Saturday, August 10, 2013

පොඩි පහේ රසකතාවක්

මේ පුංචි කතන්දරය ඉදිරිපත් කරන්න හිතුවේ තමන්ට වාසි තැන පමණක් අල්ලන්න තරම් සූක්ෂම වන කාන්තාවිමුක්ති න්‍යාය ගැන යමක් තේරුම්ගැනීමට සැලැස්වීම සඳහාය.

ඔන්න දවසක්දා කාන්තාවිමුක්තිය වෙනුවෙන් වැඩකරන එක්තරා කාන්තා සංවිධානයක් පිරිමින්ට හොඳට රිද්දන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න රැස්වීමක් කැඳෙවුවලු. මේ රැස්වීමේදි ඉදිරිපත්වුන යෝජනා වනුව අවසානයට තීන්දු උනේ කාන්තාවන්ට දරු ප්‍රසූතියේදි ඇතිවන ප්‍රසූති වේදනාව පුරුෂපාර්ෂවයට අත්විඳීමට සැලැස්වියයුතුය කියායි. මේ ලෝකේ මනුස්සයන්ව මැවුවේ මහා බ්‍රහ්මයාලු. ඔන්න ඉතින් අර කාන්තා සංවිධානේ සාමාජිකාවෝ ටික මේ කාරනේ කියල කාන්තාවන්ට වෙන අසාධාරනය පෙන්වලා පෙත්සමකුත් ලියාගෙන ගියාලු මහා බ්‍රහ්මයා ගාවට. ගිහිල්ල මහා බ්‍රහ්මයාට පෙත්සම ඉදිරිපත් කළාලු.
                              

    ඉතින් මහා බ්‍රහ්මයාත් මේක බලල කල්පනා කරාලු මනුස්සයන්ව මවල තියෙන විදිහට මේ ප්‍රසූති වේදනාව නැතිකරන්නත් බැරි එකේ, මේ කාන්තාවෝ කියන කතාවත් ඇත්ත නිසා පෙත්සම සාධාරණයි කියලා. එහෙම හිතල ඔන්න මහා බ්‍රහ්මයාත් මේක අනුමත කරල පෙත්සම අත්සන් කරාලු. ඔන්න ඉතින් දැන් ගෑනියෙකුට දරුවෙක් ලැබෙනකොට ප්‍රසූති වේදනාව දැනියයුතු උනේ පිරිමියාටයි. මේ වෙනකොට ඔය පෙත්සමෙන් පස්සේ මුලින්ම දරුවෙක් ලැබෙන්න හිටියේ අර කාන්තා සංවිධානය මෙහෙයවපු නායිකාවටලු. දැන් ඉතින් ඒ ගෑනු කෙනා බය නැතුව දරු ප්‍රසූතියට සූදානම් වෙලා දරුවා ලැබෙන මොහොත එළඹුනා. අර පෙත්සම අත්සන් කරාට පස්සේ ඉතින් මේ ගෑනු කෙනාගේ මනුස්සයට ප්‍රසූති වේදනාව දැනෙන්නත් එපායෑ. ඒත් පුදුමේ කියන්නේ ඒ මිනිහත් කිසිම ගානක්නැතුව වෙනදටත් වැඩිය විනෝදෙන් ඉන්නවලු.
                        ඒත් එක්කම බොලේ තවත් වැඩක් වෙලා තියෙනවා, ඒ තමයි අර දරුව ලැබෙන්න හිටපු කාන්තාවගේ ගෙදරට කිරි ගේන කිරි කාරයාට ප්‍රසූති වේදනාව හැදිලා බිම පෙරලි පෙරලී කෑගහන්න තියාගත්ත එක. ඔන්න බොලේ මේක ආරංචි උන අර දරුවා ලැබුන කාන්තා විමුක්ති නායිකාව වහාම සංවිධානයේ අනෙක් ගෑනු කාණ්ඩයත් කැඳවලා නැවත මහා බ්‍රහ්මයා ලඟට ගිහින් කිවුවලු අර තිබුණ විදිහ හොඳයි කියලා. එහෙම කියලා මුලින් ගහපු පෙත්සමත් මහා බ්‍රහ්මයාට කියලා අවලංගු කරගෙන අපහු ආවලු. ඔන්න ඕකයි කතාව.
                       අන්තිමටම මතක්කර දෙන්න කාරනේකුත් තියෙනවා. එතමයි පිරිමින්ට පාඩම් උගන්නන්න, රිද්දන්න හිතාගෙන කාන්තාවිමුක්තිවාදිනියන් කරන දේවල් බූමරංගයක් වෙලා ආපිට කැරකිලා තමන්ටම වදිනවා කියන එක. කාන්තා විමුක්තිය කියල ඔය විමුක්තිවාදිනියන් කරන ඔලමොට්ටල වැඩවල අවසාන ප්‍රතිඵලේ පිරිමින්ට පාඩම් ඉගැන්වීම කෙසේ වෙතත් මුලු මිනිස් සංහතියේම ආයුකාලය කෙටිවීමෙන් නවතින්නයි වැඩි ඉඩක් තියෙන්නේ.

3 comments:

  1. මේ කතාව උපරිම හොඳයි අති විශිෂ්ටයි.මම ඔබේ ෆේස්බුක් පේජ් එකටත් ගියා ඒකෙ නිර්මාන සුපිරියි

    ReplyDelete
  2. මෝඩ ගේනුන්ට මෙහෙම දේවල් ඇත්තටම කරන්න උවමනාවක් නැත්තේම නෑ.

    ReplyDelete
  3. මෝඩ ගේනුන්ට මෙහෙම දේවල් ඇත්තටම කරන්න උවමනාවක් නැත්තේම නෑ...

    ReplyDelete