Thursday, June 13, 2013

සැබෑ පියවරු හා පියවරුන්ගේ දිනය.



අන්තර්ජාතික දින වලින්නම් ඒහැටි ගතයුත්තක් නොමැත්තේ දිනයන්ද බටහිර සංස්කෘතික යටත්විජිතවාදය හා මතවාදී ආක්රමණය නියෝජනය කරන බැවිනි. බටහිර යුදෙවු චින්තනය බලවත් වී කාර්මික විප්ලවය හරහා මුලු යුරෝපයම ආක්රමණය කිරීමත් සමග බටහිර පාරිසරික වටිනාකම් මෙන්ම සමාජමය සාරධර්මද පිරිහෙන්නට විය. කාර්මීකරණයටත් ආශ්රිත සංවර්ධනයට හා වානිජ අවශ්යතා වලට ප්රමුඛත්වය දෙන සමාජයක් තුල හිටි අඩියේ පරිසරය මතක්වීම, හිටි අඩියේ මවුපියන්ට සැලකීමට මතක් වීම ආදිය පාරිසරික දිනය, මවුවරුන්ගේ දිනය හා පියවරුන්ගේ දිනය වැනි දින වලින් පෙන්නුම් කරයි.
                                           මෙරට අප සමාජය තුල අපට හුරු පුරුදු මවුපිය දූදරු සබඳතා බටහිර කාර්මීකරණයත් සමග විකුර්ති වූ සමාජ තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස්ය. එබැවින් අපට මේ ජාත්යන්තර දින සැමරීම එතරම් වැදගත් නොවේ. නමුත් මේ ලෝක පියවරුන්ගේ දිනය ගැන සංසන්දනාත්මකව කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමට මා කැමතිය. පළමුව පීතෲත්වය ගැන යමක් මිනිස් සමාජය හා ජීවවිද්යාත්මක පැත්තෙන් කරුණු කීපයක් ලිපියට එක්කිරීම වැදගත් යැයි සිතමි. මෙහිදී මාහට පෙන්වාදීමට අවශ්ය ප්රධාන කාරනය නම් පීතෲත්වය යන්න අහම්බයෙන් අහේතුවකට ඇතිවූ දෙයක් නොවන බවයි. එයට විශේෂ හේතුවක්ද ඇත. එනම් පීතෲත්වය සත්ව ලෝකය තුල වෙනත් සත්ව කොට්ඨාශ අතරට වඩා මිනිස් සමාජය තුල කැපී පෙනෙන අංගයක වන්නේ නිකම් නොවන බවයි. එහි සැබෑව නම් පීතෲත්වය යනු මිනිස් සමාජය තුල පිරිමි ලිංගිකත්වය මනෝවිද්යාත්මකව ක්රමවත් ලෙස ගොඩනැගීමට සොබාදහමේදහමෙන් වැඩිදියුණු කර ඉදිරියට ගෙන දියුණු මිනිස් ලක්ෂණයක් යන්න වේ. සත්ව ලෝකයේ යම යම් අවස්ථා වල මේ ලක්ෂණය කලාතුරකින් දැකගතහැකි වූවත් මිනිස් සමාජයේ තරමට විකාශනය වූ මට්ටමක නැත.
                                මිනිස් ලිංගිකත්වය සැලකීමේදී එහි මනෝවිද්යාත්මක සාධකයක් පැහැදිලිව තිබෙන බව අප මින් පෙරද සඳහන්කර ඇත්තෙමු. මේ මනෝවිද්යාත්මක සාධකය හඳුනාගත හැක්කේ මිනිස් ජන සමාජය තුල පිරිමින් හා කාන්තාවන් වෙන් වෙන්ව එකිනෙකාගේ ලිංගිකත්වයේ ස්වභාවයට අනුව දක්වන සුවිශේෂ මිනිස් අනුවර්තන තුලිනි. සත්ව ලෝකය තුල බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්රජනනයේදී  පිරිමි සතා පුරුෂ ප්රජනන බීජ සපයන්නා ලෙස කටයුතු කළද පැටවුන් වැදීම හා ඔවුන් පෝෂණයකර රැකබලාගැනීම ගෑනු සතා ආශ්රයෙන් ඉදිරියට යෑමයි. එය සත්ව ලෝකය තුල එතරම් ගැටලුවක් නොවන්නේ වෙනත් බොහෝ සතුන්ගේ ලිංගිකත්වයට අදාල මනෝවිද්යාත්මක සාධකය එතරම් සංකීර්ණ නොවන බැවිනි. ලිංගිකත්වයේ මනෝවිද්යාත්මක සාධකය සංකීර්ණ වනවිට පිරිමි ලිංගිකත්වය මනෝවිද්යාත්මක ලෙස ක්රමවත්ව ගොඩනැගීමේ අවශ්යතාවයක් ස්වභාවිකව ඇතිවේ. අවශ්යතාවය සපුරාලීමට ඕනෑම මිනිස් සමාජයක් තුල වැඩිදියුණු වූ මිනිස් ලක්ෂණයක් ලෙස දක්නට ඇත්තේ පීතෲත්වය හෙවත් පියවරුන්ගේ භූමිකාවයි. ගෑනු ළමුන්ගේ ස්ත්රීත්වය මවට අනුව නීර්ණය වීමත් මනෝවිද්යාත්මකව ස්ත්රීත්වය මවගේ සමාජමය ස්ත්රී අනුවර්තන අනුව ඔවුන්ට පිහිටීමත් මවුවරුන්ගේ භූමිකාව ආශ්රිතව ඉබේ සිදුවන්නේ උපතේ සිට මවුවරුන්ට තිබෙන සුවිශේෂී බැඳීමත් සමගය. එය එසේ සිදුවන ආකාරයට පිරිමින්ට ලාක්ෂණික පෞරුෂත්වයන් පිරිමි ළමුන් තුල වර්ධනය කර ඔවුන්ට පිරිමින් ලෙස සමාජයේ අනාගත පැවැත්ම ගොඩනගා දීම මවුවරුන්ට පමණක් කළ නොහැක. මේ බව සනාත කිරීමට සාක්ෂිද මිනිස් සමාජය තුලින් ඕනෑ තරම් සොයාගතහැක. කුඩා කළ සිට පියා අහිමිව හැදෙන බොහෝ පිරිමි ළමුන්ට ඔවුන්ගේ පෞරුෂත්වයන් සැලකීමේදී මනෝවිද්යාත්මකව කවර හෝ දුර්වලකමක් ඇත. බොහෝ විට මෙය යම් අසමබරතාවයකට සමානය. බොහෝ විට පිරිමි ළමුන්ගෙන් ඇතමෙකු කුඩා කල සිට සමලිංගික විකුර්ති කාම අපචාර වලට විවිධ මට්ටමින් යොමුවීමටද එක් ප්රධාන කරුණක් ලෙස බලපාන්නේ පියවරුන්ගේ රැකවරණය හා අධීක්ෂණය ඔවුන්ගේ ජීවිතවලට නොලැබීමයි. මේ කාරණා මෙලෙස එලිපිට පැහැදිලිව පෙනෙන්නට තිබියදී කිසිත් ආකාරයෙන් පිළිනොගැනීම තවත් එක් සමාජමය කුහකත්වයකි. ඇතැම් කුහක පිරිමින් සමාජයේදී තමන්ට ස්වභාවයෙන් පිහිටන ලිංගිකත්වයට ගරහාගනිමින් බොරු ගුණයහපත්කමක්  පෙන්වන්නේත් ගෑනුන් ඉදිරිපිට වීරයන් වීමට උත්සහ කරන්නේත් මේ කරුණ පාදක කොටගෙනයි. ඔවුන්ට පියවරුන් ගැන තබා තමන් ගැනවත් හරි වැටහීමක් නැත.
                     වර්තමානයේදී මිනිස් ලිංගිකත්වයේ සැබෑ ස්වරූපය පිළිනොගන්නා එමෙන්ම ඊට වෛර කරන බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය පෙර සඳහන් කළ පිරිමින් අතර තිබෙන කුහකත්වයද සමග අත්වැල් බැඳගනිමින් ලොවපුරා විෂබීජයක් ලෙස පැතිරෙන ආකාරය අප පැහැදිලිව දැක ඇත්තෙමු. මේ කාන්තාවිමුක්තිවාදය තුල පිරිමින් හා පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය කෙරෙහි කොපමණ වෛරයක් ගැබ්වී ඇත්ද යන්න කාන්තාවිමුක්තිවාදී ක්රියාකාරකම් වලින් දැකබලාගතහැක. කාන්තාවිමුක්තිවාදය පිරිමි ලිංගිකත්වයට පමණක් නොව මත පදනම් වන පීතෲත්වයටද බැට දෙන්නේ සිරිතක් ලෙස වේ. අද පිතෲමූලික සමාජය යනු කාන්තාවන්ට වද දීමටම නිර්මාණය වී ඇති දෙයක් බවට ඊනියා කාන්තාවිමුක්තිවාදිනියන් ඔවුන්ගේ පිරිමි සහචරයින්ද සමග එක්ව මතයක් ගොඩනගා අවසන්ය. එපමණක් නොව මේ විකුර්ති මතය ඔවුන් විසින් සියලු සමාජ කුහකත්වයන්ගේ ආශිර්වාදය මැද සම්භාවනාවට පාත් කර තිබේමෙහි ඇත්ත කාරනයනම් පිතෲමූලිකත්වය යන සාධකය පුද්ගලයන් මවුවරුන්ට මනෝවිද්යාත්මකව දක්වන වැඩි බැඳීම යන සාධකයත් සමග සමබරතාවයකට පත්වීම යන්නයි . අනෙක් අතට පවුලක පියා මූලිකත්වය නොගෙන පිරිමි දරුවන්ගේ පෞරුෂත්වයන් සාර්ථකව ගොඩනැගිය නොහැක. එබැවින් එය සොබාදහමටද අනුකූලව ඉදිරියට යන දෙයක් විනා එය එසේ සිදුවී තිබෙන්නේ කාන්තාවන් පීඩාවට ලක්කිරීමට නොවේ. එලෙසම සමාජය පීතෲමූලික වූ පමණින් කාන්තාවන්ට තම ස්වභාවික ස්ත්රීත්වය අහිමි වන්නේ නැත. (කාන්තාවන් පුරුෂකරණය  කිරීමට අවශ්යතාවයක් ඇති පිරිමින්ට එවැනි අවශ්යතාවයක් ඇත්තේ හුදු කුහකත්වය හා ඔවුන් එයින් ලබන මෝඩ ආශ්වාදය මත පදනම්ව පමණකි.)
                      වර්තමානයේ ජාත්යන්තර වශයෙන් වසරක් පාසා පියවරුන්ගේ දිනයක් සැමරුවද එමදිනය සමරන්නේ ඉහතින් පෙන්වාදුන් පීතෲත්වයේ සැබෑ වටිනාකම ගැන දැනුමක් හෝ සංවේදීතාවයක් ඇතුව නොවේ. එය හුදු සෝබනයක් පමණක් වන අතර මෙය ගහකොළ ඇතුලු ස්වභාවික පරිසරය වනසනගමන් බොරුවට පරිසර දින පැවැත්වීමට නොදෙවනිය.  යුදෙවු චින්තනය බලවත් වී යුදෙවු කුහකත්වයන් හා මිථ්‍යාවන් බටහිර සමාජයම වෙලාගැනීමත් සමග ඒතුලින් පැනනැගුනු පුරුෂ විරෝධී කාන්තාවිමුක්තිවාදය මේවනවිට මුලු ලොවම මතවාදීව ආක්‍රමණ්ය කරමින් පවතියි. මේ උමතු කාන්තාවිමුක්තිවාදය් පිරිමින්ටත් පිරිමි ලිංගිකත්වයටත් බැට දෙන්නේ අතිශය ද්වේශසහගතවය. එමෙන්ම මේ කාන්තාවිමුක්තිවාදයට පිරිමි ලිංගිකත්වය හා පීතෲත්වය නයාට අඳුකොල මෙනි. මේවනවිට බටහිර සමාජයේ මෙන්ම බටහිර ආකෘතිය පවතින වෙනත් රටවලද පියවරුන්ගෙන් තොර පවුල් ගොඩනගා අසමබර සමාජ තත්වයක් නිර්මාණයකර අවසන්ය. අද ලොව බොහෝ රටවල බොරු කාන්තාවිමුක්තියේ නමින් ස්වභාවික ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා කෙරෙහි අනවශ්‍ය පිළිකුලක් හා ද්වේශසහගත බවක් වර්ධනය වී ඇත. එමෙන්ම බොහෝ රටවල් තුල පුරුෂ විරෝධී කාන්තා සංවිධාන වල උවමනාවට සාධාරන මෙන්ම ස්වභාවික විරුද්ධ ලිංගික සබඳතා හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ශක්තිමත් කරන මිනිස් ක්‍රියාකාරකම් බොහොමයක් කප්පාදුකර පාසුබෑමට ලක්කර තිබෙන්නේ ඒ සියල්ල ද්වේශසහගත ලෙස ලිංගික අතවර වලට ගොනු කරමිනි. එපමණක් නොව අද ලොව පුරා බොහෝ රටවල ( ලිංගික නිදහසක් ඇතැයි කියන බටහිරද ඇතුලුව )ඊනියා කාන්තාවිමුක්තිවාදී කුහකයන්ගේ උවමනාවට අනුව අමුතුම ආකාරයේ ලිංගික අතවර අර්ථකතනක කරමින් පුරුෂ විරෝධී අනපනත් සකසා නීතිරීති සම්පාදනය කරදෙනුලබන්නේ ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ට ස්වභාවික හා සාධාරන හැඟීම් දැනීම් ඇති සියලු පිරිමින් පීඩාවට ලක්කර කාලකන්ණි සතුටක් ලැබීමට අවශ්ය පරිදි මිස මිනිස් සංහතියේ යහපත් පැවැත්ම ආරක්ෂා කිරීමට නොවේ. අපරටේද විවාහ වන වයස් සීමාව ඉහල දමා බාල අපරාධ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂ්ණ ආදී වචන ගෙන්වා පරිවර්තනය කර බෙදාහැර තිබෙන්නේ අහම්බයකින් අහේතුවකට නොවෙ. එමෙන්ම මේ නීති වලින් සිදුවන්නේ සමාජය රැකීමට වඩා නැසීමය. අද ජඩ මාධ්‍ය වල සහයද ඇතුව මෙරට පියවරුන් විසින් ගෑනු ළමුන්ට ලිංගික අතවර කරනු ලබන බවට මතයක් ගොඩනගා ඇත්තේ කෘතීමවය. එවැනි ව්‍යභිචාර ගොඩට අයත් ලිංගික ආශ්‍රයන් පිළිගත නොහැක්කේ වෙනත් ජීවවිධ්‍යාත්මක හේතු මත මිස පිරිමි ලිංගිකත්වය ගැන කාන්තාවිමුක්තිවාදීන් අතර ඇති වයිරය පාදකකොටගෙන නොවේ. සියල්ල එසේ සිදුවෙද්දී ඊට මනා පිටිවහලක් ලැබෙන්නේ උපන් කුහක ගතිපැවතුම් ඇති පිරිමින්ගෙන් හා සමලිංගික විකුර්ති කාමුකයන්ගෙනි. අපට එම කාරනයෙන්ද පලායා නොහැක.
                            දැන් අප විසින් විවුර්ත මනසකින්යුක්තව විමසා බැලියයුත්තේ මෙලෙස පිරිමි ලිංගිකත්වයටත් පීතෲත්වයටත් කාන්තාවිමුක්තිවාදයෙන් බැට දිදී සමරන පියවරුන්ගේ දිනය කාවෙනුවෙන්ද යන්නයි. කවර කුහකයෙක් කුමක් කිවුවද දරුවන්ට හරි ආදරයක් හා බැඳීමක් දක්වන්නේ දරුවන් හැදීමට අවශ්‍යතාවයක් තිබෙන කෙනා මිස දරුවන් වැදීම කරදරයක් යැයි සිතන පිරිස නොවේ. දරුවන් හැදීමට තිබෙන අවශ්‍යතවයත් විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ලිංගික රුචීඅරුචිකම් වල ප්‍රතිවිරුද්ධ ගැලපීම්වල ස්වභාවයත් එකකට එකක් සම්බන්ධ දේවලය. ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයේම සිටින තම විරුද්ධ ලිංගිකයින් හෙලාදකින එමෙන්ම විරුද්ධ ලිංගික ආකර්ෂණයට බැටදෙන කුහකයන්ට තමන් දරුවන්ට ආදරය කරන බව කිවනොහැක. කුහකත්වයක් නැති සැබෑ මවුපියන් තම දරුවන් ස්ත්‍රී පුරුෂභාවයට අනුව මනා හැඩගැස්වීමක් කරනුලබන්නේ දරුවන් ගැන පැහැදිලි වගකීමක් ඇතුවයි. වගකීමෙන්යුතු මෙන්ම දරුවන්ට සැබෑ ආදරයක් දක්වන පියවරුන් පිරිමි ළමුන් තමන්ට අනුව පෞරුෂත්වය කේන්ද්‍රකරගනිමින් හැදීමත් ගෑනු ළමුන් මවට භාරදී ස්ත්‍රීත්වය කේන්ද්‍රගතව ඔවුන් හදාගැනීමට ඉඩ සැලසීමත් යන දෙකම කරති. ඔවුන් දරුවන්ට ලබාදෙන්නේද නිවැරදි සාරධර්ම මිස ලිංගිකත්වයේ නියම ස්වරූපය හෙලාදකින කුහකත්වය වටා බැඳුනු බොරු වටිනාකම් නොවේ. පියවරුන් සමරන්නේනම් අප මහත් ගෞරවයෙන් සැමරියයුත්තේ එවැනි උදාර පියවරුන් මිස ගෑනු ළමුන් බලෙන් පුරුෂකරණය කොට සමාජගත කරමින් පිරිමි ලිංගිකත්වය හා ස්වභාවික හැඟීම්දැනීම් ඇති පිරිමින් සියල්ලන්ට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට අනුබලදෙන කුහකයන් නොවෙයි. මෙහි අනෙක් පැතිකඩ ගැනද යමක් නොකියා බැරිය. එනම් සැබෑ මවුවරුන් හා මවුවරුන්ගේ දිනය ගැනයි. සැබෑ මවුවරුන් වියහැක්කේ ස්ත්‍රීත්වය මත තම ජීවිතය හැඩගසාගනිමින් විවාහ වී දරුවන් හැදීමට ජීවිතයේ ප්‍රමුඛත්වය ලබාදෙන කාන්තාවන්ට පමණි. එලෙසම කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වයත් ස්ත්‍රී ලිංගිකත්වයත් හෙලාදකිමින් මවුවරුන් සැමරිය නොහැක. සොබාදහමට අනුව ලිංගිකත්වය නිර්මාණ්ය වී තිබෙන ආකාරයට පටහැනිව යමින් ලිංගිකත්වයේ ස්වභාවයද හෙලාදකිමින් මවුපියන් සැමරිය නොහැක. අප යමක් කළයුත්තේ කරන දේ ගැන මනා වැටහීමකින් මිස කරන්නන්වාලේ හෝ බොරු සෝබනය පිණිස නොවේ. පියවරුන්ගේ දිනය සැමරීම ගැන කිවයුත්තේද ඒටිකමය.  එනම් පිරිමි ලිංගිකත්වයට හා ලිංගිකත්වයේ ස්වභාවයට බැට දෙමින් පියවරුන් සැමරීම එක්කෝ මෝඩකමකි, නැත්නම් කුහකකමකි. මිනිස් ලිංගිකත්වයේ නියම ස්වරූපය පිළිගනිමින් මිනිස් ස්වභාවයන් සමග එකට සිටියහැකිනම් බොරුවට පියවරුන්ගේ දිනයක් සැමරුවේ නැතත් කමක් නැත.

2 comments:

  1. ටිකක් එක විදිහක එව්වා නේද ලියන්නේ .

    ReplyDelete
  2. මේ ලිපි වල යම් ඒකාකාරී බවක් කෙනෙකුට දැකියහැකි උනත් මා මෙහිදී කාන්තාවිමුක්තිවාදය ගැන විතරක් නෙවෙයි ඒ වටා තියෙන සෑම සිද්ධියකම සෑම පැතිකඩක් ගැනම සාකච්ඡා කරනවා. ඒ වගේම ජාතිකත්වය පරිසරය සොබාදහම වගේ දේ ගැනත් ඉදිරියේදී සංසන්දනාත්මකව ලිපි පල කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.

    ReplyDelete