Friday, June 7, 2013

සංස්කෘතික යටත්විජිතවාදය හා යුදෙවු මතවාදී ආක්‍රමණය හඳුනා නොගෙන අධිරාජ්යවාදයට එරෙහිව සටන්කළහැකිද?




නිදහසින් පසුව මේ දක්වාම අධිරාජ්යවාදයට එරෙහිව සිංහල බෞද්ධ ජාතික බලවේග විවිධ මට්ටමෙන් විවිධාකාර ලෙස පැනනැගුණද අධිරාජ්යවාදයේ සියලුම අංගයන්ට එරෙහිව නිසි ප්‍රතික්‍රියාවක් ඇතිකිරීමට තරම් ප්‍රබල ජාතික බලවේගයක් මේවනවිටත් සිංහල බෞද්ධ ජාතික අරමුණු වලට සාපේක්ෂව බලන කල බිහිවී නැති බව කනගාටුවෙන් වුවත් අප පිළිගතයුතුය.
                                බොහෝ අධිරාජ්ය විරෝධී ජාතික සංවිධාන විසින් හඳුනාගන්නේ අධිරාජ්යවාදයේ දේශපාලනික හා ආර්ථික අංශයන් පමණකි. සංකෘතික යටත්විජිතවාදය හා මතවාදී ආක්‍රමණය ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන් අධ්යාපනය, ක්‍රීඩා, ජනමාධ්ය හා සිනමාව යන අංශ හරහායි. මෙකී සියලු අංශ හරහා ක්‍රියාත්මක වන බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය හා ඒ ඔස්සේ ගොඩනැගෙන අධිරාජ්ය ගැති සමාජ පරිසරය තුලම මේ ජාතික බලවේග මෙහෙයවන නියමුවන් එක්තරා මට්ටමකට කොටු වීම අධිරාජ්යවාදයේ මේ නියම ස්වරූපය හඳුනාගැනීම අපහසු වීමට ප්‍රධානම හේතුව වෙයි.
                                  මේ පිළිබඳ සවිස්තර කරුණු ඇතුලත් ලිපි කිහිපයක් ඉදිරියේදී එක්කිරීමට බලාපොරොත්තු වෙමි. මේ කෙටි විස්තරය සපයන්නේ අධිරාජ්යවාදයේ මේ අංගය ගැන කතාකරන පිරිස අඩු බැවින් ඒ ගැන යම් අවධානයක් ඇතිකරවීමටය.

7 comments:

  1. http://www.nation.lk/edition/people-and-events/item/11603-us-embassy-celebrates-day-of-the-girl-child.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

      Delete
  2. http://www.youtube.com/watch?v=HsNE56DHHRA

    http://www.facebook.com/media/set/?set=a.565901996765862.1073742003.143587452330654&type=1

    http://www.youtube.com/watch?v=NNupahE-gMY

    නූතන ඊනියා විශාකාවන් ගේ රග සහ අපේ බොදු සමාජයේ ලොවේ උතුම් ලද විශාකාවගෙයි වෙනස​...

    "මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද විශාකාව වේවා"......

    "මතු උපදින සසරේ විශාඛාව වී
    මෙත් මඟ නෙත් හමුවේවා".....

    "සූ සැට බරනින් සැරසීලා නා කපනා වැහි වහින වෙලේ විශාකා තොමෝ පැමිණි විලාසින් අපිට යන්නට බෑ Wisahaka Walk එකේ"......

    නූතන ඊනියා බෞද්ධ කුල කාන්තාවන් ගේ ඛේදවාචකය මේ වායින් තේරුම් ගන්ඩ​.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ බුදුන්කල සිටි විශාකාවන් නෙවෙයි. දැන් ඉන්න ඊනියා නූතන යුගයේ මොඩ් විශාකාවන්ට තියෙන ලොකුම කරදරේ තමයි තමන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වය. මේ අය සමාජයේදි තමන් කාන්තාවක් හැටියට හඳුන්වනවට කැමතිත් නෑ.

      Delete
    2. okata mokak hari prathipatthiyak genalla mun tika samool gathanaya karanam hari bn ethakota eka dakina anith ewun nikanma hadenawa eka thamayi arabiye system eka sthreewadin wa prasiddiye ellanawa

      Delete
    3. විකාර,,, ස්ත්‍රී දුෂණ වලින් පිරිච්ච රටක ගෑණු සිගරැට් අරක්කු බොන එකයි කොටට අඳින එකයි තමයි වැරැද්ද.. මේ රටවලට ඇවිත් බලන්න කිසිම කරදරයක් ගෑනුන්ට තියෙනවද කියලා .. ඒත් සිගරැට් බොන්නේ නැත ගෑණු කෙනෙක් හොයාගන්න ටිකක් අමාරු වෙයි,.. මං ස්ත්‍රී වාදිනියක් නම් නෙමේ සාමාන්‍ය මනුස්සයෙක්,

      Delete
    4. මම පෙන්වා දෙන කාරනේ තේරුම්ගෙන තියෙන ආකාරය වැරදියි. මම මෙතන පෙන්වාදෙන්නෙ ගෑනු කොටට අඳින එක වගේ දේවල් නිසා ස්ත්‍රී දූෂණ වෙනවයි කියන එක නෙවෙයි. ඇත්තටම ඒ මතය ව්‍යාප්ත කරන්නෙත් අද කාන්තාවිමුක්තිවාදීනුයි. මොකද උන්ට ඕනේ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් ඉවත් කරලා නපුන්සක සමාජ හදන්න. මම මෙතන පෙන්වාදෙන්නේ කාන්තාවන් පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කරන්න ඕන කියන එකත් බටහිර කාන්තා විමුක්ති මතවාදී ආක්‍රමණයේ කොටසක් කියන එක. කාන්තාවන් සිගර්ට් බීම අරක්කු බීම විතරක් නෙවෙයි පිරිමින් මෙන් ඇඳුම් වස්ත්‍ර ඇඳීම ආදියත් ලිංග භේදයක් අනවශ්‍ය යැයි කියමින් සමලිංගිකත්වයට පාර කපන ක්‍රියාකාරකම් වර්ධනය කිරීමත් මේ මතවාදී ආක්‍රමණිකයා හොර රහසේ කරනව. මම පෙන්වාදෙන්නේ මේ වගේ කාරනා වලට සංවේදී නොවී අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරන්න යන එක විහිළුවක් කියන එක.

      Delete