Friday, February 8, 2013

ලිංගිකත්වය, ඒ වටා බැඳුනු සමාජ කුහකත්වයන් හා කාන්තාවිමුක්තිවාදය.


ස්ත්රී පුරුෂ ලිංගික ස්වභාවයන්, ලිංගික රුචි අරුචිකම් හා ලිංගික ගැලපීම් සම්බන්ධයෙන් බොහෝ මිනිස් ජන සමාජයන් තුල විවුර්ත බව අඩු වන අතර කුහකකම් තරමක් වැඩිය. ලිංගිකත්වයෙහි ස්වභාවය හා වටා ඇති සමාජ ගොඩනැගීම් වල පදනම හරි හැටි තේරුම් ගැනීමට තිබෙන මූලික බාධාවද මේ සමාජ කුහකත්වයන්ම වෙයි.  ප්රතිපත්තියක් ලෙස ස්වභාවධර්මයත් ලිංගිකත්වයෙහි සබෑ ස්වරූපයත් පිලිනොගන්නා බටහිර කාන්තාවිමුක්තිවාදය හා එයට පසුබිම් වන අනෙකුත් සියලු මූලාශ්රයන් තේරුම්ගනීමට යාමේදීද මේ කුහකත්වයන් බාධකයක් ලෙස ක්රියාකරයි. එබැවින් මේ බටහිර කාන්තාවිමුක්තිවාදය ගැන අප කරුනු සාකච්ඡා කිරීමේදී මේ තත්වය ගැන දැනුම් තේරුම් ඇතිව එම කාර්ය කළයුතුය. මෙය සැබවින්ම ගත්කළ සුලුපටු කරුණක් නොවෙයි. මේ කුහකකම් වලින් විඳින පීඩාවන්ද එන්න එන්නම උග් අතට හැරෙමින් පවතින්නේ අතීත සමාජයේ තිබුන විවුර්තබව හා අව්යාජ බව ක්රමයෙන් වියැකීමත් සමගය. යුදෙවු චින්තනය මත පදනම්වන බටහිර කාන්තාවිමුක්තිවාදය විෂබීජයක් ලෙස පැතිරීමට සැබෑ ලෙස පිටුබලයක් වන්නේ මේ තත්වයයි. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට පෙර අප හොඳින් සිහිතබාගතයුතු කරුණ වන්නේ කාන්තාවිමුක්තිවාදය සැබවින්ම කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්රීත්වය මත හෝ ලිංගිකත්වයෙහි නියම ස්වරූපය මත පදනම් නොවන බවයි. කෙටියෙන් කිවහොත් මෙය කාන්තාවන්ගේ උවමණාවකට ගොඩනගනලද්දක් නොවෙයි.

1 comment:

  1. me kuhakakam onawata wada wadi wela thamayi apata ape niyama watinaakam monawadha? boru watinakam monwadha kiyana ekawath hariyata wenkaraganna bari.

    ReplyDelete