Saturday, September 28, 2013

කරනවනම් මෙන්න වැඩ


මේ අභියෝගය නෙත් එෆ්.එම් නාලිකාව මගින් මෙහෙයවන බැලුම්ගලනම් වැඩසටහන කරන කාර්‍ය මණ්ඩලයට හා එම මාධ්‍ය ආයතනය වෙතයි. රටේ සිදුවන හොර බොරු වංචා දුෂණ අකටයුතුකම්  සමාජයට හෙලි කිරීම වරදක් නොවේ, එය පැහැදිලිව වියයුත්තකි. එහෙත් මේ රටේ සිදුවන රටේ පැවැත්මට තර්ජනයක් වන සමහර ක්‍රියාකාරකම් වෙත නෙත් එෆ්.එම් අවධානය තවම යොමු වී නැතුවා වගේ.ඇතැම් විට දැනගෙන සිටියත් නොදන්නා බව අඟවනවා වෙන්නටද බැරි නැත. මේ කාරනය විශේෂයෙන් මතක්කරන්නේ පසුගිය කලක සිදු වූ එක් සිද්ධියක් ගැන අවධානය යොමුකිරීමෙන් පසුවයි. එනම් රුවන්වැල්ලේ සෝබිත නම් පැවිදි නමකින් පෙනී හිටිමින් කාන්තාවන් රවටාගෙන ඔවුන් සමග අයතා ලිංගික කටයුතු වල නියැලුනු පුද්ගලයෙකු ගැන මේ ආයතනය හෙලි කිරීමත් ඒ සමග ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් යන කරුණුයි. රුවන්වැල්ලේ සෝබිත නමින් පෙනීසිටි පුද්ගලයා කළ දේ කිසිවිට අප අනුමත නොකරමු. එමෙන්ම අපද කියන්නේ මෙවැනි වන්චනික ක්‍රියා සිදු නොවියයුතු බවයි. එහෙත් තව කරුණක් කිවයුත්තේ මේ සිදුවීම හා සංසන්දනාත්මකවයි. එනම් අද මෙරට ප්‍රසිද්ධියේ බටහිර කාන්තාවිමුක්තිය හා සමලිංගිකත්වය අතු ඉති ලමින් වැඩෙමින් පවතින අතර සමලිංගික රාජ්‍යනොවන සංවිධාන පවා අටවාගේන ළමා අපචාර ඇතුලු සියලු විකුර්ති කාමුක ක්‍රියා සාධාරණීකරනය කරමින් පවතියි. සෝබිතලාගේ වැන්නන්ගේ ක්‍රියාකලාපය පමණක් නොව මේ සමලිංගික විකුර්ති කාමුකයන් සමාජය රවටමින් සිල් රෙදි පෙරවාගෙන කරන විකුර්ති කාම අපචාර ඒ සියල්ලට වඩා රටට අහිතකරය. එබැවින් එවැනි සිද්ධි හමුවේ ඇස කන පියාගෙන අඳ ගොලු බීරි චරිත රඟපෑමනම් වගකිවයුතු කවුරුනමුත් නොකළයුත්තකි. අප කියන්නේ බැලුම්ගලට සෝබිතලා කාන්තාවන් සමග කළ හොර අයතා ගනුදෙනු ගැන සෙවීමට තිබෙන උනන්දුව මේ රටේ දිනෙන් දින වැඩෙන සමලිංගික විකුර්ති කාම අපචාර රටට හෙලි කිරීම සම්බන්ධයෙන්ද තිබුනොත් වඩා යහපත් බවයි.

Friday, September 20, 2013

මැතිවරණ වලදී මේ වගකීමත් ඉටුකරන්න


මැතිවරණ වලදී ජාතික අරමුණු පදනම් කරගෙන චන්දය භාවිතා කිරීමට දැන් කාලය උදාවී ඇති බව ඉතා පැහැදිලිය. අපේ චන්දය ලබාගත් පසු විජාතික අරමුණු ඉටුකරන දේසපාලුවන්ගෙන් ජාතියටත් රටටත් පලක් නැත. අප සැබෑ දෑහිතකාමීන්නම් අපේ සමාජයෙන් අල්ලා කුදලා විසිකළයුතු බටහිර කාන්තාවිමුක්තිවාදය හා සමලිංගිකවාදය අනුගමණයකරන කිසිවෙකුටත් අපේ චන්දය ලබාදීමට කටයුතු නොකළයුතුය. මාක්ස්වාදීන් හා ලිබෙරල්වාදීන්ද අනියම් ආකාරයට මෙයට පක්ෂ බවද සිහිතබාගන්න. මොවුන්ගේ අවසන් ඉලක්කය රටේ ජාතිකත්වය වනසා ඔවුන්ට ඉහඳපනුවන් මෙන් වැඩීමට මෙරට ජාතික දේහයම මළකඳක් කරගැනීමයි. ඉහඳපණු දේශපාලනයට පයින් ගසාදමා රට සුරකිමු.

Saturday, September 14, 2013

කාන්තාවන් වෙනුවෙන් චන්දය භාවිතා කිරීමට පෙර මේගැන හිතන්න



එළඹෙන මැතිවරණ වලදී කාන්තා අපේක්ෂිකාවන් වෙනුවෙන් චන්දය භාවිතා කිරීම තරමක් නොව මුලුමනින් ගැටලුසහගත දෙයක් බවට පත්වී ඇත. එයට මූලික හේතුවනම් කාන්තාවන් දේශපාලනය කිරීමේ ප්‍රධාන අරමුණ සැකකටයුතු දෙයක් බවට පත්වී තිබීමයි. අප එසේ කියන්නේ අහේතුවකට නොවේ. පළමු කාරණයනම් කාන්තාවන් දේශපාලනය කිරීමට පොළඹවන ප්‍රධාන සාධකය ඔවුන් සතු ස්ත්‍රීත්වය නොව ඔවුන්ට ලැබෙන බටහිර කාන්තාවිමුක්තිවාදයේ ආභාෂය වීමයි. එහිදී මේ දේශපාලනය කරන කාන්තාවන් අවසාන වශයෙන් නියෝජනය කරන්නේ  ඔවුන් මොන කතාවක් කිවුවද පුරුෂ විරෝධී හා පවුල් විරෝධී බටහිර විකුර්ති කාන්තාවිමුක්තිවාදයමය. මෙය ඇතැම් විට ඔවුන් නොදැනුවත්ව සිදුවන අතර, ඇතමුන් සවිඥ්ඥානිකවම කරති. මේ අනුව බලන කළ කාන්තාවන් දේශපාලනය කිරීමට යන්නේ රටේ යහපත කෙසේවෙතත් බටහිර කාන්තාවිමුක්තිවාදය  නියෝජනය කරමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණිකයාගේ ඉලක්කයක් සපුරාලීමටය. ඒ අන් කිසිවක් නොව බටහිර සිදුකරාමෙන් මෙරට සමාජයතුලද අපට ආවේනික ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන හා ඒ අනුවර්තනයන් කෙරෙහි පුද්ගලයන් දක්වන සංවේදීතාවය නැතිකරදමා මුලු මිනිස් සමාජයම ලිංගික වශයෙන් ව්‍යාකූලත්වයකට ඇදදැමීමේ බටහිර කාන්තාවිමුක්ති ඉලක්කයයි.

Tuesday, September 10, 2013

අමනුස්සකම පරයා මනුස්සකම ජයගත් වගයි.


සිද්දියට අදාල ලක්බිම ලිපිය

//කොළඹ ද සොයිසා රෝහලේ විශේෂිත සිදුවීමක් සිකුරාදා (06) සිදුවිය. එනම් රෝහලේ පැවැති විවාහ මංගල උත්සවයකි. විවාහ වීමට නිසි වයස සපුරා නොතිබූ යුවලකට දාව දරු‍වකු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ වයස සපිරෙන දිනය වූ අද දිනයේ රෝහල් අධ්‍යක්ෂක ධම්මික ජයලත් මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා විවාහකර දරුවා බාරදීම සිදුකෙරිණි.
                          යහපත් සමාජ පරපුරක් බිහි කිරීමේ අරමුණින් සිදුකළ මෙම මංගල උත්සවයට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න ප්‍රධාන හෙද නිලධාරිනි ජේ.එච්.ජයන්ති ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහ මෙම යුවලගේ ඥාතීන්ද සහභාගි වූහ.  //

                 අපගේ නොමද පැසසුමට අවියයුතු මේ සද්ක්‍රියාව පසුගිය සිකුරාදා (අගෙස්තු 06)වාර්තා වුනේ ක්ළඹ ද ස්යිසා රෝහලෙනි. මෙය අප විසින් මහත්සේ අගය කරන සද්ක්‍රියාවක් බව කෙලින්ම ප්‍රකාශ කරන්නේ හේතු කාරණා ගනනාවක් මතයි. එපමණක් නොව මේ සිදුවීමේදී නොමිනිස්කම්, ලිංගිකත්වය මත පදනම්වන සමාජ කුහකත්වයන් හා තිරිසන්ගති පරයා මිනිස්කම ජයගෙන තිබෙන බවද අප නොබියව කියමු. ලිංගිකත්වයේ ස්වභාවයට පවා බැටදෙන කුහකයන්ට මේ සිද්ධියේදී හොඳ අතුල්පහරක් වැදී ඇත. එමෙන්ම මේ සද්කාර්යට සම්බන්ද වූ සියල්ලෝම මෙවැනි සිදුවීම් හමුවේ තැනට සුදුසු ලෙස ක්‍රියාකරමින් සමාජයේ යහපත් පැවැත්මට අවශ්‍ය මූලික ගුණාංග රැකගන්නේ කෙසේද යන පාඩම කාටකාටත් කියාදී ඇත. 
                 විවාහ වීමට නිසි වයස සපුරා නොතිබූ යුවලකට දාව දරු‍වකු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ වයස සපිරෙන දිනයේ රෝහල් අධ්‍යක්ෂක ධම්මික ජයලත් මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා විවාහකර දරුවා බාරදීම අප මාතෘකාවට අදාල සද්කාර්යයයි. මේ සිද්දිය මෙරට කාන්තාකටයුතු අමාත්‍යංශයටනම් ඇහැට කටු අනින්නාක්මෙන් වේදනාසහගත සිදුවීමක් බව අප හොඳින් දනිමු. මෙරට කාන්තා විමුක්තිවාදී රාජ්‍ය නොවන සංවිධානවලටද මෙවැනි සිද්ධි න්දිරවන බව නොරහසකි. ලිංගිකත්වයේ ස්වභාවයට අසීමිතව බැට දෙමින් බොරු ගුණයහපත්කමක් පෙන්වන ව්‍යාජ සුදනන්ටත්, ඔවුන්ගේ බොරු සුදනකමෙන් ප්‍රයෝජන ලබන බටහිර කාන්තා විමුක්තිවාදී කුහකයන්ටත් අනුව මෙවැනි සිදුවීම් වලදී සිද්ධියට අදාල පිරිමි පාර්ෂවයට නීතියෙන් දඬුවම් කර බන්ධනාගාරගත කළයුතු අතර කාන්තා පාර්ශවය පරිවාස භාරයට යැවියයුතුය. එහෙත් මේ තිරිසනුන්ගේ තිරිසන් මනසට හොඳට දැනෙන පාඩමක් රෝහල් බලධාරීන් විසින් උගන්වමින් රටටම මිනිසත්බව සම්බන්ධයෙන් වඩා හොඳ ආදර්ශයක් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් මෙරට සිටින හොර කාන්තාවිමුක්තිවාදීන් හා ලිංගිකත්වයේ ස්වභාවයට බැටදී බොරු ගුනයහපත්කමක් පෙන්වන කුහකයන් කුමක් කිවුවද මේ සිදුවීමේදී එයට මුල්වූ රෝහල් කාර්‍යමණ්ඩලයට හා අදාල සියලු පාර්ශවයන්ට රටේ අතිමහත් බහුතරයකගෙන් ලැබෙන්නේ නොමද ප්‍රශංසාව හා ගෞවුරවයකි. ඒ බව අපද කෙලින්ම කියමු.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=17258&Itemid

Friday, September 6, 2013

සමලිංගිකත්වයට කඩේයන ඩේලි මිරර් ජඩ මාධ්‍ය



ඩේලි මිරර් නමින් පෙනීහිටින මාධ්‍ය සාමූහිකය මේ රටේ වැඩි දෙනෙකු අතර ජනප්‍රිය ජන මාධ්‍යක් නොවේ. එහෙත් මෙහි ක්‍රියාකලාපය ගැනනම් යමක් කිවයුතුමය. ඒ මෙම ජනමාධ්‍ය ආයතනය කලක සිට විවිධ දේ සම්බන්ධයෙන් බටහිර මතවාද මෙරට ජන මනසට බලෙන් ඇතුල් කිරීමට කැස කැවීමයි.
                                 මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ එහි විද්‍යුත් මාධ්‍ය මෙහෙයවන එක්තරා නිවේදිකාවක් Equal Ground නම් සමලිංගික සංවිධානයේ ප්‍රධාන චරිතයක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා නම් පුරුෂ වෙස්ගත් කාන්තාව සමග මෙරට සමලිංගික, ලිංගික දෙබිඩි අසාවල් ඇති පිරිස් හා ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ හැසිරීම් ඇති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයත් පුද්ගලයන්ගේ  අයිතීන් ගැන කරන මාධ්‍ය සාකච්ඡාවකි. මෙය වෙනත් කිසිවක් සඳහා නොව සමලිංගිකත්වය සාධාරණීකරණය කිරීමේ අවශ්‍යතාවය මතම මෙහෙයවන්නක් බව වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරයෙන් ඉතා පැහැදිලි ව දැකියහැක. මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මෙවැනි සිද්ධීන් මේ වන විට රට තුල සිදුවන බව තවමත් නොදන්නා පිරිස දැනුවත් කිරීමට හා මොවුන්ගේ ක්‍රියාකාරකම් සමාජයට හෙලිකර ඒ ගැන විමසිලිමත් බවක් ඇතිකිරීමටය. http://prathiwadhiya.blogspot.com/2013/06/ngo.html

Tuesday, September 3, 2013

කොහොමද සංවරකම....?


පිරිමින් අනුකරණය කරමින් කලිසම් අඳින්න පුරුදු වෙච්ච ගෑනු වැඩිදෙනෙක් ස්ත්‍රී පුරුෂ භාවය අනුව එකිනෙකාට ආවේනික මානසික අනුවර්තන වෙන්කර හඳුනාගැනීමට ඔවුන් දක්වන අසංවේදී බව වසාගන්න ගේන එක් ප්‍රධාන තර්කයක් තමයි කලිසමෙන් හොඳට ශරීරය වැසෙන බැවින් කලිසම වඩා සංවරය යන කාරනය. මේ ගොන් තර්ක හරියන්නේ මන්දබුද්ධිකයින් සමග වාද කිරීමට පමණි.