Tuesday, July 2, 2013

කුහක කාන්තාවිමුක්තිය අප්‍රිකානු සමාජය වනසන ආකාර්ය ගැන මේ අප්‍රිකානු කාන්තාව කියන විස්තරය අසන්න.

 


  අප්‍රිකානු රටවල් බොහොමයක් ලොව දුප්පත්ම රටවල් වන අතර ඒ නිසාම එමරටවල ආර්ථික හා සමාජ ගැටලු වලට බටහිර රටවල් මැදිහත් වීම කලක සිට සිදුවන්නකි. විශේෂයෙන් එම රටවල් බොහොමයක තිබෙන ආහාර හිඟය හා ජල හිඟය මුල්කරගෙන එම ගැටලු මගහරවාගැනීමට ආධාර කරන්නේ බටහිර මුදලින් යැපෙන NGO කණ්ඩායම් වේ. මේ NGO කල්ලි සුපුරුදු ලෙස තම මතවාදී ආක්‍රමණය සරුවට කරන්නේ එම රටව්ල ප්‍රශ්න වලට මැදිහත්වෙමිනි.
                              
     මෙලෙස වෙනත් සමාජසේවා කටයුතු සිදුකරන බව අඟවමින් මේ බටහිර NGO කල්ලි විසින් සිදුකරනුලබන ප්‍රධාන පෙලේ කර්තව්‍යක් වන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය (Feminism) අප්‍රිකානු සමාජයට ඇතුල් කිරීමය. මේ ක්‍රියාවලිය අපේ රටේද ඇතුලුව ලොව අනෙකුත් අසියාතික රටවල සිදුවන ආකාරයටම අප්‍රිකානු මහද්වීපය පුරා සිදුවේ. එය අප්‍රිකානු සමාජයට මේ වනවිට හිසරදයක් වී හමාරය. පුරුෂ විරෝධී  අදහස් වලින් කාන්තාවන්ගේ මනස විකුර්ති කිරීම, පවුල් අවුල් කිරීම ඇතුලු තවත් සමාජය වනසන බොහෝ දෑ මේ බොරු මානව හිතවාදීන් විසින් අප්‍රිකානු සමාජය තුලද ක්‍රියාවට නගති. මේ වීඩියෝපටය තුලින් අප්‍රිකානු කලු ජාතික කාන්තාවක් පැහැශිලිව මෙන්ම ආවේගශීලීව විස්තරකරදෙන්නේ මේ දුෂ්ඨ ක්‍රියාකලාපය අප්‍රිකානු ජනතාවට දිගින් දිගට විනකරන ආකාරයයි.

2 comments:

  1. ඔබගේ ලිපි කියවන විට මට නම් හිතෙන්නේ ඔබ මහා විද්වතෙක් බවයි.ඔය ලිපි එකතුවක් ලෙස මුද්‍රණය කරන්න.එය ඉතා වටිනා ග්‍රන්ථයක් වේවි.
    අප්‍රිකා මහද්වීපයේ ක්‍රිස්තියානි දකුණ ඉතා දැඩිව ස්ත්‍රීවාදය වැලදගෙන.රුවන්ඩාවේ පාර්ලිමේන්තුවේ බහුතරය කාන්තාවන්.ක්‍රිස්තියානි අප්‍රිකානුවා ස්ත්‍රීවාදයට මේ තරම් කමති එය කිතුදහම සේම අටහිරින් ආ නිසයි.අප්‍රිකානුවා බටහිරයාට පෙරම මෙහි ආනිසන්ස භුක්ති විදින බව කිව හැක්කේ ඒඩ්ස් වලිනුත් මියයන හැටි දුටුවාමයි.බටහිරයා ඉද්ගෙන කරන වැඩේ අප්‍රිකානුවා දුව දුව කරනවා.1995 බෙයිජින් සමුළුවේ සැලසුම හොදට වැඩ කරනවා.එහිදී වෙන් කළ ට්‍රිලියන ගනනක මුදලට අප්‍රිකානුවා තම ආත්මය පාවා දෙනවා.මුදලට ආත්මය පාවා නොදෙන මුස්ලිම් ලෝකයට එරෙහිව බටහිරරයාට ඇත්තේ යුධමය න්‍යාය පත්‍රයක්

    ReplyDelete
  2. අප්‍රිකානුවන්ගේ දුප්පත්කමයි ඔවුන්ට තියෙන සාගතය වගේ ප්‍රශ්නයි මුල්කරගෙන ඔවුන් බටහිර මානසික වහලුන් බවටත් මේ බටහිරයන් පත්කරනවා.

    ReplyDelete