Saturday, April 27, 2013

මෙරට කාන්තාවිමුක්තිවාදී කුහකයන් දැන් කියන්නේ කුමක්ද?



මේ ලිපියට පාදක වන කරුණ වන්නේ පසුගිය 19 වන සිකුරාදා සිදුවූ අවාසනාවන්ත සිද්ධියකි. සිද්ධිය වාර්තා වන්නේ පුල්මුඩේ ප්‍රදේශයෙනි. සිද්ධියට අදාල කතාවේ ප්‍රධාන් චරිතය තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවක් වේ.සිද්ධිය වාර්තා කළ ගොසිප් ලංකා වෙබ් පිටුවේ එක් තැනක මෙය ලිංග විපර්යාසයක් ලෙස හඳුන්වා තිබුනද, ඒ විපර්යාසය මනෝවිද්යාත්මක වියාකූලත්වයකි. සිද්ධියට මුල එම තැනැත්තිය ප්‍රදේශයේ තවත් ගැහැනු ළමුන් දෙදෙනෙකු සමග පවත්වාගෙන ගොස් තිබූ සමලිංගික ඇසුරකි. මෙහි කෙළවර සිදුවූ අවාසනාවන්ත සිදුවීමනම් අදාල විකුර්ති පිරිමි හැසිරීමක් ඇති තැනැත්තිය සමග සමලිංගික ඇසුරක් ගෙනගිය අනෙක් ගැහැනු ළමුන් දෙදෙනාගේ  මවුපියන් අදාල තැනැත්තිය විසින් කෲර ලෙස ඝාතනය කරනු ලැබීමයි. එයට හේතුව එම මවුපිය යුවල මේ තැනැත්තියගේ එම ඇසුරට විරුද්ධ වීම වෙයි.
                           දැන් අප අපගේ කාරණයට අවධානය යොමු කරමු. මෙය රටේ සිදුවූ තවත් එක් අපරාධයක් පමණක් නොවෙයි. ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා දුරදිග ගොස් ඒ සම්බන්ධ වලට එරෙහි වූ පාර්ශව වල තැනැත්තන් ඝාතනයට ලක්වූ අවස්ථා අප අසා ඇත. එය අනුමත කළ නොහැකි මට්ටමේ වරදක් බව ඇත්ත වුවත්, එලෙස යම් කාන්තාවකට හා පිරිමියෙකුට අවසාන වශයෙන් කවර ගැටලුවක් තිබුනද ඒ සියල්ල මගහරවාගෙන යහපත් පවුල් ජීවිතයක් ගෙනයෑමේ වැඩි සම්භාවිතවක් ඇත. එය එසේ වූ පමණින් එවැනි ප්‍රේම සම්බන්ධයකට විරුද්ධ කෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම අපද අනුමත නොකරමු. මේ කරුණ මෙසේ ඉදිරිපත් කළේ අපගේ මාතෘකාවට අදාල සිද්ධිය හා එවැනි සිද්ධියක් අතර තිබෙන බරපතල කමේ වෙනස පෙන්වා දීමටය.
                ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධයක් හෝ ලිංගික ඇසුරක් නිසා ඉහත ආකාරයේ මිනිස් ඝාතනයක් සිදුවුනිනම්, එහිදී වරද ප්‍රේම සම්බන්න්ධයට හෝ ලිංගික ඇසුරට වඩා මිනීමැරුමේ සාහසික බවයි. එය එසේ වූ පමණින් සියලුම ස්ත්‍රී පුරුෂ සම්බන්න්ධතා වැරදි යැයි කිසිවෙකුටත් කිසිවිට කිව නොහැක. නමුත් මේ සිද්ධියට අදාල සමලිංගික ඇසුර හා එහි ආරම්භයේ සිට මිනීමැරුම් සිද්ධිය දක්වා තිබෙන්නේ එක් වරදක් නොව වැරදි ගන්නාවකි. පළමු වරද නම් අදාල විකුර්ති සමලිංගික ඇසුර ගෙනගිය තැනැත්තියගේ සමාජ පරිසරය තුලින් මතුවන්නක් වේ. මේ තැනැත්තිය කුඩාකළ සිට ඇගේ දෙමවුපියන් විසින් හදගෙන තිබෙන පිළිවෙල එක් ගැටලුවකි. මවුපියන්ට උවමනාවක් තිබුනේනම් ඇගේ මේ මනෝ වියාධිය කුඩාකළ නිවැරදිකර අනෙකුත් ගැහැනු ළමුන් මෙන් ස්ත්‍රීත්වය පදනමට ගෙන හැඩගස්වාගැනීමට තිබුනි. එය එසේ කළ නොහැකියැයි කීමට බැරිය. මක්නිසාදැයි කිවහොත් අනෙකුත් දෙමවුපියන්ටද දරුවන් සම්බන්ධව මෙවැනි ගැටලු ඇති නොවන්නේ නැති බැවින් හා ඔවුන් එවැනි ප්‍රෂ්නයකදී වගකීමෙන්යුතුව ක්‍රියාකරන හෙයින් වෙයි. ඒ අනුව මවුපියන්ගේ හා වැඩිහිටියන්ගේද නොසැලකිල්ල මෙහි පළමු වරදය. දෙවන කාරනයනම් මෙවැනි විකුර්ති හැසිරීමක් දුරදිග ගොස් සමලිංගිකත්වය දක්වා යන තෙක් අන් සියල්ලන් ඇස් කන් පියාගෙන සිටීමත් මේ සියල්ලට සමාජයෙන් යම් පිටුබලයක් ලැබී තිබීමත් යන වැරදි වේ. අනෙක් කාරනය අදාල තැනැත්තිය තම ස්ත්‍රී පුරුෂ භාවයට හා සමාජයේ තිබෙන මනෝවිද්යාත්මක අනුවර්තන වලට සංවේදී නොවන තැනැත්තියක් විය නොහැකි වීම හා ඇය සතු අස්වාභාවික හැසිරීම ඇයට තේරුම් ගෙන එයින් මිදීමට ඇයටද යම් උවමනාවක් තිබියයුතු වුවත් එය එසේ නොවීමේ වරදයි. මීලඟ බරපතලම වරද වන්නේ මේ තැනැත්තිය විසින් වෙනත් ගැහැනු ළමුන් දෙදෙනෙකුද තම විකුර්ති ලිංගික අවශ්යතාවය වෙනුවෙන් සමලිංගික හැසිරීමකට පෙළඹවීමයි. ඒ තුලින් ඇගේ එම විකුර්ති ආසාවට ගොදුරු වූ අනෙක් ගැහැනු ළමුන් දෙදෙනාටද තමන්ට ස්වභාවයෙන් පිහිටන ලිංගිකත්වය අහිමි වීමක්ද සිදුවෙයි. අවසාන කාරනය මේ සිද්ධි සියල්ල අවසානයේ අදාල තැනැත්තියගේ ක්‍රියාවට විරුද්ධ වූ ඇයවිසින් අපයෝජනය කළ ගැහැනු ළමුන් දෙදෙනාගේ මවු පියන් කෲර ලෙස මේ තැනැත්තිය විසින් ඝාතනය කරනු ලැබීමයි.
                          මෙතනදී මේ සිද්ධිය සම්බන්න්ධයෙන් කීමට තවත් වැදගත් කාරනයක් ඇත. එනම් මෑතක් වනතුරුම අපේ සිංහල සමාජය තුල මවුපියන් විසින් වගකීමකින් යුතුව දරුවන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනවෙනම තදබල හැඩගැස්වීමක් කර තිබූ බැවින් මෙවැනි විකුර්ති හැසිරීම් වලට සමාජය තුල ඉදිරියට යෑමට අවස්ථාව නොතිබුණු බවයි. පිරිමි ළමුන් පියාට අනුව පෞරිෂත්වය කේන්ද්‍ර කරගෙනත්, ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍ර කරගෙනත් හැඩගැස්වීම ඉතා වගකීමෙන් යුතුව මෙරට මවුපියන් මෑතක් වන තෙක් සිදුකර ඇත. බටහිර නූතනත්වයේ සරණ ගොස් විකුර්ති කාන්තාවිමුක්තිවාදය ඇතුලු සියලුම බටහිර ලිංගික මනෝවියාධීන් අප සමාජයට බෝකර පෙර කී අපේ සැබෑ වටිනාකම් විනාස කලේ කවුද? උන් අදටත් සමාජයේ ඉහල තල වල සිට වියාජ බුද්ධිමතුන් හැටියට වැරදි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන රට මුලාකරමින් අපේ සමාජයට විෂබීජ ඇතුල් කරමින් සිටිති. පුල්මුඩේ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය ගැන ඔය බකපණ්ඩිත රැල කියන්නේ කුමක්දැයි උන්ගෙන් ඇසියයුතුය.
                            මේ බරපතල අපරාධය හමුවේ කාන්තාවිමුක්තිවාදයට පක්ෂ ජනමාධ්ය බොහොමයක් හොරගල් අහුලමින් සිටිති. මේ සිද්ධිය ප්‍රචාරය වී ඇත්තේද මාධ්ය අතලොස්සකින් පමණි. බාල වයස්කාරියන් විවාහ කරගත් පුද්ගලයන් ගැන, එයින් කාටවත් ගැටලුවක් නොවුනද අනවශ්ය ද්වේශසහගත බවක් වපුරමින් දැවැන්ත ප්‍රචාරයක් දෙන මාධ්ය ත්‍රස්තවාදීන් මේ සිද්ධිය හමුවේ ඇස් කන් පියාගෙන අමුතු රංගනයක නිරත වෙති. එලෙසම එවැනි බාල වයස්කාරියන් විවාහ කරගත් පුද්ගලයන් පසුපස පිස්සු බල්ලන් මෙන් පන්නමින් නීති ක්‍රියාත්මක කිරීමට වලිකන කාන්තා කාර්යංශයද ඇතුලුව නීති බලධාරීන්ට අර බාල වයස්කාරියන් විකුර්ති කාම අපචාරයක යොදාගත් තැනැත්තිය පස්සෙන් පන්නනට උවමනාවක් ඇති බවක්නම් පෙනෙන්නට නැත.සමලිංගික පිරිමින් විසින් බාලවයස්කාර පිරිමි ළමුන් විකුර්ති කාම අපචාර වල යොදවාගත් අවස්ථා වලද මොවුන් පුරුද්දක් ලෙස අනුගමනය කරන්නේ ඇල්මැරුනු ප්‍රතිපත්තියකි. මීට ටික කලකට ඉහතදී හෙම්මාතගම ප්‍රදේශයේ දොස්තර මහතෙකු ඔහුගෙන් ප්‍රතිකාරගත් පාසල් සිසුවියන් ඇතුලු තරුණියන්ගේ අඟපසඟ රහසින් ඡායාරූපගත කරතිබූ සිද්ධියේදී ඔහු එම තරුණියන්ගේ පුද්ගලික ජීවිත වලට කිසිදු හානියක් නොකර තිබියදීත් ඔහුව මරාගෙන කෑමට ගිය නීතිය මේ සිද්ධිය හමුවේ ක්‍රියා කරන්නේ කෙසේදැයි අප දෑස් දල්වා විමසිල්ලෙන් බලා සිටියයුතුය.
              මෙහි වඩාත්ම උනන්දුවෙන් විමසා බැලියයුතු කාරණයනම් මෙරට සිටින ඊනියා කාන්තාවිමුක්තිවාදීන් මෙවැනි සිද්ධි හමුවේ කුමක් කරනු කියනු ඇත්ද යන්නයි. කාන්තාවිමුක්තිවාදයට අනුව එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිළිගතයුතුය යන්නයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ වෂයෙන් සමාජය තුල තිබෙන එකෙනෙකාට ලාක්ෂණික අනුවර්තන හා බෙදීම් බටහිර කාන්තාවිමුක්තියට අනුව වැරදිය. මේ කාන්තාවිමුක්තිය අනුව අපගේ මාතෘකාවට අදාල  විකුර්ති හැසිරීමක් ඇති තැනැත්තිය මෙන් තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස පිරිමි වෙස් ගෙන පිරිමින් මෙන් හැසිරීමට කාන්තාවන්ට නිදහසක් හා අයිතියක්ද තිබියයුතුය. එමෙන්ම එවැනි අය කාන්තාවිමුක්තිවාදීන්ට අනුව සම්ප්‍රදාය වෙනස් කරන මහා ලොකු වීර චරිතයි. කුහක කාන්තා විමුක්තිවාදීන්ට අනුව පුල්මුඩේ සිදුවූ අපගේ මාතෘකාවට අදාල මේ සිද්ධිය සම්ප්‍රදාය බිඳදමා කාන්තාව නූතන යුගයක් කරා ගෙනයන විමුක්තිවාදී අරගලයේ එක් ජයග්‍රාහී පියවරක් වනවාට කිසිදු සැකයක් නැත. අප මේ කුහකයන්ට අභියෝග කළයුත්තේ ඔවුන්ගේ යටි හිතේ තිබෙන මේ අදහස ප්‍රසිද්ධියේ කෙලින් කියන ලෙසයි.
               බටහිර කාන්තාවිමුක්තිවාදය මෙරට සිටින එහි නියෝජිතයින් කලක් තිස්සේ රටේ නීතිය ඇතුලු සෑම තලයක්ම පාලනය කිරීමට මහත් වෙහෙසක් ගන්න බව මේ වනවිට කාටත් නොරහසකි. එබැවින් පුල්මුඩේ සිද්ධියට වරදකාරිය වීසිටින සමලිංගික කාන්තාවට නීතියෙන් බුරුලක් දීමට හෝ කිසිත් කර නොහැකිනම් ලිහිල් දඬුවමක් ලබාදීමට හෝ කාන්තාවිමුක්තිකාමී NGO කල්ලි ඇතුලු විජාතික බලවේග නීතියට බලකිරීමට යම් ඉඩකඩක් ඇත. මේ සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලැබෙනවාටද කාන්තා විමුක්තිවාදීන් ඇතුලු ඔවුන්ගේ මාධ්ය ත්‍රස්තවාදය අකමැතිය. ඒ පෙර කී ලෙස කාන්තාවිමුක්ති බලවේග වලට නීතියට බලපෑම් කිරීමට එය බාදාවක් වියහැකි බැවිනි. එබැවින් අප මේ සිද්ධිය තවත් එක් සිද්ධියක් ලෙස සලකා ඇල්මැරුනු ආකල්පයකින් කටයුතු නොකළයුත්ත්තේ එසේ කිරීමෙන් හොර විජාතික කාන්තා විමුක්තිවාදීන්ට මේ සිද්ධිය රටෙන් වසන් කර නීතියට බලපෑම් කිරීමට පහසු වන බැවිනි. මේ සිද්ධියට අදාල වරදකාරිය වෙනුවෙන් ඇතැම් විට NGO කරුවන් මුදල් වියදම් කර නීතීඥ්ඥයන් යෙදවීමටද බැරි නැත. මේ තැනැත්තිය බේරාගැනීමට කුහක කාන්තාවිමුක්තිවාදීන් අවසන් මොහොත දක්වා සටන් ක්‍රනු ඇත. අපට මෙය පිටින් බලාගත නොහැක. එබැවින් දැන් අප කළයුත්තේ මේ සිද්ධියේ මුල සිට අවසානයදක්වා දැඩි අවධානයකින් යුතුව සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන  විමසිලිමත් වෙමින් අපරාධය කළ තැනැත්තියට කිසිදු සමාවක් නොලැබෙන්නට කටයුතු කර රටටත් අපේ සමාජයටත් සාධාරනය ඉටුකිරීමයි.

 සිද්ධිය සම්බන්න්ධ වැඩි විස්තර

http://www.gossiplankanews.com/2013/04/pulmude-double-murder-suspect-nabbed.html

6 comments:

  1. මේ සිද්ධිය ගැන මම දැන් කියෙව්වා.මම ආවෙ තාත්තා මරලා කියල කීවම ඒ ගෙදර දුව කිව්වලු එහෙනම් අම්මවත් මරන්න කියල.
    ස්ත්‍රීවාදීන් නිර්මානය කරන්න හදන්නෙ මේ වගෙ දුවලා.
    මේ සිද්ධිය මාධ්‍ය මාෆියාවට නිව්ස් එකක් නොවෙයි.පිරිමියෙක් මේ වගෙ දෙයක් කළා නම් එල්ලුම් ගහ ගේන්න කියල කෑගහන එක ගිරවෙක් වත් නෑ.ඒ වෙනුවට මේ වගෙ දේවල් වලට මේ අය පෙළඹුණු හේතුව හොයන්නලු.ඒ කියන්නෙ ඒ අය දැනටමත් ස්ත්‍රීවාදීන් නිර්දෝෂ කරලා

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි. පිරිමියෙක් මෙක කළානම් එල්ලුම්ගස් ගැන කතාකරන්න මාධ්ය වේසිගෙපුතාලා ඔක්කොම එකතු වෙනවා.

      Delete
    2. ඔබේ අදහසට ස්තුතියි. පිරිමියෙක් මෙක කළානම් එල්ලුම්ගස් ගැන කතාකරන්න මාධ්ය වේසිගෙපුතාලා ඔක්කොම එකතු වෙනවා.

      Delete
  2. මුන්ගේ මේ හොර වැඩ ඇදල එලියට දාන්න ඕන

    ReplyDelete
    Replies
    1. එලියට දාල මේ ගැන ඇහැගහගෙන ඉන්නත් වෙනවා. නැත්නම් වෙන්නේ කාන්තාවිමුක්තිවාදීන් මුන්ට අනුකම්පාව දෙන්න යන එකයි.

      Delete
  3. NGO karayo salli dhila oya nganiwayi appa gahapu kellonwayi beragannawa sure ekatama

    ReplyDelete