Saturday, June 8, 2013

අපේ බුද්ධිමත් දේශපාලකයින්ගේ අරුම පුදුම හිතීමේ හැකියාව.


අපේ රටේ මිනිසුන් කලක් තිස්සේ පුරුදු වී තිබෙන්නේ චන්දයකදී තම පුද්ගලික ආත්මාර්ථකාමීකම් ඉස්මතු කරගැනීමටත් ජාතික අරමුණු වලට වඩා පුද්ගලික ආත්මාර්ථකාමී අරමුණු වලට ප්‍රමුඛත්වයක් දීමටත්ය. එලෙස පුද්ගලික අත්මාර්ථකාමීකම් ප්‍රමුඛ වූ කල තමන්ට කවර හෝ තුට්ටු දෙකේ වාසියක් කරන කපටි දේශපාලකයෙකුට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම චන්දය තම චන්දය ලබාදෙන්න තැනට කවුරු කවුරුත් යන්නේ ඉබේටමය. එවිට උලු කැටයට ටකරමට  හෝ චන්දය දී පත්කරගන්නේ හිතන්න මොළයක් ඇති මිනිසුන් නොවෙති. මෙවැනි අවශ්යත ඇති හෙනාට උලු කැටය හෝ ටකරම ලොකු දෙයක් වියහැක, නමුත් අප ජීවත්වන සමාජය තුල යම් තරමකට හෝ සාමූහිකත්වය ඉතිරි වී ඇති බැවින් තමාගේ උත්සහයද මත මේ අවශ්යතා ඉටුකරගැනීමට බැරි නැත. මෙලෙස තුට්ටු දේකේ වාසියට චන්දය ලබාදී පර්ලිමෙන්තු යැවූ එක් ආචාර්ය වරයෙකු යැයි කයාගන්නා පුද්ගලයෙකුගේ හිතීමේ හැකියාව ගැන අපට පැහැදිලි චිත්තරූපයක් ඇතිකරගතහැකිවූයේ ඔහු කර තිබූ එක් ප්‍රකාශයක් අනුවයි.
               එනම් අද ගම්වල ගෑනු ළමයි ඩෙනිම් කලිසම් අඳින බවත් මෙය රටේ පරගතිය හා සෞභාග්‍ය පෙන්වන ලකුණක් බවටත් කර තිබූ ප්‍රකාශයකි. ඔහුගේ මේ මන්දබුද්ධික ප්‍රකාශයට අනුව මුලු රටේම සිටින කාන්තාවන් හා ගෑනු ළමුන් කලිසම් ඇන්දදාට රටම ප්‍රගතියකරා ගොස් සෞභාග්‍ය පිරී ඉතිරී යනු ඇත. ගෑනුන් ඩෙනිම් කලිසම් හෝ වෙනත් කුමන කලිසමක් ඇන්දත් එයින් ලැබෙන සෞභාග්‍යක් නැත. සිදුවන එකම දේ අපේ සමාජය තුල ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාට ආවේනික වූ මානසික නුසර්තන ගැන තිබෙන අපට හුරුපුරුදු සංවේදීතාවයන් මොටවී අසංවේදී සමාජපරිසරයක් නිර්මාණය වීම පමණි. එය සමලිංගික විකුර්ති කාමුකත්වය සාධාරණීකරණය කිරීමට රුකුලක් වනවා මිස පිළිගත් ලිංගික ජීවනරටාවක් ඔස්සේ සමාජය හැඩීමට ඉවහල් නොවේ. අවශ්‍යනම් සමලිංගිකත්වය තුලින් ජනගහනය වැඩි නොවන බවත්, එවිට ජාතික ආදායම අඩු ජනගහනයකින් බෙදෙන බැවින් ඒකපුද්ගල ආදායම වැඩි අගයක් ගන්නාබව කීමට මෙයට අදාල මොන්ගල් දේශපාලන්ඥ්ඥයාට කිවහැක. මා එම කරුණද ගෙනහැරදැක්වූයේ මෙවැන්නන්ගේ හිතීමේ හැකියාවේ තරම ගැන හොඳින් දැනගෙනය.
                          බටහිරදීද ගෑනුන් කලිසම් ඇඳීමත්, පිරිමින් අනුකරනය කරමින් පිරිමින්ට ආවේනික විවිධ ක්‍රියාකාරකම් කිරීමට පෙළඹුනේත් යුදෙවු කුහකත්වයන් බටහිර සමාජය ආක්‍රමණයකර බටහිර කාන්තාවිමුක්තිවාදය දලුලා වැඩීමත් සමගය.මේ කසිකබල් අංග අපේ සමාජයට ඇතුල් කරගෙන ඒ තුලින් ප්‍රගතිය හා සෞභාග්‍ය මනින මුග්ධ භාවය බටහිර අධිරාජ්යවාදයේ මතවාදී ආක්‍රමණය හා එහි ප්‍රධාන අවිය  වන බටහිර අධ්‍යාපනය තුලින් මේ ආචාර්ය ගොබ්බයන්ට උරුම වූවකි.ඔවුන්ට මේ ගොන් මතවද වලින් අපේ මොළ හේදීමටනම් බැරිය. ඔවුන් මේ ගොන් කතා කියා රැවටියයුත්තේ ඔවුන් වැන්නන් අනුගමනය කරන පිරිසය. ලිංගිකත්වය මත ඇතිවන සමාජමය ව්‍යාකූලත්වයන් හරහා සමාජ ප්‍රගතිය හා සෞභාග්‍ය මැනීමට තරම් අප මෝඩ තකතීරුවන් නොවනබව පමණක් මේ මැටි ආචාර්යවරයාට මතක්කර දියයුතුය.

4 comments:

  1. මූට ආචාර්ය පට්ටම දුන්නෙ කවුද දන්නෙ නෑ? මූ වගේ එවුන් රටේ වාසනාවට ගොඩක් නෑ. ඒත් ඉන්න එකා සේරටම හරියන්න දේවල් කරනවා. මතකද මොණරාගල පැත්තේ අක්කර දහස් ගනනක් එංගලන්ත සමාගමක උක් වගාවකට දෙන්න හැදුවා. මුන් රටේ දියුණුව මනින්නේ මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. මූ ගැන තවත් මොන කතාද?

      Delete
  2. අනාගත "ස්ත්‍රීවාදී වීදි සටන් උද්ගෝසන" සදහා පෙර පුහුණුව බාලිකා පාසල් වල වේගයෙන් බෝවෙමින් යන "Annuel Walk "හරහා සිදුවිය හැකි බව කවුරු නම් දනීද​? 80/90 දශකයේ අපේ බාලිකා පාසල්වල මෙවැනි විගඩම් සිදුවුණාද​? සිංහල කාන්තාවන් මෙලෙස මහ පාරේ විලි බිය නැතිව පෙල පාලිවල ගමන් යෑම හරහා අනාගතයේ කුමක් සිදුවේද​? කරුණාකර මේ සම්බනදයෙන් ලිපියක් ලියන්ඩ​. මේ අමන වැඩේට එකාවන්ව විරුද්ද වෙමු.

    http://www.facebook.com/media/set/?set=a.569532573069471.1073742013.143587452330654&type=1

    http://www.facebook.com/media/set/?set=a.565901996765862.1073742003.143587452330654&type=1

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ වටිනා අදහසට. ඔබ වැනි අය මේ ගැටලුව සම්බන්ධව දක්වන සංවේදී බව මෙකල අපට ඉතා වැදගත්. ඔබේ ඉල්ලීම අනුව නුදුරෙහිදීම ඔබ පෙන්වාදෙන කරුණ ගැන ලිපියක් සපයන්නම්. තවත් එකක් කියන්න ඕනේ, ඒ තමයි ඔබ අසා තිබෙනවා 80/90 කාලේ මෙහෙම තත්වයක් තිබුනද කියලා. මට මතකයි 1995/ 1996 වගේ චන්ද්‍රිකාගෙ බලේ තිබුන කාලේ බාලිකා පාසල් වල ළමයි දාගෙන කාන්තාවිමුක්ති පෙලපාලි ගිහිල්ල තිබුනා, ඒ වගේම සෑම පාසලකටම කාන්තාවිමුක්තියගැන කාන්තාදිනය ඉලක්ක කරගෙන රචනා ලියන්නත් පාසල් ළමයින්ට බලකර තිබුනා.

      Delete