Monday, April 1, 2013

කාන්තාවිමුක්තිවාදයේ මුග්ධ බව.



කාන්තාවිමුක්තිවාදීන්ගේ සටන්පාඨවල තිබෙන අතාර්කික බව හා දෙබිඩිකම ගැන මින් පෙර ලිපියකදී කරුණි පැහැදිලි කළෙමි. මේ ලිපියෙන් තවදුරටත් මා පෙන්වාදෙන්නේ කාන්තාවිමුක්තිවාදය මොනතරම් මුග්ධ භාවයකින්යුතුද යන්න හා එයට ලබාදී තිබෙන්නේ කොපමණ බොරු වටිනාකමක්ද යන කරුනුය. මේ මුග්ධභාවයට සමාජ කුහකත්වයන්ගෙන් තවත් කැටයම් දමා තිබෙන්නේ මිනිස් සංවේදීතාවයන් හරි හැටි පිහිටා තිබෙන විවුර්ත මනසක් ඇත්තවුන් අසීමිත ගැරහුමකටත් පීඩාවකටත් ලක්කරමිනි.
                           
              දැන් අප මේ කාරණාව විචාරබුද්ධියකින් යුතුව විමසා බලමු. මා පළමුව මෙහිදී අවධානය යොමු කරන්නේ මේ කාන්තාවිමුක්තිවාදය අනුගමණය කරන ගෑනුන්ගේ ජනප්‍රිය මෙන්ම ප්‍රධානපෙලේ සටන්පාඨයක් වෙතයි. එයනම් "පුරුෂාධිපත්යට එරෙහි වීම" යන්න වෙතයි. මේ ජනප්‍රිය සටන්පාඨය සම්බන්ධයෙන් බලන කළ කාන්තාවිමුක්තිවාදිනියන් හෝ එසේ නොවන අයගෙන් අහඹු ලෙස දසදෙනෙකු තෝරාගෙන ඔවුන් පුරුෂාධිපත්ය ලෙස හඳුන්වන්නේ කවරාකාරයක දෙයක්දැයි විමසුවහොත්, දස දෙනාගෙන් ලැබෙන්නේ එකිනෙකට වෙනස් පිළිතුරුය. ඇතැම් විට එකකට එකක් සම්පූර්ණ පරස්පර වීමටද පුලුවන. මෙහි තවත් හාස්යජනක පැත්තක් තිබේ. එනම් පුරුෂාධිපත්යට එරෙහිව කාන්තාවන් මෙහෙයවීමට පෙරමුණ ගන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් වීමයි. මේ කුහක පිරිමින් අධිපතිවාදීන් නොවන්නේ කෙලෙසදැයි මුග්ධ කාන්තාවිමුක්තිවාදිනියන් පැහැදිලි නොකරති. එලෙසම කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමටත් ඔවුන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය කරදරයක් ලෙස සිතීමටත් පුරුදු කරමින් අස්වාභාවික පිරිමි හැසිරීමක් පෙන්වන ගෑනුන් වීරවරියන් ලෙස සැලකීමටද අනුබල දෙන පිරිමින් අධිපතිවාදීන් නොවේද? ඔවුන් අන් සියල්ලන්ට එහා යමින් භාවිතා කරන්නේ කුහක අධිපතිවාදයක් නොවේ යැයි කිවහැක්කේ කාටද? ගෑනු ළමුන් මවට අනුව ස්ත්‍රීලිංගික ස්වභාවය මත හැඩගැස්වීමට ඉඩ නොදී පියා විසින් පිරිමි ආරයට හදා අවසානයේ පිරිමින් හා පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය තම ප්‍රගතියට බාදාවක් ලෙස සිතන්නට ඔවුන්ට පුරුදු කරන්නේ කුහක පුරුෂයන්ගේ කුහක ආධිපත්යක් නොවේනම් වෙන කුමක්දැයි කාන්තාවිමුක්තිවාදිනියන් පැහැදිලි කිරීමට සූදානම්ද?
                                 මේ කාන්තාවිමුක්තිවාදීන්ගේ මුග්ධ භාවය පෙන්වන තවත් එක් අසාර්ථක තර්කයක් වන්නේ කාන්තාවන් පිරිමින් කරන බොහේ දේ කළද සමාජයෙන් නිසි ඇගයීමකට ලක්නොවන බවයි. ඇගයීමක් යනු කිසි දිනක බලෙන් ලබාගතහැක්කක් නොවේ. සමාජයෙන් ඇගයීම්කට ලක්වීමටනම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට යම් වටිනාකමක් ගොඩනගාගෙන තිබියයුතුය. මිනිස් ක්‍රියාකාරකම් වලට සමාජමය වශයෙන් යම් වටිනකමක් එක රැයින් ගොඩනගාගත නොහැක. කාන්තා ක්‍රියාකාරකම් වලට නිසි ඇගයීමක් ලැබීමටනම්, ඒ සියල්ල ස්ත්‍රීත්වයට අනුව යම් විශේෂණයකට ලක්වී තිබියයුතුය. නිදසුනක් ලෙස ගතහොත් කාන්තාවන්ට පමණක් සීමාවන පිරිමින්ට කළ නොහැකි හෝ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන මත පිරිමින් යොමු නොවන ක්‍රියාකාරකම් වලට සමාජය තුල වටිනාකමක් තිබේ. නමුත් කාන්තාවන් පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කළ පමණින් ඒවා මිනිස් ජන සමාජයේ යහපත් පැවැත්මට අනිවර්ය ලෙස පැවතියයුතු දේ වන්නේ නැත. වෙනත් ආකාරයකට කිවහොත් ඒ සියල්ල කාන්තාවන් නොකළ පමණින් සමාජයට පාඩුවක් නොවන්නේ පිරිමින්ට ඒ කර්යයන් ඊට වඩා හොඳින් කළහැකි බැවිනි. එවැනි තත්වයක් තුල පිරිමින් කරන දේ අනුකාරිකව අවිචාරයෙන් කරන කාන්තාවන්ට ඒ සඳහා ඇගයීමක් නොලැබීම පුදුමයට කරුණක්ද? ලොව කොතනදීත් කාන්තා ක්‍රියාකාරකම් වලින් ඇගයීමට ලක්වන්නේ ස්ත්‍රීත්වය හා මාතෲත්වය පදනම්ව ගොඩනැගුනු ක්‍රියාකාරකම් වලට පමණි, එය ස්වභාවික මෙන්ම සාධාරණය.
                                   කාන්තාවිමුක්තිවාදයේ අමණකම මැනවින් පෙන්වන තවත් එක අංගයක් වන්නේ කාන්තාවාදයට පක්ෂපාතී මාධ්යවල හා පුහු අනුකාරක උගතුන්ගේ කෙරුවාවයි. ජනමාධ්ය පොදුවේ කාන්තාවිමුක්තිවාදයට පක්ෂපාතීව තොරතුරු ඉදිරිපත් කිරීම සිරිතක් ලෙස කරයි. එහිදී ඔවුන්ට විචාරයක් නැත. මේ තොරතුරු ග්‍රහණය කරගන්නා පුද්ගලයන්ගෙන් වැඩිහරියකට විචාරයක් තිබීම ගැන ඔවුන්ට සිහියක්ද නැත. ඔවුන් හිතන්නේ කාන්තාවිමුක්තිවාදී බොරු ඕනෑම කෙනෙක් මාධ්ය වලින් දමන කැටයම්ද සමග විශ්වාසයට ගතයුතු බවයි. ඇතැම් කාන්තා පුවත්පත්වල කතුවැකියෙන් මේ ලිපියේ පෙන්වාදුන් කුහක ක්‍රමයට පිරිමින්වත් පුරුෂාධිපත්යයත් පතුරුගසමින් එහිම තවත් පිටුවක යහපත් භාර්යාවන් ලෙස කටයුතු කරන හැටි උගන්වයි. එලෙසම විටෙක කතුවැකියෙන් කාන්තාවන්ගේ ප්‍රගතියට දරුවන් හැදීම හා ගෘහ කටයුතු බාධාවක් ලෙස හුවාදක්වමින් ඒ පුවත්පතේ තව පිටුවක අලුත උපන් දරුවා නාවන ආකාරයත් ඉවුම් පිහුම් ගැනත් උගන්වයි. තවත් විටක විවාහයත් පිරිමින්ගේ ලිංගික අවශ්යතාවයනුත් පතුරුගසන පුවත්පත් අවසන් පිටුවේ මනාලියන්ගේ පින්තූර දමා අලංකාර කරන්නේ මේ පුවත්පත් බලන්නේත් ඔවුන්ට සමාන කුහක දෙබිඩ්ඩන් හා විචාරයක් නැති මන්දමානසික පුද්ගලයන් යැයි සිතාගෙනය. මෙහි අනෙක් හාස්යජනක කාරනයනම් ඇතැම් කාන්තාපුවත්පත්වල කතෲ මණ්ඩලයට ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන කුහක පිරිමින් අරක්ගෙන සිටීමයි.
                          කාන්තාවිමුක්තිකාමී පුහු උගතුන් ගැන කිවහොත් ඔවුන් තම උපන් කුහක ගතිය සමග මනාවට කළවම් කර කාන්තාවිමුක්තිවාදී බොරු තම මනසට ගෝචර වන තරමින් ඔවුන්ට හොඳ යැයි සිතෙන ඕනෑම දෙයක් සමග සාවද්ය ලෙස ගලපති. ඒ අයුරින්ම තමන්ට නරක යැයි සිතෙන ඕනෑම දෙයක් පුරුෂාධිපත්ය සමග ද්වේශසහගත ලෙස ගැටගසා පෙන්වීමටද ඔවුහු අමතක නොකරති. මොවුන් ඉන්දියානු සමාජයේ කුලභේදය නිසා ඇතිවන සමාජ ගැටලු පවා සංසන්දනය කරන්නේ කෙසේ හෝ පුරුෂාධිපත්යට අවසානයේ බැටදියහැකි පරිද්දෙනි. මොවුන්ට අනුව ඉන්දියානු බ්‍රාහ්මණ කුලය තුල පමණක් පුරුෂාධිපත්යයක් තිබී ඇත. සැඩොල් කුලය වැනි හීන් කුලවල පීඩාවට පත්වී තිබෙන්නේ කාන්තාවන් පමණි. හාස්යට කරුන නම් බ්‍රාහ්මණ පිරිමින් විසින් සැඩොල් කුලයේ ගෑනුන් තලා පෙලා ඇති බවට ඔවුන් නගන තර්කයි. බමුණන්ට බැමිණියන් සිටි බවත් සැඩොල් ගෑනුන්ට සැඩොල් පිරිමින් සිටි බවත් ඔවුන් නොකියන්නේ කාන්තාවිමුක්තිවාදය සමාජයට ගිල්ලවීමට එය බාධාවක් වන බැවිනි. සියල්ලට වඩා බරපතල කාරනය වන්නේ මොවුන්ගේ බොරු මනස්ගාත බෞද්ධ ඉතිහාස කතා ඇසුරෙන් විග්‍රහ කිරීමට යෑමයි. පුරුෂ විරෝධී වයිරක්කාර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් සියල්ලන්ට පෙර ලබාදුන් බවට් මහත් උජාරුවෙන් කෙබර ඇදබාන්නේ මේ පුහු උගත් රැලයි. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය බුදු දහමට අනුව නිවනට සමානවන්නේ කෙසේදැයි ඔවුන් පැහැදිලි කර නොදෙන්නේ එය කිරීමට නොහැකි බැවින් හා කිසිවෙක් එම ප්‍රශ්නය ඔවුන්ගෙන් නොඅසන බැවිනි. බුදුන්වහන්සේගේ චරිතලක්ෂණයක් වන සමානාත්මතාවය හෙවත් සියලු ලෝක සත්වයා කෙරෙහි වූ සම මෙත් කරුණා ගුණය පෙන්වීම ඔවුන්ට අනුව කාන්තාවන් පිරිමින් හා සමාන කිරිරීමක් වන්නේ බුදුන්වහන්සේ විසින් භික්ෂුණීශාසනයක්ද පිහිටවූ බැවිනි. ඔවුන්ගේ මනසට ගෝචර වන පරිදි ඒ කාරණා අනුව බෞද්ධ සමාජය තුල කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට නිදහස තිබියයුතුය. බටහිර කාන්තාවිමුක්තිවාදයට අනුව ලිංගිකත්වය හා සබැඳුනු සමාජීය අනුවර්තන නොසලකා පිරිමින් කරන සියල්ල කිරීමට සිතන එමෙන්ම පුරුෂ විරෝධී සටන් මෙහෙයවන කාන්තාවන් බුදු දහමට අනුව සියලු සංස්කාර වල අනිත්යතාවය අවබෝධකරගෙන සසර ගමන කෙළවර කිරීමට සූදානම්ද? ලිංගිකත්වයේ ස්වභාවයට එකඟව ගොඩනැගුනු සමාජ ගොඩනැගීම් සියල්ල පමණක් ඔවුන්ට අනුව ලෞකික වෙද්දී ඊට පිටින් ගොස් කාන්තාවන් පිරිමින් කරන සියල්ල කරමින් එහිම ප්‍රති විරුද්ධ ස්වරූපය බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට ආයාසයක් ගැනීම ලෝකෝත්තර විමුක්ති මාර්ගය වන්නේද ඔවුන්ගේ මුග්ධ මානසිකත්වයටම අනුවයි. මේ පුහු උගතුන්ට අනුව කාන්තාවන්ට පමණක් ආවනික ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනැගීමටත් දරුවන් හැදීමටත් කැමති කාන්තාවන් සම්ප්‍රදායික චරිත වන අතර නූතන කාන්තාවිමුක්තිවාදයට ඔවුන් බාදා පමුණුවති. එහෙත් බුදුන්වහන්සේ විසින් ස්ත්‍රීත්වය හා මාතෲත්වය නිසි පිළිගැනීමට ලක්කරනුලැබූ බව  මේ උගතුන් නොකියන්නේ එය බුදු දහමට බටහිර කාන්තාවිමුක්තිය ඇතුල් කිරීමට බාදාවක් වන බැවින් හා එම සම්ප්‍රදායික කාන්තාවන්ට ඔවුන්ද ගරහන බැවිනි.
                                පුහු උගතුන් හා ජනමාධ්ය විසින් කරනුලබන තවත් එක් වියාජනයක් වන්නේ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධ බොරු තොරතුරු ඉදිරිපත් කිරීමයි. මෙහිදී කුහක පිරිමින්ගේ උවමනාව මත මානසික පුරුෂකරණයකට ලක්කළ ගෑනුන් පිරිමින්ගේ ලිංගික ස්වභාවයන් පිලිකුල් කිරීමත් ඒ අනුව බොරු අතවර මානසිකත්වයක් ආරූඪ කරගැනීමත් වසන් කර කුහකකම් මත බොරු තොරතුරු වලින් සමාජය අන්ධ භාවයට පත් කිරීම  මොවුන් කරන්නේ ඒ තුලින් බොරු ප්‍රබුද්ධ බවක්ද තමන් වෙත ආරෝපණය කරගනිමිනි.
                        කාන්තාවිමුක්තිවාදය තුල මෙතරම් මුග්ධ බවක් තිබියදී එයට බොරු වටිනාකම දී එහි නියමුවන්ටද බොරු ප්‍රබුද්ධ කමක් ආරෝපණය කරන්නේ එක් පසකින් අද මේ විකුර්ති මතවාදය වියාප්ත කිරීම මුදල් උපයන මාර්ගයක් වී තිබෙන නිසාවෙනි. මේ විකුර්ති මතවාදය්ට පැවතිමටනම් මුලු මිනිස් ජනසමාජයම මෝඩකම් වලින් හා කුහකකම් වලින් පිරී පැවතියයුතුය. මේ කාන්තාවිමුක්තිවාදය මිනිස් සංහතියටම වින කිරීම වැලැක්වීමටනම් පළමුව සමාජය වෙලාගෙන තිබෙන අවිචාරවත්බව හා අසීමිත කුහකත්වය මුලිනුපුටා දැමීම පළමෞව කළයුතුය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවුවත් මිනිස් සංහතියට තවත් කාලයක් පැවතීමටනම් අපහසුවෙන් වුවද මෙය කළයුතුය.

2 comments:

  1. මෙතන වෙලා තිබෙන්නෙ න්‍යායාත්මක දැනුමක් නැතිකම.ඔය කියන ස්ත්‍රී පීඩනයක් කවදාවත්ම තිබිලා නෑ.හැබැයි ඉස්සර කාන්තාවන් බරවැඩවලින් නිදහස් කරලා සැහැල්ලු වැඩ ලබා දී තිබෙනවා.එතනදි ඔවුන්ට වාසියක් කරන්නයි අතීත සමාජවලට වුවමනා වුනේ.බ්‍රිකන්හෙඩ් වගෙ සම්ප්‍රදායන් වලදි පිරිමින් දුෂ්කර අවස්ථාවල කාන්තාවන් වෙනුවෙන් දිවි පුදලා තිබෙනවා.ස්ත්‍රීවාදීන් කියන අයුක්තියක් කිසිම සමාජෙක කවදාවත් තිබිලා නෑ

    ReplyDelete
  2. ඔය මෝඩකමට පිලිගැනීමක් මුලුමනින්ම දීලා තියෙන්නේ ජනමාධ්ය.

    ReplyDelete