Monday, August 5, 2013

කොලේ වසා බටහිර කාන්තා විමුක්තිය මෙරට සමාජයට ගිල්ලවීම



අපේ රටේ කාන්තා හින්සනය හා ලිංගික අපයෝජන අල්ලලා කාන්තා දිනය ඉලක්ක කර නිශ්පාදනය කළ වැඩසටහනකි මේ. මෙහි කාන්තා හින්සන හා ලිංගික අතවර ගැන ඉදිරිපත් කරන කරුණු බැලූ බැල්මට සාධාරනය. නමුත් ගැටලුව වන්නේ මොවුන් අතවර හැටියට හඳුන්වන සිද්ධි වල සීමා මායිම් ගැන කිසිවක් නොකීමයි. එපමණක් නොව පිරිමියෙක් සමග සිය කැමැත්තෙන් ලිංගික ඇසුර සඳහා පෙළඹෙන කාන්තාවන් නැත්ද? යම් ආයතනයක් හෝ සේවා ස්ථානයක් එවැනි දේ සිදු නොවන්නේද? ලිංගික අතවරයට මෙතරම් අකමැතිනම් කාන්තාවන් එවැනි අවදානම්ක සහිත රැකියා සඳහා යොමුවන්නේ ඇයි? මේ ගැන කුහකත්වයෙන් තොර විවුර්ත අදහස් ඇති කාටා උනත් ඔය ප්‍රශ්න ටිකනම් මතුවීම වැලැක්විය නොහැක. 
               බටහිර කාන්තා විමුක්තිවාදය මෙරට සමාජය ආක්‍රමණය කරන ආකාරය  ගැන මනා වැටහීමක් ඇති අපටනම් මේ වැඩසටහනේ සියලු පරමාර්ථයන් ඉතා පැහැදිලිය. එහෙත් මේ කෙටි ලිපිය පලකරන්නේ මේ කාරනය තවම තේරුම් නොගත් අයගේ දැනගැනීම පිණිසයි. මෙම වීඩියෝ පටය සිහිකල්පනාවෙන් නරඹන්න. ඔබට මෙහි ඉදිරිපත් කිරීම් බොහොමයක් මන:කල්පිත බව තේරුම්ගතහැක්කේ එදිනේදා ජීවිතයේ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවය කරන කාන්තාවන්ගෙන් සැලකියයුතු පිරිසක් පිරිමින් සමග අයතා සබඳතා පවත්වන්නේ සිය කැමැත්තෙන් වීම හා ඔවුන් එය අතවරයක් ලෙස නොසලකනබව පැහැදිලිව දැකගතහැකි දෙයක් වන බැවිනි. අනෙක් අතට මේ වීඩියෝපටයේ පෙනීසිටින බොහෝදෙනා අප සමාජයට හුරු පුරුදු චරිත නිරූපනය කරන පිරිසක් නොවෙති. ඔවුන් ඇතැම් විට මේ අමුතු චරිත රඟදක්වන්නේ මේ වැඩසටහන සඳහා පමණක් විය හැක් අ. එමෙන්ම ඔවුන් අතර බටහිර කාන්තා විමුක්තිවාදය ගැන දැනුම් තේරුම් ඇතිවම මේ වැඩසටහන මෙහෙයවන පිරිසක්ද සිටිති. ඒ අයනම් රාජ්‍ය නොවන සංවිධාන වලින් වැටුප් ලබන එම රාජ්‍ය නොවන සංවිධාන හරහා බටහිර මතවාද මෙරට පැලපදියම් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින ඊනියා කාන්තා විමුක්තිවාදිනියන්, විමුක්තිවාදීන් හා බොරු මානව හිතවාදීන්ය. 
                                         අප මොහොතකට මොවුන් මේ වීඩියෝවෙන් පෙන්වාදෙන සිද්ධි සම්පූර්ණ සත්‍ය හා මෙවැනි තත්වයක් අපරටේ ඇත්තටම ඇතැයි සිතමු. ගැටලුව වන්නේ මේ ඊනියා කාන්තා විමුක්තිවාදීන් හා බොරු මානව හිතවාදීන් මේ ප්‍රශ්න වලට යෝජනා කරන විසඳුම කුමක්ද යන්නයි. ඒ අන්කිසිවක් නොව බටහිර කාන්තා විමුක්තිවාදය අනුව යමින් ස්ත්‍රී පුරුෂ භාවයට බද්ධවී ඇති අප සමාජයට ආවේනික අනුවර්තනයන් සියල්ල නැතිකර දමා මුලු සමාජයම ලිංගික වශයෙන් ව්‍යාකූල කර විකුර්ති සමාජ තත්වයක් ඇතිකිරීමයි. එමෙන්ම මොවුන් සියලුදෙනා මේ ප්‍රශ්න ගැන කතාකරන්නේ ඔවුන්ගේ එම ඉලක්කය සපුරාලීමට අවශ්‍ය කඩඉම පසුකරන තෙක් පමණි. මේ කපටි ජාත්‍යන්තර සංවිධාන වලට හා ඔවුන්ගේ ගෝලන්බාලයන්ට මෙරට කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අවශ්‍ය නැත. මෙවැනි සිදුවීම ගැන මතුපිටින් නොව වඩා ගැඹුරු විචාරයක් අපට අවශ්‍යය. අපහසුවෙන් හෝ අප කරන්නේ එම කාර්ය කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමයි.
 

No comments:

Post a Comment