Friday, August 30, 2013

නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරවෙන් කපන්නට සිදුවීම.


සිද්ධියට අදාල ලංකා සී නිවුස් ලිපිය
 //
අනුරාධපුර වැනි පූජා භූමියක්   තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන  ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය.
අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක පසුගිය 12 වැනිදා මේ සම්බන්ධයෙන්  නේවාසික පුහුණු වැඩමුළුවක්  පැවැත්වීමට කටයුතු කිරීම  පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ  පූජනීය ස්ථානයක  ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක්   බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ    සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.
විජාතීය බලවේගයන් අපේ රටේ  තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික  නොවන  තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.
අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ  වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා  ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ  විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්,  තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලියේ   ඇති භයානක    තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී – පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක  සුවකළ  නොහැකි  ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය. සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ  ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා  සමලිංගිකයෙකු බවත්ය.
1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඩ් ආසාදිතයෙක්  හමුවූ බවත් ඔහු ද විදේශීය රටක සමලිංගික   ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. ඊට අමතරව 1983 අගභාගයේ  හෝ 1984  මුල් භාගයේදී දේශීය   ඩ් ආසාදිතයෙකු හමුවූ  අතර ඔහුද සමලිංගික  ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා   පෙන්වා දුන්නේය. ඊට අමතරව සමලිංගික   ඇසුර තුළින්   නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස්   ඕ, උපදංශය වැනි  භයානක  රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික  සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත්   සඳහන් කළේය.
අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන  සඳහා විවිධ  වයස් කාණ්ඩවල 20 දෙනෙකු   පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ  අතර ඔවුන්ට අවශ්‍ය  සියලු පහසුකම්   සපයාදී තිබූ බවද අනාවරණය  විය.//


 අප මින් ඉහත ලිපියෙන්ද පෙන්වාදුන්නේ රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්මලිංගික මධ්‍යස්ථානයක අනුග්‍රහයෙන් සිදුකරන්නට ගොස් නීතියේ රැහැනට හසුවූ සමලිංගික විවාහයක් ගැනයි.මේ සිද්ධිය සිදුවීමට කලින් අනුරාධපුරය ප්‍රදේශයේ හෝටලයක රහසිගතව සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ හා සමලිංගික අයිතිය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ. ඒ මේ මස 12 වනදාය. ලංකාව යනු සමලිංගිකත්වය කිසි ලෙසකින්වත් පිළිගන්නා රටක් නොවේ. එය මෙරට නීතියෙන්ද තහනම්ය. තත්වය එසේ වෙද්දී මෙරට තුල සමලිංගික සංවිධාන බිහිවී අනුරාධපුරය වැනි රටේ ඉතිහාසගත පූජනීය නගරයක හෝටලයක් තුල සමලිංගික වැඩසටහනක් කරන්න තරම් මේ සමලිංගික කල්ලි බලවත් වූයේ කෙසේද? ඔවුන්ගේ අනුගාමිකාන් වන සමලිංගික ප්‍රජාවක් රටේ බිහිවී තිබෙන්නේ කෙසේද? වඩා ගැටලුසහගත දේනම් සියල්ල මෙසේ සිදුවෙද්දී එයට යහතින් ඉදිරියට යෑමට ඉඩකඩ ලැබුනේ කෙසේද යන්නයි.
                     සමලිංගිකත්වයට පක්ෂපාතී පිරිස්වල හා සමලිංගික කල්ලි වල ප්‍රධාන තර්කය වන්නේ මෙරට සමාජයේ අතීතයේ පටන් සමලිංගිකත්වය ඇතිර පැතිර තිබූ සාමාන්‍ය දෙයක් යන්න හා එය තහනමට ලක්කර තිබෙන්නේ රෝමලන්දේසි නීතියෙන්ය යන්නයි. මේ සමලිංගික කල්ලි හා ඊට පක්ෂපාතී සෙස්සන් එය පිළිගැනීමට ලක්කිරීම සඳහා ගෙනෙන එක් ප්‍රධාන තර්කයක් වන්නේ කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමටත් සියලු මිනිස් ක්‍රියාකාරකම් වලදී සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගිකත්වයට සුවිශේෂී අනුවර්තන ඉක්මවා කටයුතු කිරීමටත් ඇති බාදාව සමාජයේ තිබෙන ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් යන්නත්, එය කාන්තාවන්ගේ නිදහසට බාදාවක් බැවින් ඒ සියල්ල ඉවත්කර කාන්තාවන්ට විමුක්තිය ලබාදීම සඳහා සමලිංගිකත්වය පිළිගෙන හෝ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන  ඉවත්කර කාන්තාවන්ටද පිරිමින් කරන සියලු දේ කිරීමට ඉඩසලසා දියයුතු බවයි. සමලිංගිකත්වයට පක්ෂපාතීව සැමවිට කාන්තා විමුති සංවිධාන ක්‍රියා කරන්නේද ඒ කාරනයට අනුවය වේ. මේ කරුණු කාරනා කෙසේ වෙතත් සමලිංගිකත්වයට පක්ෂපාතීවීම හා කාන්තා විමුක්තිය අපේ රටට අදාල අපේ මතවාද නොවේ. මේ සියල්ල බටහිර යුදෙවු චින්තනය හරහා පැනනගින විජාතික මතවාද වන අතර යටත්විජිතවාදයෙන් පසුවද මෙරට තීරක බ්ලවේගය බවට පත්ව සිටින බටහිර අනුකරනවාදීන්ට අනුව ඒ බටහිර යුදෙවු මතවාද හා නූතනත්වය ලෝකයට පොදුය. ඔවුන්ගෙන් වැඩිදෙනාට අනුව මෙරට තුලද බටහිර කාන්තා විමුක්තිය  හා සමලිංගිකත්වය පිළිගතයුතුය. අද වනවිට සමලිංගික සංවිධාන බිහිවී ඔවුන් සමලිංගික ප්‍රජාවක් සුලුවෙන් හෝ සදාගනිමින් සමලිංගික වැඩසටහන් කරන තැනට එනතෙක් බලවත් වී තිබෙන්නේ අර බටහිර අනුකරනවාදී පැලැන්තිය මෙරට බලවත්වී රටේ අනාගතය පවා තීරනය කරන බලවේගය බවට  පත්ව ඇති හෙයිනි. 
                       මේ කුහක අවස්ථාවාදීන්ගේ තර්ක ඔවුන්ගේම මනස්ගාත පමණි. ලොව කවර මිනිස් ජන සමාජයක වුවද සමලිංගිකත්වය යන්න මනෝ විකුර්තිතාවයක් ලෙස එලිබහින්නේ සමාජමය දුර්වලකම් ගනනාවක එකතුවක් ලෙසයි. සමලිංගිකත්වය ඔඩුයෑමට තරම් මහා පරිමාණ දුර්වලතා මෙරට ජනසමාජයේ තිබී නැත. ලංකාවේ තිබෙන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සමාජ පරිසරයකි. විශේෂයෙන් බෞද්ධ සමාජ පසුබිමක් තුල බෞද්ධයන්ට ඇත්තේ කවරක් සම්බන්ධයෙන් වුවද සමබර දැක්මක් වෙයි. ලිංගිකත්වය ගැනද බෞද්ධයන්ට තිබෙන්නේ ඉතා පැහැදිලි මෙන්ම විවුර්ත අදහසක්ය. බෞද්ධයන්ට අනුව ලිංගික අවශ්‍යතා ජීවිතයෙන් අත්හැරිය නොහැකිනම් මනුස්සයන් ලෙස ක්‍රමවත් හැඩගැස්මක් ඇතිව ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ සාධාරන ලිංගික ජීවන රටාවක් ගෙනයායුතුය. බුදු දහමට අනුව සසර බැඳීම් ඇතිකරන කවර දෙයක් වුවද ජීවිතයෙන් අත්හලයුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන අවබෝධයෙන් මිස ඒ කිසිවක ස්වභාවය කෙරෙහි ද්වේශසහගත බවකින් නොවේ. අද අපට තිබෙන තවත් ගැටලුවක් වන්නේ බටහිර නූතනත්වය හා කාන්තා විමුක්තිය ඇතුලු යුදෙවු මතතවාද බටහිර අනුකාරක ඊනියා උගතුන් විසින් බුදු දහමට සාවද්‍ය ලෙස ගලපා තිබීමය. බෞද්ධයන්ට කිසිවක පවතින ස්වභාවය මිනිස් අවශ්‍යතා මත වෙනස් කර විකුර්ති කිරීමේ අවශ්‍යතාවයක් නැත. ලිංගිකත්වය සමබන්ධයෙන්ද බෞද්ධයන්ට තිබෙන දැක්ම එයයි. බෞද්ධයන්ට ලිංගිකත්වයේ නියම ස්වරූපය විකුර්ති කිරීමට අවශ්‍යතාවයක් නැත. බෞද්ධයන් අනුමත කරන්නේ මිනිස් ලිංගික ස්වභාවාන්ට ගැලපෙන සමාජීය අනුවර්තනයන් මිස කුහකත්වය මත එය නොපිට පෙරලීමේ න්‍යාය නොවේ.

                       බෞද්ධ සමාජය තුල ස්ත්‍රී පුරුෂ භාවය මත එකිනෙකාට සුවිශේෂි ලිංගික ස්වභාවයන් හා ඊට අනුකූල සමා ජ හැඩගැසීම් හරි හැටි පිළිගන්නා අතර මාතෲත්වයට හා පීතෲත්වයට ඉතා ඉහල වටිනාකමක් ඇත. එලෙසම සිංහල බෞද්ධ සමාජයේ මවුපියන් සියලු දෙනා තම දරුවන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත හැඩගැස්වීමද ඉතා වගකීමක් ඇතිව කර තිබේ.පිරිමි ළමුන් පියාට අනුවත් ගැහැනු ළමුන් මවට අනුවත් හැඩගැස්වීම අපේ බෞද්ධ සමාජයේ පිළිගත් සාමාන්‍ය ක්‍රමයයි. එය මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පදනමද ඇතුලු සියලු ස්වභාවයන් සමග හොඳින්ම අනුගත වෙයි. මේ කාර්‍ය වගකීමක් ඇතිව මවුපියන් විසින් හරිහැටි ඉටු කරන්නේනම් කෙනෙකු මානසික විකුර්ති සමලිංගිකයෙක් වීමට ඇති ඉඩකඩ පවුල් පසුබිම තුලින්ම ඉවත්කරහැක. පසුගිය ආත්ම වල කර්ම ඵ්ල විපාක ලෙස මානසික ව්‍යාකූලත්වයන් ඇතුව කෙනෙක් ඉපදුනද මවුපියන්ට උවමනාවක් ඇත්නම් ඒ දුර්වලකම් මගහරවාගැනීමට බැරිකමක් නැත. ලිංගිකත්වය මත වුවද උපන් ආබාධ සහිත කෙනෙකුට අප අනුකම්පා කළයුතු බව ඇත්තකි. නමුත් එය අවියක් කරගෙන කුහක ගතිපැවතුම් ඇති කාලකන්ණින්ට ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කිරීමට ඉඩක්ද නොදියයුතුය. 
              මේ වනවිට අනුරාධපුරය ප්‍රදේශයේ හෝටලයක සමලිංගික වැඩසටහනක් කිරීම යනු විකුර්ති කාමවාදීන් මෙරට දියත්කළ සැලසුම් වල පළමු පියවර නොවේ. මොවුන් මේ තැනට එන්නට පෙර මුලින් කළේ බටහිර විකුර්ති කාන්තා විමුක්තිය කැටයම් දමා අප සමාජයට කාවැද්දීමයි. මෙරට බටහිර අනුකාරක උගත් තකතීරුවන්ද බුදු දහමට කාන්තා විමුක්තිය ගැටගසා ඊට අවශ්‍ය සහා දුන්නෝය. ඉන් පසුව දිගින් දිගට ලිංග භේදයක් එපා කියමින් මෙරට ජන සමාජයට ආවේනික ස්ත්‍රී පුරුෂ සමාජීය හැඩගැසීම් නැතිකර දියාරු කර දැමීමට ඔවුහු වගබලාගත්හ. මෙරට ජන සමාජය තුල ලිංගික මනෝවිකාර් ටිකෙන් ටික හිස ඔසවන්නට පටන්ගත්තේ එතැන්සිටය. ඊට පෙර මනසික වශයෙන් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ අනුකරන කළ පිරිසක් නොසිටියේයැයි අප නොකියමු. එහෙත් එකල එවැනි ක්‍රියාකාරකම් වලට සමාජයෙන් පිළිගැනීමක් නොතිබුණා පමණක් නොව එවැනි සිදුවීම්ද ඉතා අල්ප විය. බටහිර කාන්තා විමුක්තිවාදය සමග මේ ලිංගික මනෝව්‍යාධීන් තරමක් වැඩිවන්නට උනා පමණක් නොව අධ්‍යාපනය ක්‍රීඩාව ආදිය හරහා විශේෂයෙන් පුරුෂ අනුකරණයන් කළ කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට ප්‍රසිද්ධියේ එසේ කිරීමටත් ඔවුන්ගේ විකුර්ති හැස්‍රීම් සාධාරණීකරණය කිරීමටත් ඉඩකඩ ලැබුණි. ලිංගිකත්වය මත අප සමාජයේ තිබූ ප්‍රභල මානසික අනුවර්තන දියාරු කරදැමීම මෙලෙස දිගින් දිගට සිදුවිය. බටහිර අනුකාරක තකතීරු උගතුන්ද ලිංගික මනෝවිකාර සියල්ල නූතනත්වයේ හා දියුණුවේ ලක්ෂණ ලෙස හුවා දක්වමින් ස්ත්‍රී පුරුෂ වශයෙන් මනා හැඩගැස්මක් තිබූ මෙන්ම සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් අවශ්‍ය යැයි සැලකූ පිරිස සම්ප්‍රදායික අදහස් ඇත්තවුන් ලෙස හඳුන්වමින් ඔවුන් සමාජයේ හෑල්ලුවට ලක්කිරීමට කටයුතු කළෝය.
                    මේවනවිටද විලාසිතා යැයි කියමින් කාන්තාවන්ට හා ගෑනු ළමුන්ට කලිසම් ඇන්දවෙන්නේත් පිරිමි ඇඳුම් වලට සමාන කාන්තා ඇඳුම් නිර්මාණය වන්නේත් අහම්බයකින් නොවේ. පාසල් වල පවා ගෑනු ළමුන්ට ගවුම යටින් පිරිමි ළමුන් අඳින කොට කලිසම් වලට සමාන ඕනෑම විකාරරූපී ඇඳුමක් ඇඳීමට අනුබල ලැබෙන්නේත් ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් කෙරෙහි අසංවේදී මෙන්ම විරුද්ධ ලිංගික ආකර්ෂනය මොටවුන අනාගත පරපුරක්  හදාගැනීමේ විකුර්ති කාම බලවේග වල යටි අරමුනු සාර්ථක කරමින් මිස ස්ත්‍රී පුරුෂ ලිංගික ආකර්ෂණයට බැට දෙමින් බොරු ගුණයහපත්කමක් පෙන්වා මෝඩ ආශ්වාදයක් ලබන පාසල් බලධාරීන් ඇතුලු ගොන් සුචරිතවාදීන්ට අනුව සංවරබව වැඩිවී පාසල්වල  අධි සදාචාරාත්මකබවක් ඇතිවීමෙන් නොවේ. අධ්‍යාපනය හා ක්‍රීඩාව හරහා පාසල් වල ගෑනුළමුන්ට පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදිය කරමින් පිරිමි ලිංගිකත්වය කෙලින්ම අනුකරනය කිරීමට ඉඩසැලසෙන්නේත් මේ විකුර්ති කාම බලවේගවල කුමන්ත්‍රණ සාර්ථක කරමින් මිස අධ්‍යාපන හා ක්‍රීඩා බල්ධාරීන්ගේ මොළ වලට අනුව ළමුන්ගේ කුෂලතා වර්ධනය වීම්කින් නොවේ. කලකට පෙර පිරිමින්ට පමණක් සීමා වූ විවිධ ක්‍රියාකාරකම් බොහොමයකට කාන්තාවන්ද ඇතුලත්කරමින් මෝඩ දේශපාලුවන් ඇතුලු කුහක සුචරිතවාදීන් ලබාගන්නා උමතු ආශ්වාදය කෙලවර වන්නේද විකුර්ති කාමුකත්වයට සමාජයේ ඉඩකඩ විවුර්ත කරමිනි. මෙවැනි කාර්‍ය වලදී ඊට මුල්වන දේශපාලන තකතීරුවන්ට හා කුහක සුචරිතවාදීන්ට සමලිංගිකත්වය පිළිගත් කාන්තා විමුක්තිවාදය මුල්බැසගෙන ඇති බටහිර රටවලින් වැඩි ළකුණු ලැබෙන බවද නොරහසකි. මේ ක්‍රියාවේ මනෝවිදාත්මක පදනම වන්නේ ඉදිරියට ඉපදෙන පරම්පරාවේ පිරිමි ළමුන්ට පිරිමි ලිංගිකත්වය මත තම ජීවිත හැඩගසාගැනීමට අවශ්‍ය ආදර්ශය සපයන ප්‍රභල පිරිමි චරිත බාල්දු කිරීම හා එම චරිත වල පෞරුෂත්වයට සුවිශේෂී බව නැතිකිරීම වෙයි. මේවනවිට පටන්ගෙන ඇති අනෙක් විකාරය වන්නේ ගෑනු කටහඬින් සින්දු කියන පිරිමි ගායකයන් හා ජනප්‍රිය ගායිකාවන් විසින් ගැයූ ගීත ගායනා කරන ගායකයින් පිරිසක් බෝකර තිබීමයි. මොවුන්ගේ විකාර පෞද්ගලික ගුවන්විදුලි නාලිකා මගින් ජනමනසට බලෙන් පැටවීමටද කටයුතු යෙදේ.එයින්ද සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන බාල්දු කිරීමයි. මෙකී කරුණු තේරුම්ගැනීමටද බටහිර උදෙවු මතවාදී හා සංස්කෘතික අක්‍රමණය හා එහි විවිධ ස්වරූපයන් ගැන දැනුමක් හා තේරුමක් තිබියයුතුය. එය තේරුම්ගැනීමේ හැකියාව හා ඊට සංවේදීබව නැතිකර දැමීමද මේ බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේම එක් අංගයකි.
                          මෙරට සමලිංගිකත්වය වැඩිදියුණු කිරීම මෙහෙයවන්නන්ට හා එහි අනුගාමිකයන්ට බටහිර මානව හිමිකම් හා කාන්තා අයිතීන්ද නොඅඩුවම ලැබෙනු ඇත. මේ පිරිස හැමවිට සොයා බලන්නේ තම කූඨ වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැගීම සඳහා ප්‍රයෝජනයට ගතහැකි සමාජ දුර්වලතාවාන් මොනවාද යන්නයි. බටහිර අධ්‍යාපනය හරහා බටහිර මතවාද වලින්ම මොළ හෝදාගත් පුහු උගතුන් ඇතුලු අනුකාරකයින් ඉතිහාසය පුරා කර තිබෙන්නේ බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ අවශ්‍යතා මෙරටදී ඉටුකරදීමයි. මේ අනුව බලන කළ තව ඉදිරියේදී පොරවෙන් කැපියයුතු මට්ටමට වැඩෙන්නේ මීට කළකට ඉහතදී නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නයයි. මේ කුණුහරපයන්ට අප මතක්කරදෙන්නේ මේ ටිකයි, එනම් අප බටහිර ගොන් ප්‍රජාතන්ත්‍රවාදීන් තරමට ඕනෑම ජරා යකෙකුගේ හිමිකම් හා අයිතීන් ගැන කරදර වන මන්දබුද්ධිකයන් නොවන බවයි. ඔවුන්ගේ මෙට අනුගාමිකයන්ටද කිවයුත්තක් තිබේ. එනම් ඔවුන්ගේ කූඨ වැඩපිළිවෙලවල් ඉදිරියේ හොඳ මිනිසුන්ගේ චරිත රඟපෑමට කිසිවෙක් ඉදිරිපත් නොවනු ඇත යන කාරනය වේ. එලෙසම නියපොත්තෙන් කැඩීමට තිබූ දේ පොරවෙන් කැපීමට බැරිනම් බන්ඩි කියතකින් ඉරා බිම දැමීමට වුවද පසුබට නොවන බව අප ඔවුන්ට මතක්කර දෙමු.

No comments:

Post a Comment