Monday, July 8, 2013

13 න් ඔබ්බට



13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත උනුසුමක් ඇතිවෙමින් පවතියි. මේ 13 කතන්දරය පටන්ගැනෙන්නේ ජේ.ආර් හා රජීවු ගාන්ධි මාර්ගයෙන් මෙරට හා ඉන්දියාව අතර ඇතිවූ ඉන්දු ලංකා ගිවිසුම සමගය. මේ ගිවිසුම අපට වලංගුද? මෙය අදටත් මුලු රටම කරතබාගෙන යායුතුද? ඇත්තෙන්ම අවශ්‍ය නැත. මේ ගිවිසුම් හරහා ඉන්දියාව අපමත බලෙන් පටවා තිබෙන පලාත්සභා වලින් රටට වූ යහපතක් නැතිමුත් ඉන් සිදුවූ විනාශයනම් කියා නිමකළ නොහැක. බෙදුම්වාදය සතුටු කිරීමට පලාත්සභා වලට බලය බෙදීමට ගොස් වර්ධරාජා පෙරුමාල් මැතිවරනය ජයගෙන උතුරු නැගෙනහිර ඊලම ප්‍රකාශකර ඉන්දියාවට පැනගිය ආකාරය අපට තවත් මතකය. තවත් ඊලාම්වාදයට උඩගෙඩි දීමට වඩා කළයුත්තේ මේ ඊලාම්වාදය හා බෙදුම්වාදය මතවාදීව පරාජයකර හැරීම මිස ඊලාම්වාදීන් හා ඔවුන්ගේ මාක්ස්වාදී සහයකයින් සතිටු කිරීමට දොලපිදේනි දීම නොවේ.මේ ගැන කෙටියෙන්ම කීමට ඇත්තේ මෙයයි. එනම් අප තවත් ඉන්දියාව හෝ බටහිර සතුටු කිරීමට බැඳී නැති බව හා අපේ රට ගැන තීරණ ගතයුත්තේ රට ගොඩනැගූ සිංහල ජාතිය මිස ඉන්දියාවවත් බටහිර අධිරාජ්‍යවාදීන්වත් ඔවුන්ගේ කීකරු මෙහෙකරුවා වන මෙරට දෙමළ ඊලාම්වාදීන්වත් නොවන බවයි.

No comments:

Post a Comment