Saturday, September 28, 2013

කරනවනම් මෙන්න වැඩ


මේ අභියෝගය නෙත් එෆ්.එම් නාලිකාව මගින් මෙහෙයවන බැලුම්ගලනම් වැඩසටහන කරන කාර්‍ය මණ්ඩලයට හා එම මාධ්‍ය ආයතනය වෙතයි. රටේ සිදුවන හොර බොරු වංචා දුෂණ අකටයුතුකම්  සමාජයට හෙලි කිරීම වරදක් නොවේ, එය පැහැදිලිව වියයුත්තකි. එහෙත් මේ රටේ සිදුවන රටේ පැවැත්මට තර්ජනයක් වන සමහර ක්‍රියාකාරකම් වෙත නෙත් එෆ්.එම් අවධානය තවම යොමු වී නැතුවා වගේ.ඇතැම් විට දැනගෙන සිටියත් නොදන්නා බව අඟවනවා වෙන්නටද බැරි නැත. මේ කාරනය විශේෂයෙන් මතක්කරන්නේ පසුගිය කලක සිදු වූ එක් සිද්ධියක් ගැන අවධානය යොමුකිරීමෙන් පසුවයි. එනම් රුවන්වැල්ලේ සෝබිත නම් පැවිදි නමකින් පෙනී හිටිමින් කාන්තාවන් රවටාගෙන ඔවුන් සමග අයතා ලිංගික කටයුතු වල නියැලුනු පුද්ගලයෙකු ගැන මේ ආයතනය හෙලි කිරීමත් ඒ සමග ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් යන කරුණුයි. රුවන්වැල්ලේ සෝබිත නමින් පෙනීසිටි පුද්ගලයා කළ දේ කිසිවිට අප අනුමත නොකරමු. එමෙන්ම අපද කියන්නේ මෙවැනි වන්චනික ක්‍රියා සිදු නොවියයුතු බවයි. එහෙත් තව කරුණක් කිවයුත්තේ මේ සිදුවීම හා සංසන්දනාත්මකවයි. එනම් අද මෙරට ප්‍රසිද්ධියේ බටහිර කාන්තාවිමුක්තිය හා සමලිංගිකත්වය අතු ඉති ලමින් වැඩෙමින් පවතින අතර සමලිංගික රාජ්‍යනොවන සංවිධාන පවා අටවාගේන ළමා අපචාර ඇතුලු සියලු විකුර්ති කාමුක ක්‍රියා සාධාරණීකරනය කරමින් පවතියි. සෝබිතලාගේ වැන්නන්ගේ ක්‍රියාකලාපය පමණක් නොව මේ සමලිංගික විකුර්ති කාමුකයන් සමාජය රවටමින් සිල් රෙදි පෙරවාගෙන කරන විකුර්ති කාම අපචාර ඒ සියල්ලට වඩා රටට අහිතකරය. එබැවින් එවැනි සිද්ධි හමුවේ ඇස කන පියාගෙන අඳ ගොලු බීරි චරිත රඟපෑමනම් වගකිවයුතු කවුරුනමුත් නොකළයුත්තකි. අප කියන්නේ බැලුම්ගලට සෝබිතලා කාන්තාවන් සමග කළ හොර අයතා ගනුදෙනු ගැන සෙවීමට තිබෙන උනන්දුව මේ රටේ දිනෙන් දින වැඩෙන සමලිංගික විකුර්ති කාම අපචාර රටට හෙලි කිරීම සම්බන්ධයෙන්ද තිබුනොත් වඩා යහපත් බවයි.

4 comments:

  1. මමත් මේ කතාවට එකඟයි

    ReplyDelete
  2. මෙතනදී ඔයා කරන වැරැද්දක් තියෙනවා
    transsexual අයගේ පින්තූර ප්‍රසිද්ධ කරන එක වැරදියි
    ඒක ඒ අයව ප්‍රසිද්ධ කිරීමක්

    ReplyDelete
  3. මෙතනදී ඔයා කරන වැරැද්දක් තියෙනවා
    transsexual අයගේ පින්තූර ප්‍රසිද්ධ කරන එක වැරදියි
    ඒක ඒ අයව ප්‍රසිද්ධ කිරීමක්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත නමුත් මම බලාපොරොත්තු උනේ මේ ගැන දැනුවත්කිරීමට. මොකද අපේ රටේ ඉන්නව තමන් ජීවත් වෙන වටපිටාවට හෙන වැදුනත් ගානක් නැති අය.

      Delete