Tuesday, February 26, 2013

කාන්තාවිමුක්තිවාදීන්ගේ සටන්පාඨ වල අතාර්කික බව

කාන්තාවිමුක්තිකාමීන් සිය විරුද්ධවාදීන් සමග වාද කරන විට හුදු වචන හරඹයන් කරමින් ඔවුන්ගේ මතයට බොරු වටිනාකමක් ආරෝපනය කිරීමට යන ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු.
මොවුන් මෙවැනි අවස්ථා වල ගෙනෙන ප්‍රධාන තර්කයක් වන්නේ ඔවුන්ගේ කාන්තාවාදී නියායන්ට එකඟ නොවන පිරිස සම්ප්‍රදායික හෝ ගතානුගතික මතධාරින් හැටියට හැඳින්වීමයිඔ. සැබවින්ම මෙය තර්කයක් නොවේ. ඔවුන් විසින් ඔවුන් නූතනත්වය නියෝජනය කරන බව කියන්නේනම් ඔවුන් ලිංගිකත්වය හා සම්බන්ධ දේ පදනම්කරගෙන නූතනත්වය මනින්නේ කෙසේදැයි අපට කිවයුතුයි.
විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ස්මාජා තුල මිනිස් ක්‍රියාකාරකම් ආදිය වර්ගීකරණයකට ලක්කිරීම සම්ප්‍රදායික හේ ගතානුගතික යැයි ඔවුන් කියයි නම් එසේ නොකර එවැනි බෙදීම් නොසැලකූ පමණින් ඔවුන් නූතන යුගයට අයට් වන්නේ කෙසේදැයි කිවයුතුය. අනෙක් අතට කාලයට අනුව ස්ත්‍රී පූරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික වන සුවිශේෂී ලක්ෂණ හා අනන්යතාවයන් ඉදිරියට යෑම නූතනත්වයට නොගැලපෙන්නේ කෙසේද යන්නත් පැහැදිලි කිරීමට ඔවුන් කටයුතු කළයුතුයි.
                           මේ කාන්තාවිමුක්තිවාදීන් නොකියන කතා බොහොමයක් ඇත. ඉන් එක් ප්‍රධාන දෙයක් නම් නූතනත්වය ලෙස ඔවුන් හඳුන්වන දෙය බටහිර නූතනත්වයක් බව යන්නයි. එපමණක් නොව ඔවුන් මෙය ලෝකයටම වලංගු බවද අඟවති. මේ කතා වල පසුපස තිබෙන්නේ සුපුරුදු බටහිර යුදෙවු අනාගමික මතවාදී ආක්‍රමණයයි. මේ බව කාන්තාවිමුක්තිවාදීන් අපට නොකියන්නේ එය කීමට තබා හිතාගැනීමටත් නොහැකි තත්වයට මේ බටහිර මතවාද වලින්ම මොළ සෝදාගෙන තිබෙන නිසාය. ඔවුන්ට අනුව ඔවුන්ගේ නූතනත්වයට අයත් නොවන සියලු දෑ එක්කෝ සම්ප්‍රදායිකය නැත්නම් ගතානුගතිකය. මේ අනුකාරක කාන්තාවිමුක්තිවාදීන් තමන් වෙනත් කවරෙකුගේ හෝ සම්ප්‍රදායික හා ගතානුගතික දේ නොදැනුවත්ව ගෙඩි පිටින් ගිලදමා ඇති බව නොදනිති. එය ඔවුන්ට සිතාගැනීමටද නොහැක. මෙහි ඇති හාස්යජනකම දේ මෙය නොවෙයි. එනම් මෙරට මානසිකව බංකොලොත් බොරු පස්චාත්නූතනවාදීන් හා කාන්තාවිමුක්තිවාදීන් නූතනත්වය මනින්නේ ලිංගිකත්වයේ විකුර්තිතාවයන් හා ඒ ආශ්‍රිත මනස්ගාත වලින් පමණක් වීමයි. නිදසුනක් ලෙස කිවහොත් ස්ත්‍රී පුරුෂ මිනිස් අනුවර්තන නොසලකා කාන්තාවන් පුරුෂ අනුකරණයන් කිරීම මොවුන්ට අනුව නූතනත්වයේ අංගයකි. අප මේ ගොබ්බ රැලට මතක්කර දෙන්නේ මේ ටිකයි. එනම් ලිංග භේදයක් නොමැතිව ගෑනුන්ට පිරිමින්  අනුකරණය කිරීමට පූර්ණ නිදහසක් තිබී ඇත්තේ මිනිස් ඉතිහාසයේ ඉතා ප්‍රාථමික අවධිවල බවයි. එම අවධිවල මිනිස් ක්‍රියාකාරකම් එතරම් පුලුල් වී නොතිබුනු අතර දියුණු මිනිස් අනුවර්තන දරා නැත. මිනිස් ක්‍රියාකාරකම් කෙමෙන් වර්ධනය වී සොබාදහමට අනුකූල ලෙස වැඩිදියුණු වීමත් සමග මිනිස් ජනගහනයම දියුණු අනුවර්තන දරා ඇත. පැහැදිලිවම ස්ත්‍රී පුරුෂ වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් වල එකිනෙකාට සුවිශේශි ලෙස වර්ග කිරීමක් දක්නට තිබෙන්නේ කාලයත් සමග ස්වභාවයෙන් වැඩිදියුණු වී ඉදිරියට පැමිණි දියුණු මිනිස් ලක්ෂණ ලෙසයි. ඒ දියුණු මිනිස් ලක්ෂණ ලෙස හැඳින්විය හැක්කේ කෙසේදැයි කෙනෙක් අසයිනම් අප කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ ලෙස තිබෙන මිනිස් අනුවර්තන මත පැහැදිලිව පවුල් ඒකකයේ සිට මිනිස් ජනසමාජය ගොඩනැගී තිබෙන බව පැහැදිලි කරුණක් යන්නයි.ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන් හා සම්බන්ධ ලිංගික ස්වභාවයන්හි ගැලපීම්ද ඕනෑම දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක මූලික ගොඩනැගීම් වේ. මේ බව නොපිලිගන්නේ උපන් කුහකයන් පමණි. පෙරකී බොරු නූතන මතදාරීන් මේ කුහකකම් ගැනද කතා කරති. ඒ ඔවුන්ගේ වාසියට ඔවුන්ට අවශ්ය ආකාරයට අවශ්ය කොටස පමණය.
                                  අප මේ බොරු නූතන බකපණ්ඩිතයන්ගෙන් අසන්නේ මිනිස් ඉතිහාසයේ ප්‍රාතමික අවධි වල ගෑනුන්ට පිරිමින් කරනදේ කිරීමට නිදහස තිබුනු ආකාරයත් එය ඔවුන්ට අනුව නූතන යුගයක් නොවීම ගැනත් කියන්නේ කුමක්ද යන්නයි. අනෙක කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කළහැකිනම් මිනිස් ඉතිහාසය පුරාම එසේ කිරීමට ඇතිතරම් කල් තිබීද ඇත්නම් කාන්තාවන් එකළ එසේ කිරීමට නොගියේ මන්දැයි ඔවුන්ගෙන් ඇසියයුතුය. මේ බොරු පස්චාත් නූතනවාදීන් ඇතුලු බොරු බකපණ්ඩිතයන් ස්ත්‍රී පුරුෂ ලිංගික විකුර්තිතාවයන් හා මනෝවිකාර බලමින් විඳීන්නේ මෝඩ චූන් එකකි. ඔවුන් ලිංගිකත්වයට ප්‍රතිවිරුද්ධ හැසිරීම් වලට ආවඩමින් පිස්සු ආතල් එකක්ද ගනිති. මොවුන්ගේ පරම්පරාවල මහ එවුන් මේ විකාරරූපී හැසිස්‍රීම් ඇත්තවුන් වුනේනම් ඔවුටද දෙවියන්ගේ පිහිටය. කාන්තාවන්ද පිරිමින් කරන සියල්ල කළයුතුයැයි කියන අමණයන්ගේ මවුවරුන්ගෙන් බොහෝ දෙනා එලෙස පිරිමින් කරන දේ කිරීමට ගිය අය නොවෙති. එලෙස පුරුෂ හැසිරීමක් ඇති ගෑනුන් වුනානම් ඒ මවුවරුන් කිසිදින ඔවුන් හදන්නනම් යන්නේ නැත. ඒ ඔවුන්ට ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් හා ස්ත්‍රී ලිංගික අවශ්යතා හරිහැටි පිහිටා නොමැති බැවිනි. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී නූතන බකපණ්ඩිතයන් ඒ කිසිවක් පිලි නොගන්නේ ඔවුන්ගේ උපන් කුහකකමේත් ඔවුන් අනුගමණය කරන මතවාදවල කුහක දෙබිඩි බවේත් පොදු එකතුවක් ලෙසයි.

8 comments:

  1. ඔබගේ විදග්ධ භාවය මැනවින් ප්‍රදර්ශනය කරලා තිබෙනවා.ඇත්තෙන්ම කරුණු ගොනු කිරීම ඉතා හොදින් කරලා තිබෙනවා.
    ඔබ ස්ත්‍රීවාදීන්ගේ මවුවරුන් ගැනත් කියා ඇත්තේ අපූරු කතාවක්.ඇත්තෙන්ම අතීත කාන්තාවන් ස්ත්‍රීවාදීන් වුනානම් මිනිස් සංහතිය එතනින්ම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ කාරනා තර්කානුකූලව හිතන්න පුලුව අය අඩුයි. ඔබ මෙය වටහාගැනීම සතුටට කරුනක්.

      Delete
  2. දැන් මානව ශෝක දිනය කිට්ටුයි.ගිය අවුරුද්දෙ වෙන කවරදාකවත් නැති තරම් ප්‍රචන්ඩව මේ දවස් අසැමරුවා.ඒකට හේතුව 1994-1999 කාලෙ වාගෙ එන් ජී ඕ වලට රාජ්‍ය අනුග්‍රහය දීම නොවෙයි.කන්දක් සේමා ස්ත්‍රීවාදය මතුවීමයි.කන්දක් සේමා වර්ගයේ නවකතාවල දික්කසාදය වාගෙ දේවල් උත්කර්ශයට නංවලා තිබෙනවා ඉතා සියුම් ලෙස.

    ගිය අවුරුදු වල වගේ නොවෙයි මේ පාර මුන්ගෙ හැම ප්‍රචාරයකටම පිළිතුරු දෙමු
    මේ පාර ස්ත්‍රීවාදීන්ගෙ ඒක පාක්ෂික ප්‍රචාර වලට අන්තර්ජාලයේ පිළිතුරු දෙමු.හැම පත්තරයක්ම බලමු.එෆ් එම් මාධ්‍ය වල ටත් විවේක වෙලාවල සවන් දෙමු,ටී වී චැනල් නරඹමු.

    පත්තර නම් සල්ලිවලට අරන් නිවාඩුපාඩුව බලල ලිපි සකස් කරන්න පුලුවන්නෙ.
    දැන් ඉදන්ම සූදානමින් ඉන්න.
    මේ පාර ලිපි සකස් කරල අන්තර්ජාලයට මුදා හරිමු.

    ReplyDelete
  3. ප්‍රධාන පෙලේ ජනමාද්ය සියල්ල මේ වනවිට කාන්තාවිමුක්තිවාදීන්ට අවශ්ය විදිහට පුරුෂ විරෝධී ආකල්ප වපුරන්න සූදානමිනුයි ඉන්නේ.

    ReplyDelete
  4. පස්චාත් නූතනවාදී මැත්තන්ට අනුවනම් අපේ රටේ ගෑනුන් සේරටම කලිසම් අන්දවපුවහම රටට නූතනත්වය ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ කියමනනම් හරිම අගෙයි

      Delete
  5. ඔබ මෙතන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ හැසිරීම කිල කියන දේ මනෝවිද්යාත්මකව හඳුන්වන්නේ Transsexualism කියලා.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ගැන දැනුමක් තියෙන අය අඩුයි.

      Delete