Thursday, June 27, 2013

උන්මත්තක කාන්තාවිමුක්තිවාදය රටතුල සමාජගත කිරීමට එ.ජා.ප යට ඇති තදියම.



ලංකාව වැනි රටවල දේශපාලුවන් පොදුවේ අපහසුවකින් තොරව බටහිරින් ලකුණු දමාගැනීම සඳහා කරන එක්තරා ජඩ වැඩක් නම් බටහිර කාන්තාවිමුක්තිය රටේ පැලපදියම් කිරීමට යෑමයි. මෙ ක්‍රියාවේදීද අනෙකුත් දේශපාලන කණ්ඩායම් වලට වඩා එ.ජා.ප යට එය කිරීමට තිබෙන තදියම ගැන විශේෂයෙන් කිවයුතුයි. එ.ජා.ප යනු බටහිර සංස්කෘතික හා යුදෙවු මතවාදී ආක්‍රමණයේ මෙරට නියෝජිතයා වෙයි. කලක සිට එ.ජා.ප යේ දේශපාලන ප්‍රතිපත්ති පවා සැකසෙන්නේ එංගලන්තයට අවශ්‍ය අකාරයටය. දැන් මුලු බටහිරම පොදුවේ එ.ජා.ප රූකඩය නටවයි. එ.ජා.ප ආතුරයා කලින් කලට බටහිර මතවාදී ආක්‍රමණික අවතාරය ඇඟට ආරූඪ කරගෙන විවිධ විෂයන් සම්බන්ධයෙන් රට තුල බටහිර ප්‍රතිපත්ති හරිහැටි ක්‍රියාවට නැගෙන්නේ නැතැයි කෑමොරදෙමින් මැසිවිලි නගන්නේ රජයටද චෝදනාව එල්ල කරමිනි. රජය මුලුමනින් දෑහිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරනබවක් මෙයින් නොඇඟවෙයි. එ.ජා.ප ය මැසිවිලි නගන්නේ බටහිර ප්‍රතිපත්ති හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ පවතින දියාරු හා ඇල්මැරුනුබව ගැනයි. ඔවුන් කියාසිටින්නේ මේ නිර්දේශ මීට වඩා උද්‍යෝගයකින් ක්‍රියාත්මක කළයුතු බව හා රජයට එසේ කළ නොහැකිනම් එ.ජා.ප රජයක් පත්කරගෙන ඒ යටතේ මේ බටහිර නිර්දේශ වඩා උද්‍යෝගයකින් ක්‍රියාත්මක කිරීමට හෝ එ.ජා.ප ය සූදානම් යන්නයි.
                        මේ නිවට රැල සිතා සිටින්න්නේ ඔවුන්ගේ මේ තරඟයට මෙන් බටහිර අනුකාරකත්වය හිසේ පුරවාගෙන කරන බටහිර සංස්කෘතික ආක්‍රමණිකයා සතුටු කිරීම මහා ලොකුකමක් කියාය. මේ ලිපියට පාදක වන කරුණ නම් එ.ජා.ප යට බටහිර කාන්තාවිමුක්තිය මෙරට පැලපදියම් කර පෝශනය කිරීමට තිබෙන තදියම හා ඊට සම්බන්ධ එ.ජා.ප යේ ක්‍රියාකලාපයයි. එක් පසකින් එ.ජා.ප යේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් පවතියි. කෙසේ නමුත් එය එසේ වූ පමණින් එ.ජා.ප ය අනුගමනය කරන ප්‍රතිපත්ති වල වෙනසක් ඇති නොවේ. ඔවුන් කාන්තා විමුක්තිවාදය රට තුල ව්‍යාප්තකිරීමට තම න්‍යායපත්‍රයේද වැඩිම ප්‍රමුඛත්වයක් ලබාදෙති.  රනිල්ලා සජිත්ලා අතර මොන ප්‍රශ්නයක් තිබුනද මේ දෙදෙනාම එකාට එකා පරයමින් බටහිර කාන්තාවිමුක්තිවාදය රටේ පැලපදියම් කර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා සතුටු කිරීමට වගබලාගනිති. ඔවුන් එසේ කළපමණින් රජය ඊට විරුද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවක් මෙයින් ඇඟවෙන්නේ නැත. රජයද බටහිරින් ලකුණු දමාගැනීමට මේ දේවල් කළත් එ.ජා.ප ය තරමට දරුණු ලෙස නොකරයි, එමෙන්ම රජය මේ සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තියේ යම් දියාරු බවක් ඇත. රජය බටහිර කාන්තාවිමුක්තිවාදයේ හානිකර ස්වභාවය තේරුම්ගෙන ඇතැයි යනවගක් මෙයින් නොකියවෙයි.
                           මේ ඔලමොට්ටල දේශපාලුවන් කාන්තා අයිතීන් ගැන හෝ කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන කතාකරමින් කරන්නේ ස්ත්‍රීත්වය හා මාතෲත්වය අනුව පැහැදිලිව හැඩගැසුනු ජීවනරටාවක් ගෙනයන කාන්තාවන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම නොවේ. මේ දේශපාලන තකතීරුවන් තමන්ට බටහිරින් ලැබෙන වරප්‍රසාධ හා වෙනත් පුද්ගලික වාසි වලට කෑදර කම හේතුවෙන් නොකරන පල් වැඩක් නැත. මෙහිදීද සිදුවන්නේ ඔවුන් බටහිරින් ලකුණු දමාගෙන මෙරට සමාජය තුල බටහිර කාන්තාවිමුක්තිය අනුගමණය කරන ලිංගිකත්වය ගැන බටහිර නූතනත්වයේ විකුර්ති මතවාද ගිලගත් උමතු ගෑනුන් පරපුරක් හැදීමයි. මෙය අන්කිසිවක් නොව බටහිර මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයා මෙරට තුල ඔවුන්ගේ නියෝජිතයන් වන අවස්ථාවාදී  දේශපාලුවන්ට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවකි.  රනිල් වික්‍රමසිංහ මෙන්ම සජිත් ප්‍රේමදාසද  පුනපුනා කියන්නේ මෙරට දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩිකළයුයුතු බව හා කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි. 




   

    එ.ජා.ප ය ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්ති තුලින්ම කියා සිටින්නේ, කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳව කටයුතු කිරීමට රටේ සෑම ප්‍රදේශයකම සෑම සමාජ ස්ථරයක්ම ආවරණය වන පරිදි කාන්තා මණ්ඩල පිහිටවා කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි. ගැටලුව වන්නේ මෙලෙස රකින්නට යන්නේ කවරාඅකාරයක කාන්තාවන්ගේ අයිතියද යන්නයි. එය පැහැදිලිව අපේ රටේ සමාජ පරිසරය තුල කාන්තාවන්ට ගැලපෙන හැඩගැසීමක් ඇති අයගේ හා දරුවන් සිටින අම්මලාගේ අයිතියක් නොවේ. මේ කාන්තා අයිතිය අන් කිසිවක් නොව මෙරට සිටින බටහිර කාන්තා විමුක්තිවාදය අනුව යමින් පිරිමි ලිංගිකත්වය පවා අවිචාරවත්ව අනුකරනය කරන මෙන්ම පුරුෂ විරෝධී විකුර්ති අදහස් ඇති කාන්තාවන්ට එසේ කිරීමට ඇති අයිතියයි. එලෙසම එම ප්‍රතිපත්ති මගින් තවදුරටත් කියා සිටින්නේ පාර්ලිමෙන්තුව මගින් පවරනුලබන වෙනත් බලතලද ඒ හරහා ක්‍රියාත්මක කරන බවයි. "වහෙන් ඔරෝ" බාසාවෙන් මේ කියන්නේ කුමක්ද? එනම් ඉහතින් විස්තර කළ ආකාඅරයට බටහිර කන්තා විමුක්තිය අනුගමනය කරන මනස විකුර්තිකරගත් ගෑනුන් ලිංග භේදයක් එපා යැයි කියා පුරුෂ අනුකරනයන් කරමින් අප සමාජයේ සියලු වටිනාකම් වනසා යකා නටද්දී ඔවුන්ගේ ආරක්ෂාවට පාර්ලිමෙන්තුව හරහා ගෙනෙන අනපනත් ක්‍රියත්මක කිරීම නොවේද? ඒ ආකාරයටම පිරිමින් හා සමස්ථ පිරිමි ලිංගිකත්වයම හෙලාදකින කාන්තා විමුක්තිවාදිනියන්ගේ විකුර්ති මනස තෘප්තිමත් කිරීම සඳහා බටහිර රටවල මෙන් පුරුෂ විරෝධී අනපනත් ගෙනවිත් ක්‍රියාත්මක කිරීම නොවේයැයි කාට කිවහැකිද?

                           තමන්ටම ආවේනික ගොන් චරිතයක් රඟපාන රනිල් උන්නැහේ මෑතකදී අනෙකුත් එ.ජා.ප මෝඩ රැල සමග එක්ව කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා කොමිසමක් පත්කරගත්තේය. එහි අරමුණ වන්නේ කාන්තාවන්ට වන හින්සනයන් හා අකටයුතුකම් සොයාබලා ඒවා වැලැක්වීමයි.තමන් ගෑනියෙක්ද පිරිමියෙක්ද කියාවත් ප්‍රතිපත්තියක් නැති රනිල්(පොනිල්) මේ කොමිසම පත්කරන්නේද පෙරකී ආකාරයේ මෙරට සිටින බටහිර කාන්තාවිමුක්තිය අනුව යමින් මුලු සමාජයටම වින කරන ඊනියා කාන්තා විමුක්තිවාදිනියන් රැල ආරක්ෂා කිරීමට මිස අන් කිසිවකට නොවේ. රනිල් උන්නැහේ වැනි බටහිර අනුකාරක ගොන් තකතීරුවෙකුට මෙරට කාන්තාවන්ට ආවේනික හැඩගැස්මක් ඇති දරුවන් සිටින මවුවරුන්ගේ ආරක්ෂාවට වඩා උමතු කාන්තාවිමුක්තිවාදිනියන්ගේ පැවැත්මනම් වටිනා බව කාට කාටත් පැහැදිලිව තේරුම්ගතහැකි දෙයකි. 

                              සජිත් ප්‍රේමදාස උන්නැහේද තරඟයට මෙන් මෑතක කාන්තා හින්සන ගැනත් එ.ජා.ප ය මහා ලොකු වටිනා දෙයක් ලෙස සලකන කාන්තා ප්‍රඥ්ඥප්තිය ක්‍රියාත්මක නොවීම ගැනත් මැසිවිලි නගා ඇත. මේ පිස්සු කාන්තා ප්‍රඥ්ඥප්තිය ක්‍රියාත්මක නොවී ඇත්නම් ඒ රටේ වාසනාවටය. එසේ නොමැතිව මෙය ක්‍රියාත්මක වුනේනම් බටහිර කාන්තා විමුක්තිවාදී විෂබීජයට මෙරට සමාජයම ලෙඩකර අඩපන කරන්නට ගතවියහැකිව තිබුනේ ඉතා සුලු කාලයකි.  මේ එ.ජා.ප තකතීරුවා මහත් උජාරුවෙන් කියන්නේ මේ කාන්තා විමුක්තිවාදී ක්‍රියාකාරකම් ගම්මට්ටමට හා බිම්මට්ටමට ගෙනයායුතු බවයි. එ.ජා.ප පාලන සමයේ කාන්තා හින්සන ගැන හොයන්න පිහිටවූ පොලිස් ඒකක හරිහැටි ක්‍රියාත්මක නොවන බවටද සජිත් උන්නැහේ මැසිවිලි නගන්නේ හොටුත් හූරමිනි. ( මේගැන තවත් සවිස්තර ලිපියක් "ස්ත්‍රීවාදය" බ්ලොග් පල වී තිබුණි, ලින්ක් එක මෙතැනින්/  http://sthreevaadaya.blogspot.com/2013/06/blog-post.html) සජිත් ප්‍රේමදාස උන්නැහේ මෙදා කුලප්පු වීම පසුපස ජර්මන් තානාපති කාර්යාලය සිටීද යන්න ගැන සැකයක් එක්පසකින් ඇත.

                       කාලයක සිට ලංකාවේ බොහේ කටයුතු තීරනය කරන්නේත් මෙරට රජය ඇතුලු දේශපාලඥ්ඥයන්ට විවිධ කාර්‍යයන් සම්බන්ධයෙන් උපදෙස් දෙනුලබන්නේත් විදේශ් තානාපතිවරු හා රාජ්‍ය නොවන සංවිධාන විසිනි. මේ තත්වය තවමත් මුලුමනින් පහවගොස් නැත. යම් තරමක අස්වැසිල්ලකට තිබෙන්නේ මොවුන්ට අව්ශ්‍ය ආකාරයට රජය නැටවීම තරමක් අපහසු වී තිබීමයි. දැන් ඔවුන් තම සුපුරුදු සගයා වන විපක්ෂ එ.ජා.ප ය නටවයි. ඒගැන වැඩි විස්තර කීම එක් අතකට වචන නාස්ති කිරීමකි. බටහිර මතවාදී ආක්‍රමණිකයාගේ වසුරු ගිලදමා උන් වෙනුවෙන් කුලියට බෙරිහන්දෙන එ.ජා.ප වසලයන්ට එක් කාරනයක් මතක්කරදියයුතුයි. ඒ බටහිර කාන්තා විමුක්තිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කිරීමට බොරු කැටයම් දමා ඉදිරිපත්කළ ඔවුන්ගේ හොර කාන්තා ප්‍රඥ්ඥප්තිය ස්ක්‍රීය වී ක්‍රියාත්මක නොවුනේ මෙරටේත් ජාතියේත් පෙර වාසනාවකට යන්නයි. එමෙන්ම එ.ජා.ප යට බටහිර කාන්තාවිමුක්තිය මෙරට පැලපදියම් කිරීම අරභයා ඔවුන් කරන්නට සිතා සිටි කිසිවක් රජය විසින් කරනු නොලැබීම ගැන මේ රට ගැන හැඟීමක් ඇති කවුරු කවුරුත් රජයට ප්‍රශංසා කළයුතු විනා දෝශාරෝපනය කළයුතු නැත. රජය තුල කාන්තා විමුක්තිවාදීන් නැතැයි අප නොකියමු. නමුත් රජය මේ බටහිර මතවාද පටු අරමුණු වෙනුවෙන් සමාජගත කිරීමට ඒතරම් උනන්දුවක් නොදැක්වීම ජාතියට මහත් අස්වැසිල්ලක් වෙයි. අවසන් වශයෙන් මේ රනිල්(පොනිල්) උන්නාන්සේටයි සජිත් ප්‍රේමදාසයාටයි දෙදෙනාට ඇතුලු එ.ජා.ප අඳබාලයන්ට මතක්කරදෙන්නේ මේ ටිකයි. මහා ලොකු දියුණුවක් ඇතැයි කියන බටහිර ඊනියා සංවර්ධිත රටවලට දැන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි දැක්මක් අපට තිබේ. තවදුරටත් බටහිරයන් අපට වඩා හැම අතින්ම ඉදිරියෙන් සිටින්නේ යැයි හිතාගෙන උන්ගේ මතවාද ඉස්මුදුනින් පිලිගැනීමට තරම් අවිචාරයක් මෙරට වැඩි දෙනාට නැත. එලෙසම බටහිර කාන්තාවිමුක්තිය මේ රටේ පැලපදියම් කිරීමට එ.ජා.ප යේ තොපට අප ඉඩදෙන්නේද නැත. තොපිට එසේ කිරීමට අවශ්‍යනම් සබ්බ සකලමනාවම පොදිගසාගෙන තමන් කැමති බටහිර රටකට ගොස් තොපිට උපදෙස් දෙන මහ එවුන් සමග ඕනෑ නාඩගමක් නටාගනින් අපට පවු නොදී.

No comments:

Post a Comment