Saturday, April 27, 2013

මෙරට කාන්තාවිමුක්තිවාදී කුහකයන් දැන් කියන්නේ කුමක්ද?



මේ ලිපියට පාදක වන කරුණ වන්නේ පසුගිය 19 වන සිකුරාදා සිදුවූ අවාසනාවන්ත සිද්ධියකි. සිද්ධිය වාර්තා වන්නේ පුල්මුඩේ ප්‍රදේශයෙනි. සිද්ධියට අදාල කතාවේ ප්‍රධාන් චරිතය තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවක් වේ.සිද්ධිය වාර්තා කළ ගොසිප් ලංකා වෙබ් පිටුවේ එක් තැනක මෙය ලිංග විපර්යාසයක් ලෙස හඳුන්වා තිබුනද, ඒ විපර්යාසය මනෝවිද්යාත්මක වියාකූලත්වයකි. සිද්ධියට මුල එම තැනැත්තිය ප්‍රදේශයේ තවත් ගැහැනු ළමුන් දෙදෙනෙකු සමග පවත්වාගෙන ගොස් තිබූ සමලිංගික ඇසුරකි. මෙහි කෙළවර සිදුවූ අවාසනාවන්ත සිදුවීමනම් අදාල විකුර්ති පිරිමි හැසිරීමක් ඇති තැනැත්තිය සමග සමලිංගික ඇසුරක් ගෙනගිය අනෙක් ගැහැනු ළමුන් දෙදෙනාගේ  මවුපියන් අදාල තැනැත්තිය විසින් කෲර ලෙස ඝාතනය කරනු ලැබීමයි. එයට හේතුව එම මවුපිය යුවල මේ තැනැත්තියගේ එම ඇසුරට විරුද්ධ වීම වෙයි.
                           දැන් අප අපගේ කාරණයට අවධානය යොමු කරමු. මෙය රටේ සිදුවූ තවත් එක් අපරාධයක් පමණක් නොවෙයි. ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා දුරදිග ගොස් ඒ සම්බන්ධ වලට එරෙහි වූ පාර්ශව වල තැනැත්තන් ඝාතනයට ලක්වූ අවස්ථා අප අසා ඇත. එය අනුමත කළ නොහැකි මට්ටමේ වරදක් බව ඇත්ත වුවත්, එලෙස යම් කාන්තාවකට හා පිරිමියෙකුට අවසාන වශයෙන් කවර ගැටලුවක් තිබුනද ඒ සියල්ල මගහරවාගෙන යහපත් පවුල් ජීවිතයක් ගෙනයෑමේ වැඩි සම්භාවිතවක් ඇත. එය එසේ වූ පමණින් එවැනි ප්‍රේම සම්බන්ධයකට විරුද්ධ කෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම අපද අනුමත නොකරමු. මේ කරුණ මෙසේ ඉදිරිපත් කළේ අපගේ මාතෘකාවට අදාල සිද්ධිය හා එවැනි සිද්ධියක් අතර තිබෙන බරපතල කමේ වෙනස පෙන්වා දීමටය.
                ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධයක් හෝ ලිංගික ඇසුරක් නිසා ඉහත ආකාරයේ මිනිස් ඝාතනයක් සිදුවුනිනම්, එහිදී වරද ප්‍රේම සම්බන්න්ධයට හෝ ලිංගික ඇසුරට වඩා මිනීමැරුමේ සාහසික බවයි. එය එසේ වූ පමණින් සියලුම ස්ත්‍රී පුරුෂ සම්බන්න්ධතා වැරදි යැයි කිසිවෙකුටත් කිසිවිට කිව නොහැක. නමුත් මේ සිද්ධියට අදාල සමලිංගික ඇසුර හා එහි ආරම්භයේ සිට මිනීමැරුම් සිද්ධිය දක්වා තිබෙන්නේ එක් වරදක් නොව වැරදි ගන්නාවකි. පළමු වරද නම් අදාල විකුර්ති සමලිංගික ඇසුර ගෙනගිය තැනැත්තියගේ සමාජ පරිසරය තුලින් මතුවන්නක් වේ. මේ තැනැත්තිය කුඩාකළ සිට ඇගේ දෙමවුපියන් විසින් හදගෙන තිබෙන පිළිවෙල එක් ගැටලුවකි. මවුපියන්ට උවමනාවක් තිබුනේනම් ඇගේ මේ මනෝ වියාධිය කුඩාකළ නිවැරදිකර අනෙකුත් ගැහැනු ළමුන් මෙන් ස්ත්‍රීත්වය පදනමට ගෙන හැඩගස්වාගැනීමට තිබුනි. එය එසේ කළ නොහැකියැයි කීමට බැරිය. මක්නිසාදැයි කිවහොත් අනෙකුත් දෙමවුපියන්ටද දරුවන් සම්බන්ධව මෙවැනි ගැටලු ඇති නොවන්නේ නැති බැවින් හා ඔවුන් එවැනි ප්‍රෂ්නයකදී වගකීමෙන්යුතුව ක්‍රියාකරන හෙයින් වෙයි. ඒ අනුව මවුපියන්ගේ හා වැඩිහිටියන්ගේද නොසැලකිල්ල මෙහි පළමු වරදය. දෙවන කාරනයනම් මෙවැනි විකුර්ති හැසිරීමක් දුරදිග ගොස් සමලිංගිකත්වය දක්වා යන තෙක් අන් සියල්ලන් ඇස් කන් පියාගෙන සිටීමත් මේ සියල්ලට සමාජයෙන් යම් පිටුබලයක් ලැබී තිබීමත් යන වැරදි වේ. අනෙක් කාරනය අදාල තැනැත්තිය තම ස්ත්‍රී පුරුෂ භාවයට හා සමාජයේ තිබෙන මනෝවිද්යාත්මක අනුවර්තන වලට සංවේදී නොවන තැනැත්තියක් විය නොහැකි වීම හා ඇය සතු අස්වාභාවික හැසිරීම ඇයට තේරුම් ගෙන එයින් මිදීමට ඇයටද යම් උවමනාවක් තිබියයුතු වුවත් එය එසේ නොවීමේ වරදයි. මීලඟ බරපතලම වරද වන්නේ මේ තැනැත්තිය විසින් වෙනත් ගැහැනු ළමුන් දෙදෙනෙකුද තම විකුර්ති ලිංගික අවශ්යතාවය වෙනුවෙන් සමලිංගික හැසිරීමකට පෙළඹවීමයි. ඒ තුලින් ඇගේ එම විකුර්ති ආසාවට ගොදුරු වූ අනෙක් ගැහැනු ළමුන් දෙදෙනාටද තමන්ට ස්වභාවයෙන් පිහිටන ලිංගිකත්වය අහිමි වීමක්ද සිදුවෙයි. අවසාන කාරනය මේ සිද්ධි සියල්ල අවසානයේ අදාල තැනැත්තියගේ ක්‍රියාවට විරුද්ධ වූ ඇයවිසින් අපයෝජනය කළ ගැහැනු ළමුන් දෙදෙනාගේ මවු පියන් කෲර ලෙස මේ තැනැත්තිය විසින් ඝාතනය කරනු ලැබීමයි.
                          මෙතනදී මේ සිද්ධිය සම්බන්න්ධයෙන් කීමට තවත් වැදගත් කාරනයක් ඇත. එනම් මෑතක් වනතුරුම අපේ සිංහල සමාජය තුල මවුපියන් විසින් වගකීමකින් යුතුව දරුවන් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනවෙනම තදබල හැඩගැස්වීමක් කර තිබූ බැවින් මෙවැනි විකුර්ති හැසිරීම් වලට සමාජය තුල ඉදිරියට යෑමට අවස්ථාව නොතිබුණු බවයි. පිරිමි ළමුන් පියාට අනුව පෞරිෂත්වය කේන්ද්‍ර කරගෙනත්, ගැහැනු ළමුන් මවට අනුව ස්ත්‍රීත්වය කේන්ද්‍ර කරගෙනත් හැඩගැස්වීම ඉතා වගකීමෙන් යුතුව මෙරට මවුපියන් මෑතක් වන තෙක් සිදුකර ඇත. බටහිර නූතනත්වයේ සරණ ගොස් විකුර්ති කාන්තාවිමුක්තිවාදය ඇතුලු සියලුම බටහිර ලිංගික මනෝවියාධීන් අප සමාජයට බෝකර පෙර කී අපේ සැබෑ වටිනාකම් විනාස කලේ කවුද? උන් අදටත් සමාජයේ ඉහල තල වල සිට වියාජ බුද්ධිමතුන් හැටියට වැරදි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන රට මුලාකරමින් අපේ සමාජයට විෂබීජ ඇතුල් කරමින් සිටිති. පුල්මුඩේ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය ගැන ඔය බකපණ්ඩිත රැල කියන්නේ කුමක්දැයි උන්ගෙන් ඇසියයුතුය.
                            මේ බරපතල අපරාධය හමුවේ කාන්තාවිමුක්තිවාදයට පක්ෂ ජනමාධ්ය බොහොමයක් හොරගල් අහුලමින් සිටිති. මේ සිද්ධිය ප්‍රචාරය වී ඇත්තේද මාධ්ය අතලොස්සකින් පමණි. බාල වයස්කාරියන් විවාහ කරගත් පුද්ගලයන් ගැන, එයින් කාටවත් ගැටලුවක් නොවුනද අනවශ්ය ද්වේශසහගත බවක් වපුරමින් දැවැන්ත ප්‍රචාරයක් දෙන මාධ්ය ත්‍රස්තවාදීන් මේ සිද්ධිය හමුවේ ඇස් කන් පියාගෙන අමුතු රංගනයක නිරත වෙති. එලෙසම එවැනි බාල වයස්කාරියන් විවාහ කරගත් පුද්ගලයන් පසුපස පිස්සු බල්ලන් මෙන් පන්නමින් නීති ක්‍රියාත්මක කිරීමට වලිකන කාන්තා කාර්යංශයද ඇතුලුව නීති බලධාරීන්ට අර බාල වයස්කාරියන් විකුර්ති කාම අපචාරයක යොදාගත් තැනැත්තිය පස්සෙන් පන්නනට උවමනාවක් ඇති බවක්නම් පෙනෙන්නට නැත.සමලිංගික පිරිමින් විසින් බාලවයස්කාර පිරිමි ළමුන් විකුර්ති කාම අපචාර වල යොදවාගත් අවස්ථා වලද මොවුන් පුරුද්දක් ලෙස අනුගමනය කරන්නේ ඇල්මැරුනු ප්‍රතිපත්තියකි. මීට ටික කලකට ඉහතදී හෙම්මාතගම ප්‍රදේශයේ දොස්තර මහතෙකු ඔහුගෙන් ප්‍රතිකාරගත් පාසල් සිසුවියන් ඇතුලු තරුණියන්ගේ අඟපසඟ රහසින් ඡායාරූපගත කරතිබූ සිද්ධියේදී ඔහු එම තරුණියන්ගේ පුද්ගලික ජීවිත වලට කිසිදු හානියක් නොකර තිබියදීත් ඔහුව මරාගෙන කෑමට ගිය නීතිය මේ සිද්ධිය හමුවේ ක්‍රියා කරන්නේ කෙසේදැයි අප දෑස් දල්වා විමසිල්ලෙන් බලා සිටියයුතුය.
              මෙහි වඩාත්ම උනන්දුවෙන් විමසා බැලියයුතු කාරණයනම් මෙරට සිටින ඊනියා කාන්තාවිමුක්තිවාදීන් මෙවැනි සිද්ධි හමුවේ කුමක් කරනු කියනු ඇත්ද යන්නයි. කාන්තාවිමුක්තිවාදයට අනුව එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ සමලිංගිකත්වය පිළිගතයුතුය යන්නයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ වෂයෙන් සමාජය තුල තිබෙන එකෙනෙකාට ලාක්ෂණික අනුවර්තන හා බෙදීම් බටහිර කාන්තාවිමුක්තියට අනුව වැරදිය. මේ කාන්තාවිමුක්තිය අනුව අපගේ මාතෘකාවට අදාල  විකුර්ති හැසිරීමක් ඇති තැනැත්තිය මෙන් තම ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස පිරිමි වෙස් ගෙන පිරිමින් මෙන් හැසිරීමට කාන්තාවන්ට නිදහසක් හා අයිතියක්ද තිබියයුතුය. එමෙන්ම එවැනි අය කාන්තාවිමුක්තිවාදීන්ට අනුව සම්ප්‍රදාය වෙනස් කරන මහා ලොකු වීර චරිතයි. කුහක කාන්තා විමුක්තිවාදීන්ට අනුව පුල්මුඩේ සිදුවූ අපගේ මාතෘකාවට අදාල මේ සිද්ධිය සම්ප්‍රදාය බිඳදමා කාන්තාව නූතන යුගයක් කරා ගෙනයන විමුක්තිවාදී අරගලයේ එක් ජයග්‍රාහී පියවරක් වනවාට කිසිදු සැකයක් නැත. අප මේ කුහකයන්ට අභියෝග කළයුත්තේ ඔවුන්ගේ යටි හිතේ තිබෙන මේ අදහස ප්‍රසිද්ධියේ කෙලින් කියන ලෙසයි.
               බටහිර කාන්තාවිමුක්තිවාදය මෙරට සිටින එහි නියෝජිතයින් කලක් තිස්සේ රටේ නීතිය ඇතුලු සෑම තලයක්ම පාලනය කිරීමට මහත් වෙහෙසක් ගන්න බව මේ වනවිට කාටත් නොරහසකි. එබැවින් පුල්මුඩේ සිද්ධියට වරදකාරිය වීසිටින සමලිංගික කාන්තාවට නීතියෙන් බුරුලක් දීමට හෝ කිසිත් කර නොහැකිනම් ලිහිල් දඬුවමක් ලබාදීමට හෝ කාන්තාවිමුක්තිකාමී NGO කල්ලි ඇතුලු විජාතික බලවේග නීතියට බලකිරීමට යම් ඉඩකඩක් ඇත. මේ සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලැබෙනවාටද කාන්තා විමුක්තිවාදීන් ඇතුලු ඔවුන්ගේ මාධ්ය ත්‍රස්තවාදය අකමැතිය. ඒ පෙර කී ලෙස කාන්තාවිමුක්ති බලවේග වලට නීතියට බලපෑම් කිරීමට එය බාදාවක් වියහැකි බැවිනි. එබැවින් අප මේ සිද්ධිය තවත් එක් සිද්ධියක් ලෙස සලකා ඇල්මැරුනු ආකල්පයකින් කටයුතු නොකළයුත්ත්තේ එසේ කිරීමෙන් හොර විජාතික කාන්තා විමුක්තිවාදීන්ට මේ සිද්ධිය රටෙන් වසන් කර නීතියට බලපෑම් කිරීමට පහසු වන බැවිනි. මේ සිද්ධියට අදාල වරදකාරිය වෙනුවෙන් ඇතැම් විට NGO කරුවන් මුදල් වියදම් කර නීතීඥ්ඥයන් යෙදවීමටද බැරි නැත. මේ තැනැත්තිය බේරාගැනීමට කුහක කාන්තාවිමුක්තිවාදීන් අවසන් මොහොත දක්වා සටන් ක්‍රනු ඇත. අපට මෙය පිටින් බලාගත නොහැක. එබැවින් දැන් අප කළයුත්තේ මේ සිද්ධියේ මුල සිට අවසානයදක්වා දැඩි අවධානයකින් යුතුව සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන  විමසිලිමත් වෙමින් අපරාධය කළ තැනැත්තියට කිසිදු සමාවක් නොලැබෙන්නට කටයුතු කර රටටත් අපේ සමාජයටත් සාධාරනය ඉටුකිරීමයි.

 සිද්ධිය සම්බන්න්ධ වැඩි විස්තර

http://www.gossiplankanews.com/2013/04/pulmude-double-murder-suspect-nabbed.html

Tuesday, April 23, 2013

බෞද්ධ බලවේගයට බුදු දහම උගන්වන්න ගිය ඉටිපන්දම් සේනාව.


සිද්ධියට අදාල කරුණු කාරණා කතා කිරීමට පෙර බුදු දහමේ හරයත් මිනිස් ස්වභාවයනුත් ගැන කෙටියෙන් යමක් කීමට අවශ්ය වේ. මිනිසුන් සියල්ල නිර්මාණය කරන්නේ මනසට අනුවයි, බුදු දහමට අනුව මිනිසුන් සතු දුර්වලම දෙයත් මනසයි. කිසිම දෙයකින් මිනිස් සිත  කෙදිනකවත් මුලුමනින් තෘප්තිමත්  නොවන්නේත්, මිනිසුන් භෞතික දියුනුවේ අනන්තයක් කරා මනස මෙහෙයවන්නේත් මේ දුර්වලකමනිසයි. බුදු දහමට අනුව මිනිසුන් විසින් මනස මුල් කරගෙන ගොඩනංවන සෑම දෙයක්ම සංස්කාර වන අතර ඒ සියල්ල අනිත්ය, දුක්ඛ් අනාත්ම යන තුන් ගොඩට අයත්ය. බුදු දහමට අනුව අනිත්ය දුක්ඛ අනාත්ම පිළිබඳ අනවබෝධය අවිද්යාවයි. එලෙසම විද්යාව යනු ඒ පිළිබඳ අවබෝධය වේ. බුදු දහමට අනුව කෙනෙකු සසර බැඳීම් ඇතිකරවන දෑ ජීවිතයෙන් හා මනසින් අත්හලයුත්තේ ඒ පිළිබඳ අවබෝධයක් ඇතිව මිස එම සංස්කාර ධර්මයන් කෙරෙහි ඇති කරගන්නා වූ වයිරයක් මත නොවේ.  සසර බැඳීම් වලින් මිදෙමින් ගැඹුරින් ධර්මය වෙත යොමුව පැවිදි ජීවිතයක් ගෙනයෑම මෙන්ම, බෞද්ධයන් හැටියට බුදු දහම අනුව යමින් සම්මුතිවාදීව,  මෙලොව පැවැත්මට අවශ්ය සොබාදහමට එකඟ මූලික ගුණාංග පවත්වාගනිමින් ගිහි ජීවිත හැඩගසාගැනීමද කළ යුතු අනිවාර්ය දෙයකි.
                        බෞද්ධ ජන සමාජයට සොබාදහමේ සංතුලනයන් බිඳ නොවැටෙන ආකාරයේ සම්පත් පරිහරන රටාවක් තිබියයුතුය. බෞද්ධ සමාජයතුල ස්ත්‍රී පුරුෂ අනුවර්තනයන්, ලිංගික ගැලපීම් හා සොබාදහමට එකඟ වන ලිංගික ජීවනරටාවක් මෙන්ම ප්‍රජනන රටාවක් ද තිබියයුතුයි. බෞද්ධයන් මිනිස්සමාජයේ යහපත් පැවැත්ම විනාශ නොවන ආකාරයෙන් යහපත් කර්මාන්ත හා වියාපාර කළයුතුය. එලෙසම බෞද්ධ ජන සමාජයට එල්ල වන තර්ජනයන් හමුවේ  ඊට නිසි ප්‍රතිචාර දැක්වීමද කළයුතුමය.
                         දැන් අප අපගේ මාතෘකාවට පිවිසෙමු.  ලංකාව ලෝකය තුල රටක් ලෙස ගොඩනැගූවෝ සිංහලයෝය. මෙරට ජාතිකත්වය සිංහල බෞද්ධය. ඉතිහාසය පුරා බෞද්ධයන් මින් ඉහත සඳහන් කළ ගුණාංග නිසි ලෙස පවත්වාගනිමින් සම්මුතිවාදී දිවිපැවැත්මක් ගෙන ගොස් තිබේ. සිංහල බෞද්ධයා ජාතියක් හැටියට විවිධ තර්ජනයන්ට ලක්වූ සෑම විටකම සිංහල බෞද්ධ ජාතික බලවේග බෞද්ධ සමාජය තුලින් මතුවී ඊට එරෙහිව නිසි ප්‍රතිචාරය දක්වා ජාතිය සුරක්ෂිත කර තිබෙන්නේ ජාතික වගකීමකට අනුව මිස අනුන් නැසීමේ පරමාර්ථයෙන් නොවේ. එයද බුදු දහමට පටහැනි යැයි කෙනෙකුට කිවහැක. බෞද්ධයන්ට යුද්ධය අකැප යැයි මීට කළකට ඉහතදී (චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපති තනතුරේ සිටියදී) අතොරක් නැතිව ජනමාධ්ය වලින් ප්‍රචාරය කරවන්නට විය. ඇතැම් පුහු උගතුන් පොත් ලියන්නටද විය. මේ කාරනය ගැන ප්‍රශ්න කරන කාට වුවද අප කියන්නේ එක දෙයකි. එනම් අප බුදු දහම අදහන මනුස්සයන් මිස බුදුවරුන් හෝ රහතන්වහන්සේලා නොවන බවයි. මේ කාරනය විවුර්තව පිලිනොගෙන තම කුහකත්වයන් බුදු දහමට ගැට ගැසීම බුදුබණටම අනුව නයා වලිගයෙන් අල්ලාගැනීමට සමානය. බුදුන්වහසේ හෝ රහතන්වහන්සේනමක් දක්වන සමානාත්මතාවය යනු සියලු ලෝක සත්වයා කෙරෙහි වූ සම මෙත් කරුණා ගුණයයි. එය මනුස්සයන්ට ඒ ආකාරයෙන් දැක්විය නොහැක. එසේ කළහැකිනම් අපටත් අංගුලිමාල දමනය, ආලවක දමනය ආදිය කරහැකිවියයුතුය. එසේ කරහැකිනම් කොටින් පරාජය කිරීමටද සටන් කිරීම අවශ්ය වන්නේ නැත. එදා එම ජාතික සටන කර එම උවදුරෙන් රටත් ජාතියත් බේරාගැනීමට කටයුතු කළේ ජාතික වගකීමක් අනුවයි. එලෙසම එය කරනුලැබුවේ අප මනුස්සයන් මිස බුදුවරුන් නොවන වග සිහිතබාගෙන විවුර්ත මනසකින් යුතුවය. එය එසේ වූ පමණින් එම ජාතික සටන මෙහෙයවූවන්ට බුදු දහම අකැප වන්නේද නැත.
                            
            දැන් අප අවධානය යොමු කළයුත්තේ බෞද්ධ බලවේගයට බුදු දහම උගන්වන්න ගිය ඉටිපන්දම් සේනාවේ ක්‍රියාකලාපය වෙතයි. මේ ඉටිපන්දම් සේනාව නියෝජනය කළේ මෙරට සිටින ගොඩසුද්දන්ගේන් සැදුම්ලත් මොඩ් බෞද්ධ සමාජයයි. මේ අය බටහිර නූතනත්වය වැලන්දගත්තවුන් වන අතර ඔවුන් බුදු දහමට වඩා අදහන්නේ බටහිර නූතනත්වය හා එයින් ගලාගෙන එන මතවාදයි. මේ අය නවීන විද්යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට මහත් රුචියක් දක්වති. එලෙසම තමන්ට හොඳ යැයි සිතෙන බටහිර කුමක් වුවත් තම මනසට ගෝචර වන තරමින් බුදු දහම සමග ගලපා එය බටහිරයන් කිරීමට පෙර බුදුන්වහන්සේ විසින් කරනු ලැබූ බව උජාරුවෙන් කීමට  මේ අය කැමතිය. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිය තුල පැහැදිලිව සොබාදහමට පටහැනි බව හා පුරුෂ විරෝධී වයිරී බවක් තිබියදී එය බුදුන්වහන්සේ විසින් සියල්ලන්ට පෙර ලබාදුන් බවට උදම් අනන්නේද මේ නූතන බෞද්ධයෝය. බුදුවරයෙකු හෝ රහතන්වහන්සේලා සාමාන්ය මිනිස් සමාජයේ තිබෙන යම් යම් සම්මුතීන් ඉක්මවා කටයුතු කරන්නේ උන්වහන්සේලා සියලු බැඳීම් ඉවත් කර සසර ගමන කෙළවර කර තිබෙන බැවිනි. බුදු දහම අදහන මිනිසුන් සසර බැඳීම් සියල්ල අත්හැරියවුන් නොවන බැවින් එලෙස කටයුතු කර නොහැක. මේ කාරණය අමතක කර මිනිස් කුහකත්වයන් බුදු දහමට වැරදි ලෙස ගැලපීම මේ ඉටිපන්දම් සේනාව ඇතුලුව ඔවුන් නියෝජනය කරන නූතන බෞද්ධ පැලැන්තියම සිදුකරනුලබයි. ඔවුන්ගෙන් ඇතමුන් තමනුත් බුදුවරුන් හෝ රහතන්වහන්සේලාට සමාන යැයි සිතති. රට ජාතිය බුදුසසුන විජාතික බලවේග වල තර්ජනයට ලක්වූවිටකවත් එයට එරෙහිව නිසි ප්‍රතික්‍රියාව දක්වා ජාතියත් බුද්ධ ශාසනයත් රැකීමට කටයුතු කිරීම බුදු දහමට පටහැනි බව කියමින් එසේ නොකළයුතු බව අඟවන්නේ ඔවුන් සතු මේ කුහකකම නිසාවෙනි. මේ පිරිස ඔවුන්සතු එම කුහක ගතියට මහා ලොකු වටිනාකමක් ඇතැයිද සිතති. 

                                  මේ ඉටිපන්දම් සේනාව තුල සිටියවුන්ගේ ගතිපැවතු ගැනද යමක් නොකියා බැරිය. මොවුන් සාමාන්යයෙන් බටහිර නූතනත්වයට අනුව සිතන පතන පිරිසක් වන අතර ඔවුන් බුදු දහම තේරුම් ගන්නේද ඔවුන් විසින් අනුගමනය කරනුලබන  බටහිර යුදෙවු මතවාද වලට සාපේක්ෂවයි. එහිදී බටහිර විද්යා දැනුම, මතවාද පමණක් නොව සමාජ කුහකත්වයන්ද ඉමහත් ගරුසරු ඇතිව බුදු දහමට තම නැණ පමණින් ගලපාගැනීමට ඔවුහු කටයුතු කරති. ඔවුන් බුදු දහම ගැන මොන බයිලාවක් ගැසුවද අදහන්නේ බුදු දහමට වඩා නවීන විද්යාව හා බටහිර යුදෙවු නූතනත්වයයි. නවීන විද්යාවෙන් සසර ගමන කෙළවර කිරීම හා නිවන යනු කුමක්දැයි තේර්ම් කරගැනීමට බැරි වූවිට මොවුන් කියනු ඇත්තේ එවැන්නක් නැති බවයි. එසේම නවීන විද්යාවේ හාස්කමකින් මරණය වැලැක්විය හැකියැයි බටහිර යුදෙවු විද්යාඥ්ඥයින් කිවහොත් එදාට එහි ඇත්ත නැත්ත නොසොයාම බුදු දහමත් බොරුයැයි මොවුන් කියනු ඇත.
                                   මේ ඉටිපන්දම් සේනාවට සම්බන්ධ අයට සාමාන්යයෙන් රටක් ජාතියක් සංස්කෘතියක් කියා දෙයක් නැත. වෙන එකක් තබා තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැනවත් ඔවුන්ට කිසිදු මතයක් නොමැත. පෙනෙන්නට තිබෙන ආකාරයටනම් ඔවුන් මානව හිමිකම්, බටහිර කාන්තා විමුක්තිය ආදිය ඉස්මුදුනින් පිළිගන්නා මානව මානවිකාවෝය. මොවුන්ගෙන් බොහොමයක් පුරුෂ විරෝධී කාන්තාවිමුක්තිවාදීන් හා ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම සමලිංගිකයන් බව නොරහසකි. බරපතල කාරනයනම් මොවුන් තම විකුර්ති ලිංගික චර්යාවද බුදු දහමට අනුව සාධාරණීකරණය කරන්නවුන් වීමයි. තවත් පිරිසක් නයිට් ක්ලබ් වලට ගොස් විනෝදවී පිස්සු නැටීම තම දිවියේ ප්‍රධාන කොටසක් කරගත්තවුන්ය. ඉහ මොළයක් ඇති කවුරුත් ඉටිපන්දම් ගෙන මෝඩ රංගනයක යෙදෙන මේ අමනයින්ගෙන් ඇසියයුත්තේ ධර්මය උගන්වන්නට එන මොවුන් හතර මාර්ග ඵල වලින් කවර අවස්ථාවක සිටින්නේද යන්න හා ඔවුන් නිවන් අවබෝධ කරගන්නේ කවදාද යන ප්‍රශ්නයි.
                             බුදුවරයෙකු හෝ රහතන්වහන්සේනමක් තියා සෝවාන් ඵ්ලයට පැමිණි තාපසයකුවත් සොයාගත නොහැකි මේ කාළය තුල මෙවැනි ගිහි විහිලුකාරයන් පිරිසක් ධර්මය උගන්වන්නට යන්නේ හොර දොස්තරලා නොදන්නා වෙදකමට ගොස් ලෙඩ වැඩිකර නැති ලෙඩද ඇතිකරන ආකාරයටය. මොවුන්ගේ මේ හොර වෙදකම් වැනි කුහක පණ්ඩිතකම් නවතින්නේ සොබාදහමට වින කරන බටහිර යුදෙවු උන්මත්තකයන්ට බුදු දහමෙන් තමන්ට අවශ්ය කොටස් හොරකම් කරගෙන වියාජ විද්යාවක් ගොඩනගා තම විකුර්ති අරමුනු කරා යන ගමන ඉක්මන් කරදීමෙනි.
        ඒ බවක් මේ ඉටිපන්දම් ගොබ්බයන් නොදනිති, දැනගත්තද ඔවුන්ට එහි වගක් නැත. මෙවැනි ඔලමොට්ටල ක්‍රියාවලට සිංහල බෞද්ධ බලවේග දුර්වල වියයුතු නැත. එසේ දුර්වල වීම යනු විජාතික බලවේග වල මතවාදී ආක්‍රමණයට නතුවීමකි. මේ ඉටිපන්දම් සේනාව නියෝජනය කරන පැලැන්තියේ ඉදිරි පරපුර කෙදිනක හෝ තම බටහිර මතවාදී ගුරන් හා එක්ව නිවනකින් තොර මොඩ් බුදු දහමක් නිර්මාණයකර බෞද්ධයන්ට එය ඉගැන්වීමටද බැරි නැත. මේ ඉටිපන්දම් ධර්මාචාර්යවරින්ගේ මෝඩ ක්‍රියාකලාපය අන් කවරක්වත් නොව බටහිර නූතනත්වයේ මතවාදී ආක්‍රමණයේ එක් ස්වරූපයකි. එයට නතුවීම යනු අවසානයේ විජාතික බලවේග වලට සිංහල බෞද්ධ ජාතිකත්වය හා සංස්කෘතික පරිසරය වනසා බුදු දහමද විකුර්ති කිරීමට ඉඩදීමයි. සිංහල බෞද්ධ බලවේග ඇත්තෙන්ම කළයුත්තේ විජාතික මතවාදී ආක්‍රමණයේ ඉත්තන් වන ඉටිපන්දම් බෞද්ධයන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ පස්චාත් භාගයට පයින් ගසා පන්නා දැමීම මිස වෙනත් දෙයක් නොවේ. ඉතිහාසය පුරා රටත් ජාතියත් විජාතික තර්ජනයන්ට ලක්වූ සෑම අවස්ථාවකම එයට සාර්ථකව මුහුණ දී එම උවදුරු වලක්වාලීමට ජාතික බලවේග වලට හැකියාව තිබී ඇත. නැතිනම් මේ වනවිට ප්‍රභාකරන්ද ඊලම පිහිටවා අවසන්ය. එසේ විජාතික බලවේග හමුවේ එයට නිසි ප්‍රතිචාරය දැක්වීමෙන් බෞද්ධකමට හානියක්ද වී නොමැත. අද බෞද්ධයන්ට බුදු දහම උගන්වන්නට එන නූතන ඉටිපන්දම් බලකායට සසර ගමන කෙළවර කිරීමට තිබෙන උනන්දුව ගැන ඔවුන්ගෙන් අසා දැනගතයුතුය. බෞද්ධ බලවේග කළයුතුව තිබෙන්නේ මේ ගොඩ සුද්දන්ගෙන් සැදුම්ලත් මොඩ් බෞද්ධයන් අනුගමණය කරන බටහිර යුදෙවු මතවාද අපේ ජාතික මතවාදවලින් සුනු විසුනු කර දැමීමයි. එවිට ඔවුන් විසින් අවස්ථාවාදීව අනුන්ට ධර්මය ඉගැන්වීමේ නියායද කෙළවර වනු ඇත.

Monday, April 15, 2013

සිංහල ජාතිය හමුවේ ඇති සැබෑ අභියෝග හා ජාතික බලවේග.

සිංහල යනු ලෝකයේ රටක් බිහිකළ ජාතියකි. එනම් සිංහල නමින් පැහැදිලිව ස්ථාපිත වූ ජාතිකත්වයක් ලොවේ ඇත.ජාතිකත්වයක් කිසිවිට එක් රැයකින් ගොඩනැගිය නොහැකිය. සුවිශේෂී ජාතික අනන්යතාවයක් ගොඩනැගෙන්නේ දියුණු මිනිස් ලක්ෂණ හා කළක් තිස්සේ යම් මිනිස් ජනගහනයක් විශේෂිත වූ භූගෝලීය කලාපයකට මෙන්ම එහි පාරිසරික සාධක වලටද දක්වන විශිෂ්ඨ අනුඅර්තන මතයි. අපේ රටේ සිංහලයා විසින් ගොඩනගා තිබෙන සිංහල බෞද්ධ ජාතිකත්වය ලෝකයේ අනන්ය වන්නේද මේ ආකාරයටයි. සිංහල ජාතිය ඉතිහාසය පුරා විවිධාකාරයේ සතුරු ආක්‍රමණයන්ට හා ඒ ආශ්‍රිත විවිධ අභියෝග වලට මුහුණපා ඇතිබව ප්‍රකට කාරණයකි. රට ඉංග්‍රීසි අධිරාජ්යවාදයට නතුවීමත් සමග ඉන්පසුව ජාතියට එල්ලවූ අභියෝග පරසතුරු ආක්‍රමණයකට පමණක් සීමා නොවීය. ලොව පුරා වියාප්තවූ බටහිර අධිරාජ්යවාදය ආර්ථික,දේශපාලනික, සංස්කෘතික හා මතවාදී යන සියලු ආකාරයේ ආක්‍රමණයක් විය.  යුදෙවු චින්තනය බටහිර ප්‍රමුඛත්වයට පත්වීමත් සමග යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය අධිරාජ්යවාදය හරහා වඩා හොඳින් ඉදිරියට ඇදී ගියේය. අපේ රට පැත්තෙන් බලන කළ 1948 ලැබුණා යයි කියන නිදහසත් සමගද ලංකාව තුල බලවත් වූයේත් රටේ පාලනය මෙන්ම අනාගතය තීරනය කරන තීරනාත්මක බලවේගය වූයේත් බටහිර අනුකරණවාදී පුහු උගත් පැලැන්තියයි. ඔවුහු මේ රටට ආවේනික ලෙස සිතන සිංහල බෞද්ධ ජනයාට මෙරට ඉදිරිගමන තීරනය කරන ප්‍රධාන බලවේගය බවට පත්වීමට ඉඩ නොදීමට වගබලාගත්හ. සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ක්‍රියාකාරකම් තවතවත් සරුවට ඉදිරියට ඇදුනේ එතැන්සිටයි.
               මෙලෙස රටේ සෑම අංශයකම පාලනය ගෙනගිය ඒ අනුකරනවාදී පැලැන්තිය බටහිර නූතනත්වය වැලඳගෙන රටට ආවේනික ලෙස සිතන පිරිසගේ එම සිතීමේ රටාව සම්ප්‍රදායික හා ගතානුගතික ලෙස හඳුන්වා එයින් මුලුමනින් අත්මිදී බටහිර නූතනත්වයේ නවීන අංග වෙත යායුතු බවට මතයක් ගොඩනැගීය. රටට ආවේනික වූ සිංහල බෞද්ධයාගේ ජාතිකත්වය හා ඒ වටා ගොඩනැගී ඇති බොහොමයක් දේ මේ අනුකරනවාදීන්ට අනුව සම්ප්‍රදායික වෙයි. ජාතියට තිබෙන සැබෑ අභියොග ගැන විචාරශීලීව කරුනු සොයාබැලියයුත්තේ මේ කාරනය සිහිතබාගෙනයි. මේ අනුකාරක පැලැන්තිය විශේෂයෙන් බටහිර යුදෙවු මතවාදී ආක්‍රමණය හා සංස්කෘතික ආක්‍රමණයේ මෙරට නියෝජිතයින් පිරිසද විය. අදටත් සිංහල ජාතියට ඇති ජාතික අනතුරු හමුවේ විචාරබුද්ධියකින් යුතුව ක්‍රියාකිරීමට යෑමේදී රටට ආවේනික ලෙස සිතන සිංහල ප්‍රජාවට තිබෙන විශාලම අභියෝගය වන්නේ මේ අනුකරනවාදී පැලැන්තියේ ක්‍රියාකලාපයයි.
                           මේවනවිට ජාතියට තිබෙන ජාතික අනතුරු විවිධ ස්වරූපයෙන් විවිධාකාරයෙන් මතුවෙමින් තිබේ. එක්පසකින් බටහිර අධිරාජ්යවාදයේ දේශපාලනික හා ආර්ථික වහල්භාවයයි. අද ජිනීවා කුමන්ත්‍රණය හරහා වක්‍රාකාරයෙන් සිදුවන්නේද මෙයයි. අනෙක්පසින් බටහිර ආගමික කල්ලි වල මූලධර්මවාදී ආගමික ආක්‍රමණයයි. තවත්පසකින් බටහිර යුදෙවු නූතනත්වයේ මතවාදී ආක්‍රමණයයි. මේ සියල්ල අස්සේ මුස්ලිම් වියාප්තිවාදයට ටිකෙන් ටික ගොදුරුවීම මෑතක ඇතිවී තිබෙන අලුත්ම ජාතික ගැටලුවයි. මේ සියලු අභියෝග හමුවේ අප ඊට මුහුණදියයුත්තේ රටට ආවේනික ජාතික මතවාද පදනමට ගෙනයි. එහෙත් මෑත කාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන ජාතික සංවිධාන වලට ජාතික මතවාද සැබෑ ලෙස තිබේද යන්න තවත් ගැටලුවකි.
                ඇතැම් ජාතික සංවිධාන බටහිර යුදෙවු නූතනත්වය අනුගමනය කරයි. එසේම එවැනි සංවිධාන වලට බටහිර යුදෙවු මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය ගැටලුවක් නොවන්නේ එය ගැටලුවක් වීමට තරම් සංවේදී බවක් නොමැති හෙයිනි. හේතුව බටහිර යුදෙවු මතවාද වලින් මොළ හෝදාගත්තවුන් මේ සංවිධාන මෙහෙයවීමයි. මේ සංවිධාන බොහොමයකට සංවර්ධනය නමින් සංවර්ධන වියාපෘති හරහා රටට පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික වශයෙන් කරන දැඩි හානිය පිළිබඳව සංවේදී බවක් නැත. හේතුව සංවර්ධනය යන සංකල්පයද බටහිර යුදෙවු සංකල්පයක් වීමයි. යුදෙවු චින්තනය මත පදනම් වන නූතනත්වය අනුගමණය කරන කිසිවෙකුට මේ ප්‍රශ්න තේරුම් නොයෑම පුදුමයට කරුණක් නොවේ. දිනෙන් දින NGO කාරයන් බුරුතු පිටින් රටේ පැලපදියම් වෙමින් විජාතික උවමනා එපාකම් මත රටේ විවිධ ප්‍රදේශ වල පොදු සමාජසේවා සිදුකරන බව අඟවමින් ජාතිකත්වයට වින කරද්දී මේ මොඩ් දෑහිතකාමීන්ගෙන් බොහොමයක් දෙනාට එය ගැටලුවක් වී ඇති බවක් නොපෙනෙයි. මෑත හතු පිපෙන්නාක් මෙන් බිහිවුන බොහෝ ජාතික සංවිධාන වලට අද තිබෙන්නේ හුදෙක් මුස්ලිම් විරෝධයක් පමණි. මුස්ලිමුන් හැමෝම හොඳ මිනිසුන් බව හෝ ඔවුන් මුස්ලිම් වියාප්තිවාදය කිසිලෙස ක්‍රියාත්මක නොකරන්නේයැයි අප නොකියමු. එහෙත් නිසි ජාතික ප්‍රතිපත්ති අනුගමනය නොකිරීමත් සිංහලයා බටහිර නූතනත්වය හා යුදෙවු මතවාද වැලඳගනිමින් තම ජාතිය සතු සජීවී බව නැතිකරගෙන මුස්ලිම් වියාප්තියට නිරායාසයෙන් ජාතිය ගොදුරු වන තැනට පාරකපාගෙන තිබීමත් සුලුපටු කරුණක් නොවේ. සිංහල ගෑනුන් කාන්තාවිමුක්තිය නම් බටහිර සමාජය වැනසු විකුර්ති මතවාදය හිස්මුදුනින් ගෙන පිරිමින් කෙරෙහි වයිරය වපුරමින් දරුවන් හැදීම ගෘහ කටයුතු ආදිය ප්‍රතික්ෂේප කරද්දී ඇතැම් මොඩ් දෑහිතකාමීන් ගෑනුන්ගේ ඒ උමතුව බොහෝ අගය කරන්නේ එය මුස්ලිම් සංස්කෘතියට පටහැනි වීම යන කාරනය මත ඉතා පටු මානසිකත්වයකිනි. ඔවුන් මුස්ලිම් සංස්කෘතියට විරුද්ධනම් වෙනත් ඕනෑම දහජරා බටහිර මත්වාදයක් ඉස්මුදුනින් පිළිගැනීමට සූදානම්ය. මොවුන් නොදන්නා නමුත් සිංහල ජාතියට සාර්ථක අනාගතපරපුරක් බිහිවීමට තිබෙන ප්‍රධාන බාධාව අන් කවරක් හෝ නොව බටහිර කාන්තාවිමුක්තිවාදය හරහා සිංහල සමාජය තුල ඇතිකර තිබෙන ලිංගික වියාකූලත්වයයයි.
                          සිංහල ජාතියට තවත් මහා පරිමාණයෙන් විනකරන අංගයක් වන්නේ බටහිර අධ්යාපනයයි. මේ අධ්යාපනය ඔස්සේ අනාගත පරපුරට ජාතියට ආවේනික ලෙස සිතීමට උගන්වන්නේ නැත. ඒ වෙනුවට රටට ආවේනික මතවාද දරන්නන්ට සම්ප්‍රදායික මිනිසුන් යැයි ගැරහීමට මේ අධ්යාපනයෙන් පාසල් දරුවන්ට අනුබල දෙයි. මේ අධ්යාපනයෙන් ළමුන්ට පුරුදු කරන්නේ කෙදිනක හෝ හොඳ යැයි සම්මත රැකියාවකට අවශ්ය සහතික ගොඩගසාගැනීමට පමණි. එය ඒ ආකාරයට සිදුවෙද්දී සිංහල දෙමවුපියන් තමන්සතු සේසතම විකුනා හෝ දරුවන්ට මේ අසාර්ථක අද්යාපනය තුල ඉහලට යන්න අනුබල දෙන්නේ ඔවුන්ගේ සමබර වර්ධනයට අත්යවශ්ය පාරිසරික හා සමාජ අත්දැකීම්ද අහිමි කරමිනි. මේ අධ්යාපනය ඔස්සේ බිහිවන සිතීමේ හයියක් නැති පිරිසට විජාතික උවමනා එපාකම් මත ක්‍රියාත්මක වන ආයතනයක හෝ හොඳ රැකියාවක් ලැබෙන්නේනම් ඉන් එහාට දෙයක් අවශ්ය නැත. අතපය හොල්ලා දාඩිය බින්දුවක් හෝ හෙලීම මදිපුන්චිකමක් ලෙස හිතන පිරිමින් මෙන්ම ගෘහ කටයුතු හා දරුවන් හැදීම කරදරයක් ලෙස හිතන කාලකන්ණි ගෑනුන් පිරිසක් සිංහල ජාතියට බිහිකරගෙන තිබෙන්නේ මේ අධ්යාපනයේ ප්‍රථිඵලයක් ලෙසයි. අද සිංහලයන්ගෙන්ද බොහොමයකට සාර්ථකව වියාපාරයක් කළනොහැක, එමෙන්ම බොහෝ දෙනෙකු මහන්සි වී වැඩකිරීමටද අකමැතිය. ඇතැම් සිංහල මවුපියන් තම දරුවන් හදන්නේ ඔවුන්ට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවයවත් හරි හැටි තේරුම්කර නොදීඅය. සිංහල නොවන වෙනත් ජනකොටස්වල මේ මුග්ධබව අඩුවෙන් දක්නට ඇත්තේ ඔවුන් සිංහලයන් තරමට බටහිර නූතනත්වය අනුගමනය නොකරන බැවිනි.
                     මෑතකාලයේ මුස්ලිම් වියාප්තිවාදයට එරෙහිව ගොඩනැගුනු ජාතික සංවිධාන බොහොමයක් ක්‍රියාකරන්නේ හුදෙක් මුස්ලිම් විරෝධය මත පමණක් වීම ජාතිය පැත්තෙන් බලන කළ හොඳ ලක්ෂණයක් නොවේ. බටහිර විජාතික බලවේග වලට මෙම සංවිධාන වලින් කිසිදු අභ්යෝගයක් එල්ල නොවන්නේ එම සංවිධාන මෙහෙයවන්නන් මුස්ලිම් වියාප්තියට එරෙහිව බටහිර මතවාද අවිචාරයෙන් වැලඳගන්නා බැවින්ය. ඒ කාරණය අනුව බටහිර විජාතික බලවේග මේ මොඩ් සිංහල බෞද්ධයන්ගෙන් සැදුම්ලත් ජාතික වියාපාර නැසීමට කටයුතු කරන්නේද නැත. යම් විදිහකින් රටට ජාතියට ආවේනික මතවාද මත පිහිටා කටයුතු කරන බටහිර නූතනත්වයට සංස්කෘතිකව යට නොවූ නියම ජාතික බලවේගයක් ගොනැගුණිනම් බටහිර අධිරාජ්යවාදී විජාතික බලවේග සියල්ල එක පෙලට සිටගෙන එය මර්ධනය කිරීමට රටේ ආණ්ඩුව ලවා බැරිනම් ඔවුන්ට ගැති ආණ්ඩුවක් පත්කර හෝ එය කිරීමට පියවරගනු ඇත. අප කියන්නේ දැන් ඇතිවී තිබෙන ජාතික ප්‍රබෝධය වැරදි එකක් යන්න හෝ එය ආපසු හැරවියයුතුය යන්න නොවේ. අප පෙන්වාදෙන්නේ ජාතික බලවේග රටට ආවේනික ජාතික මතවාද මත පිහිටා කටයුතු කළයුතු බවයි. එය සැබවින්ම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. පළමුව 1948 සිට අපට ජාතියක් ලෙස වැරදුන තැන් විචාරශීලීව තේරුම් ගතයුතුය. එලෙස මේ කාරනා තේරුම්ගෙන අපට වැරදුන තැන් මෙන්ම අපේ දුර්වලකම් අපහසුවෙන් හෝ මගහරවා නිවැරදි කරගැනීමට අප ඉදිරියේදී කටයුතු කළයුතුය. එසේ නොකර හුදෙක් මුස්ලිම් විරෝධය මත පමණක් පදනම් වෙමින් අනෙකුත් ජාතියට විනකරන බටහිර මතවාද සියල්ල ඉස්මුදුනින් පිළිගන්නා ජාතික බලවේග අවසානයේ ජාතික මතවාද දියකර හරිනු ඇත.

Tuesday, April 9, 2013

සිංහල අලුත් අවුරුදු උලෙල අර්ථවත් කළයුත්තේ කෙසේද?


සිංහල අලුත් අවුරුදු උලෙළ යනු සිංහලයාගේ ප්‍රධාන ජාතික උලෙළයි. සිංහල අලුත් අවුරුද්ද සැමරියයුත්තේ සැබවින්ම සිංහල ජාතියේ සජීවී බව ප්‍රදර්ශනය වන ආකාරයට මිස බටහිර අනුකරනවාදයට මුල් තැන දෙමින් ජාතිය සතු ජීවගුණය නැතිවන ආකාරයට නොවේ. බටහිර නූතනත්වය වැලඳගත්තවුන් කලක් තිස්සේ බටහිර නූතනත්වයේ බොරු සෝබනය සිංහල අවුරුද්දටද ආදේශ කර තිබේ. මෙහිදී අප මතකතබාගතයුතු කරුණක් තිබේ, එනම් මෙහිදී අවුරුදු සැමරීම යනු බටහිර ක්‍රමයට " celebrate  " කිරීම නොවන බවයි. බටහිරදී "celebrate" කිරීම යනු බොහෝදුරට කා බී විනෝදවීමට මුල්තැන දෙමින් කරන සැමරීමේ ක්‍රමයයි. එහෙත් අප සිංහල අලුත් අවුරුද්ද සැමරීමේදී එලෙස කෑමට බීමට අමතරව සමස්ථ ජාතියම එකට එක්ව එකම වෙලාවකදී කරන චාරිත්‍ර සමූහයක් තිබේ. මේ අංග අපේ රටටම ආවේනික වූ දේවල් වෙයි.




                මෑත කාලයේ මෙය සිංහල හා හින්දු හෝ සිංහල දෙමල අලුත් අවුරුද්ද ලෙස හැඳින්වුවද ඇත්ත කාරණය නම් දෙමල ජනයා සමරන්නේද සිංහල අලුත් අවුරුද්ද යන්නයි. මේ කාලයට දෙමල ජනයාගේ පාරම්පරික ජන්ම භූමිය වන දකුණු ඉන්දියාවේ මෙවැනි උත්සවයන් නොපැවැත්වෙයි. දැන් අප මුලින් පෙන්වාදුන් කාරණය වෙත අපේ අවධානය යොමු කරමු. එනම් මෙරට බටහිර නූතනත්වයේ සරණ ගිය මොඩ් සිංහල බෞද්ධයන් පිරිසක් සිටීම යන්නත් ඔවුන් බටහිර නූතනත්වයට අනුව සියල්ල ඔවුන්ගේ භාශාවෙන් කිවහොත් මොඩ්  කිරීමට යම් උත්සහයක් ගැනීමත් යන කාරණය වෙතයි. නිදසුනක් ලෙස ඔවුන් අවුරුදු සැමරීමට බටහිරමෙන් කල්තියා සතුන් මැරීමත් මත්පැන් සහිත උත්සව සාධ සංවිධානයත් දැක්විය හැක.


එලෙසම මෑත කාලයේ පවත්වන අවුරුදු උත්සව ගැනත් යමක් කිවයුතුයි. එනම් මේ අවුරුදු උත්සව වලට අපේ සමාජ පරිසරයට හා ජීවන රටාවට නොගැලපෙන් අංග බොහොමයක් එක්වී ඇත. උදාහරණ ලෙස දැක්වුවහොත් බයිසිකල් පැදීමේ තරඟ, මැරතන් ධාවන ක්‍රිකට් ආදිය දැක්විය හැක. වඩා අසික්කිතම දෙය නම් සිංහල සමාජයට ගැලපෙන මානසික අනුවර්තනයක් නොපෙන්වන පිරිමි හැසිරීමක් ඇති කාන්තාවන්ටද මේ ක්‍රීඩා අංග අවුරුදු උත්සව වලදී විවුර්ත කර දීමයි.පාරම්පරික අවුරුදු ජන ක්‍රීඩා ගැටලුවක් නැත, එහෙත් ඒ අංග වලටද කාන්තාවන් සහබාගී කරගතයුතු වන්නේ යම් ප්‍රමිතියකට අනුවයි. කලිසම් ඇඳගත් මොඩ් ගෑනුන්ගේ මොඩ් ක්‍රියාකාරකම්ද අවුරුදු උත්සව තුලට රිංගවා ඇත. අවුරුදු කුමාරිලාට කලිසම් ඇන්දවීමද වැඩිකල් නොයා මේ මොඩ් සිංහල බෞද්ධ පැලැන්තිය කරනු ඇත. ජයග්‍රහනය කරන අවුරුදු කුමරියට තෑගි වශයෙන් ස්කූටර් ලබාදීමටද මොවුන් කටයුතු කරනු ඇත. මේ අවුරුදු උත්සව සියල්ල අවසානයේ එක්කෝ ෆ්ලෑශ්බෑක් නැත්නම් සන්ෆ්ලවර්ලාගේ සංගීත සංදර්ශනද පෙන්වයි. එක් පසකින් සිංහල අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමටත් අර්ථවත් ලෙස චාරිත්‍ර සියල්ල කර අවුරුදු සැමරීමටත් බාල පරපුරට මෙන්ම වැඩිහිටි පිරිසටද හරිහැටි කාලයක් නොලැබෙන්නේ පාසල් නිවාඩු හා රැකියාවල නිවාඩු මෙන්ම විවේකයද අඩුවී තිබෙන බැවිනි. මෙලෙස සිංහල අවුරුදු සැමරීමේදී සිංහල ජාතික අනන්යතාවයක් එයින් ඉස්මතුවන්නේ නැත. මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු කීමෙන්ද පලක් නොවේ. කෙටියෙන් කිවයුත්තේ එක් දේයකි, එනම් සිංහල අවුරුද්ද අර්ථවත් ලෙස සැමරීමටනම් අපට හුරු පුරුදු ජීවන රටාවක් තුලට නැවත ගොස් අපේ රටට ගැලපෙන ක්‍රියාකාරකම් පද්දතියක්ම ගොඩනගාගැනීමට සිදුවනු ඇත යන්නයි.

Sunday, April 7, 2013

වර්තමාන ඇමරිකානු කාන්තාවන්ගේ පිරිහීම ඇමරිකානුවකුගේ ඇසින්.





කාන්තාවිමුක්තිය නම් හූනියම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කර තිබෙන හානිය පෙන්වාදීමට මින් පෙරද ලිපියක් මගින් බටහිර වෙබ් අඩවි කිහිපයක අන්තර්ජාල යොමු ආධාරයෙන් අප තොරතුරු දැනගැනීමට සැලැස්වූවෙමු. මේ පින්තූරයේ දැක්වෙන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය මගින් ඇමරිකානු සමාජය ලෙඩකරන ආකාරය හා මේ විකුර්ති මතවාදයේ තිබෙන දුෂ්ඨ භාවය ඇමරිකානුවකු Blog පිටුවක් මගින් විස්තරාත්මකව කරුණු දක්වා තිබෙන ආකාරයයි.


http://boycottamericanwomen.blogspot.com/

 මෙහි කලු පාටින් කොටු කර තිබෙන වාක්ය කිහිපයේ අර්ථය පහත පරිදි වේ.


" Okay men, we all know by now that American women are useless for most purposes. They make bad wives, bad cooks, bad mothers, bad workers, and so on.

The solution? BOYCOTT AMERICAN WOMEN and only date/marry foreign women! "

 " මිනිසුනි, බොහෝ කාර්යයන්හිදී ඇමරිකානු කාන්තාවන් කිසිදු ප්‍රයෝජනයකට නැතිබව මේ වනවිට අපදනිමු. ඔවුන් විසින් සමාජයට සපයාදෙන්නේ අයහපත් භාර්යාවන්, අසාර්ථක ඉවුම් පිහුම්, අයහපත් මවුවරුන් නුසුදුසු ශ්‍රමිකයන් යනාදී විවිධාකාරයන්ය.

මෙයට විසඳුම, ඇමරිකානු කාන්තාවන් වර්ජනය හා විවාහ වීම ඇතුලු ලිංගික කටයුතු විදේශීය කාන්තාවන් සමග පමණක් සිදුකිරීමයි."

 මේ වාක්ය කිහිපය අපට බොහෝ දෑ කියාදෙයි. එයින් පිලිබිඹු වන ප්‍රධාන කාරනය නම් ඇමරිකානු කාන්තාවන් කාන්තාවිමුක්තිවාදය වැලඳගෙන ඇමරිකානු සමාජයට කොපමණ වින කර තිබේද යන්නයි. එයින් කාන්තාවන්ට ලැබෙන විමුක්තියකට වඩා  සිදුවී තිබෙන්නේ ඇමරිකානු සමාජය දුවල වීම පමණි. එසේ වූ කළ ඔවුන්සතු න්යෂ්ඨික අවි වල බලයෙන්ද වැඩක් නැත.
                  අද මේ කාන්තාවිමුක්තිය නම් දුෂ්ඨ මතවාදය ඇමරිකාව පමණක් නොව මුලු බටහිර සමාජයම ලෙඩ කර අවසන්ය. අප සිහියට ගතයුත්තේ මෙයයි, එනම් මේ දුෂ්ඨ මතවාදයේ සියලු අංග මේ වනවිට අපේ රටද ආක්‍රමණය කර හමාරය. මෙහි ප්‍රථිඵල තවම වැඩි පිරිසකට ඇඟටපතට නොදැනෙන්නේ මේ වියාධිජනකයා තවමත් මෙරට ජනසමාජය අසාධ්ය රෝගී තත්වයකට පත්කර නොමැති බැවිනි. අප කාටත් නොදැනී මේ විෂබීජය රට තුල තකතීරු දේශපාලුවන්ගේ ආරක්ෂාවද ඇතුලුව රහස්ගතව වැඩෙයි. එමෙන්ම මේ වියාධිජනකයා බොරු අහිංසකකමක්ද පිටට පෙන්වයි. අද අප මේ කාරණයේ බරපතලකම තේරුම් නොගතහොත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දැන් සිදුවී තිබෙන දෙය වැඩිකල් නොයාම අපට සිදුවනු ඇත. එකක්නම් කෙලින් කිවයුතුයි, ඒ අද නියපොත්තෙන් කඩන්න තිබූ දෙය කිසියම් දිනක පොරවෙන් කැපීමට සිදුවන තැනට ගියද රටට විනකරන පිල්ලිය පොරවෙන් කපාබිමහෙලා හෝ රටත් සමාජයත් සුවපත් කළයුතුය යන්නයි.


Monday, April 1, 2013

කාන්තාවිමුක්තිවාදයේ මුග්ධ බව.



කාන්තාවිමුක්තිවාදීන්ගේ සටන්පාඨවල තිබෙන අතාර්කික බව හා දෙබිඩිකම ගැන මින් පෙර ලිපියකදී කරුණි පැහැදිලි කළෙමි. මේ ලිපියෙන් තවදුරටත් මා පෙන්වාදෙන්නේ කාන්තාවිමුක්තිවාදය මොනතරම් මුග්ධ භාවයකින්යුතුද යන්න හා එයට ලබාදී තිබෙන්නේ කොපමණ බොරු වටිනාකමක්ද යන කරුනුය. මේ මුග්ධභාවයට සමාජ කුහකත්වයන්ගෙන් තවත් කැටයම් දමා තිබෙන්නේ මිනිස් සංවේදීතාවයන් හරි හැටි පිහිටා තිබෙන විවුර්ත මනසක් ඇත්තවුන් අසීමිත ගැරහුමකටත් පීඩාවකටත් ලක්කරමිනි.
                           
              දැන් අප මේ කාරණාව විචාරබුද්ධියකින් යුතුව විමසා බලමු. මා පළමුව මෙහිදී අවධානය යොමු කරන්නේ මේ කාන්තාවිමුක්තිවාදය අනුගමණය කරන ගෑනුන්ගේ ජනප්‍රිය මෙන්ම ප්‍රධානපෙලේ සටන්පාඨයක් වෙතයි. එයනම් "පුරුෂාධිපත්යට එරෙහි වීම" යන්න වෙතයි. මේ ජනප්‍රිය සටන්පාඨය සම්බන්ධයෙන් බලන කළ කාන්තාවිමුක්තිවාදිනියන් හෝ එසේ නොවන අයගෙන් අහඹු ලෙස දසදෙනෙකු තෝරාගෙන ඔවුන් පුරුෂාධිපත්ය ලෙස හඳුන්වන්නේ කවරාකාරයක දෙයක්දැයි විමසුවහොත්, දස දෙනාගෙන් ලැබෙන්නේ එකිනෙකට වෙනස් පිළිතුරුය. ඇතැම් විට එකකට එකක් සම්පූර්ණ පරස්පර වීමටද පුලුවන. මෙහි තවත් හාස්යජනක පැත්තක් තිබේ. එනම් පුරුෂාධිපත්යට එරෙහිව කාන්තාවන් මෙහෙයවීමට පෙරමුණ ගන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් වීමයි. මේ කුහක පිරිමින් අධිපතිවාදීන් නොවන්නේ කෙලෙසදැයි මුග්ධ කාන්තාවිමුක්තිවාදිනියන් පැහැදිලි නොකරති. එලෙසම කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමටත් ඔවුන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රීත්වය කරදරයක් ලෙස සිතීමටත් පුරුදු කරමින් අස්වාභාවික පිරිමි හැසිරීමක් පෙන්වන ගෑනුන් වීරවරියන් ලෙස සැලකීමටද අනුබල දෙන පිරිමින් අධිපතිවාදීන් නොවේද? ඔවුන් අන් සියල්ලන්ට එහා යමින් භාවිතා කරන්නේ කුහක අධිපතිවාදයක් නොවේ යැයි කිවහැක්කේ කාටද? ගෑනු ළමුන් මවට අනුව ස්ත්‍රීලිංගික ස්වභාවය මත හැඩගැස්වීමට ඉඩ නොදී පියා විසින් පිරිමි ආරයට හදා අවසානයේ පිරිමින් හා පිරිමි ලිංගිකත්වයේ ස්වභාවය තම ප්‍රගතියට බාදාවක් ලෙස සිතන්නට ඔවුන්ට පුරුදු කරන්නේ කුහක පුරුෂයන්ගේ කුහක ආධිපත්යක් නොවේනම් වෙන කුමක්දැයි කාන්තාවිමුක්තිවාදිනියන් පැහැදිලි කිරීමට සූදානම්ද?
                                 මේ කාන්තාවිමුක්තිවාදීන්ගේ මුග්ධ භාවය පෙන්වන තවත් එක් අසාර්ථක තර්කයක් වන්නේ කාන්තාවන් පිරිමින් කරන බොහේ දේ කළද සමාජයෙන් නිසි ඇගයීමකට ලක්නොවන බවයි. ඇගයීමක් යනු කිසි දිනක බලෙන් ලබාගතහැක්කක් නොවේ. සමාජයෙන් ඇගයීම්කට ලක්වීමටනම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට යම් වටිනාකමක් ගොඩනගාගෙන තිබියයුතුය. මිනිස් ක්‍රියාකාරකම් වලට සමාජමය වශයෙන් යම් වටිනකමක් එක රැයින් ගොඩනගාගත නොහැක. කාන්තා ක්‍රියාකාරකම් වලට නිසි ඇගයීමක් ලැබීමටනම්, ඒ සියල්ල ස්ත්‍රීත්වයට අනුව යම් විශේෂණයකට ලක්වී තිබියයුතුය. නිදසුනක් ලෙස ගතහොත් කාන්තාවන්ට පමණක් සීමාවන පිරිමින්ට කළ නොහැකි හෝ ස්ත්‍රී පුරුෂ සමාජීය අනුවර්තන මත පිරිමින් යොමු නොවන ක්‍රියාකාරකම් වලට සමාජය තුල වටිනාකමක් තිබේ. නමුත් කාන්තාවන් පිරිමින් කරන සියල්ල විචාරයක් නැතිව කළ පමණින් ඒවා මිනිස් ජන සමාජයේ යහපත් පැවැත්මට අනිවර්ය ලෙස පැවතියයුතු දේ වන්නේ නැත. වෙනත් ආකාරයකට කිවහොත් ඒ සියල්ල කාන්තාවන් නොකළ පමණින් සමාජයට පාඩුවක් නොවන්නේ පිරිමින්ට ඒ කර්යයන් ඊට වඩා හොඳින් කළහැකි බැවිනි. එවැනි තත්වයක් තුල පිරිමින් කරන දේ අනුකාරිකව අවිචාරයෙන් කරන කාන්තාවන්ට ඒ සඳහා ඇගයීමක් නොලැබීම පුදුමයට කරුණක්ද? ලොව කොතනදීත් කාන්තා ක්‍රියාකාරකම් වලින් ඇගයීමට ලක්වන්නේ ස්ත්‍රීත්වය හා මාතෲත්වය පදනම්ව ගොඩනැගුනු ක්‍රියාකාරකම් වලට පමණි, එය ස්වභාවික මෙන්ම සාධාරණය.
                                   කාන්තාවිමුක්තිවාදයේ අමණකම මැනවින් පෙන්වන තවත් එක අංගයක් වන්නේ කාන්තාවාදයට පක්ෂපාතී මාධ්යවල හා පුහු අනුකාරක උගතුන්ගේ කෙරුවාවයි. ජනමාධ්ය පොදුවේ කාන්තාවිමුක්තිවාදයට පක්ෂපාතීව තොරතුරු ඉදිරිපත් කිරීම සිරිතක් ලෙස කරයි. එහිදී ඔවුන්ට විචාරයක් නැත. මේ තොරතුරු ග්‍රහණය කරගන්නා පුද්ගලයන්ගෙන් වැඩිහරියකට විචාරයක් තිබීම ගැන ඔවුන්ට සිහියක්ද නැත. ඔවුන් හිතන්නේ කාන්තාවිමුක්තිවාදී බොරු ඕනෑම කෙනෙක් මාධ්ය වලින් දමන කැටයම්ද සමග විශ්වාසයට ගතයුතු බවයි. ඇතැම් කාන්තා පුවත්පත්වල කතුවැකියෙන් මේ ලිපියේ පෙන්වාදුන් කුහක ක්‍රමයට පිරිමින්වත් පුරුෂාධිපත්යයත් පතුරුගසමින් එහිම තවත් පිටුවක යහපත් භාර්යාවන් ලෙස කටයුතු කරන හැටි උගන්වයි. එලෙසම විටෙක කතුවැකියෙන් කාන්තාවන්ගේ ප්‍රගතියට දරුවන් හැදීම හා ගෘහ කටයුතු බාධාවක් ලෙස හුවාදක්වමින් ඒ පුවත්පතේ තව පිටුවක අලුත උපන් දරුවා නාවන ආකාරයත් ඉවුම් පිහුම් ගැනත් උගන්වයි. තවත් විටක විවාහයත් පිරිමින්ගේ ලිංගික අවශ්යතාවයනුත් පතුරුගසන පුවත්පත් අවසන් පිටුවේ මනාලියන්ගේ පින්තූර දමා අලංකාර කරන්නේ මේ පුවත්පත් බලන්නේත් ඔවුන්ට සමාන කුහක දෙබිඩ්ඩන් හා විචාරයක් නැති මන්දමානසික පුද්ගලයන් යැයි සිතාගෙනය. මෙහි අනෙක් හාස්යජනක කාරනයනම් ඇතැම් කාන්තාපුවත්පත්වල කතෲ මණ්ඩලයට ලිංගිකත්වයේ ස්වභාවයට ගරහන කුහක පිරිමින් අරක්ගෙන සිටීමයි.
                          කාන්තාවිමුක්තිකාමී පුහු උගතුන් ගැන කිවහොත් ඔවුන් තම උපන් කුහක ගතිය සමග මනාවට කළවම් කර කාන්තාවිමුක්තිවාදී බොරු තම මනසට ගෝචර වන තරමින් ඔවුන්ට හොඳ යැයි සිතෙන ඕනෑම දෙයක් සමග සාවද්ය ලෙස ගලපති. ඒ අයුරින්ම තමන්ට නරක යැයි සිතෙන ඕනෑම දෙයක් පුරුෂාධිපත්ය සමග ද්වේශසහගත ලෙස ගැටගසා පෙන්වීමටද ඔවුහු අමතක නොකරති. මොවුන් ඉන්දියානු සමාජයේ කුලභේදය නිසා ඇතිවන සමාජ ගැටලු පවා සංසන්දනය කරන්නේ කෙසේ හෝ පුරුෂාධිපත්යට අවසානයේ බැටදියහැකි පරිද්දෙනි. මොවුන්ට අනුව ඉන්දියානු බ්‍රාහ්මණ කුලය තුල පමණක් පුරුෂාධිපත්යයක් තිබී ඇත. සැඩොල් කුලය වැනි හීන් කුලවල පීඩාවට පත්වී තිබෙන්නේ කාන්තාවන් පමණි. හාස්යට කරුන නම් බ්‍රාහ්මණ පිරිමින් විසින් සැඩොල් කුලයේ ගෑනුන් තලා පෙලා ඇති බවට ඔවුන් නගන තර්කයි. බමුණන්ට බැමිණියන් සිටි බවත් සැඩොල් ගෑනුන්ට සැඩොල් පිරිමින් සිටි බවත් ඔවුන් නොකියන්නේ කාන්තාවිමුක්තිවාදය සමාජයට ගිල්ලවීමට එය බාධාවක් වන බැවිනි. සියල්ලට වඩා බරපතල කාරනය වන්නේ මොවුන්ගේ බොරු මනස්ගාත බෞද්ධ ඉතිහාස කතා ඇසුරෙන් විග්‍රහ කිරීමට යෑමයි. පුරුෂ විරෝධී වයිරක්කාර කාන්තාවිමුක්තිය බුදුන්වහන්සේ විසින් සියල්ලන්ට පෙර ලබාදුන් බවට් මහත් උජාරුවෙන් කෙබර ඇදබාන්නේ මේ පුහු උගත් රැලයි. බටහිර යුදෙවු කාන්තාවිමුක්තිවාදය බුදු දහමට අනුව නිවනට සමානවන්නේ කෙසේදැයි ඔවුන් පැහැදිලි කර නොදෙන්නේ එය කිරීමට නොහැකි බැවින් හා කිසිවෙක් එම ප්‍රශ්නය ඔවුන්ගෙන් නොඅසන බැවිනි. බුදුන්වහන්සේගේ චරිතලක්ෂණයක් වන සමානාත්මතාවය හෙවත් සියලු ලෝක සත්වයා කෙරෙහි වූ සම මෙත් කරුණා ගුණය පෙන්වීම ඔවුන්ට අනුව කාන්තාවන් පිරිමින් හා සමාන කිරිරීමක් වන්නේ බුදුන්වහන්සේ විසින් භික්ෂුණීශාසනයක්ද පිහිටවූ බැවිනි. ඔවුන්ගේ මනසට ගෝචර වන පරිදි ඒ කාරණා අනුව බෞද්ධ සමාජය තුල කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කිරීමට නිදහස තිබියයුතුය. බටහිර කාන්තාවිමුක්තිවාදයට අනුව ලිංගිකත්වය හා සබැඳුනු සමාජීය අනුවර්තන නොසලකා පිරිමින් කරන සියල්ල කිරීමට සිතන එමෙන්ම පුරුෂ විරෝධී සටන් මෙහෙයවන කාන්තාවන් බුදු දහමට අනුව සියලු සංස්කාර වල අනිත්යතාවය අවබෝධකරගෙන සසර ගමන කෙළවර කිරීමට සූදානම්ද? ලිංගිකත්වයේ ස්වභාවයට එකඟව ගොඩනැගුනු සමාජ ගොඩනැගීම් සියල්ල පමණක් ඔවුන්ට අනුව ලෞකික වෙද්දී ඊට පිටින් ගොස් කාන්තාවන් පිරිමින් කරන සියල්ල කරමින් එහිම ප්‍රති විරුද්ධ ස්වරූපය බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට ආයාසයක් ගැනීම ලෝකෝත්තර විමුක්ති මාර්ගය වන්නේද ඔවුන්ගේ මුග්ධ මානසිකත්වයටම අනුවයි. මේ පුහු උගතුන්ට අනුව කාන්තාවන්ට පමණක් ආවනික ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනැගීමටත් දරුවන් හැදීමටත් කැමති කාන්තාවන් සම්ප්‍රදායික චරිත වන අතර නූතන කාන්තාවිමුක්තිවාදයට ඔවුන් බාදා පමුණුවති. එහෙත් බුදුන්වහන්සේ විසින් ස්ත්‍රීත්වය හා මාතෲත්වය නිසි පිළිගැනීමට ලක්කරනුලැබූ බව  මේ උගතුන් නොකියන්නේ එය බුදු දහමට බටහිර කාන්තාවිමුක්තිය ඇතුල් කිරීමට බාදාවක් වන බැවින් හා එම සම්ප්‍රදායික කාන්තාවන්ට ඔවුන්ද ගරහන බැවිනි.
                                පුහු උගතුන් හා ජනමාධ්ය විසින් කරනුලබන තවත් එක් වියාජනයක් වන්නේ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධ බොරු තොරතුරු ඉදිරිපත් කිරීමයි. මෙහිදී කුහක පිරිමින්ගේ උවමනාව මත මානසික පුරුෂකරණයකට ලක්කළ ගෑනුන් පිරිමින්ගේ ලිංගික ස්වභාවයන් පිලිකුල් කිරීමත් ඒ අනුව බොරු අතවර මානසිකත්වයක් ආරූඪ කරගැනීමත් වසන් කර කුහකකම් මත බොරු තොරතුරු වලින් සමාජය අන්ධ භාවයට පත් කිරීම  මොවුන් කරන්නේ ඒ තුලින් බොරු ප්‍රබුද්ධ බවක්ද තමන් වෙත ආරෝපණය කරගනිමිනි.
                        කාන්තාවිමුක්තිවාදය තුල මෙතරම් මුග්ධ බවක් තිබියදී එයට බොරු වටිනාකම දී එහි නියමුවන්ටද බොරු ප්‍රබුද්ධ කමක් ආරෝපණය කරන්නේ එක් පසකින් අද මේ විකුර්ති මතවාදය වියාප්ත කිරීම මුදල් උපයන මාර්ගයක් වී තිබෙන නිසාවෙනි. මේ විකුර්ති මතවාදය්ට පැවතිමටනම් මුලු මිනිස් ජනසමාජයම මෝඩකම් වලින් හා කුහකකම් වලින් පිරී පැවතියයුතුය. මේ කාන්තාවිමුක්තිවාදය මිනිස් සංහතියටම වින කිරීම වැලැක්වීමටනම් පළමුව සමාජය වෙලාගෙන තිබෙන අවිචාරවත්බව හා අසීමිත කුහකත්වය මුලිනුපුටා දැමීම පළමෞව කළයුතුය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවුවත් මිනිස් සංහතියට තවත් කාලයක් පැවතීමටනම් අපහසුවෙන් වුවද මෙය කළයුතුය.