Wednesday, October 23, 2013
බටහිර ගෑනුන්ගේ මොලේ තරම
Thursday, October 10, 2013
බටහිර කාන්තාවිමුක්තිවාදයේ තවත් පුරුෂ විරෝධී පියවරක්
කාර්යබහුලත්වය පසෙක තබා මේ කෙටි ලිපිය සැපයීමට අදහස් කළේ හෙටට එනම් ඔක්තෝබර් 11ට යෙදෙන ජාත්‍යන්තර ගැහැනු ළමයින්ගේ දිනය ගැන යම කීමටයි. මෙය පුරුෂයා කෙරෙහිත් ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහිත් වෛරයෙන් පසුවන කුහක කාන්තාවිමුක්තිවාදීන් අනුගමනය කරන මතවාදය වන කාන්තාවිමුක්තියේ තවත් එක් පියවරකි. මීට බොහෝ කළකට ඉහතදී ලෝක කාන්තා දිනය සම්මත කරගත්තේද මේ අයුරින්ම පුරුෂ විරෝධී කාන්තා විමුක්තිවාදීන්ගේත් ලිංගිකත්වයේ ස්වභාවය පිළිනොගන්නා උපන් කුහකයන්ගේත් මානසික තෘප්තිය සඳහාය. දැන් එහි අලුත් පියවරක් ඉදිරියට විත් තිබේ. ඒ ජාත්‍යන්තර ගැහැනු දරුවන්ගේ දිනය ලෙසය. මෙයත් කාන්තා දිනය මෙන්ම මතුපිටින් බලනකළ එතරම් වරදක් දැකිය නොහැකි අහින්සක ස්වරූපයක් පෙන්වන එහෙත් යටින් සමාජයටත් ලිංගිකත්වයේ ස්වභාවයටත් වින කරන කොඩිවිනයකි. කාන්තා දිනය හරහා පිරිමින්ටත් පිරිමි ලිංගිකත්වයටත් එරෙහිව කාන්තාවන් මෙහෙයවන අතර, මේ අලුත් ගැහැනු දරුවන්ගේ දිනය මතුපිටට අහින්සකකමක් පෙන්වා පිරිමිළමුන්ට එරෙහිව ගැහැනු ළමුන් මෙහෙයවයි. මෙය කුඩා කළ සිට පිරිමි හා ගැහැනු ළමුන් දෙපාර්ශ්වයටම තම විරුද්ධ ලිංගිකයින් කෙරෙහි වෛරය ඇතිකරගැනීමට ඉඩ සපයා දෙනු හැර වෙන යමක් නොකරයි.
Labels:
කාන්තා විමුක්තිය,
ගැහැනු ළමුන්ගේ දිනය,
පුරුෂයා
Subscribe to:
Posts (Atom)