Saturday, August 17, 2013

කාන්තා අයිතියේ දෙබිඩිකම හා හෙලුවැල්ල යලි ප්‍රදර්ශනය කළ අයිතීන් උදෙසා කාන්තාවෝ.


අයිතීන් උදෙසා කාන්තාවෝ නම් එන්.ජී.ඕ කාන්තා නඩය පසුගිය වතාවක මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව ඇඳීමට අයිතියක් තිබියයුතු බවට කෑමොර දුන්නේ ඒ බුර්කා උමතුවෙන් කොපමණ පිරිසක් පීඩා විඳින්නේද කියන කාරනයද හිතාමතා අමතක කරමිනි. මෑතක ගල්ගමුව ප්‍රදේශයේ මුස්ලිම් තරුණියක් සිංහල තරුණයෙක් සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන එම තරුණිය මුස්ලිමුන් විසින් පල්ලියට කැඳවා පහර දී කොණ්ඩයද කපා දමා වද දීමේ පුවතක් වාර්තා විය. කාන්තා හින්සනය ගැන නන්දොඩවන  අයිතීන් උදෙසා කාන්තාවෝ ඇතුලු අනෙකුත් එන්.ජී.ඕ බත් බැලයන් එකෙක් කට ඇරියේ නැත. ඒ ඔවුන් කිසිවෙක් සිද්ධිය නොදැන සිටි නිසා නොව ඒ ගැන කතා කිරීමට යෑම ඔවුන්ගේ අනෙකුත් අවස්ථාවාදී යටි අරමුණු සමග නොගැලපෙන බැවිනි.

No comments:

Post a Comment