Tuesday, September 10, 2013

අමනුස්සකම පරයා මනුස්සකම ජයගත් වගයි.


සිද්දියට අදාල ලක්බිම ලිපිය

//කොළඹ ද සොයිසා රෝහලේ විශේෂිත සිදුවීමක් සිකුරාදා (06) සිදුවිය. එනම් රෝහලේ පැවැති විවාහ මංගල උත්සවයකි. විවාහ වීමට නිසි වයස සපුරා නොතිබූ යුවලකට දාව දරු‍වකු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ වයස සපිරෙන දිනය වූ අද දිනයේ රෝහල් අධ්‍යක්ෂක ධම්මික ජයලත් මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා විවාහකර දරුවා බාරදීම සිදුකෙරිණි.
                          යහපත් සමාජ පරපුරක් බිහි කිරීමේ අරමුණින් සිදුකළ මෙම මංගල උත්සවයට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න ප්‍රධාන හෙද නිලධාරිනි ජේ.එච්.ජයන්ති ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහ මෙම යුවලගේ ඥාතීන්ද සහභාගි වූහ.  //

                 අපගේ නොමද පැසසුමට අවියයුතු මේ සද්ක්‍රියාව පසුගිය සිකුරාදා (අගෙස්තු 06)වාර්තා වුනේ ක්ළඹ ද ස්යිසා රෝහලෙනි. මෙය අප විසින් මහත්සේ අගය කරන සද්ක්‍රියාවක් බව කෙලින්ම ප්‍රකාශ කරන්නේ හේතු කාරණා ගනනාවක් මතයි. එපමණක් නොව මේ සිදුවීමේදී නොමිනිස්කම්, ලිංගිකත්වය මත පදනම්වන සමාජ කුහකත්වයන් හා තිරිසන්ගති පරයා මිනිස්කම ජයගෙන තිබෙන බවද අප නොබියව කියමු. ලිංගිකත්වයේ ස්වභාවයට පවා බැටදෙන කුහකයන්ට මේ සිද්ධියේදී හොඳ අතුල්පහරක් වැදී ඇත. එමෙන්ම මේ සද්කාර්යට සම්බන්ද වූ සියල්ලෝම මෙවැනි සිදුවීම් හමුවේ තැනට සුදුසු ලෙස ක්‍රියාකරමින් සමාජයේ යහපත් පැවැත්මට අවශ්‍ය මූලික ගුණාංග රැකගන්නේ කෙසේද යන පාඩම කාටකාටත් කියාදී ඇත. 
                 විවාහ වීමට නිසි වයස සපුරා නොතිබූ යුවලකට දාව දරු‍වකු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ වයස සපිරෙන දිනයේ රෝහල් අධ්‍යක්ෂක ධම්මික ජයලත් මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා විවාහකර දරුවා බාරදීම අප මාතෘකාවට අදාල සද්කාර්යයයි. මේ සිද්දිය මෙරට කාන්තාකටයුතු අමාත්‍යංශයටනම් ඇහැට කටු අනින්නාක්මෙන් වේදනාසහගත සිදුවීමක් බව අප හොඳින් දනිමු. මෙරට කාන්තා විමුක්තිවාදී රාජ්‍ය නොවන සංවිධානවලටද මෙවැනි සිද්ධි න්දිරවන බව නොරහසකි. ලිංගිකත්වයේ ස්වභාවයට අසීමිතව බැට දෙමින් බොරු ගුණයහපත්කමක් පෙන්වන ව්‍යාජ සුදනන්ටත්, ඔවුන්ගේ බොරු සුදනකමෙන් ප්‍රයෝජන ලබන බටහිර කාන්තා විමුක්තිවාදී කුහකයන්ටත් අනුව මෙවැනි සිදුවීම් වලදී සිද්ධියට අදාල පිරිමි පාර්ෂවයට නීතියෙන් දඬුවම් කර බන්ධනාගාරගත කළයුතු අතර කාන්තා පාර්ශවය පරිවාස භාරයට යැවියයුතුය. එහෙත් මේ තිරිසනුන්ගේ තිරිසන් මනසට හොඳට දැනෙන පාඩමක් රෝහල් බලධාරීන් විසින් උගන්වමින් රටටම මිනිසත්බව සම්බන්ධයෙන් වඩා හොඳ ආදර්ශයක් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් මෙරට සිටින හොර කාන්තාවිමුක්තිවාදීන් හා ලිංගිකත්වයේ ස්වභාවයට බැටදී බොරු ගුනයහපත්කමක් පෙන්වන කුහකයන් කුමක් කිවුවද මේ සිදුවීමේදී එයට මුල්වූ රෝහල් කාර්‍යමණ්ඩලයට හා අදාල සියලු පාර්ශවයන්ට රටේ අතිමහත් බහුතරයකගෙන් ලැබෙන්නේ නොමද ප්‍රශංසාව හා ගෞවුරවයකි. ඒ බව අපද කෙලින්ම කියමු.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=17258&Itemid

4 comments:

  1. බටහිර ෙෙවද්‍යවරයකුට ඔෙහාම ෙදයක් හිතුන ඒකත් පුදුමයි
    ඔය ෙමඩිකල් ෙකාෙල්ජ් ඒෙකන් ඉෙගනගත් ෙදයක්නම් ෙනෙමයි

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරියට හරි, බටහිර වෛද්‍යවරුන් මේ දේ කළාට එහෙම කරන්න තරම් මනුස්සකමක් ඒ යට ලැබිල තියෙන්නේ අපේ රටේ අපට හුරුපුරුදු ගුණාංග වල මතවාදී ආභාශයෙන්.

      Delete
  2. බටහිර ෙෙවද්‍යවරයකුට ඔෙහාම ෙදයක් හිතුන ඒකත් පුදුමයි
    ඔය ෙමඩිකල් ෙකාෙල්ජ් ඒෙකන් ඉෙගනගත් ෙදයක්නම් ෙනෙමයි

    ReplyDelete
  3. බටහිර ෙෙවද්‍යවරයකුට ඔෙහාම ෙදයක් හිතුන ඒකත් පුදුමයි
    ඔය ෙමඩිකල් ෙකාෙල්ජ් ඒෙකන් ඉෙගනගත් ෙදයක්නම් ෙනෙමයි

    ReplyDelete