Monday, July 15, 2013

බුර්කාව හා දෙබිඩි කාන්තා අයිතිය



මේ ලිපිය ලිවීමට බලපෑ කාරණය වන්නේ "
අයිතීන් උදෙසා කාන්තාවෝ" නම් බටහිර කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන කාන්තා සංවිධානයක් විසින් මෙරට සිංහල බෞද්ධ ජාතික සංවිධාන වල ප්‍රභල ඉල්ලීමක් වූ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව මෙරට තහනම් කිරීමේ ඉල්ලීමට එරෙහිව නැගීසිටිමින් මුස්ලිම් අන්තවාදයට පක්ෂව කටයුතු කිරීමයි. මෙහිදී අපට පැනනගින ගැටලු කීපයක්ම ඇත.
                         මේ කාන්තා කල්ලිය අනුගමනය කරන බටහිර කාන්තාවිමුක්තිවාදය සිරිතක් ලෙස මුස්ලිම් සංස්කෘතියට එරෙහිය, එසේ වෙද්දී ඒ කාන්තාවිමුක්තිවාදයම අනුගමනය කරන පිරිසක් මුස්ලිම් සංස්කෘතියතුල කාන්තාවන්ගේ සිරුර වැසීමේ න්‍යාය හා ප්‍රමිතිය සමග පමණක් එකඟ වන්නේ කෙසේද? මෙරට ජනගහනයෙන් බහුතරය මුස්ලිමුන් වුනදාට මොවුන් මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කා අයිතිය ගැන කතා කරයිද? මොවුන් මුස්ලිම් කාන්තාවන්ගේ සිරුර වැසීමේ බුර්කා ප්‍රතිපත්තිය පිළිගන්නේනම් ඒ සංස්කෘතියේම තිබෙන මුස්ලිම් කාන්තාවන් එම ජනකොටසට අයත් පිරිමින්ගේ අවශ්‍යතා අනුව ඒ සමාජයට අවශ්‍ය ලෙස හැඩගැසුනු ජීවිතයක් ගෙනයෑම පිළිගන්නේද? මුස්ලිම් සමාජය තුල තිබෙන මේ බුර්කා ඇඳුම ඇඳීමෙන් කාන්තාවන් පීඩාවට පත් නොවන්නේද? ඔවුන් බුර්කා ඇඳීමෙන් තෘප්තියක් ලබනවාද?
                            මේ ගැටලු වලට පිළිතුරු සොයාගැනීමට පෙර අප විසින් සාකච්ඡාවට බඳුන්කළයුතු විශේෂ කාරණා කීපයක් තිබේ. එනම් මිනිස්  ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය, ඒ අනුව ගොඩනැගුනු මිනිස් අනුවර්තන හා සමාජ කුහකත්වයන් වේ. මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකය කැපීපෙනෙන විශිෂ්ඨ ලක්ෂණයක් වී තිබෙන්නේ සත්ව ලෝකය තුල සෙසු සතුන්ගේ ඉව යන සාධකයට සමගාමීවයි. සතුන්ගේ බුද්ධිමට්ටම්, හිතීමේ පරාසය ඇතුලු සියලු මනෝවිද්‍යාත්මක සාධක සරලය නමුත් උන්ගේ පැවැත්මට හා ප්‍රජනන ක්‍රියාවට සහය වීම සඳහා මිනිසුන්ට වඩා ප්‍රභල ඉවක් ඒවෙනුවට සතුන්ට ඇත. නමුත් මිනිසුන්ගේ ඉව යන සාධකය අවශිෂ්ඨ වී අවම වෙද්දී ඊට සමාන්තරගතව ඉහල බුද්ධිමට්ටමක් හා පුලුල් හිතීමේ පරාසයක් ඇතුලු සංකීර්ණ මනෝවිද්‍යාත්මක සාධක රැසක් පිහිටා ඇත. ඒ අනුව මිනිසුන් දරන මනෝවිද්‍යාත්මක අනුවර්තනද සංකීර්ණය. මිනිසුන් ඇඳුම් ඇඳීම, කිසියම් භාෂාවක් මඩ්ගින් සන්නිවේදනය කිරීම ඇතුලු සංස්කෘතික පරිසරයක් නිර්මාණය කරන්නේ මේ මනෝවිද්‍යාත්මක අනුවර්තන වලට අනුවයි. ඇඳුම කෘතීම නිර්මාණයක් වුවත් එය සොබාදහමට එකඟ මිනිස් අනුවර්තනයකි. අද බොහෝ සංස්කෘතීන් තුල මිනිසුන්ට නිරුවතින් ප්‍රසිද්ධියේ හැසිරිය නොහැක. ඒ ඇඳුම සංකීර්ණ මනෝවිද්‍යාත්මක අනුවර්තනයක් ලෙස මිනිස් ජීවිත වලට කාවැදී ඇති නිසයි.



                          දැන් අප අවධානය යොමුකළයුත්තේ ලිංගිකත්වයට අදාල මිනිස් අනුවර්තන දෙසටයි. ලොව ඕනෑම සංස්කෘතියක් තුල පොදුවේ ගත්කළ පිරිමි ජනගහනය හැඩගැසී තිබෙන්නේ පරිසරයත් සමග ප්‍රභල ලෙස අන්තර්ක්‍රියාකාරිත්වයක් දැක්වීමටය. ගැහැනු ජනගහනය හැඩගැසී තිබෙන්නේ මාතෲත්වය පදනම්වයි. ශරීරය වසාගන්නා ඇඳුම ඇතුලු බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් වල ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන දැකියහැක. පිරිමින්ට පමණක් සීමාවන ක්‍රියාකාරකම් හා කාන්තාවන්ට පමණක් සුවිශේෂීවන ක්‍රියාකාරකම් පද්ධතීන් දෙකක් වෙනවෙනම කැපී පෙනෙන්නේ මේ අනුවයි. එ සියල්ල ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් සමග හා එහි මනෝවිද්‍යාත්මක සාධක සමග වෙන වෙනම ඒකාබද්ධවී මිනිස් ජීවිත වලට කාවැදී තිබේ. මේ ස්ත්‍රී පුරුෂ භාවයට අනුව එකිනෙකාට ලාක්ෂණික මිනිස් ක්‍රියාකාරකම් එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් වල ස්වභාවය පවා පැහැදිලිව නියෝජනය කරයි. එමෙන්ම එලෙස ලිංගිකත්වයට අනුව ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්වන ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් සමාජයක ස්ත්‍රී පුරුෂ ලිංගික රුචි අරුචිකම් වල මනා ගැලපීමකට අනුව ගොඩනැගී තිබෙන්නේ එය ඕනෑම සංස්කෘතියක මූලික ගොඩනැගීමක් මෙන්ම සමාජයේ යහපත් පැවැත්මට අනිවාර්‍යයෙන් පැවතියයුතු ගුණාංගයක් බවට පත්වෙමිනි.
                             අපේ මාතෘකාවට අනුව යම් සංස්කෘතික පරිසරයක් තුල කාන්තාවන් දක්වන සුවිශේෂී ස්ත්‍රී අනුවර්තන මොඅවාද යන්න හා ඒවායේ ඇති පිරිමි ලිංගිකත්වයටත් පුරුෂ අනුවර්තන වලටත් සමාන්තරගතබව ගැන විමසීමක් කර බැලීම වැදගත් වේ. කවර සමාජ පරිසරයක වුවද ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් විශේෂයෙන් ගොඩනැගෙන්නේ පිරිමි ලිංගිකත්වයට මනෝවිද්‍යාත්මක ලෙස ගැලපෙන ආකාරයට හා ප්‍රජනන ක්‍රියාවලියේදී දරුවන් හැදීමටත් පෝෂණය කිරීමටත් අවශ්‍ය මාතෲත්වයට අනුවයි. පිරිමි ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක ස්වභාවය අනුව ලිංගික සක්‍රියතාවය ඇතිවීමටනම් ප්‍රතිවිරුද්ධ ස්ත්‍රී ලිංගිකත්වය පිරිමින්ට මානසික වශයෙන් ප්‍රසන්න වියයුතුමය. ඒ කාරනයෙන් ගැලවී කුහකයන් මෙන් මෙවැනි කාරනා ගැන කතා කිරීමටද නොහැක. අනෙක් අතට එසේ සක්‍රිය නොවී ලිංගික ක්‍රියාවලිය හා ප්‍රජනනය සිදු නොවේ. කවර සංස්කෘතික පරිසරයක වුවද කාන්තාවන් අඳින ඇඳුම්වල සිට කාන්තාවන්ට සුවිශේෂී සියලු ක්‍රියාකාරකම් පිරිමි ලිංගිකත්වයේ මනෝ විද්‍යාත්මක ස්වභාවයට සමාන්තරගතව හා ඊට ගැලපෙන ලෙස සැකසී තිබෙන්නේ එනිසයි. ඒ ආකාරයෙන්ම එහි අනෙක් අතද සිදුවන්නේ ස්වභාවිකවය. එනම් පිරිමි ලිංගිකත්වයට අදාල සුවිශේෂී අනුවර්තන ස්ත්‍රී ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධක සමග ගැලපීමයි. මිනිස් සමාජයක විරුද්ධ ලිංගික ආකර්ශණය එම සමාජ පරිසරයේ සජීවී බවට රුකුලක් වන්නේ මේ කරුණු වලට අනුව වේ.
                            දැන් අප මාතෘකාවට අදාල වන වැදගත්ම කාරණය වෙත පිවිසෙමු. එනම් මෙතෙක් විස්තර කළ කරුණු වලට අනුව මිනිස් ලිංගිකත්වයේ මේ සැබෑ ස්වරූපය හා ඒවටා ගොඩනැගෙන සමාජමය අනුවර්තන හරිහැටි පිළි නොගන්නා සමාජ කුහකත්වයන් සෑම  සමාජ පරිසරයක් තුලම තිබෙන ආකාරය හා ඒවාට බොරු වටිනාකම් ලබාදීම යන කරුණ වෙතයි. එහිදීද මැදපෙරදිග මුස්ලිම් සමාජය කැපී පෙනේ. ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයට අනුව හා එහි මිනිස් අනුවර්තන වලට අනුව, කාන්තාවන් පිරිමි ලිංගිකත්වයට සමාන්තරගත ස්ත්‍රී ලිංගිකත්වය සමාජයේ හරිහැටි නියෝජනය කළයුතුය. එය මිනිස් ක්‍රියාකාරකම් සියල්ල පුරාවට විහිදෙන්නකි. නමුත් මැදපෙරදිග හා සෙසු ඉස්ලාමීය සංස්කෘතිය මුල්බැසගත් රටවල කාන්තාවන්ට ඔවුන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රී හැඟීම් දැනීම් වලට අනුව ස්ත්‍රීත්වය සමාජයේ නියෝජනය කළ නොහැක. ඉස්ලාමීය සමාජ කුහකත්වයට අනුව එය ඔවුන්ගේ ලිංගික විනයට පටහැනිය. ඇතැම් රටවල කාන්තාවන්ට ගීත ගායනය, කාන්තා චරිත රඟපෑම ආදියද තහනම්ය. මේ කුහකත්වය අනුව පීඩා විඳින්නේ කාන්තාවන් පමණක් නොවේ. මුස්ලිම් පිරිමින්ට ලිංගිකත්වය තදින් අවශ්‍ය වුවත් ඔවුන් තම ලිංගිකත්වයට සමාන්තරගතව කාන්තාවන් ස්ත්‍රී ලිංගිකත්වය නියෝජනය වන ආකාරයට සමාජයේ හැසිරීම පිළිනොගනිති. එය කුහකකමේ අන්ත ප්‍රතිඵ්ලයක් වේ. ඔවුන් සමාජයෙන් කාන්තාවන් දරුවන් හැදීමට හා ගෘහකටයුතු වලට සීමා කිරීමේ වරදක් නැතත් ඒ කාරනය අනුවද කාන්තාවන්ට ස්ත්‍රීත්වය සමාජයෙන් දැඩිව හංගාගෙන සිටිය නොහැක. කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට ඉඩ නොදියයුතු බව සැබෑවකි. ඇත්තෙන්ම ස්ත්‍රී හැඟීම් දැනීම් හරියට පිහිටා ඇති කිසිවෙකුට එසේ කිරීමටද අවශ්‍ය නැත. නමුත් පිරිමි ක්‍රියාකාරකම් වලට සමාන්තරගත ස්ත්‍රීත්වය මත පදනම්වන ස්ත්‍රී ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ කිරීමද වරදක් වියනොහැක. මෙය තේරුම් නොයෑමේ කුහකත්වය මුස්ලිම් සමාජය අන්ධ කර තිබෙන්නේ කිසිදින එයින් ගොඩෑඅමක්ද පෙනෙනතෙක් මානයක නැති ලෙසය. මුස්ලිම් සමාජය තුල පිරිමින් අතරද ලිංගික අසහනය නැතැයි කාට කිවහැකිද? ඔවුන් මේ කුහකකම්වලින් පීඩා විඳින්නේ නැතැයි කිවහැකිද? මුස්ලිම් සමාජය තුල සමලිංගිකත්වය පිළිනොගැනේ. එපමණක් නොව එය ඉස්ලාමීය සමාජය තුල තදින් ප්‍රතික්ෂේප කරන දෙයකි. නමුත් පෙරකී සමාජ කුහකත්වයන් ඉස්ලාමීය සංස්කෘතිය තුලද සමලිංගිකත්වයට සුරක්ෂිතව වැඩීමට යම් ඉඩකඩක් සපයාදී තිබේ. එහෙත් මැදපෙරදිග මෙන්ම සෙසු මුස්ලිමුන්ද කියන්නේ ඔවුන්ගේ සමාජ්ජය තුල ඊට ඉඩක් නැති බවයි. ඇත්ත කතාව නම් ස්ත්‍රී පුරුෂ ලිංගික ආකර්ශනය හා ලිංගිකත්වයේ ස්වභාවයට තදින් බැටදෙන කුහකත්වය සමලිංගික විකුර්තිකාමුකත්වයට යබ් බුරුලක් ලබාදෙන්නේ ඉබේටය. කාන්තාවන් බුර්කාවකින් වසා මුලු සිරුරම ආවර්ණය කිරීමේ කුහකකමද ඊට රුකුල් දෙන්නකි. මැදපෙරදිග ඇතැම් රටවල ස්ත්‍රී හැසිරීම් ඇති පිරිමින් විවිධ රටවලින් විවිධ සේවාවලට යොදාගනිති. එයට හේතුවනම් එම රටවලට වෙනත් රටවලින් පැමිණෙන අතිවිශාල සේවක පිරිසගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට ගණිකා ව්‍යාපාර ආදියට එහි ඉඩ නැති බැවින් එම කාර්‍ය ඉටු කිරීමට විකල්පයක් ලෙසයි. අප ගණිකා ව්‍යාපාරය සාධාරණ යැයි නොකියමු. නමුත් ඊට විකල්පය ලෙස මෙවැනි අමනමරි මෝඩ විසඳුම් සෙවීම ඊට වඩා පිළිකුල්ය.  එබැවින් මේ බුර්කා සංස්කෘතිය පසුපස ඇත්තේ සුලුපටු කාරනා නොවන බව දැන්වත් අපට තේරුම් යායුතුය.



                               දැන් අප වඩාත් විචාරශීලීව කතා කළයුත්තේ අයිතීන් උදෙසා කාන්තාවන් බුර්කාවට දක්වන පක්ෂපාතීබව ගැනයි. ඉස්ලාමීය සංස්කෘතිය මුල්බැසගත් සමාජයක කාතාවන්ට ස්ත්‍රීත්වයේ ස්වභාවය මත නිදහස් ජීවිත ගෙනයා නොහැක. පිරිමි ලිංගිකත්වයට සමාන්තරගත ස්ත්‍රී ලිංගිකත්වය සමාජය තුල නියෝජනය කිරීම පවා ගැටලුවකි. අනෙක් අතට අයිතීන් උදෙසා කාන්තාවෝ නම් කණ්ඩායම අනුගමනය කරන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදයයි. මේ බටහිර කාන්තාවිමුක්තිවාදය ස්ත්‍රීත්වය හා මාතෲත්වය මත පදනම් වන්නක්ද නොවේ. ඒ තුලින්ද කාන්තාවන්ට නිර්දේශ කරන්නේ පිරිමින් අනුකරනය කරමින් පිරිමි ලිංගිකත්වය පවා බලෙන් ඇඟට ආරූඪ කරගැනීමට මිස ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කිරීමට නොවේ. එහිදී බටහිර කාන්තා විමුක්තිවාදයද සමාජයේ කාන්තාවන් පිරිමි ලිංගිකත්වයට සමරූපීවන ස්ත්‍රී අනුවර්තන දැරීමටත් ස්ත්‍රීත්වය නිරූපනය කිරීමට හා ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් වලටත් තදබල ලෙස විරුද්ධය. මේ කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන ගෑනු නඩය මුස්ලිම් සමාජයේ බුර්කාවට පමණක් පක්ෂ වීමේ සැබෑ කාරනය වන්නේ මුස්ලිම් සමාජය තුල ලිංගිකත්වයේ නියම ස්වභාවය හරි හැටි පිළිනොගන්නා කුහකත්වය කාන්තාවිමුක්තිය අනුව ලිංගිකත්වයේ ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමේ හා විකුර්ති කිරීමේ න්‍යාය සමග යම් මට්ටමකට සමපාත වීමයි. කාන්තා විමුක්තිවාදීන් සොබාදහමට අනුව ලිංගිකත්වය නිර්මාණය වී ඇති ආකාරයට බැටදීමේ හා එය විකුර්ති කරදැමීමේ න්‍යාය  ඉදිරියට ගෙනයෑමේදී සමාජ කුහකත්වයන් ඔවුන්ට ඉතා වැදගත්ය. ඔවුන් ලිංගිකත්වය මත පදනම් වන සමාජකුහකත්වයන් අයතා ලෙස පරිහරනය කිරීමේ අති දක්ෂයෝ වෙති. මුස්ලිම් සමාජයේ කාන්තාවන් බුර්කාවෙන් ඔතා මුලු ශරීරයම වැසීමේ කුහක න්‍යාය ඔවුන්ට වැදගත් වන්නේද විරුද්ධ ලිංගික ආකර්ශනය පසුබෑමට ලක්කිරීමේ කාන්තාවිමුක්ති න්‍යායට එයින් යම් රුකුලක් ලබාගැනීමටයි. ස්ත්‍රී පුරුෂ භාවය මත එකිනෙකාට ලාක්ෂණික ක්‍රියාකාරකම් වස්ත්‍රාභරණ පරිහරනය කිරීමේ රටාවන් ඇතුලු විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිකරන සියල්ල කාන්තාවිමුක්තිවාදීන් සම්බන්ධයෙන්නම් නයාට අඳුකොළ මෙනි.
                       මෙහිදීද අප මේ ලිපිය ආරම්භයේදීම පෙන්වාදුන් ප්‍රශ්න මාලාවට අනුව බැලූ බැල්මටනම් කාන්තා අයිතිය වන්නේ බුර්කා පීඩාවෙන් ගැලවීමට තිබෙන අයිතියයි. එහෙත් කුහක කාන්තා විමුක්තියට අනුව එය එසේ නොවන්නේ බටහිර කාන්තා විමුක්තිය ස්ත්‍රීත්වය මත පදනම් නොවන බැවිනි. එලෙසම මේ සිද්ධිය පසුපස තවත් කාරනයක් හැංගී ඇත. එනම් බටහිර එන්.ජී.ඕ මුදල් ආධාර ලබන කාන්තා විමුක්තිවාදීන් සිරිතක් ලෙස මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධය. අපේ රටේ පමණක් නොව ලොව කොතැනකත් තත්වය එයයි. එනම් බටහිර කාන්තා විමුක්තිවාදය සිරිතක් ලෙස ලොව සෑම රටකදීම එහි ජාතිකත්වයට එරෙහිය. මෙහිදී සිද්ධියට අදාල අයිතීන් උදෙසා කාන්තාවෝ නම් ගෑනු නඩය බුර්කාවට පක්ෂ වන්නේ මුස්ලිමුන් මෙරට සිටින සුලු ජනවර්ගයක් නිසාය. මුස්ලිම් සංස්කෘතිය මුල්බැසගත් රටකනම් ඔවුන් බුර්කාවට කෙසේවත් පක්ෂ නොවේ. එහිදී ඔවුන් බුර්කාවට විරුද්ධ වනු ඇත. එසේ විරුද්ධ වනු ඇත්තේද බුර්කාව ඇඟේ දමාගෙන කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට අපහසු බව කියමින් මිස එය ස්ත්‍රීත්වය සමාජයේ නියෝජනය කිරීමට බාධාවක් හෝ කාන්තාවන් එයින් පීඩාවට පත්වන බව කියමින් නොවනු ඇත. බුර්කා පලහිලවුව අප විසින් සාකච්චාවට ගතයුත්තේ මේ අයුරිනි. එනම් මේ ලිපිය පුරාවට පෙනවාදුන් කාරනාවලට අනුව පැටලිලි ලිහාගනිමින්ය. බැලූ බැල්මටනම් අර කාන්තානඩය විහිලුවක් සපයා ඇත. එහෙත් ඔවුන් අනුගමනය කරන සමාජ කුහකත්වයන් අයතා ලෙස පරිහරනය කිරීමේ  න්‍යාය අනුව ඔවුන් කර තිබෙන්නේ අවස්ථාවාදීව එක්තරා කපටිකමකි. මෙවැනි කාරනා මතවාදී පසුබිමට ගොස් සාකච්ඡා කළයුත්තේ ඒ සියල්ල හරි ආකාරයෙන් තේරුම්ගැනීමටය.

7 comments:

  1. අනේ මේ තමුන්නන්න්සේ මොනවා කිඋවත් මම නම් බුර්කාව තහනම් කරන එකට විරුද්දයි

    ReplyDelete
    Replies
    1. ඕන කෙනෙකුට ඕනම දෙයක් ගැන ඕඅන මතයක් තියෙන්න පුලුවන්. හැබැයි මේ බුර්කාවෙන් ඇඟ වැහීමනම් පිස්සුව. අනෙක ඔය විදිහට බුර්කාවෙන් තමන්ගේ ගෑනුන්ව ඔලුවේ ඉඳන් වහන පිරිමි වෙනත් ජන කොටස් වල කාන්තාවන් දිහා නොබලා ඉන්නත් ඕනේ. මමනම් ඕන තරම් දැකලා තියෙනවා ඔය වගේ අන්තෙට ගිය අදහස් තියෙන අය කුනුහරප වීඩියෝ, වෙබ් සයිට් බල බල හොඳට ආතල් ගන්න හැටි. ඒ අය ඒකට හරි කැමතියි. ඔය බුර්කාවෙන් ගෑනුන්ව වහන්න තියෙන උවමනාව එතකොට ඒ අයට නෑ. අනෙක මහ දවල් උනුසුම රඳවන පට්ට කලු රෙදි පෙරවගෙන ඉන්න එක මොන පීඩාවක්ද කියලා කාට උනත් හිතාගන්න බැරි නෑ.

      Delete
    2. ඔව් ඉතින් තමුන්නාන්සේලාට කරන්නේ ලැජ්ජා බය තියෙන ගනුන්වත් නිරුවත් කරලා කාන්තා විමුක්ති වාදය ගැන හෙන පොර ටෝක් දාන එක නේ

      Delete
    3. මල්ලි, ගෑනුන්ට ලැජ්ජා බය තියෙන්න ඕනේ තමන්ගේ ස්ත්‍රීත්වයටයි ඒ අනුව සමාජයේ තියෙන හැඩගැසීම් වලටයි නොගැලපෙන දේ කරන්න. ඔය බුර්කාව කියන්නේ සීමාව ඉකමවා ගිය කුහකකමේ ප්‍රතිඵලයක්. බුර්කාව කියන්නේ ස්ත්‍රීත්වය දැඩි පීඩනයකට ලක්කරන දෙයක්. ඕනෑම සමාජ පරිසරයක කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වය වටා ගොඩනැගෙන සුවිශේෂී ස්ත්‍රී ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ ගෑනුන් පිරිමියෙක් කරන හැමදේම කරන්න ඕනේ කියන එක නෙවෙයි. බුර්කාවල් වලින් මුලු ඇඟම ඔතාගෙන පට්ට දවාලෙත් තැම්බි තැම්බී කිසිම ගෑනියෙකුට තමන්ගේ ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් වලට අනුව තමන්ට ගැලපෙන නොගැලපෙන දේ වෙන්කරගෙන , තමන්ට හරියන දේවත් පිළිවෙලකට කරන්න බෑ.

      Delete
    4. ඉතින් ගෑනු කැමැත්තෙන් ඕක අන්දිනවනම් තොට තියෙන අමාරුව මොකද්ද. අනික තමුසේ මෙතන කියල තියෙන කාන්තා සන්විදානේ ගැනී කියපු දේවලුත් කෑලි කපලනේ දාලතියෙන්නේ ඒ ගැනී කියලා තියෙන්නේ සුද්දීයෝන්ටත් ඇඳුම් අන්දන්න ඕන එකේ ගල බොඩ කනත්තේ පොන්න සාර (බේබද්දා) මුස්ලිම් ගැනුන්ගේ ඇඳුම් ගලවන්න හදනවා කියලා මෝල් සාර ට නගිනවනම් නොර්වේ තානාපති එක්ක ඇරගන්න කියපන්.

      Delete
    5. යකෝ තොපේ ගෑනු බුර්කාව අඳින්නේ උන්ගේ කැමැත්තට වඩා තොපේ තිරිසන් කුහක ගති වලට තියෙන බය නිසා. තොපේ මිනිස්සු ලෝකේ අනෙක් රටවල අනෙක් ජාතිවල ගෑනුන්ගෙ හෙලුව බලන්න තියෙන කෑදරකම හිතාගන්න පුලුවන් උන් බලන කුනුහරප වෙබ් වල හැටි දැක්කහම. තොපේ මිනිස්සු ඔච්චර සංවරනම් තොපිට ගෑනුන්ට බුර්කාව අන්දවන්න තියෙන උනන්දුව එවලෙට නැත්තේ ඇයි?

      Delete
  2. බුර්කාවනම් තහනම් කරන්නම ඕනේ, සමහරුන්ට බුර්කාව පිටින් ජාතික හැඳිනුම්පත් ඡායාරූපයට පවා පෙනීහිටින්න පුලුවන් උනේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.

    ReplyDelete