Friday, August 30, 2013

නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරවෙන් කපන්නට සිදුවීම.


සිද්ධියට අදාල ලංකා සී නිවුස් ලිපිය
 //
අනුරාධපුර වැනි පූජා භූමියක්   තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන  ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය.
අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක පසුගිය 12 වැනිදා මේ සම්බන්ධයෙන්  නේවාසික පුහුණු වැඩමුළුවක්  පැවැත්වීමට කටයුතු කිරීම  පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ  පූජනීය ස්ථානයක  ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක්   බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ    සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.
විජාතීය බලවේගයන් අපේ රටේ  තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික  නොවන  තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.
අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ  වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා  ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ  විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්,  තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලියේ   ඇති භයානක    තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී – පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක  සුවකළ  නොහැකි  ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය. සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ  ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා  සමලිංගිකයෙකු බවත්ය.
1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඩ් ආසාදිතයෙක්  හමුවූ බවත් ඔහු ද විදේශීය රටක සමලිංගික   ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. ඊට අමතරව 1983 අගභාගයේ  හෝ 1984  මුල් භාගයේදී දේශීය   ඩ් ආසාදිතයෙකු හමුවූ  අතර ඔහුද සමලිංගික  ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා   පෙන්වා දුන්නේය. ඊට අමතරව සමලිංගික   ඇසුර තුළින්   නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස්   ඕ, උපදංශය වැනි  භයානක  රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික  සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත්   සඳහන් කළේය.
අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන  සඳහා විවිධ  වයස් කාණ්ඩවල 20 දෙනෙකු   පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ  අතර ඔවුන්ට අවශ්‍ය  සියලු පහසුකම්   සපයාදී තිබූ බවද අනාවරණය  විය.//


 අප මින් ඉහත ලිපියෙන්ද පෙන්වාදුන්නේ රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්මලිංගික මධ්‍යස්ථානයක අනුග්‍රහයෙන් සිදුකරන්නට ගොස් නීතියේ රැහැනට හසුවූ සමලිංගික විවාහයක් ගැනයි.මේ සිද්ධිය සිදුවීමට කලින් අනුරාධපුරය ප්‍රදේශයේ හෝටලයක රහසිගතව සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ හා සමලිංගික අයිතිය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ. ඒ මේ මස 12 වනදාය. ලංකාව යනු සමලිංගිකත්වය කිසි ලෙසකින්වත් පිළිගන්නා රටක් නොවේ. එය මෙරට නීතියෙන්ද තහනම්ය. තත්වය එසේ වෙද්දී මෙරට තුල සමලිංගික සංවිධාන බිහිවී අනුරාධපුරය වැනි රටේ ඉතිහාසගත පූජනීය නගරයක හෝටලයක් තුල සමලිංගික වැඩසටහනක් කරන්න තරම් මේ සමලිංගික කල්ලි බලවත් වූයේ කෙසේද? ඔවුන්ගේ අනුගාමිකාන් වන සමලිංගික ප්‍රජාවක් රටේ බිහිවී තිබෙන්නේ කෙසේද? වඩා ගැටලුසහගත දේනම් සියල්ල මෙසේ සිදුවෙද්දී එයට යහතින් ඉදිරියට යෑමට ඉඩකඩ ලැබුනේ කෙසේද යන්නයි.
                     සමලිංගිකත්වයට පක්ෂපාතී පිරිස්වල හා සමලිංගික කල්ලි වල ප්‍රධාන තර්කය වන්නේ මෙරට සමාජයේ අතීතයේ පටන් සමලිංගිකත්වය ඇතිර පැතිර තිබූ සාමාන්‍ය දෙයක් යන්න හා එය තහනමට ලක්කර තිබෙන්නේ රෝමලන්දේසි නීතියෙන්ය යන්නයි. මේ සමලිංගික කල්ලි හා ඊට පක්ෂපාතී සෙස්සන් එය පිළිගැනීමට ලක්කිරීම සඳහා ගෙනෙන එක් ප්‍රධාන තර්කයක් වන්නේ කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමටත් සියලු මිනිස් ක්‍රියාකාරකම් වලදී සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් හා ලිංගිකත්වයට සුවිශේෂී අනුවර්තන ඉක්මවා කටයුතු කිරීමටත් ඇති බාදාව සමාජයේ තිබෙන ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් යන්නත්, එය කාන්තාවන්ගේ නිදහසට බාදාවක් බැවින් ඒ සියල්ල ඉවත්කර කාන්තාවන්ට විමුක්තිය ලබාදීම සඳහා සමලිංගිකත්වය පිළිගෙන හෝ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන  ඉවත්කර කාන්තාවන්ටද පිරිමින් කරන සියලු දේ කිරීමට ඉඩසලසා දියයුතු බවයි. සමලිංගිකත්වයට පක්ෂපාතීව සැමවිට කාන්තා විමුති සංවිධාන ක්‍රියා කරන්නේද ඒ කාරනයට අනුවය වේ. මේ කරුණු කාරනා කෙසේ වෙතත් සමලිංගිකත්වයට පක්ෂපාතීවීම හා කාන්තා විමුක්තිය අපේ රටට අදාල අපේ මතවාද නොවේ. මේ සියල්ල බටහිර යුදෙවු චින්තනය හරහා පැනනගින විජාතික මතවාද වන අතර යටත්විජිතවාදයෙන් පසුවද මෙරට තීරක බ්ලවේගය බවට පත්ව සිටින බටහිර අනුකරනවාදීන්ට අනුව ඒ බටහිර යුදෙවු මතවාද හා නූතනත්වය ලෝකයට පොදුය. ඔවුන්ගෙන් වැඩිදෙනාට අනුව මෙරට තුලද බටහිර කාන්තා විමුක්තිය  හා සමලිංගිකත්වය පිළිගතයුතුය. අද වනවිට සමලිංගික සංවිධාන බිහිවී ඔවුන් සමලිංගික ප්‍රජාවක් සුලුවෙන් හෝ සදාගනිමින් සමලිංගික වැඩසටහන් කරන තැනට එනතෙක් බලවත් වී තිබෙන්නේ අර බටහිර අනුකරනවාදී පැලැන්තිය මෙරට බලවත්වී රටේ අනාගතය පවා තීරනය කරන බලවේගය බවට  පත්ව ඇති හෙයිනි. 
                       මේ කුහක අවස්ථාවාදීන්ගේ තර්ක ඔවුන්ගේම මනස්ගාත පමණි. ලොව කවර මිනිස් ජන සමාජයක වුවද සමලිංගිකත්වය යන්න මනෝ විකුර්තිතාවයක් ලෙස එලිබහින්නේ සමාජමය දුර්වලකම් ගනනාවක එකතුවක් ලෙසයි. සමලිංගිකත්වය ඔඩුයෑමට තරම් මහා පරිමාණ දුර්වලතා මෙරට ජනසමාජයේ තිබී නැත. ලංකාවේ තිබෙන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සමාජ පරිසරයකි. විශේෂයෙන් බෞද්ධ සමාජ පසුබිමක් තුල බෞද්ධයන්ට ඇත්තේ කවරක් සම්බන්ධයෙන් වුවද සමබර දැක්මක් වෙයි. ලිංගිකත්වය ගැනද බෞද්ධයන්ට තිබෙන්නේ ඉතා පැහැදිලි මෙන්ම විවුර්ත අදහසක්ය. බෞද්ධයන්ට අනුව ලිංගික අවශ්‍යතා ජීවිතයෙන් අත්හැරිය නොහැකිනම් මනුස්සයන් ලෙස ක්‍රමවත් හැඩගැස්මක් ඇතිව ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ සාධාරන ලිංගික ජීවන රටාවක් ගෙනයායුතුය. බුදු දහමට අනුව සසර බැඳීම් ඇතිකරන කවර දෙයක් වුවද ජීවිතයෙන් අත්හලයුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැන අවබෝධයෙන් මිස ඒ කිසිවක ස්වභාවය කෙරෙහි ද්වේශසහගත බවකින් නොවේ. අද අපට තිබෙන තවත් ගැටලුවක් වන්නේ බටහිර නූතනත්වය හා කාන්තා විමුක්තිය ඇතුලු යුදෙවු මතතවාද බටහිර අනුකාරක ඊනියා උගතුන් විසින් බුදු දහමට සාවද්‍ය ලෙස ගලපා තිබීමය. බෞද්ධයන්ට කිසිවක පවතින ස්වභාවය මිනිස් අවශ්‍යතා මත වෙනස් කර විකුර්ති කිරීමේ අවශ්‍යතාවයක් නැත. ලිංගිකත්වය සමබන්ධයෙන්ද බෞද්ධයන්ට තිබෙන දැක්ම එයයි. බෞද්ධයන්ට ලිංගිකත්වයේ නියම ස්වරූපය විකුර්ති කිරීමට අවශ්‍යතාවයක් නැත. බෞද්ධයන් අනුමත කරන්නේ මිනිස් ලිංගික ස්වභාවාන්ට ගැලපෙන සමාජීය අනුවර්තනයන් මිස කුහකත්වය මත එය නොපිට පෙරලීමේ න්‍යාය නොවේ.

                       බෞද්ධ සමාජය තුල ස්ත්‍රී පුරුෂ භාවය මත එකිනෙකාට සුවිශේෂි ලිංගික ස්වභාවයන් හා ඊට අනුකූල සමා ජ හැඩගැසීම් හරි හැටි පිළිගන්නා අතර මාතෲත්වයට හා පීතෲත්වයට ඉතා ඉහල වටිනාකමක් ඇත. එලෙසම සිංහල බෞද්ධ සමාජයේ මවුපියන් සියලු දෙනා තම දරුවන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත හැඩගැස්වීමද ඉතා වගකීමක් ඇතිව කර තිබේ.පිරිමි ළමුන් පියාට අනුවත් ගැහැනු ළමුන් මවට අනුවත් හැඩගැස්වීම අපේ බෞද්ධ සමාජයේ පිළිගත් සාමාන්‍ය ක්‍රමයයි. එය මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක පදනමද ඇතුලු සියලු ස්වභාවයන් සමග හොඳින්ම අනුගත වෙයි. මේ කාර්‍ය වගකීමක් ඇතිව මවුපියන් විසින් හරිහැටි ඉටු කරන්නේනම් කෙනෙකු මානසික විකුර්ති සමලිංගිකයෙක් වීමට ඇති ඉඩකඩ පවුල් පසුබිම තුලින්ම ඉවත්කරහැක. පසුගිය ආත්ම වල කර්ම ඵ්ල විපාක ලෙස මානසික ව්‍යාකූලත්වයන් ඇතුව කෙනෙක් ඉපදුනද මවුපියන්ට උවමනාවක් ඇත්නම් ඒ දුර්වලකම් මගහරවාගැනීමට බැරිකමක් නැත. ලිංගිකත්වය මත වුවද උපන් ආබාධ සහිත කෙනෙකුට අප අනුකම්පා කළයුතු බව ඇත්තකි. නමුත් එය අවියක් කරගෙන කුහක ගතිපැවතුම් ඇති කාලකන්ණින්ට ලිංගිකත්වයේ ස්වභාවය විකුර්ති කිරීමට ඉඩක්ද නොදියයුතුය. 
              මේ වනවිට අනුරාධපුරය ප්‍රදේශයේ හෝටලයක සමලිංගික වැඩසටහනක් කිරීම යනු විකුර්ති කාමවාදීන් මෙරට දියත්කළ සැලසුම් වල පළමු පියවර නොවේ. මොවුන් මේ තැනට එන්නට පෙර මුලින් කළේ බටහිර විකුර්ති කාන්තා විමුක්තිය කැටයම් දමා අප සමාජයට කාවැද්දීමයි. මෙරට බටහිර අනුකාරක උගත් තකතීරුවන්ද බුදු දහමට කාන්තා විමුක්තිය ගැටගසා ඊට අවශ්‍ය සහා දුන්නෝය. ඉන් පසුව දිගින් දිගට ලිංග භේදයක් එපා කියමින් මෙරට ජන සමාජයට ආවේනික ස්ත්‍රී පුරුෂ සමාජීය හැඩගැසීම් නැතිකර දියාරු කර දැමීමට ඔවුහු වගබලාගත්හ. මෙරට ජන සමාජය තුල ලිංගික මනෝවිකාර් ටිකෙන් ටික හිස ඔසවන්නට පටන්ගත්තේ එතැන්සිටය. ඊට පෙර මනසික වශයෙන් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ අනුකරන කළ පිරිසක් නොසිටියේයැයි අප නොකියමු. එහෙත් එකල එවැනි ක්‍රියාකාරකම් වලට සමාජයෙන් පිළිගැනීමක් නොතිබුණා පමණක් නොව එවැනි සිදුවීම්ද ඉතා අල්ප විය. බටහිර කාන්තා විමුක්තිවාදය සමග මේ ලිංගික මනෝව්‍යාධීන් තරමක් වැඩිවන්නට උනා පමණක් නොව අධ්‍යාපනය ක්‍රීඩාව ආදිය හරහා විශේෂයෙන් පුරුෂ අනුකරණයන් කළ කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට ප්‍රසිද්ධියේ එසේ කිරීමටත් ඔවුන්ගේ විකුර්ති හැස්‍රීම් සාධාරණීකරණය කිරීමටත් ඉඩකඩ ලැබුණි. ලිංගිකත්වය මත අප සමාජයේ තිබූ ප්‍රභල මානසික අනුවර්තන දියාරු කරදැමීම මෙලෙස දිගින් දිගට සිදුවිය. බටහිර අනුකාරක තකතීරු උගතුන්ද ලිංගික මනෝවිකාර සියල්ල නූතනත්වයේ හා දියුණුවේ ලක්ෂණ ලෙස හුවා දක්වමින් ස්ත්‍රී පුරුෂ වශයෙන් මනා හැඩගැස්මක් තිබූ මෙන්ම සමාජයේ ස්ත්‍රී පුරුෂ බෙදීම් අවශ්‍ය යැයි සැලකූ පිරිස සම්ප්‍රදායික අදහස් ඇත්තවුන් ලෙස හඳුන්වමින් ඔවුන් සමාජයේ හෑල්ලුවට ලක්කිරීමට කටයුතු කළෝය.
                    මේවනවිටද විලාසිතා යැයි කියමින් කාන්තාවන්ට හා ගෑනු ළමුන්ට කලිසම් ඇන්දවෙන්නේත් පිරිමි ඇඳුම් වලට සමාන කාන්තා ඇඳුම් නිර්මාණය වන්නේත් අහම්බයකින් නොවේ. පාසල් වල පවා ගෑනු ළමුන්ට ගවුම යටින් පිරිමි ළමුන් අඳින කොට කලිසම් වලට සමාන ඕනෑම විකාරරූපී ඇඳුමක් ඇඳීමට අනුබල ලැබෙන්නේත් ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් කෙරෙහි අසංවේදී මෙන්ම විරුද්ධ ලිංගික ආකර්ෂනය මොටවුන අනාගත පරපුරක්  හදාගැනීමේ විකුර්ති කාම බලවේග වල යටි අරමුනු සාර්ථක කරමින් මිස ස්ත්‍රී පුරුෂ ලිංගික ආකර්ෂණයට බැට දෙමින් බොරු ගුණයහපත්කමක් පෙන්වා මෝඩ ආශ්වාදයක් ලබන පාසල් බලධාරීන් ඇතුලු ගොන් සුචරිතවාදීන්ට අනුව සංවරබව වැඩිවී පාසල්වල  අධි සදාචාරාත්මකබවක් ඇතිවීමෙන් නොවේ. අධ්‍යාපනය හා ක්‍රීඩාව හරහා පාසල් වල ගෑනුළමුන්ට පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදිය කරමින් පිරිමි ලිංගිකත්වය කෙලින්ම අනුකරනය කිරීමට ඉඩසැලසෙන්නේත් මේ විකුර්ති කාම බලවේගවල කුමන්ත්‍රණ සාර්ථක කරමින් මිස අධ්‍යාපන හා ක්‍රීඩා බල්ධාරීන්ගේ මොළ වලට අනුව ළමුන්ගේ කුෂලතා වර්ධනය වීම්කින් නොවේ. කලකට පෙර පිරිමින්ට පමණක් සීමා වූ විවිධ ක්‍රියාකාරකම් බොහොමයකට කාන්තාවන්ද ඇතුලත්කරමින් මෝඩ දේශපාලුවන් ඇතුලු කුහක සුචරිතවාදීන් ලබාගන්නා උමතු ආශ්වාදය කෙලවර වන්නේද විකුර්ති කාමුකත්වයට සමාජයේ ඉඩකඩ විවුර්ත කරමිනි. මෙවැනි කාර්‍ය වලදී ඊට මුල්වන දේශපාලන තකතීරුවන්ට හා කුහක සුචරිතවාදීන්ට සමලිංගිකත්වය පිළිගත් කාන්තා විමුක්තිවාදය මුල්බැසගෙන ඇති බටහිර රටවලින් වැඩි ළකුණු ලැබෙන බවද නොරහසකි. මේ ක්‍රියාවේ මනෝවිදාත්මක පදනම වන්නේ ඉදිරියට ඉපදෙන පරම්පරාවේ පිරිමි ළමුන්ට පිරිමි ලිංගිකත්වය මත තම ජීවිත හැඩගසාගැනීමට අවශ්‍ය ආදර්ශය සපයන ප්‍රභල පිරිමි චරිත බාල්දු කිරීම හා එම චරිත වල පෞරුෂත්වයට සුවිශේෂී බව නැතිකිරීම වෙයි. මේවනවිට පටන්ගෙන ඇති අනෙක් විකාරය වන්නේ ගෑනු කටහඬින් සින්දු කියන පිරිමි ගායකයන් හා ජනප්‍රිය ගායිකාවන් විසින් ගැයූ ගීත ගායනා කරන ගායකයින් පිරිසක් බෝකර තිබීමයි. මොවුන්ගේ විකාර පෞද්ගලික ගුවන්විදුලි නාලිකා මගින් ජනමනසට බලෙන් පැටවීමටද කටයුතු යෙදේ.එයින්ද සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන බාල්දු කිරීමයි. මෙකී කරුණු තේරුම්ගැනීමටද බටහිර උදෙවු මතවාදී හා සංස්කෘතික අක්‍රමණය හා එහි විවිධ ස්වරූපයන් ගැන දැනුමක් හා තේරුමක් තිබියයුතුය. එය තේරුම්ගැනීමේ හැකියාව හා ඊට සංවේදීබව නැතිකර දැමීමද මේ බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයේම එක් අංගයකි.
                          මෙරට සමලිංගිකත්වය වැඩිදියුණු කිරීම මෙහෙයවන්නන්ට හා එහි අනුගාමිකයන්ට බටහිර මානව හිමිකම් හා කාන්තා අයිතීන්ද නොඅඩුවම ලැබෙනු ඇත. මේ පිරිස හැමවිට සොයා බලන්නේ තම කූඨ වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැගීම සඳහා ප්‍රයෝජනයට ගතහැකි සමාජ දුර්වලතාවාන් මොනවාද යන්නයි. බටහිර අධ්‍යාපනය හරහා බටහිර මතවාද වලින්ම මොළ හෝදාගත් පුහු උගතුන් ඇතුලු අනුකාරකයින් ඉතිහාසය පුරා කර තිබෙන්නේ බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ අවශ්‍යතා මෙරටදී ඉටුකරදීමයි. මේ අනුව බලන කළ තව ඉදිරියේදී පොරවෙන් කැපියයුතු මට්ටමට වැඩෙන්නේ මීට කළකට ඉහතදී නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නයයි. මේ කුණුහරපයන්ට අප මතක්කරදෙන්නේ මේ ටිකයි, එනම් අප බටහිර ගොන් ප්‍රජාතන්ත්‍රවාදීන් තරමට ඕනෑම ජරා යකෙකුගේ හිමිකම් හා අයිතීන් ගැන කරදර වන මන්දබුද්ධිකයන් නොවන බවයි. ඔවුන්ගේ මෙට අනුගාමිකයන්ටද කිවයුත්තක් තිබේ. එනම් ඔවුන්ගේ කූඨ වැඩපිළිවෙලවල් ඉදිරියේ හොඳ මිනිසුන්ගේ චරිත රඟපෑමට කිසිවෙක් ඉදිරිපත් නොවනු ඇත යන කාරනය වේ. එලෙසම නියපොත්තෙන් කැඩීමට තිබූ දේ පොරවෙන් කැපීමට බැරිනම් බන්ඩි කියතකින් ඉරා බිම දැමීමට වුවද පසුබට නොවන බව අප ඔවුන්ට මතක්කර දෙමු.

Saturday, August 24, 2013

මේ ලංකාවද නැත්නම් පොන්නයන්ට ගිය කොලනියක්ද?


පහත දැක්වෙන්නේ  ලක්බිමේ පලවූ මේ සිදුවීම සම්බන්ධ පුවතයි
 \\ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි.

මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.

මානලියගේ පාර්ශවයෙන් විවාහවූ තරුණියගේ මව , ලොකු අම්මා ඇතුළු පිරිසක් සහභාගී ව සිට ඇතිඅතර මනාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ යහළුවන් පිරිසක් සහභාගී වී ඇත. මෙම විවාහයේදී මනාලියගේ ලොකු අම්මා ලෙසින් හදුන්වා ගත් තැනැත්තා විසින් සාක්ෂි කරුවන් මධ්‍යයේ විවාහය ලියාපදිංචි කොට ඇත.

ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.

මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන ධම්මිකාරාම විහාරය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයට නිතරම පාසල් සිසුන් හා කනේ කරාඹු දාගත් තරුණයින් යන එන බවටත් ඊට පෙර පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර සමලිංගිකයින්ට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගන ගොස් තිබූ මෙම ස්ථානයේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ප‍්‍රදර්ශනය කිරීම සඳහා වෙනම කාමරයක් හා අසභ්‍ය සඟරා සහිත පුස්තකාලයක්ද පොලීසියට හමුවී තිබුණා.

ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.

එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇති අතර ඒවායින් කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.\\


ශ්‍රී ලංකාව යනු රටක්ද නැතිනම් මුලු ලෝකයේම කුණු කන්දල් පුරවාගනිමින් බටහිර මතවාද අනුව ගමන්කරන බොල් මනසක් ඇත්තවුන්ගේ කොලණියක්ද යන කාරනය ඇසියයුතු තරමට මෙරට විවිධාකාරයේ දුරාචාරයන් වර්ධනය වෙමින් පවතී. අප මාතෘකාවට අදාල සිද්ධිය වාර්තා වන්නේ මොරටුව ප්‍රදේශයෙනි. ඒ සමලිංගික විවාහයක් කිරීමට ගොස් එය සිදුකළ පිරිස හා සමලිංගික ජෝඩුව පොලිස් අත් අඩංගුවට පත්වීමයි. මේ සිද්ධිය හමුවේ ඇහැ කන පියාගෙන නොසිට වහා ක්‍රියාත්මක වී අදාල වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ පොලීසිය ඇතුලු සියලු පාර්ශවයන්ට පළමුව ස්තුතිය පුදකරමින් වැඩිදුර කරුණු කීමට කැමැත්තෙමි.
               මෙය විහිලුවකට ගතයුත්තක් හෝ සුලුවෙන් තැකියහැකි දෙයක් නොවේ. එමෙන්ම මේ සිද්ධිය හිටි අඩියේ සිදුවුන අහඹු සිදුවීමක්ද නොවේ. අද අප සමාජය තුල විවිධාකාරයෙන් එලිබහින සියලුම ආකාරයේ දුරාචාරයන් මීට කලකට පෙර අපේ සමාජයේම ඇතමුන් නොදැනුවත්කමට හෝ හිතාමතා කළ අමණකම් වල ප්‍රතිඵල වේ. ඒ ගැන තවත් කතා අවශ්‍ය නැත. පැහැදිලිවම එකලද සමාජයේ බලවත්ව සිටි බටහිර අනුකාරකායින් වූ ඇතැම් පිරිස් වලට අනාගතයේදී මෙවැනි විකුර්ති කාමුක ක්‍රියා වලට පිළිගැනීමක් දී වර්ධනය කිරීමට උවමනාවක් තිබී ඇත. අද ප්‍රතිඵල වෙමින් පවතින විකුර්ති කාමුකත්වයට මීට කලකට ඉහතදී මුලික පදනම වැටෙන්නේ ඒ කරුණ අනුවයි. සමලිංගික විවාහයන් සිදුවන තරමට තබා සමලිංගිකත්වය යන යෙදීම හඳුනන තරමටවත් විකුර්ති සමලිංගික හැසිරීම් මෙරට අතීත සමාජයේ නොතිබුණු බව ඉතා පැහැදිලිය. එසේනම් පසුගිය දිනක මොරටුව ප්‍රදේශයේ සිදුවී පොලීසියට හසු වූ පිරිමි සමලිංගික විවාහය ඒ ආකරයෙන් සිදුවන තැනට කටයුතු සිදුවුනේ කෙසේද? මේ එක් සිද්ධියකි. විවාහයක් තරමට දුරට නොගියත් මෙවැනිම කාන්තා සමලිංගික ඇසුරක් දුරදිගගොස් ද්විත්ව ඝාතනාකින් කෙළවර වුනු සිද්ධියක් වාර්තා උනේ පුල්මුඩේ ප්‍රදේශයෙනි. (http://prathiwadhiya.blogspot.com/2013/04/blog-post_27.html)  පිරිමි වෙස්ගත් කාන්තාවක් හමුදාවේ සේවය කරන්වාඇයි කියමින් තවත් කාන්තාවක් රවටා විවාහ කරගත් සිද්ධියක් ඊට කලකට පෙර වාර්තා විය. ඒ පිළිබඳ පුවත සම්බන්ධ කරුණු මේ වන විට අපසතුව නැත, ඇහ්නම් පසුව ඉදිරිපත් කළහැක.


                            මේ වටා තිබෙන අනෙක් කරුණු ගැනද අප කෙටියෙන් විමසා බැලීම මෙහිලා වැදගත් ය. එක් පැහැදිලි කරුණක් වන්නේ කාලාන්තරයක් තිස්සේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය හරහා විදෙස් සංචාරකයන් විසින් සිදුකරන සමලිංගික ළමා අපචාර අදවනතෙක්ද නැවතී නැති බවයි. අනෙකනම් මෙරට ජනප්‍රිය යැයි කියාගන්නා බොහොමයක් පිරිමි හා බාලිකා පාසල් වල ශිෂ්‍ය නේවාසිකාගාර සමලිංගිකත්වයේ පෙරහුරුව ලබන අපචාර ගුබ්බෑයම් බවයි. එමෙන්ම මෑතකදී විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කළ බටහිර කාන්තා විමුක්තිවාදය හා සමගාමීව රාජ්‍ය නොවන සමලිංගික සංවිධාන රට තුල ස්ථාපිතකළ ආකාරය ඒ පිළිබඳ තතුදත් කිසිවෙකුටත් අමතක විය නොහැක. මේවනවිට රටපුරා සමලිංගිකයන්ට කල්ලිගැසීමට බටහිර යුදෙවු නූතනත්වයේ ආක්‍රමණය සමග පෙරටත් වඩා ඉඩකඩ පුලුල් වී ඇත.
           අප විසින් විමසා බැලියයුත්තේ අපේ රට මේතරම අවාසනාවන්ත තත්වයකට ඇදවැටුනේ කෙසේද යන්නයි. සියල්ලට පෙර අප විමසා බැලියයුත්තේ සමලිංගිකත්වයට වැඩීමට කිසිදු ඉඩකඩක් නොතිබුණු මෙරට සමාජයේ ලිංගිකත්වය හා බැඳුනු සැබෑ වටිනාකම් මොනවාද යන්න වේ. මේ හා සම්බන්ධව බලන කළ අප සමාජයේ සමලිංගික විෂබීජයට වැඩීමට ඉඩ නොදෙන වටිනාම සාධකය වන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික වූ සමාජමය මානසික අනුවර්තනයි. මෙය අප රටේ පමණක් නොව බටහිර පවා යුදෙවු චින්තනය බලවත්වීමට පෙර ඉතා පැහැදිලි මෙන්ම ජනයා විසින් ඉතා වැදගත් ලෙසද සැලකූ දෙයක් විය. අද තිබෙන තත්වය දක්වා මෙරට සමාජය තුල සමලිංගික විකුර්ති කාම ව්‍යාධිය වර්ධනය වීමේදී ඊට ඉමහත් රුකුලක් වී තිබෙන්නේ සමාජය තුල තිබූ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට අදාල මනෝවිද්‍යාත්මක අනුවර්තනයන් ක්‍රමයෙන් ඉවත්වීමට සැලැස්වීමයි. එය ක්‍රියාවට නැගූ අමණ උගතුන් බුද්ධිමතුන්, හොර දේශපාලුවන් ඇතුලු සියලු දෙනා මුලින් කළේ ලිංග භේදයක් එපා යැයි කියමින් සමාජය මානසික නපුංසකකරණයකට ලක්කිරීමය. එයින්ද නොනැවතුනු මේ අමණ මරි මෝඩ රැල ඔවුන් අනුගමණයකළ බටහිර කාන්තා විමුක්තිය ඇතුලු යුදෙවු චින්තනයෙන් පැනනැගුනු ලිංගිකත්වය හා බැඳී ඇති විකුර්ති මතවාද බුදු දහමටද සාවද්‍ය ලෙස ගැලපුවෝය. එකළ බටහිර අධ්‍යාපනය හරහා තම ප්‍රතිරූප පුම්බාගත් ව්‍යාජ උගතුන් කීවේ බුදුන්වහන්සේ විසින් කාන්තා විමුක්තිය මුලින්ම ලබාදුන් බවයි. බුදු දහමට අනුව විමුක්තිය යනු නිවන මිස කාම විකුර්තිතාවයන් හා ලිංගිකත්වය මත පදනම් වන වෛරය නොවන බව ඔවුන් හිතාමතා අමතක කර තිබෙන්නේ කුහකකම නිසා මිස වෙනදෙයක් හේතුවෙන්  නොවේ. බටහිර යුදෙවු නූතනත්වයේ මානසික වහලුන් වුන මේ පුහු අනුකාරකයින්ට බටහිර කාන්තාවිමුක්තිය මෙරට තුල පැලපදියම් කර පෝෂණය කිරීමට තිබුනේ පුදුමාකාර උනන්දුවකි. මේ කුහක මැටිමෝලන් එසේ කිරීමෙන් තමන්ට සමාජයතුල අධි ගුණයහපත්කමක් ආරූඪ කරගතහැකියැයි සිතුවාට කිසිදු සැකයක්ද නැත. ඔවුන්ගේ මේ අමණ මරි මෝඩ හැසිරීම ඔවුන් විසින් හැඩබලමින් මෝඩ වින්දනයක් ලබාගන්නා ආභරණයක් බවට පත්කරගෙන තිබුණි. යම් දිනක බටහිරට අනුව යමින් සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමට කැසකවමින් සිටි විජාතික බලවේග උපරිම ප්‍රයෝජනයක් ගෙන තිබෙන්නේද ඒ අනුකාරකයින්ගේ අමණ හැසිරීමෙනි.
                              ක්‍රමයෙන් අවස්ථාවාදීව මේ කුහක සමාජ තත්වයන්ගෙන් ප්‍රයෝජන ගත් බටහිර විජාතික විකුර්ති කාම බලවේග ස්ත්‍රී පුරුෂ ස්වභාවික ලිංගික සබඳතා පසුබස්වමින් සමලිංගිකත්වය  වර්ධනය කිරීම දිගින් දිගට කරගෙන ගියෝය. මේ තත්වය යටතේ, කිසිදු සංසන්දනයක් නොමැතිව කාන්තාවන් අඳින වස්තරයෙන් ශරීරය වැහෙන ප්‍රමාණයට මුලු සංස්කෘතියම ගොනු කරමින්, කොටගවුමයි අඩිගනන් පැලූ සායයි පතුරුගැසූ සංස්කෘතික බක පණ්ඩිතයන්ද කර තිබෙන්නේ අවසානයේ අර විකුර්ති කාමවාදීන්ට ලිංග භේදය එපා කියමින් කාන්තාවන් මානසිකව පුරුෂකරණය කර විකුර්ති කාමුකත්වය වැඩිදියුණු කිරීමටම වන්නේ ඔවුන් මෙරට සිංහල කාන්තාවන්ට ගැලපෙන ඇඳුම කුමක්ද යන්න හා ගැලපෙන ක්‍රියාකාරකම් මොනවාදැයි නොකීම නිසය. මේ අනුව බලන කළ විජාතික විකුර්ති කාම බලවේග මෙරට ජනසමාජයේ පවතින කුහකකම් හා අනෙකුත් දුර්වලකම් කොපමණ දක්ෂ ලෙස කලමනාකරණය කරන්නේද යන්න පැහැදිලිය.මෙරට දේශපාලන ඉතිහාසය පුරාවට සිංහල චන්දදායකයා කර තිබෙන ගොන්කම් වල එක් උච්ච අවස්ථාවක් සනිටුහන් කරමින් චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපතිනිය බවට පත්වුනේ ඇය අනුගමණය කළ ලිබරල් පරතිපත්ති හා බටහිර කාන්තා විමුක්තිවාදය අර සමලිංගික විකුර්ති කාම බලවේගවලට රැකවරණය සපයන තත්වයක් උදාකරමිනි. චන්ද්‍රිකා ජනපති පුටුවේ වැජඹුන කාලය තුල කාන්තා විමුක්තිවාදීන් හා සමලිංගික කල්ලි ප්‍රසිද්ධියේ බඩපිනුම් ගසපු ආකාරය තතුදත් කිසිවෙකුට අමතක නොවේ. අදටත් උන් යකා නටන්නේ චන්ද්‍රිකා පාලනසමයේ ඔවුන් ලැබූ ශක්තියෙනි.
                   ලිපිය අවසානයේ මතක්කරදීමට ඉතිරිව ඇත්තේ එක්දෙයක් පමණි. එනම් අද දවසේ අප මෙවැනි ප්‍රශ්න වලින් බැටකන්නේ අතීතයේ කරපු වැරදි වල සාමූහික ප්‍රතිඵල ලෙස යන්නයි. එබැවින් මේවැරදි හදා නොගන්නා තෙක් අප ඒ තුලම කැලැත්තෙමින් බටහිර බොරු නූතනත්වයේ සිහිනද දකිමින් අපේ විනාෂය ලඟාකරගැනීම වැලැක්විය නොහැක. මේ සමලිංගික විකුර්ති කාමුකත්වය හිස එසවීමේ ගැටලුව සම්බන්ධයෙන් බලන කල, එයින් ගැලවීමටනම් පාසල් අධ්‍යාපනය, ක්‍රීඩාව ආදිය හරහා නැතිකර දමා තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජමය හැඩගැසීම් නැවත ස්ථාපිතකිරීම කළයුතුමය. බටහිර නූතනත්වයේ මානසික වහලුන් විසින් නැතිකරදැමූ ලිංගිකත්වය හා සම්බන්ධ අපට හුරුපුරුදු සැබෑ වටිනාකම් නැවත සමාජය තුල පිහිටුවා සජීවී බවට පත්කිරීමෙන් මෙපිට මේ ගැටලුවට වෙනත් විසඳුම් නැත.

මේ  Gossip Lanka වෙබ් අඩවියේ පලවූ සිදුවීම සම්බන්ධ ලිපිය සඳහා ලින්ක් එකයි 
http://www.english.gossiplanka2.com/2013/08/gay-wedding-reception-at-ratmalana.html

Monday, August 19, 2013

මෙන්න නියම හොර උපාසිකාවෝ

පහත ලින්ක් එක අනිවාර්යයෙන් බලන්න. මේ වීඩියෝ එක ලිපියට එක්කිරීමේදී යම් දෝෂයක් සිදුවන බැවින් ලින්ක් එක භාවිතා කරන්න.

http://www.youtube.com/watch?v=xELLGeNQFvM


මේ වීඩියෝ දර්ශනය කාන්තා සංවිධාන හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් ස්ත්‍රී දූෂණයට හා ළමා අපචාර වලට දැඩි දඬුවම් දියයුතු බවට කළ උද්ඝෝශණයකි. ස්ත්‍රී දූෂණ හෝ ළමා අපචාර අප අනුමත නොකරමු. එය සාධාරණ යැයිද අප කිසිවිට නොකියමු. නමුත් මෙතන මේ හොර උපාසකකමක්  ආරුඪ කරගත් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ ක්‍රියාකලාපයේ ගැටලුසහගත තැන් බොහොමයක් ඇත.
            ඉන් ප්‍රධාන කාරනය නම් මොවුන් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර හැටියට හඳුන්වන්නේ කවර ආකාරයක සිදුවීම්ද යන්න හා ඔවුන් මේ සිද්ධි විග්‍රහ කරන්නේ කෙසේද යනයි. මෙහි වඩා හාස්‍යජනක කාරණය වන්නේ සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටිමින්, සමලි
ංගික ළමා අපචාර හා කාන්තාවන්ට පිරිමි වෙස්ගත් සමලිංගික කාන්තාවන් විසින් කරන විකුර්ති ලිංගික අතවර වසන්කරමින් ඒ සියල්ලද අනියම් ආකාරයකට සාධාරණීකරණය කරන Equal Ground නම් කුපාඩි සමලිංගික සංවිධානයද මේ විරෝධතාවයට සහභාගී වී තිබීමයි.
                   සමලිංගිකත්වය හා සමලිංගික ළමා අපචාර ඇතුලු සියලුම විකුර්ති ලිංගික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරමින් සවභාවික ස්ත්‍රී පුරුෂ සම්බන්න්ධතා සියල්ල අතවර වලට ගොනු කර පසුබැස්සවීමට කටයුතු කරන මේ ඊනියා කාන්තා සංවිධාන නියත වශයෙන් අනුගමනය කරන්නේ බටහිර කාන්තා විමුක්තිවාදයයි. මෙය හුදෙක් බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණයේ එක් කොටසක් පමණි. මේ කාන්තා සංවිධාන රට තුල සුරක්ෂිතව  පවතින්නේත් යහතින් වැඩෙන්නේත් අවස්ථාවාදීව දරුවන් වෙනුවෙන් පෙනීසිටිමින් අතවර ගැන කිඹුල් කඳුලු හෙලන්නේත් කාන්තාවන්ට බලපාන සැබෑ සමාජ ගැටලු විසඳීමට තිබෙන උවමනාවක් නිසා නොව තම පුරුෂ විරෝධී විකුර්ති මනස තෘප්තිමත් කරගැනීමටය. මේ කාන්තා නඩය Equal Ground නම් සමලිංගික කල්ලිය සමග එකට එක පෙලට සිටගෙන ඊනියා අතවර වලට විරෝධය පාන්නේ නොදැනුවත් කමකට හෝ අහේතුවකට නොවේ. මේ ඊනියා කාන්තා විමුක්තිවාදිනියන්ගේ හා Equal Ground වැනි සමලිංගික කල්ලි වල යටි අරමුණු සමානය. එබැවින් ඔවුන්ට එකිනෙකා සමග එකට එක්ව ක්‍රියාකිරීමේ අපහසුවක්ද නැත. ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් පුරුෂයාටත් පුරුෂ ලිංගිකත්වයටත් ලිංගිකත්වයේ ස්වභාවයටත් එරෙහිව සටන්වැදීම සඳහා ඕනෑම  පහත් වැඩක් කිරීමට සූදානම්ය. කාන්තාවන්ට සැබෑ ලෙස සිදුවන ලිංගික අතවර ඇතුලු සමාජ ගැටලු මොවුන් විසින් පරිහරනය කරනු ලබන්නේ ඔවුන් අනුගමනය කරන කාන්තාවිමුක්තියේ දුෂ්ඨ බව හා වෛරී බව වසාගන්නා කඩතුරාව ලෙස පමණි.

Saturday, August 17, 2013

කාන්තා අයිතියේ දෙබිඩිකම හා හෙලුවැල්ල යලි ප්‍රදර්ශනය කළ අයිතීන් උදෙසා කාන්තාවෝ.


අයිතීන් උදෙසා කාන්තාවෝ නම් එන්.ජී.ඕ කාන්තා නඩය පසුගිය වතාවක මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව ඇඳීමට අයිතියක් තිබියයුතු බවට කෑමොර දුන්නේ ඒ බුර්කා උමතුවෙන් කොපමණ පිරිසක් පීඩා විඳින්නේද කියන කාරනයද හිතාමතා අමතක කරමිනි. මෑතක ගල්ගමුව ප්‍රදේශයේ මුස්ලිම් තරුණියක් සිංහල තරුණයෙක් සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන එම තරුණිය මුස්ලිමුන් විසින් පල්ලියට කැඳවා පහර දී කොණ්ඩයද කපා දමා වද දීමේ පුවතක් වාර්තා විය. කාන්තා හින්සනය ගැන නන්දොඩවන  අයිතීන් උදෙසා කාන්තාවෝ ඇතුලු අනෙකුත් එන්.ජී.ඕ බත් බැලයන් එකෙක් කට ඇරියේ නැත. ඒ ඔවුන් කිසිවෙක් සිද්ධිය නොදැන සිටි නිසා නොව ඒ ගැන කතා කිරීමට යෑම ඔවුන්ගේ අනෙකුත් අවස්ථාවාදී යටි අරමුණු සමග නොගැලපෙන බැවිනි.

Saturday, August 10, 2013

පොඩි පහේ රසකතාවක්

මේ පුංචි කතන්දරය ඉදිරිපත් කරන්න හිතුවේ තමන්ට වාසි තැන පමණක් අල්ලන්න තරම් සූක්ෂම වන කාන්තාවිමුක්ති න්‍යාය ගැන යමක් තේරුම්ගැනීමට සැලැස්වීම සඳහාය.

ඔන්න දවසක්දා කාන්තාවිමුක්තිය වෙනුවෙන් වැඩකරන එක්තරා කාන්තා සංවිධානයක් පිරිමින්ට හොඳට රිද්දන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න රැස්වීමක් කැඳෙවුවලු. මේ රැස්වීමේදි ඉදිරිපත්වුන යෝජනා වනුව අවසානයට තීන්දු උනේ කාන්තාවන්ට දරු ප්‍රසූතියේදි ඇතිවන ප්‍රසූති වේදනාව පුරුෂපාර්ෂවයට අත්විඳීමට සැලැස්වියයුතුය කියායි. මේ ලෝකේ මනුස්සයන්ව මැවුවේ මහා බ්‍රහ්මයාලු. ඔන්න ඉතින් අර කාන්තා සංවිධානේ සාමාජිකාවෝ ටික මේ කාරනේ කියල කාන්තාවන්ට වෙන අසාධාරනය පෙන්වලා පෙත්සමකුත් ලියාගෙන ගියාලු මහා බ්‍රහ්මයා ගාවට. ගිහිල්ල මහා බ්‍රහ්මයාට පෙත්සම ඉදිරිපත් කළාලු.
                              

    ඉතින් මහා බ්‍රහ්මයාත් මේක බලල කල්පනා කරාලු මනුස්සයන්ව මවල තියෙන විදිහට මේ ප්‍රසූති වේදනාව නැතිකරන්නත් බැරි එකේ, මේ කාන්තාවෝ කියන කතාවත් ඇත්ත නිසා පෙත්සම සාධාරණයි කියලා. එහෙම හිතල ඔන්න මහා බ්‍රහ්මයාත් මේක අනුමත කරල පෙත්සම අත්සන් කරාලු. ඔන්න ඉතින් දැන් ගෑනියෙකුට දරුවෙක් ලැබෙනකොට ප්‍රසූති වේදනාව දැනියයුතු උනේ පිරිමියාටයි. මේ වෙනකොට ඔය පෙත්සමෙන් පස්සේ මුලින්ම දරුවෙක් ලැබෙන්න හිටියේ අර කාන්තා සංවිධානය මෙහෙයවපු නායිකාවටලු. දැන් ඉතින් ඒ ගෑනු කෙනා බය නැතුව දරු ප්‍රසූතියට සූදානම් වෙලා දරුවා ලැබෙන මොහොත එළඹුනා. අර පෙත්සම අත්සන් කරාට පස්සේ ඉතින් මේ ගෑනු කෙනාගේ මනුස්සයට ප්‍රසූති වේදනාව දැනෙන්නත් එපායෑ. ඒත් පුදුමේ කියන්නේ ඒ මිනිහත් කිසිම ගානක්නැතුව වෙනදටත් වැඩිය විනෝදෙන් ඉන්නවලු.
                        ඒත් එක්කම බොලේ තවත් වැඩක් වෙලා තියෙනවා, ඒ තමයි අර දරුව ලැබෙන්න හිටපු කාන්තාවගේ ගෙදරට කිරි ගේන කිරි කාරයාට ප්‍රසූති වේදනාව හැදිලා බිම පෙරලි පෙරලී කෑගහන්න තියාගත්ත එක. ඔන්න බොලේ මේක ආරංචි උන අර දරුවා ලැබුන කාන්තා විමුක්ති නායිකාව වහාම සංවිධානයේ අනෙක් ගෑනු කාණ්ඩයත් කැඳවලා නැවත මහා බ්‍රහ්මයා ලඟට ගිහින් කිවුවලු අර තිබුණ විදිහ හොඳයි කියලා. එහෙම කියලා මුලින් ගහපු පෙත්සමත් මහා බ්‍රහ්මයාට කියලා අවලංගු කරගෙන අපහු ආවලු. ඔන්න ඕකයි කතාව.
                       අන්තිමටම මතක්කර දෙන්න කාරනේකුත් තියෙනවා. එතමයි පිරිමින්ට පාඩම් උගන්නන්න, රිද්දන්න හිතාගෙන කාන්තාවිමුක්තිවාදිනියන් කරන දේවල් බූමරංගයක් වෙලා ආපිට කැරකිලා තමන්ටම වදිනවා කියන එක. කාන්තා විමුක්තිය කියල ඔය විමුක්තිවාදිනියන් කරන ඔලමොට්ටල වැඩවල අවසාන ප්‍රතිඵලේ පිරිමින්ට පාඩම් ඉගැන්වීම කෙසේ වෙතත් මුලු මිනිස් සංහතියේම ආයුකාලය කෙටිවීමෙන් නවතින්නයි වැඩි ඉඩක් තියෙන්නේ.

Monday, August 5, 2013

කොලේ වසා බටහිර කාන්තා විමුක්තිය මෙරට සමාජයට ගිල්ලවීම



අපේ රටේ කාන්තා හින්සනය හා ලිංගික අපයෝජන අල්ලලා කාන්තා දිනය ඉලක්ක කර නිශ්පාදනය කළ වැඩසටහනකි මේ. මෙහි කාන්තා හින්සන හා ලිංගික අතවර ගැන ඉදිරිපත් කරන කරුණු බැලූ බැල්මට සාධාරනය. නමුත් ගැටලුව වන්නේ මොවුන් අතවර හැටියට හඳුන්වන සිද්ධි වල සීමා මායිම් ගැන කිසිවක් නොකීමයි. එපමණක් නොව පිරිමියෙක් සමග සිය කැමැත්තෙන් ලිංගික ඇසුර සඳහා පෙළඹෙන කාන්තාවන් නැත්ද? යම් ආයතනයක් හෝ සේවා ස්ථානයක් එවැනි දේ සිදු නොවන්නේද? ලිංගික අතවරයට මෙතරම් අකමැතිනම් කාන්තාවන් එවැනි අවදානම්ක සහිත රැකියා සඳහා යොමුවන්නේ ඇයි? මේ ගැන කුහකත්වයෙන් තොර විවුර්ත අදහස් ඇති කාටා උනත් ඔය ප්‍රශ්න ටිකනම් මතුවීම වැලැක්විය නොහැක. 
               බටහිර කාන්තා විමුක්තිවාදය මෙරට සමාජය ආක්‍රමණය කරන ආකාරය  ගැන මනා වැටහීමක් ඇති අපටනම් මේ වැඩසටහනේ සියලු පරමාර්ථයන් ඉතා පැහැදිලිය. එහෙත් මේ කෙටි ලිපිය පලකරන්නේ මේ කාරනය තවම තේරුම් නොගත් අයගේ දැනගැනීම පිණිසයි. මෙම වීඩියෝ පටය සිහිකල්පනාවෙන් නරඹන්න. ඔබට මෙහි ඉදිරිපත් කිරීම් බොහොමයක් මන:කල්පිත බව තේරුම්ගතහැක්කේ එදිනේදා ජීවිතයේ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවය කරන කාන්තාවන්ගෙන් සැලකියයුතු පිරිසක් පිරිමින් සමග අයතා සබඳතා පවත්වන්නේ සිය කැමැත්තෙන් වීම හා ඔවුන් එය අතවරයක් ලෙස නොසලකනබව පැහැදිලිව දැකගතහැකි දෙයක් වන බැවිනි. අනෙක් අතට මේ වීඩියෝපටයේ පෙනීසිටින බොහෝදෙනා අප සමාජයට හුරු පුරුදු චරිත නිරූපනය කරන පිරිසක් නොවෙති. ඔවුන් ඇතැම් විට මේ අමුතු චරිත රඟදක්වන්නේ මේ වැඩසටහන සඳහා පමණක් විය හැක් අ. එමෙන්ම ඔවුන් අතර බටහිර කාන්තා විමුක්තිවාදය ගැන දැනුම් තේරුම් ඇතිවම මේ වැඩසටහන මෙහෙයවන පිරිසක්ද සිටිති. ඒ අයනම් රාජ්‍ය නොවන සංවිධාන වලින් වැටුප් ලබන එම රාජ්‍ය නොවන සංවිධාන හරහා බටහිර මතවාද මෙරට පැලපදියම් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින ඊනියා කාන්තා විමුක්තිවාදිනියන්, විමුක්තිවාදීන් හා බොරු මානව හිතවාදීන්ය. 
                                         අප මොහොතකට මොවුන් මේ වීඩියෝවෙන් පෙන්වාදෙන සිද්ධි සම්පූර්ණ සත්‍ය හා මෙවැනි තත්වයක් අපරටේ ඇත්තටම ඇතැයි සිතමු. ගැටලුව වන්නේ මේ ඊනියා කාන්තා විමුක්තිවාදීන් හා බොරු මානව හිතවාදීන් මේ ප්‍රශ්න වලට යෝජනා කරන විසඳුම කුමක්ද යන්නයි. ඒ අන්කිසිවක් නොව බටහිර කාන්තා විමුක්තිවාදය අනුව යමින් ස්ත්‍රී පුරුෂ භාවයට බද්ධවී ඇති අප සමාජයට ආවේනික අනුවර්තනයන් සියල්ල නැතිකර දමා මුලු සමාජයම ලිංගික වශයෙන් ව්‍යාකූල කර විකුර්ති සමාජ තත්වයක් ඇතිකිරීමයි. එමෙන්ම මොවුන් සියලුදෙනා මේ ප්‍රශ්න ගැන කතාකරන්නේ ඔවුන්ගේ එම ඉලක්කය සපුරාලීමට අවශ්‍ය කඩඉම පසුකරන තෙක් පමණි. මේ කපටි ජාත්‍යන්තර සංවිධාන වලට හා ඔවුන්ගේ ගෝලන්බාලයන්ට මෙරට කාන්තාවන්ට බලපාන සැබෑ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අවශ්‍ය නැත. මෙවැනි සිදුවීම ගැන මතුපිටින් නොව වඩා ගැඹුරු විචාරයක් අපට අවශ්‍යය. අපහසුවෙන් හෝ අප කරන්නේ එම කාර්ය කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමයි.
 

Sunday, August 4, 2013

බටහිර එන්.ජී.ඕ සල්ලි වලට රටේ බොරු ප්‍රශ්න මවන ලංකාවේ කලිසම් කාන්තාවිමුක්තිවාදිනියෝ.





එන්.ජී.ඕ කාන්තාවිමුක්ති කණ්ඩායම් බටහිර රටවල මුදල් ආධාරද ඇතිව අපේ රටේ බොරු කාන්තා ප්‍රශ්න ඇතිකරමින් එන්.ජී.ඕ බටහිර සුද්දන්ගේ හා සුද්දියන්ගේ  සහය ඇතිව කාන්තා හිංසන, අතවර ගැන බොරු වාර්තා දෙන ආකාරය මෙන්න. දැනගන්න හැමෝම බලන්න.
http://www.youtube.com/watch?v=RNjKIKiVRCg