Tuesday, April 9, 2013

සිංහල අලුත් අවුරුදු උලෙල අර්ථවත් කළයුත්තේ කෙසේද?


සිංහල අලුත් අවුරුදු උලෙළ යනු සිංහලයාගේ ප්‍රධාන ජාතික උලෙළයි. සිංහල අලුත් අවුරුද්ද සැමරියයුත්තේ සැබවින්ම සිංහල ජාතියේ සජීවී බව ප්‍රදර්ශනය වන ආකාරයට මිස බටහිර අනුකරනවාදයට මුල් තැන දෙමින් ජාතිය සතු ජීවගුණය නැතිවන ආකාරයට නොවේ. බටහිර නූතනත්වය වැලඳගත්තවුන් කලක් තිස්සේ බටහිර නූතනත්වයේ බොරු සෝබනය සිංහල අවුරුද්දටද ආදේශ කර තිබේ. මෙහිදී අප මතකතබාගතයුතු කරුණක් තිබේ, එනම් මෙහිදී අවුරුදු සැමරීම යනු බටහිර ක්‍රමයට " celebrate  " කිරීම නොවන බවයි. බටහිරදී "celebrate" කිරීම යනු බොහෝදුරට කා බී විනෝදවීමට මුල්තැන දෙමින් කරන සැමරීමේ ක්‍රමයයි. එහෙත් අප සිංහල අලුත් අවුරුද්ද සැමරීමේදී එලෙස කෑමට බීමට අමතරව සමස්ථ ජාතියම එකට එක්ව එකම වෙලාවකදී කරන චාරිත්‍ර සමූහයක් තිබේ. මේ අංග අපේ රටටම ආවේනික වූ දේවල් වෙයි.




                මෑත කාලයේ මෙය සිංහල හා හින්දු හෝ සිංහල දෙමල අලුත් අවුරුද්ද ලෙස හැඳින්වුවද ඇත්ත කාරණය නම් දෙමල ජනයා සමරන්නේද සිංහල අලුත් අවුරුද්ද යන්නයි. මේ කාලයට දෙමල ජනයාගේ පාරම්පරික ජන්ම භූමිය වන දකුණු ඉන්දියාවේ මෙවැනි උත්සවයන් නොපැවැත්වෙයි. දැන් අප මුලින් පෙන්වාදුන් කාරණය වෙත අපේ අවධානය යොමු කරමු. එනම් මෙරට බටහිර නූතනත්වයේ සරණ ගිය මොඩ් සිංහල බෞද්ධයන් පිරිසක් සිටීම යන්නත් ඔවුන් බටහිර නූතනත්වයට අනුව සියල්ල ඔවුන්ගේ භාශාවෙන් කිවහොත් මොඩ්  කිරීමට යම් උත්සහයක් ගැනීමත් යන කාරණය වෙතයි. නිදසුනක් ලෙස ඔවුන් අවුරුදු සැමරීමට බටහිරමෙන් කල්තියා සතුන් මැරීමත් මත්පැන් සහිත උත්සව සාධ සංවිධානයත් දැක්විය හැක.


එලෙසම මෑත කාලයේ පවත්වන අවුරුදු උත්සව ගැනත් යමක් කිවයුතුයි. එනම් මේ අවුරුදු උත්සව වලට අපේ සමාජ පරිසරයට හා ජීවන රටාවට නොගැලපෙන් අංග බොහොමයක් එක්වී ඇත. උදාහරණ ලෙස දැක්වුවහොත් බයිසිකල් පැදීමේ තරඟ, මැරතන් ධාවන ක්‍රිකට් ආදිය දැක්විය හැක. වඩා අසික්කිතම දෙය නම් සිංහල සමාජයට ගැලපෙන මානසික අනුවර්තනයක් නොපෙන්වන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ටද මේ ක්‍රීඩා අංග අවුරුදු උත්සව වලදී විවුර්ත කර දීමයි.පාරම්පරික අවුරුදු ජන ක්‍රීඩා ගැටලුවක් නැත, එහෙත් ඒ අංග වලටද කාන්තාවන් සහබාගී කරගතයුතු වන්නේ යම් ප්‍රමිතියකට අනුවයි. කලිසම් ඇඳගත් මොඩ් ගෑනුන්ගේ මොඩ් ක්‍රියාකාරකම්ද අවුරුදු උත්සව තුලට රිංගවා ඇත. අවුරුදු කුමාරිලාට කලිසම් ඇන්දවීමද වැඩිකල් නොයා මේ මොඩ් සිංහල බෞද්ධ පැලැන්තිය කරනු ඇත. ජයග්‍රහනය කරන අවුරුදු කුමරියට තෑගි වශයෙන් ස්කූටර් ලබාදීමටද මොවුන් කටයුතු කරනු ඇත. මේ අවුරුදු උත්සව සියල්ල අවසානයේ එක්කෝ ෆ්ලෑශ්බෑක් නැත්නම් සන්ෆ්ලවර්ලාගේ සංගීත සංදර්ශනද පෙන්වයි. එක් පසකින් සිංහල අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමටත් අර්ථවත් ලෙස චාරිත්‍ර සියල්ල කර අවුරුදු සැමරීමටත් බාල පරපුරට මෙන්ම වැඩිහිටි පිරිසටද හරිහැටි කාලයක් නොලැබෙන්නේ පාසල් නිවාඩු හා රැකියාවල නිවාඩු මෙන්ම විවේකයද අඩුවී තිබෙන බැවිනි. මෙලෙස සිංහල අවුරුදු සැමරීමේදී සිංහල ජාතික අනන්යතාවයක් එයින් ඉස්මතුවන්නේ නැත. මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු කීමෙන්ද පලක් නොවේ. කෙටියෙන් කිවයුත්තේ එක් දේයකි, එනම් සිංහල අවුරුද්ද අර්ථවත් ලෙස සැමරීමටනම් අපට හුරු පුරුදු ජීවන රටාවක් තුලට නැවත ගොස් අපේ රටට ගැලපෙන ක්‍රියාකාරකම් පද්දතියක්ම ගොඩනගාගැනීමට සිදුවනු ඇත යන්නයි.

3 comments:

  1. ප්‍රතිවාදියා ඔබ දන්නවාද ස්ත්‍රීවාදීන් දර ගින්දර ගැනීමටත් ගෘහ මූලිකයා විසින් කිරිබත් කැවීමටත් විරුද්ධව සක්කිලි සිරසෙන් සටන් කළා.උන් ඒ සටන දිගටම ගෙනයනවා

    ReplyDelete
    Replies
    1. සිරස අටවපු කාලේ ඉඳලා උන්ට ඕක කරන්න ඕන උනා.

      Delete
  2. සිංහල අවුරුද්දත් ගොඩ සුද්දො ටික එකතු වෙලා දියාරු කරල ඉවරයි.

    ReplyDelete