Wednesday, June 19, 2013

මන්ත්‍රී නාඩගම හා පාසල් විනය ගැන පසු විපරම.



මේ ලිපිය සකස් කළේ අප හිතවත් මහත්මයෙකුගෙන් ලැබුණු තොරතුරක් මතයි. මේ තොරතුරට අදාල සිදුවීම පිළිබඳ පුවතක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේද පළවී තිබුණි. මෙයට අදාල සිද්ධියනම් වයඹ පලාත්සභා මන්ත්‍රීවරයකු සිය දියණියට පාසලේ ගුරුවරියක් ඇඳුම කොටට නොඅඳින ලෙස කළ අවවාදයක් මුල්කරගෙන පාසලට ගොස් එම ගුරුවරිය ළමුන් ඉදිරිපිට දනගැස්වීමයි. අදාල වෙබ් අඩවියේ පළවී තිබුණු පුවතට අනුව සිද්ධියට මුහුණදුන් ගුරුවරිය පසුව පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.
              
             මේ සිද්ධිය කාන්තා හින්සනය ගැන කෑමොර දෙන NGO කාරයිටත් ඔවුන්ගේ ගෝලබාලයන් වන කාන්තාවිමුක්තිවාදීන්ටත් ලිප්ටන් එකේ බැරිනම් වෙනත් කොහේ හෝ තැනක කෑමොරදීමට කදිම සිදුවීමකි. එහෙත් මේ වනවිටත් ඔවුන් කිසිවෙක් කලබල වී නැත. ඇතැම්විට මේ පිරිසට සිද්ධියට අදාල ගුරුවරිය ඔවුන්ගේ කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන්නේද නැත්ද යන ගැටලුව තිබෙනවා වෙන්නට පුලුවන. කෙසේනමුත් මන්ත්‍රීවරයාට බියෙන් පාසල් ළමුන් ඉදිරියේ දනගැසූ ගුරුවරිය පසුව පොලීසියට පැමිණිල්ලක් කරතිබූණි. මේ ගුරුවරිය කවර හෝ හේතුවකින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වුනිනම් රනිල් (පොනිල්) උන්නැහේට මෙන්ම ආන්ඩු විරෝධී සියලු දෙනාට බොරු උපාසකකමක් මවාගෙන ආන්ඩුවට තඩිබා මෝඩ තෘප්තියක් ලැබීමට අවස්ථාව තිබුණි. කොයිහැටි වෙතත් මේ ගුරුවරිය වීර චරිතයක් බවට පත්වී අර් මෝඩ මන්ත්‍රීවරයා දුෂ්ඨයාගේ චරිතය නිරූපනය කරන රසවත් කතාවක් මේ ඇසුරින් නිර්මාණය වීමටද බැරිකමක් නැත. මේ ගුරුවරිය පැමිණිල්ල දැමීමට එඩිතර වුනානම් එවේලෙහි මන්ත්‍රී අණින් දනගැසුවේ ඇයිදැයි යන්නත් වෙනමම ගැටලුවකි. අදාල මන්ත්‍රීවරයාද දැන් නිශ්ශබ්දය. මේවනවිට ඔහුගේ තනතුරු ඇතුලු සියල්ල අහිමි වන ලකුණු පහල වී තිබෙන්නේ රජය මේ සිද්ධියෙන් අප්‍රසාධයට පත්වීම වලක්වාගැනීමට බලධාරීන් පියවර ගැනීමට ඉඩකඩ ඇති බැවිනි.

                    මේ සිදුවීම සම්බන්ධ කරුණු එසේ තිබියදී ඒ ගැන විචාරය කෙබඳු වියයුතුද යන්න වෙත දැන් අප යොමු වෙමු. පාසලක් යනු අධ්‍යාපන ආයතනයකි. එබැවින් වෙනත් ආයතනයක් මෙන් අමුත්තන් පැමිණීම රාජකාරියේ නියුතු පුද්ගලයන් හමුවීම ආදිය නිසි ක්‍රියා පටිපාටියකට අනුව සිදුවියයුතුය. මේ සිදුවීම දෙස බැලීමේදී අපට පෙනෙන්නේ අදාල පලාත්සභා මන්ත්‍රීවරයා මේ සියලු ක්‍රියාපටිපාටීන් බිඳදමා පාසල තුලට ඇතුල්වී තම අභිමතය පරිදි සිද්ධියට අදාල ගුරුවරියට තර්ජනය කර දනගස්සවා ඇති බවයි. දැන් පැනනගින ගැටලු කීපයක් ඇත. පළමුවැන්න පාසලේ ආරක්ෂාඅවට ආරක්ෂක නිලධාරීන් නොසිටියේද යන්න හා සිටියේනම් ඔවුන් එවේලෙහි කුමක් කළේද යන්නයි. දෙවන කාරණය මේ ස්ද්ධිය සිදුවන අවස්ථාවේ පාසලේ විදුහල්පතුවරයා ඇතුලු කාර්යමණ්ඩලය කොහේ සිටියේද යන්න වේ. අනෙක් කරුණනම් අදාල ගුරුවරිය පමණක් පෞද්ගලිකව පැමිණිලි කර තිබුණේ සිද්ධිය පාසලට අදාල නොවන නිසාද? විදුහල්පතිවරයා විසින් මුලින්ම මෙය පැමිණිලි කළයුතුව තිබුණේ පාසලේ රාජකාරියට පිටින් ගොස් බාධාකිරීමත් ගුරු මණ්ඩලය අපහසුතවයට පත්කිරීමත් යන කරුණුවලට අනුවයි, එහෙත් එය සිදුවී නැත. සියල්ල අවසාන යේ පාසලේ ළමුන් හා ගුරුවරුන් උද්ඝෝශණ ය කර තිබීම තවත් හාස්‍යජනකය. ඒ මක්නිසාදැයි කිවහොත්, ඔය එඩිතරකම අදාල මන්ත්‍රීවරයා පාසලේ යකානටන අවස්ථාවේ තිබියයුතුවූ බැවිනි.

                මේ කාරණයේ බරපතලකම අප කවුරුත් හිතනවාට වඩා වෙනත් අතකට යන එකකි. ඒ කවර හේතු කාරණා අනුවදැය් මින් ඉදිරියට විචාරශීලීව සාකච්ඡා කළයුතුව ඇත. ඊට පෙර මේ සිද්ධියට අදාල ගුරුවරියගේ ක්‍රියාකලාපය ගැන විශේෂ යමක් කිවයුතුයි. එනම් බැලූබැල්මට ගුරුවරියක් පාසල් සිසුවියකගේ නිල ඇඳුමේ දිග කොට බව ගැන යම් අවවාදයක් දීම සාධාරණ  වුවත් එය සාධාරණ හා නිවැරදි වන්නේ තවත් කරුණු ගණනාවකට අනුව යන්නයි. පාසල් සිසුවියන්ගේ නිල ඇඳුමේ දිග ප්‍රමාණය ගැන යම් ප්‍රමිතියක් තිබියයුතු වුවත් මේ ප්‍රමිතීන් සියල්ල් අප ජීවත්වන සමාජ පරිසරය තුල ස්ත්‍රී පුරුෂ වශයෙන්  දක්වන මිනිස් අනුවර්තන හා එම අනුවර්තන අතර සමබරතාවය රැකෙන පරිද්දෙන් තබාගතයුතුය. ගැහැනු ළමුන් යනු පිරිමි ළමුන් නොවෙති. ගැහැනු ළමුන්ගේ පාසල් නිල ඇඳුම පිරිමි ළමුන්ගේ නිල ඇඳුමට සමාන විය නොහැක. පාසල් නිල ඇඳුම ස්ත්‍රී පුරුෂභාවය මෙන්ම ඒ  හා බැඳුනු මනෝවිද්‍යාත්මක අනුවර්තන හරි හැටි නියෝජනය කළයුතුමය. ගැහැනු ළමුන් අඳින පාසල් නිල ඇඳුමෙන් මුලු ශරීරයම නොවැසෙන බව ඕනෑම කෙනෙකු දන්න දෙයකි. එවැනි දේ මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයට අදාල එකිනෙකාට සුවිශේෂී අනුවර්තන ගැන අන්‍යෝන්‍ය අවබෝධයක් පාසල් සිසු සිසුවියන් ඇතුලු මිනිස් සමාජයක සියලු මනුෂ්‍යයන්ට තිබියයුතුය. එවැනිදේ සමාජයක් තුල පවතින්නේත් ඒවා ඕනෑම මිනිස් සමාජයක මූලික ගොඩනැගීම් වන්නේත් ස්ත්‍රී පුරුෂ වශයෙන් සුවිශේෂී මිනිස් අනුවර්තන ජන සමාජයේ යහපත් පැවැත්මට අනිවර්‍යයෙන් පැවතියයුතු අංග වන බැවිනි. කිසිවෙකුටත් එම කාරනය මගහැර පැනයානොහැක.
                   අපගේ මාතෘකාවේ සිදුවීමට අදාල ගුරුවරිය පසල් සිසුවිය්න්ගේ නිල ඇඳුමේ දිග ප්‍රමාණය හා ශරීරය වැසෙන ප්‍රමාණය ගැන දක්වන උනන්දුව එම සිසුවියන් අප සමාජයට ගැලපෙනලෙස ස්ත්‍රීත්වයට හා මාතෲත්වයට අනුව හැඩගැස්වීම කෙරෙහිද ද දක්වන්නේනම් මේ ගුරුවරියගේ ඇඳුම් ප්‍රමිතිය මැනීමට හරි වටිනාකමක් ලැබෙනු ඇත. එහෙත් අප දැකතිබෙන දෙයනම් මීට වඩා වෙනස්ය. මෙවැනි අතිමහත් උනන්දුවකින් පාසල් විනය පාලනය කරන ගුරුවරුන් හා ගුරුවරියන් නිවසේදී මවුපියන් විසින් ස්ත්‍රී පුරුෂ භාවයට අනුව මනාවට හැඩගස්වන ළමුන්ගේ එම මානසික හැඩගැසීම් පාසල තුලින් නැතිකර දමන්නේ බටහිර නූතනත්වය අද්‍යාපනය හරහා ළමුන්ගේ මනසට කාවද්දමිනි. ලිංග භේදයක් අවශ්‍ය නැතැයි කියමින් බටහිර සමාජයේ පිළිගැනීමට ලක්කළ විකුර්ති ලිංගික හැසිරීම් වලට මගපාදන සියලු ක්‍රියාකාරකම් කිසිදු හිරිකිතක් නැතිව පාසල් තුලින් ක්‍රියාවටනගන්නේ විශේෂයෙන්ම ක්‍රීඩාව හරහායි. පිරිමි ළමුන් කරන ක්‍රීඩා ඇතුලු ගැහැනු ළමුන්ට නොගැලපෙන සියලු ක්‍රියාකාරකම් ගෑනු ළමුන්ට විවුර්ත කර දෙන්නේත් ඇතැම් විට ඔවුන් ලවා බලෙන් කරවන්නේත් ඒ සඳහා පිරිමි ළමුන් අඳින කලිසමක් හෝ ඇන්දීමට අනුබල දෙන්නේත් පාසල තුලිනි. ඒ සියල්ල ක්‍රියාවට නගන්නේ මේ සිද්ධියට අදාල ගුරුවරිය වැනි එක් විටක පාසල් නිල ඇඳුමෙන් ශරීරය වැහෙන ප්‍රමාණය ගැන මහත් උනන්දුවක් දක්වන පිරිසමය. අප දැක තිබෙන ආකාරයට මිශ්‍ර පාසල් වල මෙන්ම ජනප්‍රිය බාලිකා පාසල් වලද පිරිමි ළමුන් කරන දේ කරමින් පිරිමි ළමුන් මෙන් හැසිරෙන පිරිමි ලිංගිකත්වය කෙලින්ම අනුකරණය කරන ගෑනුළමුන්ට  ප්‍රසිද්ධියේම එලෙස හැසිරීමට ඉඩ ලබාදෙමින් ඔවුන් පිරිමි ළමුන් කරන ක්‍රිකට්, රගර්,සටන් කලා වැනි ක්‍රීඩා වලට යොමුකර දිරිගන්වන්නේ ගුරුවරුන් යැයි කියාගන්නා අපතයන් පිරිසකි. පාසල් වල විනය පාලනය කරන ගුරුවරුන්ට හා ගුරුවරියන්ට ගෑනු ළමුන්ගේ මෙවැනි විකුර්ති හැසිරීම්ද පාසල තුලින් මගහරවා ඔවුන් මානසික හැඩගැස්වීමක් කරන්නට හැකිනම් ඔවුන් සැබෑ ගුරුවරුන් වනවා පමණක් නොව ඔවුන් පවත්වාගන්නා විනයටද නිසි වටිනාකම ලැබෙනු ඇත.






                   මෙරට පාසල් තුල තිබෙන මෙවැනිම අසික්කිත අංග තවත් ඇත. ඉන් කැපීපෙනෙන එක් දෙයක්නම් නවක වදය යන මානසික ව්‍යාධියයි. තමන් වැනිම තවත් පාසල් සිසුවෙකු හෝ සිසුවියක් හින්සනයට ලක්කර විකුර්ති තෘප්තියක් ලැබීමට ළමුන් හුරු පුරුදු වන්නේ පාසලෙනි. මෙය කිසිදු විනයකට තබා මිනිස් වාසයක තිබෙන මූලික ආචාරධර්මයකට හෝ නොගැලපේ. කවුරු පිළිගත්තත් නැතත් කාට තිත්ත උනත් ජනප්‍රිය යැයි කියාගන්නා බාලිකා පාසල්ද ඇතුලුව පාසල් බොහොමයක ශිෂ්‍ය නේවසිකාගාර සමලිංගික විකුර්ති කාම අපචාර ගුහාය. මේ විදුහල් වල විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් මෙන්ම විනය කමිටු ඒගැන කියන්නේ කුමක්දැයි ඇසුවොත් ඔවුන්ගේ රෙදි ගැලවෙන්නේද  ඉබේටයි. මේ සියල්ල මෙසේ වෙද්දී පාසලක විනය භාර ගුරුවරියක් පාසල් සිසුවියකට ගවුම කොටට අඳින්නට එපා යැයි කීම විහිලුවකි. එමෙන්ම එය සාමාන්‍ය භාශාවෙන් කිවුවොත් ගොන් පාට් එකකි. අප කියන්නේ අන් සියලු විනය විරෝධී වැඩ රහසිගතව හෝ සිදුවන්නේනම් පාසල් සිසුවියන් හැකි තාක් කොටට ඇඳීම ප්‍රශ්නයක් නැත යන්න නොවේ. අප පෙන්වාදෙන්නේ පාසල් සිසුවියන්ට ගවුම කොටට අඳින්නට එපා යැයි කියන්නට තිබෙන උනන්දුවම පාසල තුල ළමුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් වෙන්ව හැඩගැස්වීම කෙරෙහි දැක්වියයුතුබව හා සමලිංගික විකුර්ති හැසිරීම්, නවකවදය වැනි අනෙකුත් විනය විරෝධී ක්‍රියා වැලැක්වීම කෙරෙහිද දැක්වියයුතු බවයි. තවත් මතක්ළයුතු යමක් තිබේ.ඇතැම් පියවරුන් ගැහැනු ළමුන් පිරිමි ආරයට හදා පිරිමි ළමුන් කරන සියල්ල කිරීමට අනුබලදී පාසල් යවති. එවැනි සිද්ධියකදී මේ පාසල් විනය බලධාරීන් අනුගමනය කරන්නේ කවර ප්‍රතිපත්තියක්දැයි දැනගැනීමද අවශ්‍යය. ඇතැම් විට එවැනි මනස විකුර්ති කර හදන ගෑනු ළමුන්ට පාසලේදී අනෙක් ගෑනු ළමුන් නොකරන පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදීය කිරීමට ඉඩ සලසා තවත් යකා නැටීමට පාසල් බලධාරීහු අනුබල දෙනු ඇත.
                  
               අද පැහැදිලිවම පාසල් තුල ස්ත්‍රී පුරුෂ  ම්නෝවිද්‍යාත්මක හැඩගැසීම්, විරුද්ධ ලිංගික ආකර්ෂණය හා සමාජයේ ස්ත්‍රී පුරුෂ ලිංගික ගැලපීම් කෙරෙහි අනවශ්‍ය පිළිකුලක් හා ද්වේශසහගතබවක් ළමුන් අතර ඇතිකිරීම ප්‍රසිද්ධියේම සිදුවේ. පාසල්වල විනය පාලනය කරන ඉස්කෝල මහත්තුරු හා ඉස්කෝල හාමිනේලා විරුද්ධ වන්නේ පිරිමි ළමුන් හා ගෑනු ළමුන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා වලට පමණි. මේ ඊනියා විනය පාලකයන්ට සමලිංගිකත්වය හා ඊට අනුබල දෙන මනෝවිද්යාත්මක ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම් වැලක්වීමට පිට කොන්දක් නැත. අද ස්ත්‍රීත්වය හා මාතෲත්වය මත පදනම්වන සුවිශේෂී ස්ත්‍රී ක්‍රියාකාරකම් වලට අඩුම තරමින් බාලිකා පාසල් වල වත් කිසිම තැනක් නැත. එවැනි ක්‍රියාකාරකම් ගැහැනු ළමුන්ගේ අධ්‍යාපනයට ඇතුල්කිරීමටද ඉදිරියේදි නොහැකිවනු ඇත. දැනටත් බාලිකා පාසල් බොහොමයකට අරක්ගෙන ඇත්තේ කුහක පිරිමින් වෙති. ඔවුන් කරන්නේ පිරිමි ලිංගිකත්වය සමග බද්ධ වී ඉදිරියට විකාෂනය වන පුරුෂ ක්‍රියාකාරකම් වලට ගෑනු ළමුන් යොමු කිරීම හා එසේ කරන අස්වාභාවික පිරිමි හැසිරීමක් ඇති ගෑනු ළමුන්ට පුරුෂ අනුකරණයන් කිරීමට තව තවත් රුකුල් දීමයි. මේ කුහකයන් එතනින්ද නොනැවතී පිරිමින්ට ස්වභාවයෙන් පිහිටන ලිංගිකත්වයත් ස්වභාවික හැඟීම් දැනීම් ඇති පිරිමින් හා පිරිමි ළමුන් ස්ත්‍රීත්වය හඳුනාගන්නා ආකාරයත් තම ප්‍රගතියට බාධාවක් ලෙස සිතීමට ඒ ගැහනු ළමයින්ව පොළඹවති. කෙටියෙන් කිවහොත් අද මුලු අධ්‍යාපන තලය පුරාවටම ලිංගිකත්වයට අදාල සමාජ කුහකත්වයන් ඔඩුදුවා ඇත. එසේ සිදුවී තිබෙන්නේ එම කුහකත්වයන්ට බොරු වටිනාකම් ලබාදීම තුලිනි. මේ බොරු වටිනාකම් පාසල හරහා ලබාදෙන බටහිර අධ්‍යාපනයට කලක්තිස්සේ ආරෝපනය කර තිබෙන බොරු පුජනීයත්වය සමග එක්වූ කළ ඇතිවන අන්ද භක්තිය අද මුලු සමාජයම අවිචාරයෙන් වෙලාදැමීමට සමත් වී තිබේ. මාතෘකාවට අදාල සිද්ධියේදී අර අමණ මන්ත්‍රීතුමාගේ ක්‍රියාකලාපය ඉදිරියේ විදුහලේ විනයභාර ගුරුවරියගේ ප්‍රතිරූපය තවත් පිම්බෙන්නේ ඒ නිසාවෙනි. දැනටත් මේ මන්ත්‍රීවරයා තමන්සතු ප්‍රතිරූපය වනසාගෙන ඇතුවා පම්ණක් නොව සියලු වර්ප්‍රසාදද අහිමිකරගෙන රටම ඉදිරියේ හෑල්ලු වී අවසන්ය.

                     මෙම සිදුවීමේ මුලසිට මේ දක්වා සිදුවු දේ ගැන කෙටි විමසීමක් අවසන් වශයෙන් කිරීමට මාහට අවශ්යය. අදාල පාසල් සිසුවියට සිය නිල ඇඳුමේ දිග ප්‍රමාණය ගැන විනය භාර ගුරුවරිය අවවාද කිරීම සම්බන්ධයෙන් හදිසි කෝපයට පත් සිසුවියගේ මන්ත්‍රී පියා අවිචාරවත්ව මෙන්ම දුරදිග නොබලා කළ මෝඩකමෙන් මෙරට පාසල් පද්දතිය හා අධ්‍යාපනය තුල ඇති බොරු විනයානුකූලබව ගැන වඩා හොඳ විචාරයක් කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වී ඇත. අනෙක් පසින් අනවශ්‍ය පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය පුම්බා අනවශ්‍ය පිළිගැනීමක්ද ලබාදී තිබේ. දැන් මන්ත්‍රීතුමා දුෂ්ඨයා වී පාසල් ගුරුවරිය වීරවරියක් වී අවසන්ය. දූෂිත ජනමාධ්‍ය මේ සිද්ධිය රටට ඉදිරිපත් කරන්නේ තවත් අවිචාරය වැඩිවන ආකාරයටයි. මේ මන්ත්‍රීවරයාට හිතන්න මොළයක් තිබුණේනම් පළමුව කළයුතුව තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සමග සාකච්ඡා කිරීමය. එහිදී කිසියම් ක්‍රමාණුකූල පිළිවෙලකට මා මේ ලිපියේ පෙන්වාදී ඇති ආකාරයට කරුණු ඉදිරිපත් කරමින් විදුහල්පතිවරයාගෙන් හා විනය භාර ගුරුවරියගෙන් ඇසියයුතු ප්‍රශ්නටික මෙහි පෙන්වාදී තිබෙන ආකාරයට ඇසුවේනම් විදුහල්පතිවරයාත් විනය භාර ගුරුවරියත් නිරුත්තර කර ඔවුන්ගේ බොරු විනයද නිරුවත් කිරීම පහසුවෙන් කළහැකිව තිබුණි. අඩුම තරමින් එවේලෙහි කලබල නොවී පාසල් ගුරු දෙගුරු රැස්වීමකදී සිද්ධිය කතා කිරීම කළයුතුව තිබුණි. එහෙත් සිදුවී තොබෙන්නේ හදිසි කෝපයත් අවිචාරයත් නිසා සිදුවියයුතුව තිබූ දේ අනෙක් පැත්තට සිදුවීමයි. දැන් තවත් පසකින් මේ සිද්ධියත් සමග මන්ත්‍රීවරයාගේ දියණිය පාසල තුල මානසික වශයෙන් දැඩි පීඩනයකටද ලක්වනු ඇත. ලිංගිකත්වය හා බැඳුනු සමාජ කුහකත්වයන් මුලු මිනිස් සංහතියටම වද දෙද්දී අප කළයුත්තේ තව තවත් මේ කුහකත්වයන් වැලඳගැනීම නොවේ. මීට ටික කලකට ඉහතදී අප සමාජයේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ ලිංගිකත්වය හා ඊට අදාල සමාජ අනුවර්තනයන් මෙන්ම ලිංගික ගැලපීම් ගැන තිබූ අන්‍යොන්‍ය අවබෝධය අද වනවිට කුහකකමින් විකුර්තිකර ඇත. අද පාසල් සිසුවියන්ද ඇතුලුව ගැහැනු ළමුන් ඔවුන් අඳින ඇඳුමෙන් ශරීරය වැසෙන ප්‍රමාණය ඇදගනිමින් ඔවුන් සමාජය තුල ලැජ්ජාවට පත්කිරීම සැලසුම් සහගතව සිදුවේ.
 
             මේවනවිට බොහෝ පාසල් වල ගෑනු ළමුන්ට පිරිමි ළමුන් අඳින කොටකලිසම් වලට සමාන ඕනෑම විකාරරූපී ඇඳුමක් ගවුම යටින් ඇඳගෙන යාහැක. එම පාසල් වලින්ද බොහෝදුරට එසේ කිරීමට අනුබල දෙන්නේ පෙර කී සිද්ධිය සැලසුම්සහගතව සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අන්වර් මනතුන්ග නම් මුස්ලිම් මූලධර්මවාදියෙකු කියාසිටින්නේ සිංහල පාසල් සිසුවියන්ගේ නිල ඇඳුමට වඩා මුස්ලිම් පාසල් සිසුවියන්ගේ පාසල් ඇඳුමෙන් ශරීරය වැසෙන බවයි. මෑතක හතු පිපෙන්නාක් මෙන් බිහිවන ජාත්‍යන්තර පාසන් වලින් සමහරක පිරිමි ළමුන්ට හා ගැහැනු ළමුන්ට එකම නිල ඇඳුම ලබාදීමට කටයුතු සිදුවේ. මේ කිසිවක් අහම්බයෙන් සිදුවන දේ නොවෙයි. අද සමලිංගිකත්වය වර්ධනය කරන ඒ වෙනුවෙන් පෙනීහිටින රාජ්‍ය නොවන සංවිධාන රහසිගතව ඔවුන්ගේ සැලසුම් ක්‍රියාවට නගයි. ස්ත්‍රී පුරුෂ භාවයවත් හරිහැටි නියෝජනය නොවන විකාරරූපී ඇඳුම් අඳිමින් පිස්සුවෙන් ශරීරය වසාගන්නා බොරු සංවරකම නවතින්නේ විකුර්ති කාමුකත්වයට ආශිර්වාද කිරීමෙනි.  අද මේ රට තුල සිදුවන මෙවැනි දෑ කිසිවක්  අපගේ මාතෘකාවට අදාල සිද්ධියේ විනය භාර පාසල් ගුරුවරිය වැනි අය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. මේ සිද්ධි සියල්ල හමුවේ අනියන්ම් ආකාරයකට ඒ සියල්ල සමග අනුගත වන ක්විකුර්ති ක්‍රියාකාරකම්වලට පාසල් තුල ඉඩපහසුවද සලසා දෙමින් ගුරුවරුන් විසින් පවත්වාගෙන යන බොරු විනය රට හිනැස්සීමට හොඳය. මෙතරම් දීර්ග ලෙස පෙන්වාදුන් මේ කරුණු අපගේ මාතෘකාවට අදාල නැතැයි කෙනෙකුට කිවහැකි වුවත් මේ සිද්ධියට බලපෑ හේතුව හමුවේ එම විස්ත්‍රය කළයුතුව ඇත. අද ඇත්තවශයෙන් බලන කළ පාසල් පද්ධතිය පුරාවට තිබෙන්නේ බොරු විනයක් වේ. විශේෂයෙන් බටහිර නූතනත්වයත් සමග එකට පැනනැගුනු යුදෙවු චින්තනය හා බැඳී පවතින ලිංගිකත්වය හා සම්බන්ධ විකුර්ති මතවාද මෙරට සමාජයේ කුහක බොරු වටිනාකම් සමග ගලපා ගොඩනැගූ අමුතුම විකුර්ති සාරධර්ම තොගයක් පාසල් තුලට හා අධ්‍යාපයට අරක්ගෙන ඇත. ඒ බොරු සාරධර්ම අප සමාජයම අන්ධකර තිබෙන්නේ අප සමාජය තුල තිබූ ලිංගිකත්වය හා සම්බන්ධ සැබෑ වටිනාකම් වලටද පහර දෙමිනි. අද අප සමාජයේ සැබෑ වටිනාකම් කෙරෙහි සංවේදී බවක් දක්වන මවුපියන්ට තම දරුවන් ස්ත්‍රී පුරුෂ භාවයට අනුව නිසි හැඩගැස්වීමක් කිරීමට ඉඩක් නැත. එයටද හරස්වන්නේ පාසල හා අධ්‍යාපනයයි. මේ කරුණු මගහැර මෙවැනි අප මාතෘකාවට අදාල සිද්ධිය වැනි සිදුවීම් ගැන කතා කිරීමේදී පලායානොහැක. අවසාන වශයෙන් කීමට තිබෙන්නේ මෙයයි. එනම් සමාජ කුහකත්වයන්ගෙන් ගැලවී විචාරය කරා යායුතුව තිබෙන මොහොතක මෙහි අප මාතෘකාවට අදාල සිද්ධියේ මන්ත්‍රීතුමා කළ අමන ක්‍රියාවෙන් සිදුවී තිබෙන්නේ තවත් එම කුහකත්වයේ හා අවිචාරයේ මකර කටටම සමාජය තල්ලුවී යෑම පමණක් යන්නයි. දැන් ගෑනු ළමුන් පිරිමි ලිංගිකත්වය හා බැඳුනු පුරුෂ අනුකරණයන් කිරීමේදී එයට විරුද්ධ නොවී පාසල් සිසුවියන්ගේ ගවුම කොට වීම ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා පාසල් ගුරුවරියකගේ ප්‍රතිරූපය පුම්බා අවසන්ය.


http://lankacnews.com/sinhala/news/95760/


http://www.gossiplanka.lk/2013/06/pc-member-arrested-over-punishing_18.html#more

7 comments:

  1. ඉතා හොඳ අංග සම්පූර්ණ ලිපියක්,අද පාසල්වල තියෙන්නේ බොරු විනයක්. මේ ගැන කතාකරන්න ගියොත් ලියන්න පිටු ගනන් තියෙයි. අර මන්ත්‍රීගේ මේඩකම නිසා අර බොරු විනයක් පවත්වගෙන යන ගුරුවරිය වගේ අය තවත් පිම්බෙනවා.

    ReplyDelete
  2. ඉතාමත් සමබරව ලියල තියෙනවා. බොහොම ස්තුතියි මේ ගැන පළ කළාට.

    ReplyDelete
  3. අනේ බන් නිකම් පුක නොදී බෙහෙත් ගනින්.උබ මානසික ලෙඩෙක්

    ReplyDelete
    Replies

    1. තමන්ම කමෙන්ට් දාගන්නේ තමන් මහ බක පණ්ඩිතයන් කියල හිතාගෙන බ්ලොග් ලියන ඒත් දන්න මගුලක් නැති විචාරයක් නැති කීපදෙනෙක්. එහෙම බ්ලොග් අවශ්‍යනම් පෙන්නන්න පුලුවන්. උන්ට තියෙන පිස්සුව මට නෑ. උඹල උඹලගේ බ්ලොග් වල කරන දේවල හැමෝම කරන්නේ නෑ. කරුනා කරලා ලිපිය හරියට කියවපන් කමෙන්ට් දාන්න ඉස්සර වෙලා.

      Delete
    2. කරුනා කරලා ලිපිය කියවල තර්කානුකූල පිළිතුරක් දීපන්. බැරිනම් ආපු අතක් බලාගෙන පලයන් යන්න වද නොදී. මානසික ලෙඩ්ඩු අපි නෙවෙයි ඇත්ත කතා කරනකොට රිදිල විකාර දොඩවන තොපි.

      Delete
  4. තමන් ම කමෙන්ට්ස් දා ගෙන පුක දෙන හැටි

    ReplyDelete
    Replies
    1. තමන්ම කමෙන්ට් දාගන්නේ තමන් මහ බක පණ්ඩිතයන් කියල හිතාගෙන බ්ලොග් ලියන ඒත් දන්න මගුලක් නැති විචාරයක් නැති කීපදෙනෙක්. එහෙම බ්ලොග් අවශ්‍යනම් පෙන්නන්න පුලුවන්. උන්ට තියෙන පිස්සුව මට නෑ. උඹල උඹලගේ බ්ලොග් වල කරන දේවල හැමෝම කරන්නේ නෑ. කරුනා කරලා ලිපිය හරියට කියවපන් කමෙන්ට් දාන්න ඉස්සර වෙලා

      Delete