Wednesday, June 26, 2013

මින් ඉදිරියට අප අපේ චන්දයට අර්ථයක් හා නිසි වටිනාකමක් ලබාදෙමු.



මෙරට දේශපාලන ඉතිහාසය පුරාවට දේශපාලුවන් කර තිබෙන වන්චාවල් ගැන කොතෙකුත් කිව හැක. එහෙත් මීටම සමගාමීව මෙරට චන්දදායකයා, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරතිබෙන මෝඩකම් ගැනද ඒ තරමටම කතාබහ කළහැක. රටේ සර්වජන චන්දබලය ස්ථාපිත කළද රටට ගැලපෙන චන්ද ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම හා පක්ෂ දේශපාලනය තුල සිංහල බෞද්ධ බහුතරය බැටකා තිබෙන්නේ ඉමක් කොනක් නැතිවය. විශේෂයෙන් ජාතියක් හැටියට අප විජාතික බලවේග හමුවේ පත්ව තිබෙන අපහසුතාවයන්ටත් වඩා අපහසුතාවයකට තම ජාතියේම දේශපාලන අවස්ථාවාදය විසින් විජාතික බලවේග ශක්තිමත් කිරීම හරහා අප පත්වී ඇත. මේ සියල්ලට මූලික හේතුවනම් පුද්ගලික ආත්මාර්ථකාමී බලාපොරොත්තු මත ජාතියට වල කපන විජාතික ගැත්තන්ට අපේ වැඩිදෙනා චන්දය දීමට පුරුදුව සිටීමයි. අප සමාජයේ තිබෙන මේ දුර්වලතාවය මනාව පෙන්නුම් කරන්නේ මහජනතාව හා ජනතා අපේක්ෂා යන සංකල්ප ජාතිකත්වයට එපිටින් ආදේශවී තිබීමෙනි. මේ මහජනතාව කියන පිරිසට ඇත්තේ ජාතික අරමුණු වලට වඩා පොදු පහසුකම්, ර්ජයේ රැකියා ආදී දේවල් වෙයි. අපට ජාතියක් ලෙස සිදුවෙමින් පවතින දේවල් වල හැටියට තවදුරටත් මේ වැඩපිලිවෙල අපට හිතකර නොවේ. අප වහාම මේ මහජනතාව හා ජනතා අපේක්ෂා යන ආත්මාර්ථකාමී සංකල්ප වලින් බැහැර වී ජාතිය හා ජාතික අරමුණු යන සංකල්ප තුලට යායුතුය. ජාතියක් ලෙස එකට සිතීමේදී එකා පරයා එකා යෑම නොව ලෝකය තුල ජාතියක් ලෙස යම් සුරක්ෂිත පැවැත්මක් ඇතිකරගැනීම සියල්ලට වඩා වැදගත් වේ. අධිරාජ්‍යවාදයේ සංකෘතික හා මතවාදී ආක්‍රමණයද පරදවා ජාතියට සැබෑ නිදහසක් ලබාගැනීම ජාතික අරමණු අතරද ප්‍රධාන වියයුත්තකි.
                  මේ කරුණු සක්‍රිය කරගැනීමටනම් අප මින් ඉදිරියට චන්දයකදී කෙසේ  ක්‍රියාකළයුතුද, කාට චන්දය දියයුතුද යන කාරනා ගැන නැවත සිතීමට සිදුවනුඇත. ජාතිය රවටා අවස්ථාවාදී දේශ්පාලනයක් කරන, චන්දය ලබාගෙන තනතුරු හා බලය අත්පත්කරගත්පසු ජාතික අරමුණු වලට පිටුපා විජාතික බලවේග වලට ගැතිකම් කරන  කාලකන්ණි දේශපාලුවන් තවදුරටත් ජාතියට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පහත කාරණා ඉටුකළහැකි දෑහිතකාමී සැබෑ නායකයන් පමණි.


1) බොරුවට නොව සැබෑ ලෙස සිංහල බෞද්ධ ජාතික අරමුණු වෙනුවෙන් පෙනීහිටින.
                        
                එනම් ජාතික අරමුණු හා ප්‍රතිපත්ති තුල අවංකව සිටින අයයි. මේ අයට තිබියයුත්තේ චන්දය ලබාගත්පසු බටහිරින් ලකුණු දමාගැනීම සඳහා ජාතික අරමුණු වලට පිටුපෑමේ ගුණය නොව ජාතික අරමුණු තුල සිටිමින් ඊට නායකත්වය දීමේදී විජාතික බලවේග වලින් එල්ලවන අභියෝග ජාතියට හෙලිදරවුකර ඒ සියලු අභියෝග ජයගැනීමට අවශ්‍ය ජාතික වැඩපිලිවෙලක් වටා සමස්ථ ජාතියම එක් රොක් කරගැනීමේ හැකියාවයි. එහිදී වෙනත් පටු අරමුණු පසෙකලා තමන්ට පුද්ගලික වාසි ලබාදීමට ඉදිරිපත් නොවුවත් ජාතික අරමුණු වෙනුවෙන් අවංක දෑහිතකාමී නායකයින් සමග එක්ව කටයුතු කිරීමට රටට ජාතියට හිතවත් සියල්ලෝම පියවර ගතයුතුය.


2) බුද්ධශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට අවංකව ඉදිරිපත්වන.
                  
                     මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලකයින් බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීමටත් බුද්ධශාසනය ආරක්ෂාකොට පෝෂණය කිරීමටත් බැඳී සිටියයුතුය. එහෙත් කළක සිට සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එනම් අවස්ථාවාදී දේශ්පාලුවන් සිංහල නොවන, බෞද්ධ නොවන ජනකොටස් වල චන්ද වලට හා දේශපාලන අල්ලස් වලට මේ වගකීම පැහැරහැරීමයි. 1948න් පසුවටත් මෙරට අනාගතය තීරනය කරන බලවේගය බවට පත්වූ බටහිර අනුකාරක පැලැන්තිය බොරු ජාතික සමගියක් අර්ථගන්වමින් සියල්ලන්ටම එකහාසමාන අයිතිවාසිකම් තිබියයුතු බව අඟවා සිංහල බෞද්ධයන්ට මෙරට ඉතිහාසය අනුව හා සමාජ සංස්කෘතික වශයෙන් තිබියයුතු සුවිශේෂත්වය නැතිකරදැමීමට තවමත් කටයුතු සිද්ධවෙයි. ලෝකයට මේ රට රටක් ලෙස ගොඩනගා ජාතික අනන්‍යතාවයක් ලබාදී තිබෙන්නේ සිංහල බෞද්ධයන්ය. එබැවින් බොරු ජාතික සමගි අර්ථකතන පසෙකලා බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී තවමත් ඉටුවී නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික අරමුණු ඉටුකිරීමට පියවර ගතයුතුය.


3) බොරු සංවර්ධනයට වඩා සොබාදහමට හා පාරිසරික වටිනාකම් වලට ප්‍රමුඛත්වය ලබාදෙන.

                     සංවර්ධනය යන සංකල්පයම බටහිර කාර්මික විප්ලවය සමග එකට පැනනැගුණු එමෙන්ම යුදෙවු චින්තනය මත පදනම්වන ආත්මාර්ථකාමී හා පරිසරහිතකාමී නොවන සංකල්පයකි. මෙය ලෝකයටම පොදු යැයි සිතීමට තරම් අමණයන් නොවී අපේ පාරිසරික වටිනාකම් හා ස්වභාවික සම්පත් ගැන මනා අවබෝධයක් ඇතිව පාරිසරික සමතුලිතතාවයන් බිඳනොවැටෙන ආකාරයේ සම්පත් පරිභෝජන රටාවක් පවත්වාගනිමින් රටට ආවේනික ඉදිරිගමනක නිරත වීමට තරම් පිටකොන්දක් ඇති  අය නායකයන් වියයුතුය. එමෙන්ම කැලෑ පාලු කරමින්, කඳු කඩාපාත්කරමින් මහා පරිමාණ විනශකාරී සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සිංහල බෞද්ධයන්ගේ පාරම්පරික ජනාවාස පොඩිපට්ටම් කරමින් ජලයෝජනා ක්‍රම හා ඊනියා කර්මාන්තපුර ඇතිකිරීමත් වෙනුවට කෘෂිකර්මාන්තය කේන්ද්‍රගතකරගත් ආර්ථික රටාවක් ගොඩනැගියයුතුය.


4) බටහිර කාන්තා විමුක්තිවාදයට හා සමලිංගිකත්වයට දැඩිව එරෙහිවන.
                      අද ලොව පුරාම ජාතිකත්වයන් වනසන ප්‍රධානම සාධකය වන්නේ බටහිර කාන්තා විමුක්තිවාදයයි. ජාතිකත්වයන් තබා මිනිස් සමාජයක දිගුකාලීන නිරවුල් පැවැත්මට තිබියයුතු අනිවාර්‍ය අංග වන ස්ත්‍රී පුරුෂ සමාජමය මිනිස් අනුවර්තන හා එම විශේෂණයන් අතර සමබරතාවයවත් ඉතිරි නොකරන උමතු කාන්තාවිමුක්තිය පැහැදිලිව ක්‍රියාකරන්නේ සමලිංගික විකුර්ති කාමුකත්වය සමග අත්වැල්බැඳගනිමිනි. අපට තවදුරටත් අවශ්‍ය වන්නේ මේ විකුර්ති මතවාද වලට උඩගෙඩි දෙන්නන් නොව පීතෲත්වයට හා මාතෲත්වයට වැඩි වටිනාකමක් දී, සිංහල සමාජයට ගැලපෙන ස්ත්‍රී පුරුෂ අනුවර්තනයන් ලිංගික ගැලපීම් හා ඒ මත පදනම් වන සමාජ සමබරතාවයන් ආරක්ෂා කර ලිංගික මනෝව්‍යාධීන් මෙන්ම විකුර්ති කාමුකත්වයන් මුලිනුපුටා දැමියහැකි නායකයන්ය.


5) සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය හා සූදුව වැලැක්වීමට පියවර ගන්නා.

                   එනම් කසිප්පු උවදුර හා සිගරට් මාෆියාවද ඇතුලුව සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට තදින් වැට බඳින, විශේෂයෙන් සමාජය ලෙඩකර දුර්වල කරන භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනුකම්පා විරහිතව දැඩි ප්‍රතික්‍රියාවක් එල්ලකළහැකි නායකයන්. එලෙසම සිංහල සමාජයට විනකර තිබෙන කැසිනෝ, රේස් ඔට්ටු ඇතුලු සියලුම ආකාරයේ සූදුව හොඳින් නැත්නම නරකින් මැඩපැවැත්වියහැකි නායකයන් රටට අවශ්‍යය.


6) ජාතික ධනය හා දේපල අයතා ලෙස පරිහරණය නොකරන.

                     මෙරට බහුතර දූෂිත දේශපාලුවන් කලක සිට පුරුදු වී තිබෙන්නේ ජාතික ධනය කොල්ලකෑම හා ජාතික දේපල අයතා ලෙස පරිහරණය කිරීම ඉලක්ක කරගනිමින් දේශපාලනය කිරීමටයි.  සිංහල බෞද්ධයන්ගේ ජාතික අරමුණු ජයගන්නා ගමනක් යෑමටනම් තවදුරටත් සිංහල ජාතියට අවශ්‍ය වන්නේ එවැනි කාලකන්ණින් නොව දෑහිතකාමී අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළහැකි එමෙන්ම ඒ සඳහා නොබියව ඉදිරිපත්වන පරාර්ථකාමී නායකයන්ය.


                       
සැබෑ ජාතික අරමුණු වෙනුවෙන් අප මින් ඉදිරියට අපේ චන්දය භාවිතා කළයුත්තේ ඉහත සඳහන් මූලික කොන්දේසි හරි හැටි ක්‍රියාත්මක කරමින් ජාතියක් හැටියට අප ලෝකය ඉදිරියේ සුරක්ෂිත කළහැකි අවංක බුද්ධිමත් මෙන්ම මේ කරුණු ඉටුකිරීමට එඩිතරබවක් ඇති පුද්ගලයන් සඳහා පමණි.
              උතුරු නැගෙනහිරට අරක්ගෙන තිබූ කොටි ත්‍රස්තවාදය පැරදවීමත් සමග එක් ප්‍රමුඛ පෙලේ ජාතික අරමුණක් ඉටුවුනත් ඉන් එහාට වියයුතු අනෙකුත් දෑ ඒ ආකාරයෙන් සිදුවී නැත. ඊලාම්වාදී බෙදුම්වාදය න්‍යායාත්මකව හා මත්වාදීව පරාජය කිරීමත්, ඉන්පසු රටට ආවේනික වූ ජාතික මතවාද දරන පිරිස රටේ ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට පත්කරගේන අපට ආවේනික ගමනක් යෑමත් තවම සිදුවී නැත. මෙය කිරීමටද ඉහත කාරනා අනුව මින් ඉදිරියට අපට අපේ චන්දය භාවිතා කිරීමට සිදුවනු ඇත.

4 comments:

  1. ප්‍රශ්නෙ තිබෙන්නෙ මෙහෙම එවුන් ඉන්නවද කියන එක හැබැයි යූ එන් පියනම් විකෘති මානසික ලෙඩ්ඩුන්ගෙන් පිරිලා

    ReplyDelete
    Replies
    1. එ.ජා.ප යනම් මනස විකුර්තිකරගත් එවුන්ටම හරියන පක්ෂයක්.

      Delete
  2. වැදගත් කොන්දේසි 6ක්. අපේ රටේ දේශපාලකයින්ගේ වැරදි වගේම දේශපාලන මැට්ටන්ට පුරුද්දක් ලෙස චන්දය දමා විඳවන මෝඩ සිංහල චන්දදායකයින්ගේ වැරදිද ජාතියට හෙන වැදීමට බලපා තිබෙන බව කිවයුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඒ ටික තේරුම්ගත්තට ස්තූතියි

      Delete