Monday, July 22, 2013

තවත් මර නින්දේ සිටිමුද?






 කාන්තා විමුක්තිවාදය අපේ සිංහල සමාජය විකුර්ති කරන ආකාරය ගැන සිංහල බෞද්ධයන්ට තවමත් තිබෙන්නේ එතරම් පැහැදිලි වැටහීමක් නෙවෙයි. ඒ වගේම තරමක වැටහීමක් තිබුනත් ගොඩදෙනෙක් ඒගැන දක්වන්නේ ඇල්මැරුනු ප්‍රතිපත්තියක්. ඇත්තෙනම මේ ස්වභාවය අපි වෙනස් කරගන්න ඕනේ. කාන්තාවිමුක්තිවාදය තව අවුරුදු 10කින් කරන විනාශය වලක්වන්න පුලුවන් වෙන්නේ අද දවසේ අප ඒගැන තේරුම්ගෙන වහා ක්‍රියාත්මක උනොත් පමණයි. ඒ වගේම මේ වෙනකොට ජාතියේ ජනගහනය අඩුවීම ඇතුලුව සමලිංගික විකුර්ති කාම අපචාර හිස එසවීම ආදිය පෙරට  ඇවිත් තියෙන්නේ මීට බොහෝ කළකට පෙර අපේ උගත් බුද්ධිමත් යැයි කියාගන්නා ගොන් බකපණ්ඩිතයන්ද ඇතුලුව විජාතික කාන්තාවිමුක්ති මතවාදී ආක්‍රමණිකයාගේ අතකොලු සේරම  එකතු වෙලා කළ ක්‍රියාකාරකම් වල සමූහ ප්‍රතිඵල හැටියටයි. 
මෙතනදි ඔය කාන්තාවිමුක්තිවාදය ගැන අපේ සමාජය තුල තිබෙන වැරදි දැක්ම මුලු සමාජයම අන්ධ කරල ඉවරයි. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ බුදු දහම හා බෞද්ධ දර්ශනය තුලට බටහිර යුදෙවු කාන්තා විමුක්තිය බොරු ප්‍රතිරූපයක්  ගොඩනගාගත් ව්‍යාජ උගතුන් විසින් වැරදියට ගලපා තියෙන එකයි. කවුරු මොන කතාවක් කිවුවත් ප්‍රමාද වෙලාහරි අමාරුවෙන් උනත් මේ වැරදි අපටම හදාගන්න වෙනවා ඔය එක එකාගේ බොරු ප්‍රතිරූප වලට පයින් ගහලා. ඒකයි මෙතන තියෙන තිත්ත ඇත්ත. එහෙම නොවුනොත් ඔය කාන්තා විමුක්ති විෂබීජය බටහිර සමාජය අසාධ්‍ය ලෙඩෙක් කරල තියෙන විදිහටම අපේ රටම සුවකළ නොහැකි ලෙස රෝගාතුරු කරනතෙක් බලාසිටීමට පමණය. අප කවුරු කවුරුත් එකක් මතකතියගන්න ඕනේ. ඒ තමයි කාන්තා විමුක්තිය කියන්නේ බටහිර කතෝලික සංස්කෘක මළමිනිය ඇතුලෙ වැඩෙන ඉහඳපනුවෙක් විතරයි කියන එක. මේ ඉහඳ පනු කාන්තා විමුක්තියට  පුලුවන් ලෝකේ කොහෙත් හොඳින් ස්ථාපිත වුන ශිෂ්ඨාචාරයක් ලෙඩකර මරා දමන්න මිස ක්‍රමවත් ශිෂ්ඨාචාරයක් ගොඩනගන්න නෙවෙයි.




2 comments:

  1. මේ නොසන්ඩාල වැඩේ ගැන මාත් කතාවක් ලිවුවා.ගමේ කෙල්ලෝ ආප්පෙට හරවන සැලුන් එකක් ගැන.
    http://senkolaya1.blogspot.com/2013/07/lesbian-seduction.html?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. ඒ වගේම මේ ලින්ක් එක මමත් බලන්නම්. මට එක එල්ලේම දෙයක් කියන්න ඕනෙ. ඒතමයි මම මීට කාලෙකට ඉස්සර වෙලා අනුමාන කරපු දෙයක් තමයි ඔබේ ඔය සැලෝන් කතාවෙන් ඔප්පු වෙන්නේ. මම මේක අනුමාන කළේ බටහිර කුනුහරප වෙබ් අඩවි වගේ දේවල් ආශ්‍රිතව හොයාගත්ත දේවල් වලින් . මම අනුමාන කරපු කාරනේ ඔබ සාක්ෂි ඇතිව පෙන්වූවා. ඒ ගැන ස්තුතියි.මේ විෂබීජේ වවන්න හදපු සැලෝන් විතරක් නෙවෙයි සමලිංගික බෝඩින් කාමර පවා දැන ගොඩක් දුරට හදන්න ඉඩ තියෙනවා. ඒකත් මම අනුමාන කරන දෙයක්. ඔබ දන්නා තවත් කරුණු ඇත්නම් අප වෙත දන්වන්න. අපේ ඊ මේල් ලිපිනය
      prathiwadhiya@gmail.com

      Delete