Thursday, May 23, 2013

වෙසක් පණිවිඩය




වෙසක් පොහොය නිමිතිකොටගෙන කිසිවෙකුත් මේ දකවා අවධානයක් යොමුකර නැති එහෙත් බුදු දහමත් බුදු සසුනත් වෙනුවෙන් නියත වශයෙන් කළයුතු යම් දැනුවත් කිරීමක් සඳහා මේ ලිපිය ලිවීමට අදහස් කළෙමි.
            මෙයින් පෙන්වාදීමට අදහස් කරන ප්‍රධාන කාරනයනම් නිදහසින් පසුවත් මේදක්වාම  මෙරට ඉදිරි ගමන තීරනය කරන බටහිර නූතනත්වයේ සරණගියවුන් බුදු දහමටද ඔවුන් අනුගමනය කරන නූතනත්වයේ මතවාද ඇතුල්කරමින් සිටීමයි. කැපී පෙනෙන දෙයක් වන්නේ ඇතමුන්ට බුදු දහම බටහිර විද්යා දැනුමට අනුව විද්යාත්මක කිරීමට තිබෙන උවමනාවයි. අඩු තරමින් ඔවුන් නවීන විද්යාව යැයි කියන බටහිර දැනුම බුදුදහමට අනුව බටහිර මිනිසුන්ගේ මනස මුල්කරගෙන නිර්මාණය වන සංස්කාර ගොඩටම අයත් බවවත් ඔවුන් නොදන්න බවක් පෙනෙන්නට තිබේ. සැබෑවනම් ඔවුන් බටහිර නූතනත්වයෙන් ඔවුන්ගේ මොළ සෝදාගෙන තිබෙන කාරනයට අනුව එය තේරුම්ගැනීමට නොහැකිවීමයි.
                        තවත් එක් බරපතල කාරණයක් වන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය මේ නූතන බොරු බකපණ්ඩිතයන් විසින් කිසිදු ඉවක්බවක් නැතිව බුදු දහමට ගැලපීමට යෑමයි. ඔවුන්ට අනුව බටහිර කාන්තාවිමුක්තිය බටහිරයන්ට පෙර ලබාදී ඇත්තේ බුදුන්වහන්සේ විසිනි. බටහිර කාන්තාවිමුක්තිවාදයේ පදනම කුමක්ද යන්නවත් ඔවුන් සෙවීමට උනන්දුවක් නොදක්වන්නේ එසේ කිරීමට තරම් උවමනාවක් ඔවුන් අනුගමනයකරන බටහිර නූතනත්වයෙන් හෝදපු ඔවුන්ගේ මනසට නැති බැවිනි. තමන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය නැතිකරදමා පිරිමි ලිංගිකත්වය පවා උමතුවෙන් ආරූඪ කරගැනීමට කාන්තාවන්ට බුදුදහමෙන් උපදෙස් දී තිබේද? පුරුෂයාට හා පුරුෂ ලිංගිකත්වයට වයිර කරමින් සමස්ථ පිරිමි ජනගහනයම හෙලාදැකීමට ඊනියා කාන්තාවිමුක්තිවාදීන්ට බුදු දහමෙන් ලැබෙන සහයෝගයක් ඇත්ද? පවුල තුල ඉවුම්පිහුම් ඇතුලු ගෘහ කටයුතු සියල්ලෙන් ඈත්වීමටත් දරුවන් හැදීම ප්‍රතික්ෂේප කිරීමටත් එලෙස පවුලතුල ස්වාමි පුරුෂයාට එරෙහි කැරලිකාර චරිත බවට පත්වීමටත් කාන්තාවන්ට බුදුදහමෙන් උගන්වාදී තිබේද? මේ සියල්ල ඒ ආකාරයෙන් කිරීම බුදුන්වහන්සේ විසින් අනුමත කර ඇත්ද? බුදු දහමට අනුව විමුක්තිය යනු කවරක්ද? බටහිර කාන්තාවිමුක්තිවාදයට අනුව කාන්තාවිමුක්තිය යන්න බුදු දහමට අනුව නිවනට සමානද?මේ ප්‍රශ්න සියල්ලට බටහිර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් සියල්ලන්ට පෙර ලබාදීතිබුන බව කියන මෙරට බකපණ්ඩිටයන් සියලුදෙනා පිලිතුරු සැපයියයුතුය.
                              මේ සම්බන්ධයෙන් සවිස්තර කරුණු අඩංගු ලිපි කිහිපයක් වෙනමම සැපයීමට මම බලාපොරොත්තු වෙමි. මේ විශේෂ වෙසක් පණිවිඩයෙන් කෙටියෙන්ම කිවයුත්තේ ඉහත සඳහන් කරුණු දැන්වත් විචාරයට බඳුන්කර බටහිර මුග්ධ මතවාද හා යුදෙවු මිත්යාවන් බුදුදහමෙන් ඉවත්කර නිවැරදි බුදු දහම අප විසින් වෙන්කරගැනීම අනිවාර්යයෙන් කළයුතුය යන්නයි.

9 comments:

  1. ස්ත්‍රීවාදය බුදුදහමට ගැලපීම ගැන ඔබ අදහස් දක්වා ඇත්තේ වෙන කෙනෙකුට කියන්න දෙයක් ඉතිරි නොකරමින්.නමුත් ස්ත්‍රීවාදීන් කරන්න හදන්නේ ඒ දේයි.කරුණු නොදාත් මෝඩයොත් බුදුදහම තමයි කාන්තාවට විමුක්තිය දෙන්නෙ කියා කියනවා.තව දෙයක් තාපස නිකායන් ඇතිවීමේ අවදානමකුත් තිබෙනවා.ස්ත්‍රීවාදීන් මේ තාපස නිකායන්ටත් පක්ෂයි.බුදුදහම කැලේ ට ගෙනියන්න ඕනැත් මේ වගේ අයටයි


    බුදු දහම කැලේට ගෙනියන්න හදන cult ගැන මම ලිපියක් දැම්මා .බලන්න

    ReplyDelete
    Replies
    1. අන්තිමට බුදු දහමත් නිකම්ම කාලෙට ජනප්‍රිය වන cult එකක් වෙලයි නවතින්නෙ මේ වැඩෙන්.

      Delete
  2. කළක් තිස්සේ ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගාගත් බොරු ප්‍රබුද්ධයන්ගේ බොරු ප්‍රතිරූපය බිඳදැමීම ඉස්සරවෙලා කරන්න වෙයි.

    ReplyDelete
  3. ප්‍රතිවාදියා මා හට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි වීම ගැන සමා වන්න.හේතුව මා කාන්තා වාදීන් හා කාන්තා සංවිධාන යැයි කියා ගන්නා උන් ගේ සැබෑ නිරැවත සෙවීමේ කටයුතු වලට සෘජුව සම්බන්ධ වන බැවින් මාගේ අනන‍යතාවය එළි කිරීම එම කටයුතු සඳහා බාධාවක් වන බැවිනි.කෙසේ වෙතත් ඔබගේ බ්ලොගය හරහා අප සොයා ගන්නා කාරණා ඉදිරිපත් කිරීමට අවසර ලබා දීම ගැන අපගේ ස්තූතිය..ඉදිරියේදී හමුවෙමු...

    ReplyDelete
    Replies
    1. කාන්තාවිමුක්තියේ හෙලුව් රටට එලිකරන ඔබ වැනි අය සිය දහස් ගනණින් අද මේ රටට අවශ්යයි. හේතුව මුලු ලෝකෙම බිහිවෙච්ච හෑම දියුනු මිනිස් ශිෂ්ඨාචාරයකම සැබෑ වටිනාකම් නැතිකර පැවැත්මත් කෙටිකරමින් යන මේ හූනියම අපේ රට ආක්‍රම්ණය කර ලෙඩ කිරීමට පෙර අපි මේ හූනියම කපන්න ඕනේ. ඔබ මේ බ්ලොග් එක ගැන සැක ඇතිකරගන්න අවශ්යනෑ. නමුත් මේ බ්ලොග් එකට උනත් ප්‍රසිද්ධියේ අනන්යතාවය අඟවමින් කමෙන්ට් දන්න එපා. ඔබ අප සමග දිගින් දිගට සම්බන්න්ධ වන්න කැමතිනම් ඔබට කළයුතු දේවල් කිහිපයක් ඉදිරියේදී දන්වන්නම්. අප සමග දිගින් දිගටම සම්බන්ධව සිටින්න. ඔබේ උත්සහයත් මම ඉතා අගයකරනවා.

      Delete
    2. ප්‍රිය ඇනෝ ඔබ දෙපළ අතර සංවාදයට අනවසරයෙන් සම්බන්ධ වීම ගැන සමාවන්න.මමත් ස්ත්‍රීවාදය නමින් ඊට එරෙහිව බ්ලොග් එකක් කරනවා.මාධ්‍ය සහ සෙසු ආයතන හරහා බලෙන් ස්ත්‍රීවාදය ගිල්ලවීමට එරෙහිවයි අපි අරගල කරන්නේ.බලන්න සිරසෙ වීක් එන්ඩ් එකේ පොලිස් ස්ථානාධිපතිවරියක් ගැන යන පොන්න ටෙලි ඩ්‍රාමා එක.ඩොමිනාට්‍රික්ස් සමාජයක් හදන්න තමයි ස්ත්‍රීවාදීන්ට ඕන වෙලා තියෙන්නෙ.මුන් හිතුවෙ නෑ 1995 බෙයිජින් සමුළුවෙ කුමන්ත්‍රන අපි අවබෝධකරගනීවි කියල.මේවා ස්වාභාවික දේවල් සමජ වෙනස්වීම් කියල නිස්සද්ද වෙයි කියලයි උන් හිතුවෙ.
      මිත්‍රයා මගේ ඊ මේල් එක liyavaruna@gmail.com

      ඔබ වනි විශාල පිරිසක් අප සමග ඉන්නවා.අප එක් බලවේගයක් විය යුතුයි.සමාජයේ අපි එක් කන්ඩායමක් විය යුතුයි.

      ඔබට ජය

      Delete
    3. ඔබ හා අප වැනි අයට එක්ව යම් වැඩකොටසක් කරන්න ඉදිරියේදි අනිවර්යයෙන්ම සිද්ද වෙයි.

      Delete
    4. මිතුර ස්ත්‍රීවාදය යනු මා ආශාවෙන් කියවන බ්ලොග් එකකි.එනිසා ඔබ මට අමුත්තෙකු නොවේ.ඉදිරියේ දී අත් වැල් බැඳ ගැනීමට බලා පොරොත්තු වෙමි.....

      Delete
    5. ස්ත්‍රීවාදයේ භයානකකම තේරුම්ගන්න තරම් සංවේදී බවක් ඔබට තිබීම ඉතා සතුටට කරුනක් ඔබට කිසිම ගැටලුවක් නැතිව ඔබේ අදහස් අප වෙත දන්වන්න පුලුවන්. ඔබට මේ ස්ත්‍රීවාදයේ භයානක පැත්ත ගැන තිබෙන අත්දැකීම් අපවෙත දන්වන්න. ඒගැන සැක ඇතිකරගන්න එපා. මේ විෂබීජය අපේ සමාජයම ලෙඩ කරවන ආකාරය ලෙඩේ අසාධ්ය වෙන්න ඉස්සර වෙලා රටට එලිකරමු. අපේ ඊ - මේල් එක මෙන්න.

      prathiwadhiya@gmail.com

      Delete