Thursday, May 2, 2013

බටහිර කාන්තාවිමුක්තිවාදය සිංහල සමාජය දුර්වල කරද්දී දෑහිතකාමීන් ගොලුවීම



ලොව කොතැන වුවත් හොඳින් ස්ථාපිත වූ දියුනු මිනිස් ශිෂ්ඨාචාර ගොඩනැගී ඇත්තේ දියුණු මිසින් අනුවර්තනද සමගිනි. මිනිස් ලිංගිකත්වයට අදාලව ස්ත්‍රී පුරුෂ ලෙස දක්වන සමාජීය අනුවර්තන හා ලිංගික ම්ගැලපීම් ඕනෑම දියුනු මිනිස් ශිෂ්ඨාචාරයක මූලික හා අනිවාර්ය ගොඩනැගීම් වේ. ලිංගිකත්වය මත පදනම් වන මිනිස් අනුවර්තන හා පිළිගත් ලිංගික ජීවන රටාව ඕනෑම මිනිස් ජන සමාජයක්  සියලු ගොඩනැගීම් වල මැද නාරටියද වෙයි. මේ කරුණු මින් පෙරද සඳහන් කර තිබෙන බැවින් එතරම් දීර්ඝ ලෙස කරුණු කීමට අදහස් නොකරමි.ඒ අනුව ඉහතින් සඳහන් කළ සාධකයන් මෙරට සිංහල සමාජය සම්බන්ධයෙන්ද වලංගු බව සඳහන් කරමින් අදාල මාතෘකාවට පිවිසෙමි.
                         අප මින් පෙර වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම බටහිර කාන්තා විමුක්තිවාදය යනු මිනිස් ලිංගිකත්වය සොබාදහමෙන් නිර්මාණය වී තිබෙන ආකාරය සමග එකට අනුගත වන මතවාදයක්නොවන බව කියා ඇත්තෙමු. එය සැමවිට ක්‍රියා කරන්නේ ලිංගිකත්වයේ ස්වභාවයට පටහැනිවය.  එය කිසිවිටකත් කවර සමාජ සංස්කෘතික පරිසරයක හෝ සොබාදහමට එකඟව ගොඩනැගී ස්ථාපිතව තිබෙන පවුල් සංස්ථාවට හා ලිංගික ජීවන රටාවට එකඟ නොවේ. එමෙන්ම බටහිර කාන්තාවිමුක්තිවාදය කිසිම සංස්කෘතියක ස්ත්‍රී පුරුෂ භාවයට අනුව එකිනෙකාට ආවේනික මිනිස් අනුවර්තන හා සමාජීය හැඩගැසීම් පිළිනොගනියි. එයට හේතුවක්ද ඇත. එනම් මේ කාන්තාවිමුක්තිවාදය බටහිරදී ස්ථාපිත කර තිබෙන්නේ කාන්තාවන් පුරුෂකරණය කර විකුර්ති තෘප්තියක් ලබන ගෑනු ළමුන් සිටින ඇතැම් තාත්තලාද ඇතුලුව කුහක පිරිමින් විසින් වීම හා ඒ අනුව කවර සංස්කෘතියක හෝ ස්ත්‍රී පුරුෂ හැඩගැසීම් කාන්තාවන් මානසිකව පුරුෂකරනයටත් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස පිරිමින් අනුකරනය කරන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ හැසිරීමටත් බාධාවක් වීමයි.


                           අප සමාජයේ තිබූ වටිනාම ලක්ෂණය වන්නේ මෙරට මවුපියන් විසින් තම දරුවන් කුඩාකළ සිට ස්ත්‍රී පුරුෂ භාවය මත වෙන් වෙන්ව හැඩගැස්වීමට ප්‍රමුඛත්වය දී තිබීමයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ වශයේන් පැහැදිලිව එකිනෙකට අනන්ය වන ක්‍රියාකාරකම් පද්ධති දෙකක් අප සමාජයේ අදටත් තිබේ. පුරුෂ ක්‍රියාකාරකම් පදනම් වන්නේ පරිසරය සමග ප්‍රභල අන්තර්ක්‍රියාකාරීත්වයක් දක්වමින් ජීවන රටාව හා ආරක්ෂාව ගොඩනැගීමට හැකි අයුරිනි. ස්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල ගොඩනැගී තිබෙන්නේ ස්ත්‍රිත්වය කේන්ද්‍රගත වන ගෘහ ජීවිත හා මාතෲත්වය පදනමට ගෙනයි. බටහිර යුදෙවු කාන්තාවිමුක්තියට අනුව මේ සියල්ල වැරදි වන අතර කාන්තාවන්ගේ ප්‍රගතියට බාධාවන් වේ. බටහිර ඊනියා කාන්තාවිමුක්තියත් එහි මෙරට නියෝජිතයනුත් කළක සිට සම්ප්‍රදාය වෙනස් කිරීම ආදී වචන හරඹ කරමින් කරගෙන යනුලබන්නේ අප සමාජයේ තිබෙන මේ වටිනාකම්වලට පහරදීම හා ඒවා විනාෂ කිරීමයි. මේ කාන්තාවිමුක්තියේ තවත් එක් ප්‍රභල කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිළිගත්යුතුය යන්නයි. සිංහල සමාජයේ ස්ත්‍රී පුරුෂ අනුවර්තනයන් වනසමින් ක්‍රමාඅනුකූලව රටේ රාජ්ය තාන්ත්‍රය තුලටම රිංගා රාජ්ය අනුගරහයද ඇතුව ක්‍රමයෙන් මේ කාන්තාවිමුක්තිවාදීන් ජාතික බලවේගවලද ඇස වසා කරගෙන යන්නේ ඒ සඳහා අවශ්ය සමාජ පසුබිම අප රට තුලද සැකසීමයි. ලිංග භේදයක් එපා යැයි කියමින් කාන්තාවන් මානසිකව පුරුෂකරනය කර මින් ඉහතදී පිරිමින්ට ආවේනික වූ විවිධ ක්‍රියාකාරකම් වලට කාන්තාවන් ඇතුලත්කිරීම සිදු කරනුලබන්නේ පිරිමි ලිංගිකත්වයට අවභාවයෙන් සමරූපී වන ස්ත්‍රී ලිංගිකත්වය කප්පාදු කර විරුද්ධ ලිංගික ආකර්ෂණය හා ගැලපීම් පසුබැස්සවීමටය. මෙය සමලිංගිකත්වයට දිරි දීමේ හා පිළිගැනීමක් ලබාදීමේ පළමු පියවරයි. මේ සියල්ල අවසාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා ජාතික අනන්යතාවයට පටහැනි වෙයි. එය පුදුමයට කරුනක් නොවන්නේ මේ බටහිර කාන්තාවිමුක්තිවාදය බටහිරදීත් ඇතුලුව ලොව කිසිදු සමාජ සංස්කෘතියක් තුල ලිංගිකත්වයේ සමාජීය අනුවර්තන ඇතුලු කිසුදු ජාතික අනන්යතාවයක් පිළිනොගන්නා බැවිනි.
                           තත්වය එසේ වෙද්දීත් විශේෂයෙන් මෑතක බිහිවූ බොහොමයක් සිංහල බෞද්ධ ජාතික සංවිධාන වලට එය තේරුම්ගිය බවක්නම් පෙනෙන්නට නැත. එයට එක් හේතුවක් වී තිබෙන්නේ එම සංවිධාන මෙහෙයවන්නන්ගෙන්ද බොහොමයක් මතවාදීව කාන්තාවිමුක්තිවාදයටද පාදක වූ යුදෙවු චින්තනයේ නිර්මාණයක් වන බටහිර නූතනත්වය අනුගමණය කිරීමයි. තවත් හේතුවක් නම් මෑතකාලයේ ජාතියට විශාල තර්ජනයක් වූ මුස්ලිම් වියාප්තිවාදයට එරෙහිව ජාතික සංවිධාන විසින් යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය අවිචාරයෙන් වැලඳගැනීමට යෑමයි. මෙය ජාතිකත්වයට එරෙහි එක් විජාතික හතුරු බලවේගයකට එරෙහිව ජාතිකත්වයට එරෙහි තවත් විජාතික බලවේගයක් සමග අත්වැල් බැඳගැනීමකි. මේ හා සබැඳුනු අනෙක් වැදගත්ම කාරනය වන්නේ කළක් තිස්සේ මෙරට සිටින බටහිර අනුකාරක උගතුන් යැයි කියාගන්න වියාජ ප්‍රතිරූප ගොඩනගාගත්තවුන් බුදු දහමට බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය වැරදි ලෙස ගලපා තිබීමයි. එක් අතකට යුදෙවු චින්තනයේ හා බටහිර නූතනත්වයේ වඳුරු අනුකාරකත්වයක් තුල කාන්තාවිමුක්තිවාදය සිංහල ජාතියේ පැවැත්ම කෙටි කරන ආකාරය තේරුම්ගැනීමට තරම් ජාතික සංවිධාන වලට සංවේදීතාවයක් නොතිබීම පුදුමයට කරුණක්ද නොවේ.
                          අප මෙහිදී උදාහරණ වශයෙන් සිංහල ජාතියේ පැවැත්මට තර්ජනයක්ව තිබෙන මුස්ලිම් වියාප්තිවාදයම මොහොතකට සලකමු. මෙහිදී මුස්ලිමුන්ගේ ජනගහන වර්ධනයට සාපේක්ෂව සිංහල ජනගහනය නිසි වර්ධනයක් පෙන්නුම් නොකරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයෙන් අපට පැනයා නොහැක. ජනගහනය නිසි ලෙස වර්ධනය වීමටනම් දරුවන් හැදීමේ කාර්ය නිසි පරිදි ඉදිරියට යායුතුය. එසේ වීමටනම් සිංහල සමජය තුල ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම එම අවශ්යතාවය තිබියයුතුය. එසේ වන්නේ මීට පෙර විස්තර කළ ආකාරයට් ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන ස්ක්‍රීය හා සජීවීව පවතීනම් පමණි. වෙන කිසිවක් නිසා නොව දරුවන් ප්‍රතිඵල වන්නේ ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගික වශයෙන් ඇතිවන්නාවූ අන්තර්ක්‍රියාවක් හේතුවෙන් වන බැවිනි. තම ස්ත්‍රී පුරුෂ භාවය ගැන ප්‍රතිපත්තියක් නැති මෙන්ම ලිංගිකත්වය අනුව මානසික හැඩගැස්මක් නැති පුද්ගලයන්ට දරුවන් හැදීම කෙසේවෙතත් ලිංගික අවශ්යතාවත් නියම ස්වභාවයට අනුව හරිහැටි නොපිහිටයි. බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා සිංහල සමාජය තුල බලෙන් ඇතිකරන්නේ එම තත්වය නොවේද? ඇතැම් විට "පුංචි පවුල රත්තරං" යන සංකල්පය මත වඳ සැත්කම් කිරීමේ ක්‍රියාවලියට කෙනෙකු අපේ ජනගහන වර්ධනය පසුබැසීම මුලුමනින් ගොනු කිරීමටද ඉඩ තිබේ. නමුත් විශේෂයෙන් සිංහල කාන්තාවන්ට දරුවන් හැදීමේ තදබල අවශ්යතාවයක් තිබෙන්නේනම්ද ඔවුන් ඒ සඳහා තම ජීවිතවල ප්‍රමුඛත්වය ලබාදෙන්නේනම්ද වඳ සැත්කම් බලෙන් කිරීමටද නොහැකිවනු ඇත. සිංහල කාන්තාවන් වැඩි දෙනෙකු දරුවන් හැදීම කරදරයක් හා තම ප්‍රගතියට බාදාවක් හැටියට හිතන්න පුරුදු වී තිබෙන්නේ කාන්තාවිමුක්තිවාදයේ බලපෑමෙන් නොවේද? එලෙසම පුංචි පවුල රත්තරං කියා වඳ සැත්කම් කරගැනීමට වැඩි දෙනෙකු පෙළඹෙන්නේත් මෙහිම ප්‍රතිඵ්ලයක් ලෙස නොවේයැයි කිවහැක්කේ කාටද? තවත් කාරනයක් වන්නේ ඇතැම් සිංහල කාන්තාවන් අඩුම තරමින් පුංචි පවුල රත්තරං කියා පුංචි පවුලක් හැදීම කෙසේ වෙතත් විවාහ වීමටවත් කැමති නැත. තවත් සමහරු පිරිමින් මෙන් හැසිරෙන සමලිංගික විකුර්ති ගෑනුන්ය.  එක් පසකින් සිංහල පිරිමින්ගෙන් වැඩි පිරිසක් ඉතාම අලසය. ඔවුන් මහන්සිවී වැඩක් කිරීමට අකමැතිය. ඔවුන්ට තම ජාතියේ ගෑනුන් කුමක් කරගත්තද ගැටලුවක්ද නැත. මේ කරුණු මෙසේ වෙද්දී අපේ ජනගහනය වර්ධනය ගැන කවර කතාද?
                 දැන් අප සොයා බැලියයුත්තේ මේ ඇස්පනාපිට පෙනෙන්න තිබෙන මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට තේරෙන කරුණු කාරණා හමුවේ සිංහල බෞද්ධ ජාතික සංවිධාන බොහොමයක් ගොලුවන්නේ ඇයිද යන කාරණයයි. මෙයට මූලික වන හේතුවනම් මේ සංවිධාන බොහොමයක් නිවැරදි හා ජාතියට ආවේනික ජාතික මතවාද මත පිහිටා කටයුතු නොකිරීමයි. එයට බලපාන කාරණය වන්නේ මේ ලිපියේ මුලින් පෙන්වාදුන් ආකාරයට මේ සංවිධාන වල නියමුවන්ට බටහිර නූතනත්වයේ මානසික වහල්භාවය අත්හැරීමට ඇති නොහැකියාව වේ. ඇතැම් ජාතික සංවිධාන මුස්ලිම් වියාප්තිය තර්ජනයක් වූ කළ සටන් කිරීමට කාන්තාවන්ද අවි ආයුධවලින් සන්නද්ධ කර සටන් පෙරමුණට යැවීමට කල්පනා කරන්නේ සිංහල කාන්තාසමාජයේ හරි වටිනාකම ගැන තේරුමක් නැතිව මෙන්ම කාන්තාවන්ට ජාතිය වෙනුවෙන් අවශ්ය තැනට අවශ්ය දේ කිරීමට ඇති ඉඩකඩද ඇහිරෙන ආකාරයකටය. ඇතැම්විට අපේ පාරම්පරික සටන් කාලාවක් වන අංගම්පොර ශිල්පයට අපේ කාන්තාවන් යොමුකිරීම වරදක් නැතැයි කෙනෙකුට කිව හැක. නමුත් මෙහි ගැටලු කීපයක් ඇත. කාන්තාවන්ට ස්වභාවයෙන් සටන්කාමී ආක්‍රමණකාරී හැසිරීම් නොපිහිටයි. එවැනි අය කලාතුරකින් සිටියද ඔවුන්ට පිළිගැනීමක් ලබාදී ඔවුන් සටන් මෙහෙයවීමට යොදාගතයුතුය යන මතය සිංහල ජාතියට ආවේනික මතයක් නොවේ. අංගම් ශිල්පය අපේ ජාතියට ආවේනික වුවද ගෑනුන් ලවා එය කරවීමේ හා ඒ ගෑනුන්ට පිළිගැනීමක් ලබාදීම මතවාදීව බටහිර යුදෙවු කාන්තාවාදයෙන් වියුත්පන්න වන එකකි. එබැවින් එවැනි සටන්කාමී ගෑනුන් සිංහල ජාතිය වෙනුවෙන් සටන් කළද සියල්ල අවසානයේ ඔවුන් අත්වැල් බැඳගන්නේ සිංහල සමාජයේ ගෑනුන්ට පිරිමින් කරන සියල්ල කිරීමට බාධා පමුණුවන සමාජීය අනුවර්තන වලට එරෙහිව බටහිර කාන්තාවිමුක්තිය සමගයි. එදාට පටු මානසිකත්වයකින් ඔවුන් සටනට යොමුකළ මෝඩ පිරිමින්ද එය සාධරණීකරණය කිරීමට බැරි නැත.
                           මුස්ලිම් වියාප්තිය ගැන කවුරුත් නොකියන කාරණයක් මතක්කර දීමද වැදගත්ය. පළමු දේනම් මුස්ලිම් වියාප්තිය ගැටලුවක් වී තිබෙන්නේ ලංකාවට පමණක් නොවීමයි. අද මෙය මුලු ලෝකයටම තිබෙන ගැටලුවකි. විශේෂයෙන් බටහිර රටවල් අද සීඝ්‍රයෙන් මුස්ලිම්කරණය වෙමින් පවතියි. එයට පාරකපාදී තිබෙන්නේද බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා එම රටවල ජාතිකත්වය ගොඩනැගූ ආවේනික ජනකොටසේ දෙවන තුන්වන පරම්පරාවේ ලිංගිකත්වය දැඩි වියාකූල තත්වයකට පත්කර තිබීමයි. බොහොමයක් බටහිර රටවල් වල එම රටවලට ආවේනික ජන කොටසට අයත් කාන්තාවන් දරුවන් හැදීමට හෝ ස්ථිර පවුල් ජීවිත ගතකිරීමට අකමැතිය. බොහොමයක් බටහිර රටවල සමලිංගිකත්වය පිළිගෙන ඇත. එම රටවල් ගොඩනැගූ ජනකොටස්වල පරම්පරාව නොහැදෙන විට ශ්‍රම බලකායද අඩුවේ. එවිට එමරටවලට විදෙස් ශ්‍රමිකරන් අවශ්ය වේ. මේ ආකාරයට මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ විෂාල ජනකායක් බටහිර සෑම රටකම වාගේ අද සිටිති. ඔවුන්ගේ පරම්පරාවද වේගයෙන් වර්ධනය වේ. මේ අනුව අද බටහිර සිදුවන්නේ කාන්තාවිමුක්තිවාදී විෂබීජය දිනෙන් දින එම රටවල සමාජය දුර්වල කරද්දී මුස්ලිමුන් උවමනාවෙන් කරන වියාප්තියට අමතරව නිරායාසයෙන් මුස්ලිම් වියාප්තියට ගොදුරු වීමයි. මෙරට බටහිර අනුකාරකයන් අන් සෑම බටහිර කුනු ගොඩක්ම රටට ගොඩගසාගත් ආකාරයට කාන්තාවිමුක්තිවාදයද අප සමාජයට ගිල්ලා ඇත. දැන් මේ වියාධිජනකයා බටහිර මෙන්ම සිංහල සමාජයද ලෙඩකරමින් සිටියි. මදක් සිතන්න, අද අපේ රටේ සිංහල ජාතියට සිදුවන්නේද බටහිර රටවලට කාන්තාවිමුක්තිවාදය හරහා සිදුවී තිබෙන විනාෂයම නොවේද?
                        අද බොහෝ දෑහිතකාමීන්ගේ ජාතික හැඟීම හලාල් විරෝධයට හා "නෝලිමිට්" විරෝධයට පමණක් සීමා වී තිබෙන බවක් පෙනෙන්නට ඇත. මේ අයුරින්සිංහල ජනගහන වර්ධනය පසුබසිද්දී මුස්ලිම් ජනගහනය වැඩිවී එය ජන අනුපාතයෙන් 50% පසු කළ විට සිංහලයා හලාල් නොගැනීම හෝ "නෝ ලිමිට්" වර්ජනය මුස්ලිමුන්ට ගැටලුවක් නොවනු ඇත. දැනටත් අපට දැනගන්නට ලැබී ඇති කරුණු වලට අනුව මෙරට සිංහල ජනගහනයෙන් 60% පමණ වයස අවුරුදු 40 ඉක්මවූ පිරිසයි. මේ පිරිස තවත් වසර 60ක පමණ කාලයක් ඇතුලත මිය පරලොව යනුඇත. ගැටලුව ඇත්තේ ඒ කාලය තුල අවම වශයෙන් ඒතෙක් සිටි ජන ගහනය වැඩිවීම කෙසේවෙතත් ඒ අයුරින් පිරවීමට හෝ අනාගත පරපුරක් හැදීමට වත්මන් සිංහල තරුණ පිරිසට හැකිද යන්නයි. බොරු වටිනාකමක් දී තිබෙන අධිරාජ්යවාදී පුහු අද්යාප්නය මේ වනවිට පාසල හරහාම  සියලු බටහිර මත්වාද රටට ගිල්ලවීම සරුවට කරයි. එපමණක් නොව පාසල් තුලින් ලමුන් ස්ත්‍රී පුරුෂ භාවය මත වෙන්වෙන්ව හැඩගැස්වීමක් නොකරයි. බොහෝ විට නිවසේදී මවුපියන් ඔවුන් හැඩගැස්වීමක් කළද පාසල තුලින් එය නැතිකර දැමීමට කටයුතු කරන්නේ පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදී සියලු ක්‍රියාකාරකම් ගෑනු ළමුන්ටද විවුර්තකරදෙමිනි. ඇතැම් විට පිරිමි ළමුන්ට ආවේනික ක්‍රියාකාරකම් ගෑනු ළමුන් ලවා බලෙන් කරවීමටද සිතීමේ හැකියාවක් නැති පුහු අද්යාපන බලධාරීන් හා ක්‍රීඩා බලධාරීන් කටයුතු කරති. මේ වියාජ ප්‍රතිරූපධාරීන් සිංහල සමාජයේ සියලු වටිනා අංග හෑල්ලුවට ලක්කරන්නේ සප්‍රදායික යන වචනයද යොදාගෙනයි. අත පය හොල්ලා දාඩිය දමන වැඩක් කිරීමට සිදුවීම මදිපුන්චිකමක් යැයි හිතන මූසල පිරිමි කාණ්ඩයක් හා දරුවන් හැදීම, ඉවුම් පිහුම් ආදී ගෘහ කටයුතු කරදරයක් හැටියට සලකන කාලකන්ණි ගෑනුන් පිරිසක් බිහිවී ඇත්තේ මේ අසාර්ථක අධ්යාපනය හේතු කොටගෙන නොවේද?
                     මේ කරුණු කාරනා සියල්ල මෙසේ වෙද්දී ඇතැම් සිංහල ජාතික සංවිධාන වලට ඒ ගැන වගේ වගක් නැත. ඇතැම් විට එම සංවිධාන වල නියමුවන්ද ඔවුන්ගේ දරුවන්ට පාසල හරහා මේ අසාර්ථක අධ්යාපනයම ලබාදීමට කටයුතු කර ඔහේ බලාසිටිති.  වර්තමානයේ සිංහල ජාතිය වැටී තිබෙන අගාධයෙන් ගොඩ ඒමටනම්, මේ අසාර්ථක අධ්යාපනය හරහා 1960 හා 1970 ගනන් වල වියාජ ප්‍රතිරූපයක් ගොඩනගාගත් බටහිර නූතනත්වයේ හා යුදෙවු මතවාද වල සරණ ගිය පුහු උගතුන්ට වන්දනාමාන කිරීම පසෙක තබා රටට් ආවේනික ලෙස හිතන පිරිසට නිසි තැනක් ලබාදියයුතුය. ඇතැම් විට ඔවුන්ගේ අධ්යාපන මට්ටම් ගැන ගැටලුවක් තිබිය හැක. නමුත් රටට ජාතියට  හිතවත් දෑහිතකාමී අදහස් ඇත්තවුන්ට දැනුම ලබාදී හෝ රටේ ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට ඔවුන් පත්කළයුතුය. එවිට කාන්තාවිමුක්තිය වැනි බටහිර මනස්ගාත වලට සමජය තුල අතු ලියලා වැඩීමටද නොහැකි වනු ඇත. ඒ සියල්ලට ප්‍රථමයෙන් සිංහල ජාතියේ ජනගහන වර්ධනය දිනෙන් දින පහත වැටීමේ ගැටලුවට නිසි පිළියම් යෙදියයුතුය. ඒ පිළියම අන් කිසිවක් නොව බටහිර කාන්තාවිමුක්තිවාදය අප සමාජයෙන් මුලිනුපුටා දමා, අතීත සමාජයේ තිබූ ස්ත්‍රී පුරුෂ සමාජහැඩගැසීම් ඇතුලු සියලු වටිනාකම් හා සංවිධානාත්මක බව නැවත ස්ථාපිත කර, සිංහල සමාජය වෙලාගෙන තිබෙන ලිංගික වියාකූල භාවය නැතිකර දැමීමයි. එවිට සිංහල ජාතියේ තරුණ පිරිසෙන් වැඩි හරියකට විවාහ වීමට හා දරුවන් හදාගැනීමට ඇති අවශ්යතාවය වැඩි වනු ඇත. සැබෑ ලෙස සිංහල ජාතිය රැකීමට උවමනාවක් ඇත්නම් දෑහිතකාමී බලවේග සියල්ල කළයුත්තේ මේ කාරණා ක්‍රියාවට නැගීමට දැන්සිටම නිසි පියවර ගැනීමයි.

4 comments:

  1. ගෑනුන් මේ වගෙ වැඩවලට යොදා ගැනීම බොරු වීරකමක් තමයි.මම මේ ලඟදි දැක්කා.පොලිස් ඕ අයි සී කාන්තාවක් ගැන ටෙලි නාට්‍යයක්.ඒක මහා විකාරයක්.මම හිතන්නෙ එහෙම ගෑනියෙකුට සාමාන්‍ය සමාජයෙවත් පිළිගැනීමක් ඇතිවෙයි කියල .මුලු සමාජයම නිකම් තක්බීර් වෙලා එහෙම ගෑනු දිහා බලන්නෙ

    ReplyDelete
    Replies
    1. මේ වගේ මෝඩ කතා හදල ටෙලිනට්ය කරන්නේ මානසිකව බංකොලොත් සිරස ගොන් හැත්ත

      Delete
    2. මේ වගේ මෝඩ කතා හදල ටෙලිනට්ය කරන්නේ මානසිකව බංකොලොත් සිරස ගොන් හැත්ත

      Delete
  2. ජාතික මතවාද මත පිහිටා කටයුතු කරන නියම සිංහල බෞද්ධ සංවිධාන බිහිකරගතයුතුයි.

    ReplyDelete