී සිංහලයාට එරෙහි විජාතික කුමන්ත්‍රණ වලනම් අඩුවක් වී නැත. ඇත්තෙන්ම ඒ සියලු කුමන්ත්‍රණ වෙනත් මුහුණුවරවල් වලින් විවිධ මට්ටමෙන් පෙරට වඩා බලවත්වත්ව නැගී එමින් පවතියි. කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම හරහා අප බටහිර විජාතික බලවේග වල ආයුදසන්නද්ධ ත්‍රස්තවාදියා පරාජය කරමින් ජාතික අරමුණු වල එක් දැවැන්ත කඩඉමක් ජාතියක් ලෙස පසු කළෙමු. එහෙත් ඉන් ඔබ්බට පසුකළයුතු තවත් මූලික කඩඉම් දෙකක් පසුකිරීමට තවම අප ජාතියක් ලෙස අපොහොසත්ව ඇත. එනම් දෙමළ ඊලාම්වාදී බෙදුම්වාදය මතවාදීව හා න්‍යායාත්මකව පරාජය කිරීමත් ඉන් මතුවට රටට ආවේනික ජාතික මත්වාද පෙරමුණට ගෙන රටට ගැලපෙන අදහස් ඇත්තවුන් රටේ අනාගතය තීන්දු කරන තීරක බලවේගය බවට පත්කරගෙන අපටම ආවේනික ඉදිරිගමනක නිරත වීම යන වැදගත් කඩඉම්ය. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදුවීමටනම් අපට ජාතියක් ලෙස මතවාදී හයියක් අවශ්‍යය. එමෙන්ම ඒ මතවාදී හයිය දේශපාලනය තුලටම ගෙනයායුතුය.
                                   ඇත්තවශයෙන් භූමිපුත්‍ර පක්ෂය වැනි ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දෙන දේශපාලන පක්ෂ රටට අවශ්‍ය වන්නේ ඉහතින් විස්තර කළ කාරනා ඒ ආකාරයෙන් සිදුවීමටය. පසුගිය කාලයේ පැවැත්වුනු මහ මැතිවරන වලදී රජය පාර්ශවයෙන් හරිස්චන්ද්‍ර විජේතුංග මහතාට ජාතික තික ලැයිස්තු  මන්ත්‍රී තනතුරක් හෝ ලැබේයැයි සිංහලයා බලාපොරොත්තු වුවද සිඩුවූයේ එහි අනෙක් පැත්තයි. එනම් මාලිනි ෆොන්සේකා වැනි වැඩකට නැති චරිත වලට හා සුපුරුදු ලෙස බංකොලොත් මාක්ස්වාදී කොමියුනිස්ට් වාදීන් වූ චන්ද්‍රිකාගේ ගෝලබාලයන්ට එම තනතුරු හිමි වීමයි. සිංහල ජාතියට වැදී ඇති එක් හෙනයක් නම් සමාජයම වෙලාගෙන තිබෙන අලසකම හා ආත්මාර්ථකාමීත්වයයි. එහි පතුලට ගිය සිංහලයනෙගෙන් වැඩිදෙනා තම අලස, ආත්මාර්ථකාමී ජීවනරටාව ඒ ආකාරයට ගෙනයෑම සඳහා නොකරන පාවාදීමක් නැත. ඒ සඳහා තම ජාතිය වුවත් පාවාදී ජාතික අරමුණු වලට පිටුපෑමට ඔවුන් සූදානම්ය. එලෙස සිතන්නන් සිරිතක් ලෙස එ.ජා.ප යට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව චන්දය දමන ආකාරය අප සාමාන්‍ය වශයෙන් දැක ඇත. එ.ජ්.නි.ස ය තුල එවැන්නන් නැතුවා නොවේ. අනෙක් අතට මාක්ස්වාදයෙන් මොළ හෝදාගත් සමසමාජ කොමියුනිස්ට් වැනි පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ වැනි බොරු දේශප්‍රේමයක් මවාගත්ත් පක්ෂ වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඒකාබද්ධතාවය හා කාර්යශූරබවද ජාතියට තවත් හෙනයකි.

 
සැබෑ ලෙස සිංහල බෞද්ධ ජාතික අරමුණු පෙරදැරි කරගත් සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය වැනි දේශපාලන කණ්ඩායමක් සක්‍රීයව දේශපාලනයේ නිරතවියයුත්තේ මනා සාමූහිකත්වයක් හා හොඳ ක්‍රියාශීලී බවක් සමගිනි. භූමිපුත්‍ර පක්ෂයට මැතිවරන වලින් ලැබුනු අඩු චන්ද ප්‍රමාණය මත එම පක්ෂය අවතක්සේරු කිරීමට තරම් අප ඉක්මන් නොවෙමු. සැබවින්ම අද සක්‍රීය වී ඉදිරියට පැමිණ ඇත්තේ භූමිපුත්‍ර පක්ෂය මීට කළකට ඉහත අපහසුවෙන් නමුත් අප්‍රතිහත ධෛර්යකින් සජීවී බවට පත්කළ දෑහිතකාමී මතවාදයි. එදා සිංහල සමාජයේම අවිචාරය මුග්ධ බව හා අදූරදර්ශී බව නිසා බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංගගේ ජාතියට විනකරන දේශපාලනය හමුවේ පැහැදිලිව ඇඟට පතට දැනෙන යමක් කිරීමට හරිස්චන්ද්‍ර විජෙතුංග මහතාටත් භූමිපුත්‍ර පක්ෂයටත් හැකිවිය. චන්ද්‍රිකාගේ දේශපාලනය ආරම්භයටත් වඩා වැඩි වේගයකින් අවසන් වූයේ වියයුතු ආකාරයටමය. එහෙත් මතවාදීව ශක්තිමත් වූ භූමිපුත්‍ර පක්ෂයේ හා හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේශපාලන අනාගතය එසේ වියයුතුයැයි අප නොසිතමු. ඇත්ත වශයෙන් බලනකළ සිදුවියයුතුව තිබුණේ ජාතික අරමුණු මත වඩා හොඳින් සංවිධානය වී වඩා ක්‍රියාශීලීව මෙන්ම පැහැදිලි සැලැස්මක් ඇතුව භූමිපුත්‍ර පක්ෂය දේශපාලනය තුල ඉදිරියට යෑමයි. එය කළනොහැක්කක්ද නොවේ. නමුත් අවාසනාවේ තරම නම් භූමිපුත්‍ර පක්ෂය කොටි හිතවාදී වාසුදේවනම් මාක්ස්වාදී උන්මත්තකයාගේ බාල  සහෝදරයා වන ජාතියට කවදත් විනකරන එ.ජා.ප යේ සාමාජිකයකු  වූ හේමකුමාර නානායක්කාරගේ බූදලයක් බවට පත්වී මවුබිම ජනතා පක්ෂය නමින් කිසිදු ජාතිකත්වයක් නැති දියාරු පක්ෂයක් බවට පත්විමයි.

බොරු සංවර්ධනය හා පරිසර වටිනාකම්.

සංවර්ධනය යන වචනයම අපේ නිර්මාණයක් නොවේ. එය බටහිර කාර්මික විප්ලවයෙන් පසුව බලවත්වී පෙරමුණ ගත් යුදෙවු චින්තනයෙන් පැනනැගුනකි. යුදෙවු චින්තනය සමස්ථයක් ලෙස පරිසරයට හා සොබාදහමට අනුකූල ලෙස මනස මෙහෙයවීමට ඉඩ දෙන්නක් නොවේ. කාර්මික විප්ලවයෙන් පසුව කාර්මීකරණය පාරිසරික වටිනාකම් අභිබවා බටහිර වැඩි වටිනාකමක් අත්කරගැනීමද යුදෙවු චින්තනයට අනුව සිදුවූවකි. සංවර්ධන මූලධර්මයන්ගේ පැනනැගීමත් සමග කාර්මික විප්ලවයෙන් පසු අසීමිත ලෙස මිනිස් අවශ්‍යතා සංකීර්ණ කරගනිමින් පාරිසරික හා සොබාදහමේ වටිනාකම් කුනු කූඩයට දැමීමද ඇරඹුණි. වඩා භිහිසුණු දෙයනම් බටහිර කාර්මීකරණය හා එහි පදනම වූ බටහිර දැනුම මුලුමනින් වාණිජ ප්‍රමාර්ථ පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වීමයි. බටහිර අධිරාජ්‍යවාදය හරහා ලොවපුරා පැතිරගියේ මේ ආර්ථික රටාවය. එහිදීද බටහිරයන් යටත්විජිත ලෙස තබාගත් රටවල් ඔවුන්ගේ කර්මාන්ත වලට අමුද්‍රව්‍ය සපයන ප්‍රභවයන් ලෙස පවත්වාගන්න ලදි. කෙසේ නමුදු මේ වනවිට සිදුවී තිබෙන්නේ සොබාදහමට හිතවත් නොවන පරිසර විනාශකාරී අධික පරිභෝජනය හා අසීමිත අවශ්‍යතා ඉලක්කකරගත් කාර්මික ආර්ථික රටාවල කොටස්කරුවන් බවට ලොව සියල්ලන් පත්ව සිටීමයි. මේ කාර්මීකරණය හා අධික පරිභෝජනය හරහා පරිසරය වනසමින් හිටි අඩියේ පාරිසරික වටිනාකම් මතක්වූ බටහිර මෝඩ සුද්දෝ ලෝක පරිසර දිනයක්ද සම්මත කරගත්තෝය.
                                 කවරෙක් කුමන කතාවක් කීවද, දිනෙන් දින කාර්මීකරණ උමතුව ඊනියා සංවර්ධනය හරහා ලොවපුරා වසංගතයක් මෙන් පැතිර යද්දී වසරක් පාසා සමරන ලෝක පරිසර දිනයෙන් ලෝකයට පලක් නැත. ඊට හේතුවනම් සංවර්ධන මූලාශ්‍රයන් තුල පාරිසරික සමතුලිතතාවයන් රැකීම ගැන කවර හෝ කොන්දේසියක් නොමැති වීමයි. ඒ අනුව අධික පරිභෝජනයටත් මිනිස් අවශ්‍යතා සංකිර්ණ කිරීමටත් ප්‍රමුඛත්වය දෙන, එමෙන්ම වානිජ පරමාර්ථ වලට අනුව ඉදිරියට යන කාර්මීකරණය මත පදනම් වන සංවර්ධන සංකල්පය හිසේ පුරවාගත්තවුන්ගෙන් පරිසරය රැකීමට රුකුලක් ලැබේ යැයි විශ්වාස කළ නොහැක.  අධික ජනගහන වර්ධනය සියල්ලට එකම හේතුව යැයි කෙනෙක් කිවහැක්. ඒ කෙසේ වෙතත් අද දිනකට විවිධ කර්මාන්ත වලින් පිටකරනුලබන යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය දෙස බලන කළ මිනිස් ජනගහන වර්ධන වගේම වේගයකින් මේ කාර්මික නිශ්පාදන එලිබැසීම සිදුවන ආකාරය දැකබලාගතහැක. ජනගහන වර්ධනය කේන්ද්‍රීය සාධකය වියහැකි නමුත් එය එකම ප්‍රශ්නය නොවනේ මේ කරුණු නිසයි. ජනගහනය යම් මට්ටමකට වැඩි උනත් මිනිස් අවශ්‍යතා අසීමිත්ව වැඩි නොවන්නේනම් බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකම් හරහා සිදුවන පාරිසරික සමතුලිත්තා බිඳවැටීම අඩු වේ. සංවර්ධන න්‍යායන් තුලද රටක නිෂ්පාදන වලින් කොපමණ ප්‍රතිශතයක් කාර්මික නිෂ්පාදනද යන්න වැදගත් මිම්මක් වේ. එහිදී රටක ජනතාව පාරිසරික සමතුලිතතා බිඳනොවැටෙන ලෙස තම පරිභෝජන රටාව කොතෙක් දුරට සාර්ථකව  ගෙනයන්නේද යන කාරනය සංවර්ධන මූලධර්මයන්ට වැදගත් නොවේ.
                                 මේ සංවර්ධන න්‍යායන් අනුගමනය කරන ජනයාගේ මානසික තත්වයද හැඩගැසී ඇත්තේද විදුලි උපකරණ, යාන වාහන හා කොන්ක්‍රීට් ගොඩනැගිලි ආදියෙන් පමණක් ප්‍රගතිය හා දියුණුව දැකීමටය. මෙවැනි තත්වයක් යටතේ පරිසරික වටිනාකම් වල හෝ සොබාදහමේ සමතුලිත්තාවයන් වල අගය කෙරෙහි සංවේදී බවක් බහුතර ජනයා දක්වන්නේ නැත. කොයිහැටි වෙතත් මිනිස් අවශ්‍යතා අසීමිතව වැඩිකරමින්, අධික හා නාස්තිකාර පරිභෝජනය ඔස්සේ ඉදිරියට යන සංවර්ධනය සොබාදහමේ සමතුලිතතාවයන් බිඳවැට්ටීම හරහා මිනිස් සංහතියම ගමන් කරන්නේ ප්‍රගතියකට වඩා අගතියකටය. හේතුවනම් ඒ තුලින් මිනිස් සංහතියේ දිගුකාලීන පැවැත්ම කෙටිවීමයි. තමන් බුක්තිවිඳින බෞතික සැපසම්පත් තුලින් පමණක් තමන්ගේත් ලෝකයේත් ප්‍රගතිය දැකීම මිනිස් කුහකත්වයක් මිස අන්කවර දෙයක් හෝ නොවේ. අද බටහිර රටවල ආත්මාර්ථකාමී ජනයා තනිතනිව තමන් බුක්තිවිඳින භෞතික සැපසම්පත් ප්‍රමාණය වැඩිදියුණු කරගැනීමට ඔවුන්ගේ ඊනියා සංවර්ධන න්‍යාය අනුව ජනගහනය කෙසේ හෝ අවම මට්ටමක පවත්වාගැනීමට උත්සහ දරති. ඔවුන්ට ලෝකයේ සෑම රටකම ජනගහන වර්ධනය කරදරයකි.ඔවුන්ගේ බොරු පරිසර හිතකාමී බවට අනුව සියල්ලට එකම හේතුව මිනිස් ජනගහනය වැඩි වීමයි. එය ප්‍රශ්නයක් නොවේයැයි අප නොකියමු. නමුත් යුදෙවු චින්තනය අනුවයන බටහිර කුහකයන් අනෙකුත් තාක්ෂණික මෙවලම් ඇතුලු අසීමිත භෞතික සැපසම්පත් වෙනුවෙන් නොකරන පහත් වැඩක් නැත. එපමණක් නොව ඔවුන්ගේ ඊනියා සංවර්ධන මූලධර්මයන් ලෝකයටම බලෙන් පටවා තිබෙන්නේ මේ සංවර්ධන මිනුම් දණ්ඩ ලොව සියලු රටවල ප්‍රගතිය මනින පොදු මිම්ම බවට පත්කරමිනි. 
                                මුලු ලොවම අද මුහුණදෙන පාරිසරික අර්බුධයන්ට මුහුණදීම කෙසේවෙතත් ඒවා හරි හැටි හඳුනාගැනීමටවත් මුලින් කළයුත්තේ සැබෑ පාරසරික වටිනාකම් හා සොබාදහම කෙරෙහි වඩා සංවේදී පරපුරක් හැදීමය. අද මේ සංවර්ධන සංකල්පය ඇතුලුව බටහිර නූතනත්වය, ලිබෙරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනි යුදෙවු චින්තනය පදනම් කරගෙන පැනනැගුනු සංකල්ප හා මතවාද වලින් ලෝකයම බැටකමින් පවතී. දැන් ලොවට අවශ්‍ය වන්නේ මේ කුහක මතවාදයන්ගෙන් ගැලවීම මිස වෙනත් දෙයක් නොවේ. එය කිරීමටනම් යුදෙවු චින්තනයෙන් වියුක්ත වූ සොබාදහමට ලැදි විකල්ප චින්තන රටාවක්ම අවශ්‍ය වේ. මේ අවශ්‍යතාවය සපුරාලීමට අපේ බෞද්ධ චින්තන රටාවට නියත වශයෙන් හැකියාව ඇත. බොදු චින්තනය බටහිර නූතනත්වය වැනි යුදෙවු සංකල්ප වලින් අපිරිසිදු නොකළයුත්තේද ඒ නිසාම බව අද දවසේ අප වටහාගතයුතුයි.

Saturday, December 14, 2013

ගැමි කාන්තාවෝ හා කලිසම් කාන්තාවෝ


කාන්තාවන් සමාජයට ප්‍රසන්න වන්නේ ස්ත්‍රීත්වය නියෝජනය කිරීමට හැකියාව තිබෙන හා කාන්තාවන්ට සුදුසු මානසික හැඩගැසීමක් තිබෙනතාක්කල් පමණක් වනබව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එහෙත් මේ බැනරයක් ඔසවාගෙන පාරේ ගමන්කරන ගැමි කාන්තාවන්නම් පෙනුමෙන් ගැමි කාන්තාවන් කියා කීමට පුලුවන්කමක් ඇත්දැයි යන්නත් සැක සහිතය. ඇත්ත කාරනය නම් මෙරට කාන්තාවන් වෙනුවෙන් යැයි හඟවමින් පවත්වාගෙන යන කාන්තා සංවිධාන බොහොමයක් මෙහෙයවන්නේ මෙවැනි කාන්තාවන් වන බවයි.

Thursday, December 12, 2013

ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරනයට උඩගෙඩි දෙමින් සමලිංගිකත්වය වර්ධනය කරන තවත් කල්ලියක් ගැන තොරතුරු අනාවරනය.

මේ හෙලිදරවු කිරීම මෙරට ක්‍රියාත්මකවන තවත් එක කුප්‍රකට සමලිංගික සංවිධානයක් හා එහි ක්‍රියාකාරකම් පිළිබඳවයි. මෙය "Heart to Heart Lanka" නමින් පෙනීහිටින අතර සමලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ අනුකරණය ඇතුලු විකුර්ති ලිංගික හැසිරීම් වෙනුවෙන් පෙනීසිටියි. මේ සංවිධානය පැහැදිලිවම විජාතික NGO සංවිධාන සමගද කිට්ටු සබඳතා පවත්වන අතර රැවටිලිකාර සමාජසේවා කටයුතු හා කලාකටයුතුද කරනුලබයි. මොවුන් විසින් කරනුලබන කලා කටයුතු වල විශේෂත්වය වන්නේ ස්ත්‍රී වෙස් ගැන්වූ පිරිමින් විසින් ඉදිරිපත්කරන නර්තනයන් ආදියට ප්‍රමුඛත්වය ලැබීමයි. සමලිංගික ස්ත්‍රී වෙස්ගත් රූපසුන්දරියන් අවුරුදු කුමාරියන් තේරීම ආදියද මොවුන්ගේ විශේෂාංග වැඩසටහන් අතර වේ. අප මේවනවිට අවධානය යොමුකළයුතු කරුණු අතර මොවුන් සමලිංගික වැඩසටහන් කරමින් තරුණ පිරිස අතරට දූෂිත අදහස් ගෙනයෑමේ සිද්ධියට අමතරව මොවුන්ගේ උමතු ක්‍රියාකාරකම් වෙනුවෙන් සිංහල අලුත් අවුරුදු උත්සව, නැකතට කිරි ඉතිරවීම වැනි දේ කොල්ලකාගෙන තිබීමේ කාරණයද වෙයි. 


 මොවුන්ගේ නිල වෙබ් අඩවිය පහත ලින්ක් එකෙන් සොයා බලන්න.
http://www.h2hlanka.org/ 

 මොවුන්ගේ මූලස්ථානය ගැන විස්තර
http://ilga.org/directory/en/detail?o_id=8142 

 නාරාහෙන්පිට කිරුල පාරේ මොවුන්ගේ ආයතන මූලස්ථානය පිහිටා ඇති අතර, සිංහල බෞද්ධ ජාතික බලවේග මේ ගැන කරුනු සොයා බලා ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේනම් සිංහල ජාතිය පැත්තෙන් වඩා යහපත් වේ.


  මොවුන් ඒඩ්ස් රෝගය පිළිබඳ වැඩසටහන් ඇතුලු වෙනත් නායකත්ව පුහුණු වැඩසටහන් ආදිය කරමින් විකුර්ති කාමුකත්වය සමාජගත කරමින් සිටිති. මේ සංවිධානය තරුණ පිරිසට රැකියා ලබාදෙන බවක්ද අඟවමින් ඊට සම්බන්න්ධ වන පිරිසද සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනයට යොදාගනී.


 සමලිංගික වැඩසටහන් මෙහෙයවීමට කාන්තා විමුක්තිවාදිනියන්ද සහභාගී වෙමින්.


 ජාතික සිරිත් කොල්ලකමින් සමලිංගික වැඩසටහන් නැකතට කිරි උතුරවා කරන අයුරු.


 සිංහල අලුත් අවුරුද්දත් කොල්ලකාගෙන ගෑනු වෙස් ගත් පිරිමින් අවුරුදු කුමාරියන් බවට පත්කර බොරු අහින්සකකමක් ආරෝපනය කරගෙන ඇති ආකාරය.

අපගේ සිංහල බෞද්ධ ජාතික බලවේග මේ විකුර්ති කාම උමතුව හමුවේ හැකි ඉක්මනින් නිසි පියවරක් නොගත්හොත් මුස්ලිම් ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීමටද පිටකොන්දක් ඇති සිංහල අනාගත පරපුරක් සාර්ථකව බිහි නොවනු ඇත.

Monday, December 2, 2013

තමන්ගේ මිනිස්සුන්ට සලකන්න නොදන්න ගෑනු ඉන්න රටේ විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට යෑම.


අපට හොඳ අපූරු ප්‍රවුර්තියක් දැනගන්න ලැබුනා. ඒ  නිමල්කා ප්‍රනාන්දු කියන කුප්‍රකට එන්.ජී.ඕ කුලීකාරිය විදේශික සංචාරකයන්ට ලිංගික සේවා සැපයීම සඳහා ගණිකා සේවයට ඉඩදියයුතු බව කියාසිටීමයි. මෙහි අප සාකච්ඡාවට බඳුන් වියයුතු පැති කීපයක් තිබේ. එකක් මෙය අප සමාජ පරිසරය සමග බලන කල ඊට එතරම් නොගැලපීමයි. ලිංගික සෙවා සපයාගැනීම සඳහාම පැමිණෙන සංචාරකයන් නැතුවා නොවේ. එහෙත් එවැනි සංචාරකයන්ට රට විවුර්ත කර දීම කොහෙත් සුදුසු නොවන්නේ රටට ඒඩ්ස් වසංගතය සංචාරක කර්මාන්තය හරහා බෝවීමේ අප්‍රසන්න සිද්ධිය සමග බැලීමේදීය. එය සමලිංගිකයන් හරහා හොඳින් සිදුවූ බව පැහැදිලිය.  කෙසේ වෙතත් නිමල්කාගේ තර්කය අනුව විදේශිකයන්ට ගණිකා සේවය සැපයීමට යෑමද සුරක්ශිත යැයි අපට කිසිසේත් අනුමාන කළ නොහැක.
                    මේ හරහා ඇතිවන ලෙඩ රෝග බෝවීමේ අවදානම හා සදාචාරාත්මක කරුණු හැරුණු විට වෙනත් වැදගත් කාරණයක් අප මෙහිලා සලකා බැලියයුතුය. එනම් විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට පෙර මෙරට සමාජය මෑතක සිට ලිංගික වශයෙන් දැඩි ව්‍යාකූලත්වයකට පත්වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලියයුතු කාරණයයි. ලිංගිකත්වය යනු මුදලට විකිණියයුත්තක් නොවේ. ඕනෑම මිනිස් ජනසමාජයක ලිංගිකත්වයේ ස්වභාවය අනුව ගොඩනැගුනු පිළිගත් ලිංගික ජීවන රටාවක් තිබියයුතුය. එහිදී ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් හා ප්‍රජනන ක්‍රියාවලිය පදනමට ගැනේ. සමාජයක් ලිංගික වශයෙන් ව්‍යාකූල වන විට ඒ තුල පවතින සම්මත ලිංගික ජීවනරටාවද පිරිහේ. ගණිකා සේවය වුවත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වනේ මේ කාරනයද පසුබිම් කරගෙනය.
                             බොහෝ දුරට ලිංගික සේවා ලබාගැනීමේ අරමුණින්ම විදේශ සංචාරයන්හි නිරතවන්නන් වාසය කරන රටවල සමාජ තත්වයද බෙහෙවින් ව්‍යාකූලය. එය ඔවුන්ගේ විනෝදාංශයක් යැයිද කෙනෙකුට කිවහැකි වුනත් එසේ වන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ බටහිර රටවල කාන්තාවිමුක්තිවාදය සමග කාන්තාසමාජය මනෝවිකුර්තිතාවයන්ට ලක්වී ඇත. විශේෂයෙන් මානසිකව පුරුෂකරණය කරනලද ස්ත්‍රිත්වයක් නොමැති කාන්තාවන් හා පීරිමි ලිංගිකත්වය තම ප්‍රගතියට බාධාවක් ලෙස සලකන පුරුෂ විරෝධී කාන්තාවන් අතිවිශාල පිරිසක් බටහිර ඇත. බටහිර කාන්තාවිමුක්තිවාදී නීතිරීතිද බටහිර පිරිමින්ට එල්ල කරන්නේ සුලු මානසික පීඩනයක් නොවේ. මේ කරුණු අනුව බටහිර පිරිමින්ගෙන් වැඩි පිරිසකට මේ ලිංගික පීඩාව ඇත. විශේෂයෙන් ලිංගික සේවා සපයාගැනීමට වෙනත් රටවල විශේෂයෙන් ආසියාතික රටවල  සංචාරය කරන්නේ මේ තත්වයට පත්වූවෝ වෙති. බටහිර බොහෝ පිරිමින් විවාහ වී සිටින්නේද වෙනත් බටහිර නොවන රටවල කාන්තාවන් සමගය. කරුණු එසේ වුවත් එයට වෙනත් රටවල් පලි නැතුවා මෙන්ම ලංකාව වැනි රටවල් ඔවුන්ට සේවා සැපයීමට බැඳී සිටියයුතුද නැත. ඔවුන් කළයුත්තේ පළමුව තමන් ජීවත්වන සමාජ පරිසරය හදාගැනීමය.
                         මේ කරුණු සියල්ල් පසෙක තිබේවා, විදේශිකයන්ට ලිංගික සේවා සැපයීමට පෙර අප විසින් මගහරවාගතයුතු මෙරට ජන සමාජයතුල මෑතක සිට ඇතිවී තිබෙන ලිංගික ව්‍යාකූලතාවයන්  මොනවාදැයි දැන් සොයාබැලියයුතුය. ලිංගික සේවා අනුන්ට සැපයීමට පෙර මෙරට පස්චාත් නූතනවාදීන් යැයි කියාගන්නා ඇතමුන් තම ස්ත්‍රී පුරුෂ භාවය ගැනවත් හරියට දන්නේදැයි සොයාබැලීමද කළයුතුවේ. ලිංග භේදයක් එපා යැයි කියමින් මෙරට ජන සමාජයේ ස්ත්‍රී පුරුෂ භාවය වටා ගොඩනැගුනු එකිනෙකාට ලාක්ෂණික මානසික හැඩගැසීම් නැතිකරදැමීම මේවෙනකොට රාජ්‍ය අනුග්‍රහයද ඇතිව සිදුවෙමින් පවතී. පාසල හරහා සියලු නපුංසකකම් අනාගත පරපුරට බෝ කෙරේ. කාන්තා විමුක්තිය නම් බටහිර සමාජය වැනසූ විකුර්ති මතවාදයට නිල පිළිගැනීමක් ලබාදී කාන්තාවන් අතර පිරිමින් කෙරෙහිත් පිරිමි ලිංගිකත්වය කෙරෙහිත් වෛරය ජනනය කිරීමද දැන් කලක සිට සරුවට වෙන දෙයකි. පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහිම වෛරයෙන් පසුවන විකුර්ති ගෑනුන් විදේශික පිරිමින්ට ලිංගික සේවා සපයන්නට යන්නනම් එක්කෝ ඔවුන් මන්දබුද්ධික වියයුතුය, නැතිනම් ඔවුන්ගෙන් ලිංගික සේවා බලාපොරොත්තුවන්නන් පිස්සන් වියයුතුය. ලංකාවේ ගෑනුන් අතර බටහිර කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන විකුර්ති චරිත වැඩිවුවහොත් විදේශිකයන්ට ලිංගික සේවා සැපයීමට පෙර මෙරට පිරිමින්ට ලිංගික සේවා සැපයිමට ඒ සඳහා උචිත ගෑනු කාණ්ඩයක් අවශ්‍යවනු ඇත. රට පුරා බටහිර උමතු කාන්තාවිමුක්තිවාදය වපුරමින් එය ක්‍රියාවට නගන්නට වලිකන නිමල්කා වැනි බටහිර ඒජන්තවරියන් විදේශිකයන්ට ලිංගික සේවා සපයන්නට කතාකිරීම කවර විහිලුවක්දැයි අපටනම් හිතාගතහැක.
                            නිමල්කා ප්‍රනාන්දු වැනි මාක්ස්වාදී බටහිර කාන්තා විමුක්තිය අනුගමනය කරන මෝඩ ගෑනියෙකුගේ ක්‍රියාකලාපය දැන දැනත ඔවුන්ට උත්තර දීමට යෑම මෝඩකමක් වුවද, එසේ නොකරද බැරිය. ඒ ඔවුන්ට අභියෝග කළහැකි මතවාදයක් කොහේවත් නැතැයි ඔවුන් සිතාන බැවිනි.   මේ මෝඩ උද්දච්ච ගෑනුන්ට එකක් මතක්කර දියයුතුයි. එනම් ඔවුන් විදේශිකයන්ගේ මුදලට ලිංගිකසේවා සපයමින් ලිංගිකත්වය විකුණාගෙන කන හැටි ඉගැන්වීමට පෙර මේ රටේ කාන්තාවන්ට ඉගැන්වියයුත්තේ තමන්ගේ මිනිස්සුන්ට හරිහැටි සලකමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකිරීමට යන වගයි.