Monday, June 17, 2013

බ්‍රිතන්‍ය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු වීම පසුපස තිබෙන තිත්ත ඇත්ත.


මේ ලිපියට පාදක වන කරුණ වන්නේ මුස්ලිම් ව්‍යාප්තියේ භයානකකම බ්‍රිතාන්‍යයට දැන් දැන් ඇඟට පතටම දැනී තිබීමයි. මෑතක බ්‍රිතාන්‍ය තුල මුස්ලිම් අන්තවාදී ක්‍රීයා උත්සන්න වීමක් දක්නට ලැබීමත් එරට ආවේනික ජන්යාට මෙය හිසරදයක් වී තිබීමත් ඉතා පැහැදිලිය. කෙසේනමුත් මේ සියල්ල පසුපස තිබෙන අප්‍රකට සත්‍ය නම් මෙහි පළමු වග උත්තරකරුවාද බ්‍රිතාන්‍යයන්ම යන්නයි. එසේ කීමට හේතු ගනනාවක් තිබේ.
                              
         දැන් අප අපගේ මාතෘකාවට අදාල වැදගත්ම කාරනය වෙත යොමුවෙමු. මෙයට අදාල කරුණු කාරණා කීමට පෙර යමක් මතක්කර දියයුතුය. එනම් මුස්ලිම් ව්‍යාප්තියෙන් යුරෝපය තුල බැටකන්නේ බ්‍රිතාන්‍යය පමණක් නොවන බවයි. කලක සිට බොහොමයක් යුරෝපීය රටවල ශ්‍රම බලකාය පහත වැටීමත් සමග පිටතින් ශ්‍රමිකයන් ගොස් එම රටවල පදිංච් වීමක් දක්නට ඇත. මේ අයගෙන් බොහොමයක් මුස්ලිමුන්ය. අප විසින් අපේ අවධානය යොමුකළයුතු කාරනයක් ම්හි තිබේ. එනම් බටහිර රටවල මෙලෙස ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් අඩු වීමට හේතුව කුමක්ද යන්නයි. යම්කිසි රටක එම රටට ජාතික අනන්‍යතාවය දී ගොඩනගපු ජාතියේ ජනගහන වර්ධනය අඩුවනවිට එම ජාතියෙන් රටට එක්වන ශ්‍රම බලකාය අඩුවන්නේ ඉබේටමය. දැන් තිබෙන ප්‍රශ්නයනම් මෙලෙස එම රටවලට ආවේනික ජනකොටස්වල ජනගහනය සීඝ්‍රයෙන් පහතවැටෙන තත්වයක් ඇතිවූයේ කෙසේද යන්නයි. දැනට සිටින පරම්පරාවේ අනාගත පරපුර ඒ ආකාරයෙන් හැදෙන්නේනම් මෙවැනි ගැටලුවක් ඇති නොවේ. එහෙත් සිටින පරම්පරාවේ මීලඟ පරම්පරාව අඩුම තරමින් කලින් සිටි ජනගහනයට සමානවීමටවත් කලින් පරම්පරාවේ මවුපියන් දරුවන්  හදා ඇති ආකාරයටම දැනට සිටින පරම්පරාවේ මවුපියන්ද දරුවන් හැදියයුතුය. දරුවන් හැදීම ප්‍රමාණාත්මකව අඩුවන්නේ බටහිර සමාජය තුල දිගු කළක් තිස්සේ ක්‍රමයෙන් ඇතිවී තිබෙන ලිංගික විකුර්තිතාවයන් හා ඒ ආශ්‍රිත සමාජමය ව්යාකූලත්වය හේතුවෙනි. මුස්ලිමින් තාක්ෂණය හා දැනුම තම සමාජයට ආදේශ කරගත්තද බටහිර නූතනත්වය හා ඒ ආශ්‍රිතව ගොඩනැගුණු ලිංගිකත්වය හා සම්බන්ධ බොරු මනස්ගාත පිළිනොගනිති. මුස්ලිම් සමාජය තුල ලිංගිකත්වය ආශ්‍රිතව කුහකත්වයෙන් තොර හෑම අතින්ම විවුර්ත අදහස් ඇතැයි මෙයින් නොකියවෙයි.නමුත් මුස්ලිම් සමාජය තුල බටහිරට සාපේක්ෂව බලනකළ ලිංගික විකුර්තිතාවයන් අඩුය.අනෙක් කාරනය වන්නේ මුස්ලිමුන් තම වර්ගයා බෝකිරීමට සංස්කෘතියෙන්ම දෙන ප්‍රමුඛත්වයයි.
                     මේවනවිට බටහිර සමාජය වෙලාගෙන තිබෙන ලිංගිකත්වය ආශ්‍රිත මනෝවිද්යාත්මක වියාකූලත්වයන්ට මූලික හේතුවනම් යුදෙවු චින්තනය බලවත් වීමත් සමග යුදෙවු මිථ්‍යාවන් හා කුහකත්වයන් බටහිර ජනසමාජය ආක්‍රමණය කර තිබීමයි. සොබාදහමට ගරු නොකරන යුදෙවු චින්තනයෙන් පැනනැගුන ලිංගිකත්වය ආශ්‍රිත වූ බිහිසුනුම මතවාදය වන්නේ කාන්තාවිමුක්තිවාදයයි. මෙය අද බටහිර සමාජයට කර තිබෙන විනාශය කියා නිමකර නොහැකි තරම්ය.මින් ඉහතදීද සඳහන් කළ පරිද්දෙන් බටහිර සමාජයේ මේ වනවිට ඇතිවී තිබෙන ලිංගික මනෝවියාධීන්ට හා සමාජ වියාකූලභාවයට මෙන්ම ඒ හේතුකොටගෙන ඇතිව තිබෙන ජාතිකත්වයන් දුර්වල වීමටත් එම ජාතීන්ගේ අනාගත පරපුරර වර්ධනය අඩුවිමටත් මේ කාන්තාවිමුක්තිවාදය කෙලින්ම වගකිවයුතුය.
                       බටහිර සමාජයේ ගෑනු ළමුන් සිටි පියවරුන්ගෙන් ඇතමෙකු තමන්ට ආවේනික කුහකත්වය මත ඒ ළමයින් පිරිමිආරයට හදාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද බටහිර සමාජය තුල මානසිකව පුරුෂකරණය කරනලද මෙන්ම පිරිමින් තම ප්‍රගතියට බාදාවක් ලෙස සිතන කාලකන්ණි ගෑනුන් පරම්පරාවක්පිටින් සිටිති. මොවුන් විවාහවීම හෝ දරුවන් හැදීම කෙසේවෙතත් ලිංගිකත්වය ස්වභාවයෙන් නිර්මාණය වී තිබෙන ආකරයවත් පිළිනොගනිති. ඔවුන් සිතන්නේ ඔවුන්ට පිරිමි ලිංගයක් තිබියයුතුයි කියාය. අදවනවිට බටහිර බොහෝ රටවල සමලිංගිකත්වය නීතිගතකර එයට පිළිගැනීමක් ලබාදී අවසන්ය. දැන් මේ විකුර්ති කාන්තාපරපුර බටහිර සමාජයේ කුහක පිරිමින් හා පිරිමි සමලිංගිකයන් සමග අත්වැල් බැඳගනිමින් සියලුම සමලිංගිකත්වය හා එහි සම්පූර්ණ පසුබිම සාධාරණීකරණයකර සම්භාවනාවට පාත්‍රකරමින් සිටිති. ඔවුන් ස්වභාවික ප්‍රජනන රටාවට පවා වෛර කරති. එවැනි තත්වයක් තුල ඔවුන් අනාගත පරපුරක් හදයිද යන ප්‍රශ්නය ඇසීමත් මෝඩකමකි.
             අද පිරිමි ලිංගිකත්වයේ ස්වභාවයටම වයිරකරන කාන්තාවන් බටහිර කාන්තාසමාජය තුලද බලවත්වී ඇත. ස්ත්‍රීත්වය හා මාතෲත්වය අනුව යන කාන්තාවන් කිසිවෙකුට අද බටහිර කාන්තාසමාජය තුලද පෙරකී විකුර්ති කාන්තාවිමුක්තිවාදිනියන්ට එරෙහිව කිසිවක් කර නොහැක. බටහිර සමාජය තුල අද ලිංගිකත්වයම එක විකාරයකි. අද බටහිර අධ්‍යාපනය, දේශපාලනය, නීතිය හා ආර්ථිකය යන සියලු අංශ මේ විකුර්ති කාන්තාවිමුක්තිවාදය විසින් ආක්‍රමණයකර අවසන්ය. යුදෙවු චින්තනයෙන් පැනනැගුන අනෙකුත් මතවාද වන මාක්ස්වාදය, ලිබෙරල්වාදය හා පස්චාත් නූතනවාදය වැනි මතවාදද බටහිර විකුර්ති කාන්තාවිමුක්තිවාදයට පක්ෂපාතීව ඒසමග එකට ගමන්කරන මතවාද වේ එබැවින් ඒ මතවාද හරහාද කාන්තාවිමුක්තිය හා සමලිංගිකත්වය දිරිගන්වන අතර ලිංගිකත්වයේ ස්වභාවයට එකඟ ප්‍රජනනයද ඇතුලුව සියලු මිනිස් ක්‍රියාකාරකම් පසුබෑමට ලක්කරයි. මෙකී යුදෙවු චින්තනයෙන්ම ප්‍රතිඵල වී තිබෙන ලිබෙරල් ප්‍රජාතන්ත්‍රවාදයත් මානව හිමිකමුත් අවසාන වශයෙන් කවර සමාජ ගැටලුවකදී වුවත් කාන්තාවිමුක්තිවාදයට හ සමලිංගිකත්වයටත් ඒ වටා ඇති සියලුම සමාජ ව්‍යාකූලත්වයන්ටත් සහය දක්වනවා විනා සමාජය ගොඩනගා තිබෙන සැබෑ ගුණාංග වෙනුවෙන් පෙනී නොසිටියි. අද බටහිර රටවල එම රටවල් වල ආවේනික ජාතිකත්වයන් බෙහෙවින් දුර්වලය. ඊට තදින් බලපාන්නේද පරම්පරා දෙකතුනකින් පසුව බිහිහිවී තිබෙන වර්තමාන පරපුර සංඛ්යාත්මකව පමණක් නොව ජාතිකත්වයක් ඉදිරියට ගෙනයෑමට අවශ්ය අනෙකුත් ගුණාංග අතින්ද පසුබා තිබීමයි. එම පසුබෑම ඇතිකර තිබෙන ප්‍රධානම සාධකය කාන්තාවිමුක්තිය හා ඒවටා තිබෙන අනෙකුත් විකුර්ති දුෂ්ඨ මතවාද වේ.
                               කාන්තාවිමුක්තිවාද්යෙන් උද්ධාමයටපත් බටහිර කුහකයන් මේ මතවාදය ගොඩනැගුන මුල් යුගයේ සොබාදහමටත් ලිංගිකත්වයේ ස්වභාවයටත් පහර ගසමින් ඒ සියල්ල තාක්ෂණය හා දැනුමතුලින් විකුර්ති කළහැකියැයි සිතූහ. ඔවුන් මුලින්ම බටහිර පවුල් ඒකක දුර්වල කර විනාශ කළෝය. මේවනවිට පීතෘත්වයට බැටදීම තුලින් මව පමණක් සිටින පියා නැති පවුල් බටහිර සමාජය තුල වැඩිවී තිබේ. මේ කාන්තාවිමුක්ති කුහකයන්ට අවශ්‍ය ඒ හරහාද සමලිංගිකත්වයට රුකුලක් ලබාගැනීමටයි. පියා නැතුව හැදෙන පිරිමි දරුවන්ට මනෝවිද්‍යාත්මකව ඇතිවන අසමබරතාවයන් හා ඔවුන්ට පිහිටන පෞරුෂත්වයේ දුර්වලකම් සමලිංගිකත්වයට රුකුලක් බව ඔවුන් හොඳාකාරව දනිති. යුදෙවු චින්තනය බලවත්වූ මුල් යුගවල බටහිර සමාජ කුහකත්වයන් අතර වඩා කැපී පෙනුනේ ගෑනු ළමුන්සිටි ඇතැම් පියවරුන් ඔවුන්ට සිටි ගෑනු ළමුන් පිරිමි ආරයට හදා ඊට සාමාන්තරගත වයස් ඛාන්ඩවල පසුවන පිරිමි ජනගහනයට එරෙහිව ඔවුන් මෙහෙයවීමයි. දැන් තවත් ලක්ෂණයක් ඊට එක්වී ඇත. එනම් පියා නැති පවුල් වල කාන්තාවිමුක්තුවාදී මවුවරුන් විසින් පිරිමි ළමුන්ගේ මානසික පෞරුෂත්වය කුඩාකළසිට කප්පාදු කර හැදීමයි. ඇතැම් දුෂ්ඨ මවුවරුන් ඔවුන්ට කෙලින්ම ස්ත්‍රී අනුකරණ ඉරීමට අනුබල දෙති. අද මේ කාන්තාවිමුක්තිවාදී මවුවරු ප්‍රසිද්ධියේම කරන්නේ පිරිමි සමලිංගිකයින්ට අවශ්‍ය මානසිකව කප්පාදු කළ පිරිමි සහකරුවන් හා ගෑනුන්ට භියෙන් ජිවත්වන භයාදු ගතිපැවතුම් ඇති පිරිමින් හැදීමය. මේ සියල්ල බටහිර බොහෝ රටවල අනාගතපරපුර සංඛ්‍යාත්මකව වර්ධනය වීම අඩපන කර තිබීම පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යකි. මේ කාරනාවලට අනුව බටහිර ජාතිකත්වයන් ද්‍රවලවීම අහන්න දෙයක්ද? මෙවැනි තත්වයක් යටතේ බටහිර රටවල් මුස්ලිම් ව්‍යාප්තිවාදයට ගොදුරු වීම පුදුමයක්ද?
අනාගත පරපුර ජනගහනය අතින් අඩු මට්ටමකට වැටෙන විට ශ්‍රම බලකාය අඩුවන්නේ මුස්ලිම් ව්යාප්තිය නිසාම නොවේ.ශ්‍රම බලකාය අඩුවනවිට වෙනත් රටවලින් ශ්‍රමිකයන් බටහිරට සංකරමණය වේ ඔවුන් එම රටවල කලකට පසු පදිංචිවී ඔවුන්ගේ අනාගත පරපුරක්ද හදති. එයද එම රටවල ආවේනික ජන්යාගේ ජනගහන අනුපාතයට් සැලකියයුතු බලපෑමක් ඇතිකරයි. මෙලෙස බටහිරට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් අසල්වැසි මුස්ලිම් ර්ටවල වැසියන් වෙති. මුස්ලිමුන්ගේ ජනගහන වර්ධන වේගය බටහිර රටවල ජනගහන වර්ධනයට සාපේක්ෂව වැඩිය. මේ සාධකයට අනුව බටහිර රටවල එම රටවල්වල ආවේනික ජනකොටස අභිබවා මුස්ලිමුන් ඉදිරියට එන්නේ නිරායාසයෙනි.
                        ඇතැම් විට සංවර්ධිත යැයි කියාගන්නා මේ බටහිර රටවල ජනසමාජයට ඉහතින් පෙන්වාදුන් කරුණු කාරණා හරහා සිදුවන හානිය මැනබැලීමට ඔවුන්ගේ ඊනියා සංවර්ධන සංකල්පය තුල කිසිදු නිර්නායක් අඩංගුව නොමැති වීම ඔවුන්ට මෙය තේරුම් නොයෑමට හේතුවනවා වියහැක. එය තේරුම්ගෙන තම දුර්වලතාවය හදාගැනීමද ඇතැම්විට ඔවුන් අනුගමනය කරන මහා ලොකු පූජනීය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිවනවා වීමටද පුලුවන. බටහිර පණ්ඩිතයන් ලංකාව වැනි රටවල් වලට උගන්වන බොරු මානවහිමිකම්, බහුවාර්ගික සමාජය, ම්යික්‍රො පොලිටික්ස් ආදිය ඔවුන්ම ආදේශ කරගෙන හැකිනම් මුස්ලිම් මුලධර්මවාදී ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දෙන ආකාරය ලොවට කියාදියයුතුය. එක්පසකින් මාක්ස්වාදය, ලිබෙරල්වාදය, පස්චාත් නූතනවාදය වැනි විකාර මතවාද බ්ටහිර ජාතිකත්වයන් දුර්වල කරද්දී දුෂ්ඨ කාන්තා විමුක්තිවාදය බටහිර සමාජය තවත් දුර්වල කර අසාධ්‍යලෙස් රෝගාතුරු කරයි. බටහිර දක්ෂිණාංශික දේශපාලනය ඔවුන්ගේ ජාතිකත්වයන් ශක්තිමත් කිරීමට කතාකළද, කාන්තා විමුක්තිවාදය අනුගමණය කරන එමෙන්ම පුරුෂ විරෝධී මනෝගතිය අත්හැරියනොහැකි මෝඩ ගෑනුන් අතිමහත් බහුතරය ජාතිකත්වයන් සමග එකට සිටීමට අකමැති වන්නේ ඒ තුලින් ඔවුන්ට තම ස්ත්‍රීත්වය පිළිගෙන ඊට අදාල සමාජ හැඩගැසීම් තුලට යෑමට සිදුවන බැවිනි. එසේ වූ කළ ඔවුන්ට තම ජන කොට්ඨාශයට අයත් පිරිමින්ගේ පෞරුෂත්වයන් හා බැඳුනු සමාජ අනුවර්ථනයන් පිළිගැනීමටත් ඔවුන් දිගට හරහට බැට දෙන පුරුෂාධිපත්‍යද පිළිගෙන ඒ සමග එකට සිටීමටත් සිදුවේ. මේ ඊනියා කාන්තා විඋක්තිය අනුගමනය කරන ගෑනුන් ඒටික කරනවාට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ ජාතිකත්වය වනසා හෝ තම පුරුෂ විරෝධී මානස තෘප්තිමත් කරගැනීමටය. මුස්ලිමුන් බලවත් වූ කල ඔවුන්ට වන හරිය කිවයුතු නොවේ, එහෙත් මේ වියරු කාන්තා විමුක්තිවාදිනියන්ට එහි වගක් නැත.
                           අද බටහිර බොහෝ රටවල පුරුෂ විරෝධී දුෂ්ඨ කාන්තා විමුක්තිවාදිනියන්ගේ උවමනා එපාකම් මත පිරිමින් පීඩාවට ලක්කරන පුරුෂ විරෝධී නීතිරීති කොපමණ පනවා ඇත්ද ඒ නීති ක්‍රියාත්මක කරන්නේද ඒ සමාජයේම සිටින් අන්ත කුහකයන් විසිනි. බටහිර රටවල මේ වනවිට " sex offender laws " නමින් ක්‍රියාත්මක වන ලිංගිකත්වය ආශ්‍රිත වැරදි අර්ථගන්වන්නේ ඉතාම කුහක හා පුරුෂ විරෝධී අසාධාරන ක්‍රමයකටය. මේ නීතිරීති අනුව ස්වභාවික හා සාධාරන විරුද්ධ ලිංගික සබඳතා සියල්ල කෙසේ හෝ ලිංගික අතවර සමග ගැටගසා ඊට සම්බන්ධ පිරිමි පාර්ශවයට පමණක් ද්වේශසහගත ලෙස දඬුවම් කිරීම සඳහා නිර්මාණයකර තිබේ. මෙවැනි බොහොමයක් නීති පැනවීමේ මූලික පරමාර්ථය සමාජහ තුල කාන්තාවන් ආරක්ෂා කිරීම නොව පිරිමි ලිංගිකත්වය කෙරෙහි වයිරයෙන් පසුවන කාන්තා විමුක්තිවාදීනියන්ට පිරිමින් පීඩාවට පත්කිරීම තුලින් යම් තෘප්තියක් ලැබීමට ඉඩකඩ ලබාදීමයි. මෙවැනි විකාරනීති වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවලය. ස්වීඩනයේ පිරිමින්ට උපත්පාලන කොපුවක් භාවිතා නොකර සිය බිරිඳ සමග සංසර්ගයේ යෙදීමට හැක්කේද ඇය කැමතිනම් පමණි. එමෙන්ම දරුවන් හැදීමද තීරනය කරන්නේ කාන්තාවන්ය, දරුවන්ගේ සියලු අයිතිය ඇත්තේද කාන්තාවන්ටය. මේ කාරණා නිසාම එරට පිරිමින්ගෙන් වැඩි පිරිස  නිසි විවාහ ජීවිත බලාපොරොත්තු නොවන අතර සැලකියයුතු පිරිසක් විදේශික කාන්තාවන් විවාහ කරගනිති. එහිදීද විදේශික කාන්තාවට පුරවැසිභාවය ලැබීම හරහා ඒ අයගේ පවුල්වල සාමාජිකයින්ට එරටට සංක්‍රමණය විමට පහසුවේ. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී තවත් අප්‍රකට එහෙත් සත්‍ය සිදුවීමක් බටහිර බොහෝ රටවල සිදුවේ. එනම් මේ දුෂ්ඨ කාන්තා විමුක්තිවාදයෙන් බැටකෑමේ අවදානම නැතිකර්ගැනීම සඳහා මේ ගැටලුවට පිළියමක් ලෙස සැලකියයුතු පිරිසක් ඉස්ලාම් ආගම වැලඳගනිති. පිරිමින් මෙන්ම කාන්තාවන්ද මේ දෙය කරති.

                        බටහිර සැබෑ තත්වය මෙයනම් බ්‍රිතාන්‍ය මුස්ලිම් ව්‍යාප්තිවාදයට ගොදුරු වීම කාට නම් වැලැක්විය හැකිද. තමන්ම නූතනත්වයේ හා සංවර්ධනයේ නාමයෙන් අනුගමනය කරන මෝඩ ප්‍රතිපත්ති වලට පින් සිදුවන්නට ඔවුන්ගේම රටවල ජාතිකත්වය ගොඩනැගූ ආවේනික ජනගහනය පසුබැස අනාගත පරපුර පෝලියෝ කකුලක් බවට පත්වී ඇත. අපට මේ සිද්දිය විමසා බැලීමේදී මතකයට නැගෙන්නේ අපේ එක්තරා කියමනකි. එනම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමනයි. ගොන් ලිබෙරල් ප්‍රජාතන්ත්‍රවාදයත් සංවර්ධන හූනියමත් බොරු නූතන්වයත් බටහිර බොහෝ රටවල ජාතිකත්වයන් වනසා අවසන්ය. දැන් මේ බටහිර ගොබ්බ රැලට කරන්නට තිබෙන්නේ කුපාඩි කාන්තා විමුක්තිවාදි ගෑනුන්ට ඔවුන්ගේ විමුක්තියද ලබාදී තම ජාතිකත්වයේ අවසානය සනිටුහන් කරන දිනය එන තෙක් දින ගැනීමය. තමන්ගේම දුර්වලකම් වලින් තමන්ගේම ජාතිය දුර්වල වූ පසු මුස්ලිම් ආක්‍රමණයට මේ බටහිර රටවල් එහෙම පිටින්ම ගොදුරු වීම පුදුමයට කරුණක් නොවේ. ඇත්තම කාරනය සොයා බැලුවොත් පෙනෙන්නේ මුස්ලිමුන් උවමනාවෙන් කරන ආක්‍රමණයටත් වඩා මේ බටහිර රටවල ජාතිකත්වයන් දුර්වල වීම තුල මුස්ලිම් ව්‍යාප්තියට එම රටවල් නිරායාසයෙන් ගොදුරුවන ආකාරයකුයි. බ්‍රිතාන්‍ය දේශපාලන බලධාරීන් මුස්ලිම් ව්‍යාප්තිය ඔවුන්ට තර්ජනයක් වී ඇති ආකාරය ගැන දැන් කුමක් කීවද ඒ කියන සියල්ල හාස්‍ය ජනක තත්වයකට පත්වී තිබෙන්නේ මෙහි නඩුවම විත්තිය බවට පත්වී තිබීමෙනි. මේ සිද්ධිය තුලින් අපටද හිතන්නට යමක් තිබෙන බව දැකියහැක. එනම් මහත් උජාරුවෙන් බටහිර රටවල් අනුගමනය කරන ලංකාවේ තත්වය මෙයට සමාන වෙන දවස වැඩි ඈතක නොවන බවයි.

5 comments:

  1. කාන්තාවකට සිටිය යුතු දරු අනුපාතය 2.1 ලු.යුරෝපෙ මේක හුගක් පහළ බැහැල.ජර්මනියෙ ගෑනු 30% කටම ළමයි නැහැල්ලු.මේ රික්තය මුස්ලිම්වරු පුරවාවි.මෙහෙම වෙන්නෙ ගෑණු පිරිමි වෙන්න යන නිසයි.
    දැන් ඔබේ ලිපි සාරගර්හයි ඒ වගේම හුගක් දිගත් නෑ.කොටත් නෑ.නියම ප්‍රමානෙට තිබෙනවා.මම යෝජනා කරනවා මේ ලිපි එකතු කරලා පොතක් පළ කරන ලෙස.

    ReplyDelete
    Replies
    1. තව නොබෝ කලකින් අපටත් මේ ඉරනම අත්වෙයි කාන්තාවිමුක්තිය ක්‍රියාත්මක උනොත්.

      Delete
  2. මුන්ට මෙහෙම වෙනෑක පුඩුමයක් නෙවෙයි. ඔය කාන්තාවාදය අපේ රටට කරන්නෙත් ඔයටිකමනේ.

    ReplyDelete
  3. munta mehema wenna ona

    ReplyDelete
  4. මේකයි සීන් එක බටහිර ඉන්න හොඳ කාන්තාවෝ ස්ත්‍රීවාදී සමාජයේ ජීවත් වෙන්න බැරි නිසයි මුස්ලිම් ආගමට යන්නේ ගොඩක් කාන්තාවන්ගෙන් මුස්ලිම් වීමට හේතුව විමසනවිට ඔවුන් ඒ ගැන පවසනවා

    ReplyDelete